සල්ලි කන්දක් හොයන්න ලේසිම ක්‍රමය(නීත්යා
දැන් සල්ලි බැංකුවෙ දැම්මත් වැඩක් නැති එකේ අතේ තියෙන සල්ලි ටික ආයෝජනය කරන්න හොඳම ක්‍රමයක් දැන් පෑදිලා තියෙන්නෙ.... මේක 100% නීත්‍යානුකූලයි. හරියට කලොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්... හොඳම උදාහරණය අපේ ඇස් ඉදිරිපිටම තියෙනවා.. බොරු නම් බලපල්ලා
.
.
.
.
මේකයි ක්‍රමේ
.
.
ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටියක් අරින එකයි තියෙන්නෙ... බොලා දැන් අධෝමුඛයෙන් හිනා වෙන්න එපා. පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නෙ... මම ඒවා ප්‍රශ්නෝත්තර විදියටම කියන්නම්කෝ..
මොනවද අවශ්‍ය දේවල්?
හොඳ නමක් හොයාගන්න ඕන මුලින්ම. අයිටම් වගේ පොශ් නමක් වෙන්න ඕන. ඊට පස්සෙ කියන්න තියෙන්නෙ මේක පිටරටක මොකක්හරි ප්‍රසිද්ධ කැම්පස් එකකට අනුබද්ධ එකක් කියලා. උපාධිය දෙන්නෙත් ඒකෙන් කියපල්ලා. ඒ කැම්පස් එකේ පොටෝ එහෙමත් පෙන්නපල්ලා.රේටින්ස් එහෙමත් පෙන්නපල්ලා. තවත් ඕන නම් ඔය කොහේහරි බීච් එකක අව්ව තැප තැප ඉන්න සුද්දෙක්ට කීයක් හරිදීලා ඌවත් ගෙන්නලා කෝට් බෑයක් අන්දලා සයිඩ් එකෙන් තියාගෙන මීටින් එකක් තියපන්...
ඉතින් බං ඕක හොර එකක් කියලා අතේ අහුවෙනවනෙ?
පිස්සුද බං? කවුද ඕක හොයන්න යන්නෙ. වැඩිම උනොත් අහවල් යුනිවර්සිටි එකෙන් නෝටිස් කරයි අපේ බ්‍රාන්ච් එකක් ලංකාවෙ නෑ කියලා. කවුද බං ඕවා කියවන උන් ඉන්නෙ මෙහෙ...
ඊටපස්සෙ?
හොඳ පොශ් ලුක් තියෙන බිල්ඩිමක් හොයා ගන්න ඕන. දේශන ශාලා වගේ ඒවා අටවලා, ඒසී එකක් හෙම දාලා, කර්ටන් දාලා මොඩ් කරලා ගන්න ඕන. සල්ලි යන්නෙ මේකට තමයි. උගන්නන කියලා ඔය රිටයර් වෙච්චි ලෙක්චර්ස්ල ටිකක් කැමති කරවා ගන්න ඕන. ඉගැන්නුවෙ නැතත් කමන් නෑ, වෙබ් සයිට් එකේ නම තියෙනවනං ඒ ඇති... ඊට පස්සෙ හොඳ පබ්ලිසිටියක් දාල දෙයිය්යනේ කියලා නමෝවිත්තියෙන් පලමු සිසුන් කන්ඩායම බඳව ගන්න ඕන...
මොනවද ඇතුලත් වෙන්න සුදුසුකම්?
මෙහෙමයි... අපි කියන්නෙ ඔය මැඩිකල් ෆැකල්ටි යන්න ලකුණක් දෙකක් මදිපාඩු උන ළමයි ගන්නෙ කියලා. තව ඔය දුප්පත් ලමයෙක් දෙන්නෙක්ට ස්කොලර්ශිප් කීපයක් දීපල්ලා මීඩියා ශෝ එකක් දාලා.
හැබැය ඇත්තටම ඉතින් සල්ලි ගෙවන ඕනම වහුපැටියෙක්, එළදෙනක් උනත් ඇතුල්කරගන්නවා..
එතකොට ඒ ළමයින්ට උගන්න හොස්පිටල් එහෙමත් හදන්න වෙනවනෙ?
මගුලක් කතා කරන්න එපා. ඔය ආණ්ඩුවෙ ඉස්පිරිතාල තියෙන්නෙ ඕන තරම්.
එතකොට පුස්තකාල, ලැබ් එහෙම?
ඔය ආණ්ඩුවෙ කැම්පස් වල තියෙන්නෙ ඕන තරම්. ඇයි ඒවා අපේ ළමයින්ට අකැපද? කෝ බොලාගෙ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති
යකෝ ඒක මාර කතාවක්නෙ? ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටියක් හැදුවනම් මොටද ආණ්ඩුවෙ ඉස්පිරිතාල? ඒවත් ප්‍රයිවෙට් ඒවායෙ කරහල්ලකො
මට මල පනිනවා චාමර. ඇයි යකෝ ඒ ළමයින්ට නිදහස් අධ්‍යාපනේ අකැපද? ඒ ළමයින්ට ඉගෙන ගැනීමේ අයිතිය වත් නැතිද? ලැජ්ජ නැද්ද යකෝ තවකෙනෙක් ඉගෙනගන්නවට අකුල්හෙලන්නෙ. උඹලට ඉරිසියාද ඒ ළමයි ඩොකාල වෙනවට? ඔය තරම් කුහකයො වෙන්න එපා බං. ඒ ළමයින්ගෙ අනාගතේ අඳුරු උනොත් කවුද මේවට වග කියන්නෙ.
කට්ටිය මේකට විරුද්ධ උනොත්?
ඕකට විරුද්ධ වෙන්නෙ අර කැම්පස් හාදයො ටිකයි ඩොක්කු ටිකයිනෙ. උන්ට විරුද්ධව සමාජයේ ඉමේජ් එක හදා ගන්නයි තියෙන්නෙ. තව කෙනෙක් ඉගෙනගෙන තැනකට එන ඉරිසියාව නිසා මේක කරන්නෙ කියලා.
ඒත් හරි නැතිනම් අවනඩුව කියලා සුප්‍රීම් තැනකින් නියෝගයක් ගන්න හෙම තියෙන්නෙ. ඒත් බැරි උනොත් ඕන නම් ළමයි ටිකට සුදු කෝට් බෑ අන්දලා පිකට් එහෙමත් කරතෑකි..
ඉතින් ආණ්ඩුවෙ ඉස්පිරිතාල දේවිද ඔය ඉල්ලන විදියට?
මේකයි මචංලා. කට්ටක් කන්න වෙන්නෙ මුල් ටිකේ තමා. ලද් තැනම ලොප් නොකර කණ්ඩායම් කීපයක්ම බඳ්ව ගන්න ඕන. එතකොට ඒ ළමයින්ගෙ අනාගතේ පෙන්නලා වැඩේ ගොඩදාගන්න තියෙන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලට ඒ ළමයි දවසක් දෙකක් හරි යවාගන්න ඕන. ඔළුව කොහොමහරි දාගත්තොත් කඳ දාගන්න එක ගේමක් නෙවි.. ඊටපස්සෙ වැඩේ ස්මූත්ව යනවා
ඉතික් බං උඹලට ඒ ළමයින්ට උගන්න ඉස්පිරිතාල දෙන්න බැරිනම් බොලාගෙ ෆැකල්ටි එක ජනසතු කරලා ආණ්ඩුවටම පවරගන්න කියලා මිනිස්සු කිව්වොත්??
යකෝ මොන විකාර කතාවක්ද ඒ? ඔය ඕනතරම් පිටරට උපාධිකඩ තියෙන්නෙ. උඹලා එහෙනම් ඒවත් පවරගන්න කියනවද? පුළුවන් මනුස්සයෙක් හරි ඉගෙනගෙන ඉස්සරහට යනවට පැහැදිලි ඉරිසියාව උඹලට තියෙන්නෙ. අපි ලෝකය එක්ක ඉදිරියට යන්න ඕන එකනැන පල්වෙන්නෙ නැතිව
ඉතින් බං ඒ උපාධිකඩ වල උන්ට ආණ්ඩුවෙ ආයතන වල ට්‍රේනිං දෙනවයැ?
දැන් නම් මට හොඳටම මලපැනගෙන එන්නෙ චාමර... බොලාට ගොඩයන්න ක්‍රමයක් කිව්වාම මෙතන එනවා අනං මනං කියන්න. ඕක තමයි අපේ ජාතියෙ හැටි. තව කෙනෙක් ගොඩයනවට කැමති නෑ
මොකද කියන්නෙ කට්ටියම සැට් වෙලා දාමුද තවත් ප්රයිවෙටෙ මෙඩිකල් ෆැකල්ටියක්....?????