සල්ලිකාරයෝ නොකියන ඇත්ත කතාව

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Then how did their parents became rich? It takes atleast 2 generations to become successful financially and get famous most of the time. So stop complaining and do some work. Doesn't matter if you get rich or not. Rich life is stressful more than you think. It's not all cotton candy and unicorns in la la land
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ හිතන්නේ ඔටාර රෙදි විකුණලා දියුණු උනා කියලද. ලොල්
    ඔටාර ගේ husband කවුද කියල හොයල බලපන්.

    කොටි ගානක වංචාවකට අහු වෙලා හිරේ ගිහින් හේන සිද්දියක් උන.
    ඔය අහු උන එකක් විතරයි වෙන්න අති

    https://www.colombotelegraph.com/in...-duty-free-day-light-robbery-still-continues/
    https://economynext.com/srilankan-airlines-romeos-days-of-wine-and-roses-1123/
    ඩිවෝස්වෙලා හෙන කල් නේද බන්. පට්ට හොරෙක්වනේ බැදලා තියෙන්නෙ
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    1668018464405.png



    Api fail unoth gedara unta kannath na
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බම්ප්
    මේකනම් ඇත්ත බන්. කලාතුරකින් එකෙක් තමා ඔහොම නැත්ත්තේ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    බම්ප්
    මේකනම් ඇත්ත බන්. කලාතුරකින් එකෙක් තමා ඔහොම නැත්ත්තේ
    යූටියුබ් ඉන්ටවීව් වලට ඇවිත් ගහන බයිලා අහද්දි පුකෙනුත් හිනා යනවා...බිංදුවේ ඉදන් කන්න බොන්න නැතුව පටන් ගත්තලු....හැබැයි හොදට හොයල බැලුවම එක්කෝ අම්මලා තාත්තලට කෝටි ගනන් සල්ලි...එහෙම නැත්තං මොකෙක්හරි දේසපාලුවෙක්ගෙ පුතෙක්
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. හැබැයි අපිට ඒ කට්ටිය වගේ තරුණ කාලෙදිම ඒ වගේ ලොකු Level එකකට එන්න බැරි වුණාට හරියට වැඩේ කරගත්තොත් පොඩ්ඩක් වයසට ගිහින් අංකල් ලා උනාට පස්සේ ඒ වගේ ලොකු level එකට එන්න පුළුවන් මං හිතන විදිහට. එතකොට අපේ ළමයිට තරුණ කාලෙදිම ඒ වගේ ලොකු level එකකට එන එක ගොඩක් ලේසි වෙනවා.

    මේ video එකෙත් ඔය Self Made Billionaires ල කියන ගොඩක් කට්ටියට පොඩි කාලේ ඉඳන්ම හොඳට සල්ලි තිබ්බා කියන කතාව පැහැදිලි කරලා තියෙනවා. ඒගොල්ලෝ කව්රුත් බිංදුවේ ඉඳන් පටන්ගත්ත කට්ටිය නෙමෙයි බලාගෙන යද්දි. ඒගොල්ලොන්ගෙ දෙමව්පියොන්ට ගොඩක් සල්ලි තිබිලා තියෙනවා. හැබැයි ඒ කට්ටිය තමන්ගේ දෙමවුපියන්ගේ මුදල් ප්‍රාග්ධනය විදිහට පාවිච්චි කරලා, හොඳට මහන්සි වෙලා වැඩත් කරලා එයාලගේ දෙමව්පියන්ට වඩා ගොඩක් ඉහල තැනකට ගිහින්, තමන්ගෙ දෙමව්පියො හම්බ කරාට වඩා අති විශාල සල්ලි ප්‍රමාණයක් හම්බ කරල තියෙනවා. Family Wealth කියන සාධකයට අමතරව Labor Exploitation (තමාට වැඩ කරන ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරාකෑම) සහ Government එකේ Help එක ලබාගැනීම කියන සාධක දෙකත් බිලියනපතියෙකු වීම සඳහා අත්‍යවශ්‍ය වන සාධක දෙකක්.

     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ හිතන්නේ ඔටාර රෙදි විකුණලා දියුණු උනා කියලද. ලොල්
    ඔටාර ගේ husband කවුද කියල හොයල බලපන්.

    කොටි ගානක වංචාවකට අහු වෙලා හිරේ ගිහින් හේන සිද්දියක් උන.
    ඔය අහු උන එකක් විතරයි වෙන්න අති

    https://www.colombotelegraph.com/in...-duty-free-day-light-robbery-still-continues/
    https://economynext.com/srilankan-airlines-romeos-days-of-wine-and-roses-1123/


    මෙ පල් හොරා මිනිහා ද බන්
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    උබ හිතන්නේ ඔටාර රෙදි විකුණලා දියුණු උනා කියලද. ලොල්
    ඔටාර ගේ husband කවුද කියල හොයල බලපන්.

    කොටි ගානක වංචාවකට අහු වෙලා හිරේ ගිහින් හේන සිද්දියක් උන.
    ඔය අහු උන එකක් විතරයි වෙන්න අති

    https://www.colombotelegraph.com/in...-duty-free-day-light-robbery-still-continues/
    https://economynext.com/srilankan-airlines-romeos-days-of-wine-and-roses-1123/
    Behind every great fortune, there is a crime.

    honore-de-balzac-quote-behind-every-great-fortune-there-is-a-crime.jpg

    Behind-every-great-fortune-there-lies-a-great-crime.-That-is-the-corporate-motto-of-these-Unit...jpg
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    235930464_4151645018268089_2905001967594368846_n.jpg


    ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.
    ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?
    එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?
    මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

    සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.
    • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.
    • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා
    • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.
    • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.
    • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.
    ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.
    සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?
    දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ?
    🙂

    26/8/2021 ,
    Shani
    පසු වදන :
    • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.
    • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති
    • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

    දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි
    • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin
    පෝසත් එවුන්ගෙ ගෙවල් ගිනි තියමු
    අරගලේ ට ජය වේවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මෙතන උබට මිස් උන වැදගත් පොයින්ට් එකක් තියනව. මේ දියුනු වෙලා තියන එවුන්ගෙ තියන ප්‍රධානම ලක්ෂණය උන් පොහොසත් වීම නෙවෙයි. කොහොමද උන්ගෙ බිස්නස් අයිඩියාස් ක්‍රියාත්මක කරන්න ආයෝජන සහ ව්යාපාරික අවස්ථා ලබා ගත්තෙ කියන එක. ඒ කියන්නෙ මේකට අවශ්‍ය වෙන්නෙ negotiate කරන්න හැකියාව. තමන්ගෙ පවුල් පසුබිම වගේ දේවල් වලින් පෙලක් අයට මේ දේවල් සහජයෙන් ලැබෙනව, නමුත් අනෙක් අයට මේ දේවල් ලබා ගන්න බැරි නෑ. ඒකට ඒ දේවල් දියුණු කරගන්න strategies හොයාගෙන ක්‍රියාත්මක කරන්න ඔනෙ.

    අපි දැකල තියනවනෙ එක එක බඩු හදල රජයෙන් උන්ට අත දෙනකන් වේලි වේලි ඉන්න මිනිස්සු ඉන්නව. උබල හිතන්නෙ ඔය බහුතරයක් එවුන් එක්ක බිස්නස් එකක් කරන්න පුලුවන් කියලද. උන්ට කතා කරල බැලුවොත් තෙරෙන දෙයක් තමා කරන්න උන්ට negotiate හැකියාවක් නෑ. ගහගන්න වගේ ටෝක්ස් කරන්නෙ. එහෙම පකේ ටෝක්ස් දෙන උන් එක්ක බිස්නස් කරන්න ආයෝජනය කරන්න කවුරුත් එන්නෙ නෑ. ඒකයි හේතුව. ඔය වගේ ඩයල් ලංකාවෙ විතරක් නෙවෙයි වෙන රටවලත් ඉන්නව. උන් එක එක දේවල් බාගෙට හදල ඒකට ආයෝජන හොයනව.
     
    • Like
    Reactions: Avishka Indula