ජීවිතය - වෙසෙසින්ම කාන්තාවකගේ ජීවිතය සරුංගලයකට උපමා කරලා කරපු හරබර නිර්මාණයක්. සරුංගලය නූල නැත්නම් අයාලේ යනවා වගේ සංස්කෘතිය, සභ්‍යත්වය නැති තැන ජීවිතය අයාලේ යනවා. උමතු සුළඟ ප්‍රේමය වෙන්නත් පුළුවන්, නැත්නම් විනෝදය සඳහා කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ උමතුවට ආභරණයක් වෙන්නේ කොහොමද? ඈ වඩාත් හොඳින් ඒ උමතුව අලංකාර කරන විදිහට වැඩ කරන්න ඇති. ඇය කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා ඇයටවත් නොතේරෙන්න ඇති. හදිසියෙන් වියරු සුළඟ ඇවිත් සියල්ල වනසාවි. මේ වල්මත් වන සොයුරියන්ගේ වගේම සොයුරන්ගේත් කතාව කියලා මට හිතෙනවා. ලස්සනයි නංගියා...