සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    235930464_4151645018268089_2905001967594368846_n.jpg

    ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.
    ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?
    එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?
    මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

    සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.
    • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.
    • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා
    • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.
    • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.
    • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.
    ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.
    සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?
    දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ?
    🙂

    26/8/2021 ,
    Shani
    පසු වදන :
    • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.
    • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති
    • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

    දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි
    • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin
    bump
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ethakota Elon musk, steve jobs gana monawada kiyanna thiyanna. hama kenekutama oya theroy eka galapen na.
    Aiyoo bung unge background balapan. Higanno newee bung. Elon musk ge aiyata a kaleth kari salli thibaaa. u ekka thama pora karee. ape un hithagena inne me South Africa wala kaleka idan mu awa kiyala

    එහෙම බැලුවොත් ලාසා අයියාලා .😬😬😬තව ........ වල ඕන තරම් කොල්ලො ඉන්නවා බිලියන්ස් ලා එක නම් තනිකර ලක් එක
    Luck eka thiyana un 5% wath naa. anith un hama ekama deyak thibila karagatha un.
    ------ Post added on Aug 29, 2021 at 9:46 PM
     
    • Like
    Reactions: NaiRobi

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Bill Gates ge Amma IBM eke board of directors eke hitapu director kenek.
    Elon Musk ge parents la South Africa wala emerald pathal aithikarayo.
    Jeff Bezos and Mark Zuckerberg, Warren Buffet wunath ehemai. Salli thiyena pawul wala kollo.
    Generational wealth eken thamai godak un goda giye.

    If your basic necessities are taken care of, you can take risks. Otherwise as normal human beings... we are afraid of losing.

    View attachment 141577
    Good one.
     
    • Like
    Reactions: planner123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ලංකාවෙ විතරක් නෙමෙ ලොකෙ කොහෙත් ගොඩක් ඇත්තම කතාව ඕක.
    බිස්නස් වගෙම ඉගෙනීම කියන කාරණාවෙදිත් ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකෙන් ලැබෙන සපොර්ට් එක ටිකක් හරි බලපානවා.
    අද කාලෙ නම් ළමයා කැම්පස් ඉවරවෙනකන්වත් දෙමාපියො පස්සෙන්ම ඉන්න ඔනි.

    උදා : මගෙ ඉස්කොලෙ ශිෂ්‍යත්ව කාලෙ මන් ටියුෂන් ගියෙ නැහැ .4 වෙනියාට වැඩිම ලකුණ මට
    දෙවෙනි සහ පළවෙනි ලකුණු ගත්ත දෙපලම ඉස්කොලෙ වාර විභාග වලදි මට වැඩිය පස්සෙන් හිටියෙ.
    එත් ශිෂ්‍යත්වෙදි උන් දෙන්නා ගෙදරටත් ගුරුවරු ගෙනත් ඉගැන්වීමක් ලබාපු දෙන්නෙක් .
    ඒ කාලෙ ගෙදරට ගුරුවරයෙක් ගෙනත් උගන්වනව කියන්නෙ ටිකක් ලොකු දෙයක් .

    ඉතිං ඔය අයිලන්ඩ් රැන්ක්ස් දාන උන්ගෙත් විභාග වලදි ටොප් ප්‍රෆොම් කරන උන්ගෙත් නොකී කතාව ඕක.

    ව්‍යවසායකත්වය ගත්තොත් ටිකක් හරි ලෝක මට්ටමෙ ජෙනුවින් උදාහරණය අදටත් මම කියන්නෙ චීනෙ ජැක් මා විතරයි .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803

    Jack Ma backed by Chinese Communist Party 🎉
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේක හරි.සල්ලි තියන උන් කොහොමත් ඉගෙනගන්නවා.උන් ඒ කෝස් එක බාගෙට කලත් ඒ කරන කෝස් එකේ ප්ලේස් එකටම පට්ට රේටින් තියනවා .

    ඒ මුකුත් නැත්නම් බිස්නස් එකක් හරි කරනවා .
    කැමතිනම් ඉගෙන ගනින් බලකරන්නෙ නෑ මේකම ඉගෙනගන්න කියල.

    අපි ඒකෙ අනිත් පැත්ත.කෝස් එකක් කලත් අඩුම තැනින් කරන්නෙ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    235930464_4151645018268089_2905001967594368846_n.jpg

    ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.
    ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?
    එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?
    මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

    සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.
    • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.
    • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා
    • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.
    • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.
    • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.
    ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.
    සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?
    දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ?
    🙂

    26/8/2021 ,
    Shani
    පසු වදන :
    • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.
    • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති
    • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

    දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි
    • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin
    ඉතාමත් වැදගත් ලිපියක් !!!! මෙය සාකච්චා කලයුතුම , නමුත් වැඩිය කතා නොකරන මාතෘකාවක් !

    මෙතැනදී තවත් දෙයක් සදහන් කරන්න කැමතියි. ආර්ථික සක්තියෙන් හා දැනුමෙන් පිරි පවුලක ළමයෙක් හැදෙන කාලේදී ඔවුන්ගේ පවුල් පසුබිම නිසා ඔවුනට අම්මගේ , තාත්තගේ නැතිනම් පවුලේ වෙන කෙනෙක්ගේ සම්බන්ද තාවය උඩ විවිද ක්ෂේස්ත්‍ර වල ඉන්න මිනිසුන්ගේ ඇසුර ලැබෙනවා . අඩුගානේ ඒ මිනිස්සු කතා බහ කරන මාතෘකා හරි ඇහෙනවා. එම තොරතුරු නිසා ඔවුනට ලෝකේ දිග, පළල ගැන හොද අවබෝදයක් පුංචි කාලෙම ලැබෙනවා. ඒ දැනුම පසුකාලීනව ඉතා වැදගත් වෙනවා.

    කොච්චර රළු වුනත් , පිළිගන්න අප්‍රසන්න වුනත්, සදාචාර විරෝදී වගේ පෙනුනත්, තව ලංකාවේ තියන ගොන් තකතීරු මතයක් කියන්නම් :

    කවුරු හරි හිතනවානම් අපේරටේ තියන කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙ දීලා හේන් ගොවියන්ගේ, කම්කරුවන්ගේ වගේ පවුල්වල ඉන්න ළමයින් ලෝක මට්ටමේ බුද්දිමතුන් කරලා ලංකාව දියුණුකරන්න ..... ඒක නොමේරූ සිහිනයක් පමණයි!!!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143

    It is really really difficult to be a self made billionaire. Lot of these people hide some part of the story just to make it look good. But on the other hand just because you had help/money doesn't mean that you can make it. You need to have the skill for that. These guys had the skill and some extra help.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    ඇ‍ත්ත කතාව.ගොඩක් බිස්නස් කරලා ගොඩ ගිහින් වන්ඩි බස්සලා මිලියනර් සීන් එකේ ඉන්න ගොඩක් උන්ගෙ ඇත්තම කතාව හොයන් ගිහින් බැලුවොත් මේක තමයි.ඒත් උන් ගෙන් යූටියුබ් කාරයො පත්තර කාරයො ඉන්ටවිව් වලදි දියුණු උනේ කොහොමද අහද්දි කියන්නෙ කන්න නැතුව දවස් ගනන් හිටියා 😂 ,පොලවල් වල බඩු වික්කා,බස් හෝල්ට් වල නිදාගත්තා වගේ පොයියවල් 😂 . ඒකරලා අන්තිමට කියනවා අපි ඒලෙවලුත් ෆේල් හැබැයි අපි අනුන් ගාව ජොබ් නොකර රිස්ක් අරං කට්ට කාල තමන්ගෙම දෙයක් කරපු නිසා අද මිලියනර්ස්ලා වෙලා ඩිග්‍රී තියන උනුත් අපේ කම්පැනි වලට වැඩට ගන්නවා කියලා.මේවා දකින AL කෙලෝ ගත්ත අපේ ගොන් බේසික පුතාලත් යනවා ඊටපස්සෙ කට්ට කාල මිලියනර්ස්ලා වෙන්න.ඇත්තටම අමුම කට්ටක් කන + ලක් එකත් තියන 1%ක් ඒ ටාගට් එකට යනවා( ඒ ගියත් අන්තිමට සැප විදින්නෙ ඌ නෙවෙයි උගෙ ලමයි තමයි).අනිත් උන් ඔක්කොටම කෙලවෙනවා.උන්ට ඇත්ත තේරෙද්දි වයස 30ත් පැනලා හිකවිලා ඉවරයි.ආය ඉගෙනගන්න කාලෙකුත් නෑ අලුතෙන් දෙයක් කරන්න කාලෙකුත් නෑ වගකීම් එක්ක රෝලටත් අහුවෙලා අහුවෙන පොඩි ජොබක් කරගෙන ජීවිතේම පසුතැවෙනවා අන්තිමට. මේකට දැන් exception තියනවා හැබැයි.ඔන්ලයින් ගේමක් (adsence,forex,freelancing,crypto and etc ) ගහලා ගොඩ ගිහින් මිලියනර්ස්ලා වෙච්ච කොල්ලො ඉන්නවා.මේ එලකිරියෙත් ඉන්නවා හැබැයි ඒ ගොඩ ගිහින් ඉන්නෙත් ඔය රැල්ලට e money කරන්න බහින උන්ගෙන් 1%ක් වගේ තමා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    Bill Gates ge Amma IBM eke board of directors eke hitapu director kenek.
    Elon Musk ge parents la South Africa wala emerald pathal aithikarayo.
    Jeff Bezos and Mark Zuckerberg, Warren Buffet wunath ehemai. Salli thiyena pawul wala kollo.
    Generational wealth eken thamai godak un goda giye.

    If your basic necessities are taken care of, you can take risks. Otherwise as normal human beings... we are afraid of losing.

    View attachment 141577
    බිල් ගේට්ස් ගේ පළවෙනි සොෆ්ට්වෙයා එක වික්කෙත් අයි.බී.එම් එකට
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    100% inna 0 apu un thami.. mukesh ambani gamuko u ipadana kota billionore kenek vunata u ge seeya mudukkuwe ekek. warren buffettge thaththa investor kekenek vunata uge thathathge thathage thatha 0 avilla thiyenna puluwan. den inna un 0 apu nethi vunata uge param paraven ekek khomath 0 na ban avilla thiyenna ona. nethuwa u ipadunun kota genella na na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    100% inna 0 apu un thami.. mukesh ambani gamuko u ipadana kota billionore kenek vunata u ge seeya mudukkuwe ekek. warren buffettge thaththa investor kekenek vunata uge thathathge thathage thatha 0 avilla thiyenna puluwan. den inna un 0 apu nethi vunata uge param paraven ekek khomath 0 na ban avilla thiyenna ona. nethuwa u ipadunun kota genella na na
    මෙ කතාව මාත් පිළිගන්නවා .
    උපතින්ම සල්ලි කාරයෙක් උනත් ඌ උපතින් සල්ලි තියෙන තැනට එනකන් කවුරුහරි උගෙ පරපුරෙ කොතනක හරි බින්දුවෙන් නැගිට්ට එකෙක් ඉන්නවාම තමා .

    මුකෙෂ් අම්බනි තාත්තා තමා බින්දුවෙන් නැගිට්ටෙ.
    එයාගෙ ජීවිත කතාවෙ කොටස් අරගෙන කරපු ෆිල්ම් එක තමා අර අභිෂෙක් අයිශ්වර්‍යා ඉන්න ගුරු කියන ෆිල්ම් එක.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ සීටත් ජර්මනියෙ ඉඳලා හොරෙන් ඇමරිකාවට ආපු එකෙක්.
    පොර කොණ්ඩෙ කපන බාබර් කෙනෙක් .

    ඊලාන් මස්ක් ගැන කිව්වොත් පොරට හොඳ එඩියුකේෂ්න් එකක් ලැබුණු බව ඇත්ත. ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක හොඳ බවත් ඇත්ත .
    එත් පොර තාත්තා එක්ක එච්චර හොඳ කිට්ටු සම්බන්ධයක් නෙමෙ තිබිල තියෙන්නෙ .
    පොර කැමති නැහැ තාත්තා ගැන කතා කරන්න වැඩිය.
    ඒ වගෙම තාත්තාගෙන් ඌට කිසි දෙයක් ඉන්හෙරිට් වෙලත් නැහැ .
    එත් හොඳ අධ්‍යාපනයක් ලැබුවා .
    සුද්දෙක් වීම නිසා ඇමරිකාව වගෙ රටක සිටිසන් ගන්න පුලුවන් කමක් තිබ්බා.

    එත් මන් පොරට ගරු කරන්නෙ පොර තනියම ඉගෙන ගෙන ඒ දෙ ඇප්ලයි කරල වෙනසක් කරන්න ගන්න උත්සහයට .

    Jack Ma backed by Chinese Communist Party 🎉
    මුල් කාලෙ ගැන මම කියන්නෙ .
    පොර අන්ත දුප්පත්ද දන්නෙ නැහැ .
    එත් පොර ඉංග්‍රිසි ඉගෙන ගන්න එහෙම පට්ට කට්ටක් කාලා තියෙනවා .
    ගොඩක් තැන වලින් රිජෙක්ට් වෙලා තියෙනවා .
    පොර යාළුවො එක්ක සෙට් වෙලා තමා බිස්න එක පටන් අරන් තියෙන්නෙ .