සරාගී මිනිසා තවමත් තනිකඩයි........

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    සරාගී මිනිසා තවමත් තනිකඩයි........

    bradleycooper01.jpg



    ඔහු සමඟ රසික මනාපය වෙනුවෙන් නිහඬ සටනක යෙදුනේ රසික සිත් සතන් වසඟ කරවූ පිරිසකිග ජෝර්ජ් ක්ලුනි සහ බ්‍රැඩ් පිට් පවා ඒ අතර විය. එහෙත් අතිශය සරාගී පිරිමින් 123 දෙනකු අතරින් මේ මිහිතලය මත සිටින ජීවමාන සරාගීතම මිනිසා ලෙස ඔහු අභිසෙස් ලැබුවේ ය. පීපල්ස් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමකට අනුව මේ දුර්ලභ වාසනාව ලද ඔහු .බ්‍රෑඩ්ලි කූපර්, නම් වේ.

    බ්‍රෑඩ්ලි කූපර් නළුවකු ලෙස වඩාත් ජනපි‍්‍රය වූයේ The Hangover, The A - Team සහ Limitlessවැනි නිර්මාණවලට දායක වෙමිනි. මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන බ්‍රෑඩ්ලි උපත ලැබුවේ 1975 ජනවාරි මස 5 වැනිදාය. ඔහු රංගනයට අත්පොත් තැබුවේ 1999 වසරේ සෙක්ස් ඇන්ඩ් ද සිටි රූපවාහිනී මාලා නාටකයේ රංගනයෙන් දායක වෙමිනි. තමා ලද සුවිශේෂ ජයගහණය පිළිබඳ බ්‍රෑඩ්ලි කූපර් පීපල්ස් සඟරාව වෙත සිය අදහස් පළකෙළේය.

    ,ඇත්තට ම මේක නම් නියමයිග නිරූපණ ශිල්පියෙක්ට වගේ හොඳ පෙනුමක් නැති තරුණයෙක් ලෝකයේ ජිවමාන සරාගීතම මිනිසා වෙන එක කොයිතරම් හොඳ ද?” කූපර් කියා සිටියේය.

    "මම හිතන්නේ මට තියෙන්නෙ වැදගත් පෙනුමක්. සමහර වෙලාවල්වල මගේ පෙනුම බොහොම හොඳයි. ඒත් සමහර වෙලාවල්වල නම් ඒ පෙනුම අන්තිමයි. මගේ අම්මා මගේ පෙනුම ගැන කොයි වෙලෙත් වද වෙනවා. මෙහෙම කරන්නල මේ විදියට අඳින්න, කොණ්ඩෙ මේ විදියට කපන්න කියමින් වදවෙන ඇයට දැන් නම් හොඳටම සතුටු ඇති. මොකද දැන් පෙනුම කොහොම වෙතත් ලෝකයේ ජීවමාන සරාගීම මිනිසා එයාගේ පුතානෙ, කූපර් සිනහවෙමින් කියා සිටියේය."

    බ්‍රෑඩ්ලි කූපර් ලොව සරාගීතම තරුණයා බවට පත්වීමත් සමඟ ලොව වටා දහස් ගණනක් තරුණියන්ගේ කුතුහලය වූයේ කූපර්ගේ හද දිනා ගත් වාසනාවන්තියක සිටි දැයි සැක හැර දැනගැනීමටයි.

    බ්‍රෑඩ්ලි කූපර් එයට ඉතා පැහැදිලි පිළිතුරක් පීපල්ස් සඟරාවට ලබා දුන්නේය.

    "විශ්වාස කරන්න, මම තාමත් තනිකඩයෙක්ග මිනිස්සු සිතනවා නළුවෙක් වුණාට පස්සෙ ගෑනු ළමයෙක් දැලේ දමාගන්න එක හරිම ලේසියි කියලාග ඒත් මට නම් හිතෙන විධියට මම ගෑනු ළමයි කැමැති වෙන විධියේ කෙනෙක් නෙමෙයි, ඔහු කියා සිටියේ ය. එහෙත් නිල් පැහැති ඇස් ඇති මේ ලොව ජීවමාන සරාගිතම මිනිසා කිසිදා කිසිවකුට ප්‍රේම නොකළා යැයි ඔහුට පවා කිව නොහැකි ය.

    කලකට පෙර ඔහු 42 හැවිරිදි රනී සැල්වේගර් නම් නිළිය සමඟ ද ජෙනිෆර් ලෝපස් සමඟ ද ඉතා සමීප ඇසුරක් පැවැත්වීය. එහෙත් එම සබඳතා කිසිවක් සාර්ථක වූයේ නැතග 2006 වසරේ දී ඔහු ජෙනිෆර් එක්පොසිනෝ නැමැති නිළිය සමඟ විවාහ වූ නමුත් 2007 වසරේදී එම විවාහය දික්කසාදයකින් කෙළවර විය.

    පීපල්ස් සඟරාව කළ සමීක්‍ෂණයන්ට අනුව වාර්තා වී තිබුණේ බ්‍රෑඩ්ලි කූපර්ගේ නිල් පැහැති බබළන දෑස් සහ ගැහැනුන් වසඟ කරවන සුළු සිනහව ඔහුගේ සරාගී බවේ ප්‍රධානතම සාධකයක් බවයි. මේ වනවිට ලොව ජීවමාන සරාගිතම මිනිසා වූ බ්‍රෑඩ්ලි කූපර් වෙනුවෙන් තරුණියන් හදවත පිදීමට පෙරමඟ බලා සිටී.

    එහෙත් මේ ජනමත විමසුමේ ප්‍රතිඵලවලට විරෝධය පළ කරනා පිරිසක් ද සිටීග ඔවුන් පවසන්නේ ලොව ජීවමාන සරාගිතම මිනිසාවීමට තරම් සුදුසුකමක් බ්‍රෑඩ්ලි කූපර්ට නොමැති බවයි. එම විරුදාවලිය ලැබිය යුතු සුදුසුම තැනැත්තා රයන් ගෝස්ලින් බවට ඔවුන් චෝදනා නඟයි. බ්‍රෑඩ්ලි කූපර් මේ විරුදාවලිය සඳහා තෝරා පත් කරගැනීම පීපල්ස් සඟරාවට සිදුවූ බලවත් ප්‍රමාද දෝෂයක් බව කියා සිටින මේ විරෝධකරුවන් ඒ වෙනුවෙන් අන්තර්ජාල පෙත්සමක් ද විශේෂ විරෝධතා 'facebook' පිටුවක්ද නිර්මාණය කර තිබේ. ඒ සියලු දේ පිළිබඳ බ්‍රෑඩ්ලි කූපර් නම් දරන්නේ අතිශය නිහඬ පිළිවෙතකි. ඔහු සිනහසෙයි. සැබවින්ම ඒ සිනහව දුටුවේ නම් චෝදනා සියල්ල යළි හකුලාගන්නට විරෝධතාකරුවන්ට පවා සිතුනහොත් පුදුම විය යුතු නොවේග ඔහු ජීවමාන සරාගිතම මිනිසා බවට පත් වූයේ ඒ අසාමාන්‍ය පෞරුෂත්වය නිසා ම ය.

    bradleycooper10.jpg




    දිනමිණ ක්ෂිතිජය ටැබ්ලොයිඩ් එකෙන් උපුටා ගන්නා ලදි.......

     
    • Like
    Reactions: kites

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලිමිට්ලෙස් ෆිල්ම් එක බැලුවා මැක්සා..
    ඇත්තටම මේ පුද්ගලයා ගේ රගපැම අති විශිෂ්ථයි...
    යම්තම් රිතික් ගේ පෙනුමට ආවේණික පෙනුමක් තියෙන මේ පුද්ගලයා..
    ඇත්තටම දක්ෂයෙක්..
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    mama meyawa 1st dakke Alias tv series eke wage mathka. godak tlntd actor kenek.. Limitless movie eke nam uparimai.. godak aasa naluwangen kenek:):)
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    හොඳ නළුවෙක්... මේ කතා වලින් පේන්නේ ජනප්‍රියකමින් අයුතු ප්‍රයෝජන ගන්නේ නැති වැදගත් පුද්ගලයෙක් වගෙයි...