කෑම control කරලා ගියාම සැහෙන්න හැදෙනවනේ.
උඹට body building කරන්නද ඕන ශේප් ඇඟක් හදාගන්නද. දෙවනි එකට හිතන තරං වියදමක් යන්නෙ නැහැ. කෑම වලට වියදමක් යනවා ඒත් ඒක මහලොකු වියදමක් නෙමෙයි
මගේ වියදම මෙහෙමයි
ජිම් එකට 20යි. මේක ඉතිං පොඩ්ඩක් හොඳ එකක් සහ ගෙදර ලඟ නිසා මේ ගාන ගෙවනවා. ඒ උනාට මම කලින් ගියපු එකට 6000යි ගෙවුවෙ මාසෙට. තියන බඩු වල එහෙම ලොකු වෙනසක් නැහැ
විශේශයෙන්ම කෑම වලට කියලා සතියට 8000ක් වගේ යනවා ඇත්තෙ. චිකන්, බිත්තර සහ බීෆ් වගේ ඒවට.
හැබැයි මම මුල් කාලෙ ඒකට වියදම් කරෙත් නැහැ පුස්සැල්ලා එකෙන් චිකන් ඩ්‍රම්ස්ටික් පැකට් තියනවා කිලෝ දෙක හමාර වගේ ඒකක් ගන්නවා ඒකෙන් සතියක් විතර කනවා, තව පොලෙන් එලවලු ගන්නවා ඒව තම්බලා කනවා. ඒ දෙක කරලා ඇඟ සැහෙන්න ශේප් එකකට ගත්තා දවසක් ඇර දවසක් ජිම් එකට ගිහින්.
මම පටන් ගනිපු කාලෙ
ජිම් එකට මාසෙට 6000යි
කෑම වලට මාසෙට 12000ක් වගේ වියදම් කරන්න ඇත්තෙ, එහෙම කරලා හොඳ ප්‍රෝග්‍රස් එකක් තිබුනා
මොනවද යකෝ මාසෙට ලක්ශ දෙකක කන්නෙ. උඹලා බං හැමදේම ගැන හිතන්නෙ සල්ලි නැති නිසා කරන්න බැහැ කියලා
සල්ලි නැතුව කරන්න පුලුවන් දේවල් ටික ට්‍රයි කරන්නෙවත් හිතන්නෙවත් නැහැ