සල්ලි~හොයපු~කලාව

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සල්ලි~හොයපු~කලාව

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තම කිව්වොත් නිකං ඉන්න බැරි කමට :lol::P
    සල්ලි හොයපු කලාව කියල දැම්මේ නිකං ඉන්න ගමන් Fiverr.com එකේ රෙජිස්ටර් වෙලා ආතල් එකට පටන් ගනිපු වැඩේ දැන් හොඳ අමතර අදායමක් මට්ටමටම පරිවර්තනය වේගෙන එනවා වගේ හින්දයි :rofl:

    ඇත්තටම මං දන්න චිත්‍ර කලාවක් නම් නෑ..ඉගෙන ගෙනත් නෑ..ඒත් Photoshop අතගාල පුරුද්ද තියෙන හින්ද ආතල් එකට වගේ fiverr එකේ පටන් ගත්ත එක පොඩි බිස්නස් එකක් තමයි එක එකාගේ real pics අරගෙන ඒවා cartoon / vector එකක් බවට පත් කරලා දෙන එක :P

    මේ තියෙන්නෙ මම ඒ විදියට හදපු පින්තූර කිහිපයක් පමණයි. නිකං කම්මැලි කමට වගේ ඔයාලටත් පෙන්නන්න හිතුන :dull: මම Advanced දේවල් දන්නෙ නැහැ light & shadows වගේ එන විදියට පාට පාවිච්චි කරන්න. ඒත් මේවත් නරකම නෑ වගේ :lol:


    1626zkl.jpg


    n2iaty.jpg


    35mmvk1.jpg


    nlann6.jpg


    මේ ගෑණියෙක් නෙමෙයි මිනිහෙක්...ගෑණියෙක් උන පිරිමියෙක්...පස්සෙයි මටත් මීටර් උනේ :baffled:.. සල්ලි ගෙවනවනම් මොකෙක් උනාම අපිට මොකෝ :lol: මෙයාගේ Job 2ක්ම හම්බ උනා :P
    34sf2nl.jpg

    ඇත්තටම මට කියල වැඩ කරගනිපු එවුන් දෙන feedback වලින්, Bonus වලින්, නැවත නැවත මගේ සේවය ලබාගැනීම් වලින් සහ ඔවුන්ගේ යහළුවන්ට මාව හඳුන්වා දීම වැනි දේවලින් මට හිතුනේ එකම දෙයයි..."ඇයි දෙයියනේ මං චිත්‍ර කලාව ඉගෙන නොගත්තේ" කියල :baffled:

    *මේවට watermark දැම්මට අහිතක් හිතන්න එපා..නැත්නම් මේව තව ටික දවසකින් සුභපැතුම් පත් වල print වෙයි හෝ කිසිම හිරිකිතයක් නැතුව Facebook එකේ රවුම් ගහයි. :baffled: එහෙම සුන්දර අත්දැකීම් තියෙන නිසයි මෙහෙම කරේ :eek:


    ~ හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ කම්මැලි කම යන්නත් එක්ක :rofl: ~
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අම්මට සිරි මමත් කරන්නෙ ඕකනෙ බන්! හැබැයි මම කළේ පලවෙනි ඕඩර්ස් 10ම මමම එකවුන්ට් හදලා අරන්, මමම ෆීඩ් බෑක්ස් දැම්ම එක. දැන් එනවා මරෝ කියලා.:rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට සිරි මමත් කරන්නෙ ඕකනෙ බන්! හැබැයි මම කළේ පලවෙනි ඕඩර්ස් 10ම මමම එකවුන්ට් හදලා අරන්, මමම ෆීඩ් බෑක්ස් දැම්ම එක. දැන් එනවා මරෝ කියලා.:rofl:

    මම එහෙම කලේ නෑ බං :baffled: මට ඔය Fiverr කාරයට යන dollar 1ටත් හූල්ලනව :lol:
    එහෙම කරද්දී උන්ට නිකං සල්ලි යනවනෙ බං :confused:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මම එහෙම කලේ නෑ බං :baffled: මට ඔය Fiverr කාරයට යන dollar 1ටත් හූල්ලනව :lol:
    එහෙම කරද්දී උන්ට නිකං සල්ලි යනවනෙ බං :confused:
    2012 උන් ප්‍රීමියම් මෙම්බර්සිප් සීන් එකක් දෙනවාලු. ඒක ගන්න උන්ට ෆී එකක් කැපෙන් නැහැලු. ඒක ඉක්මනට ආවොත් ගොඩ නෙ? සයිට් එක ඩවුන් උනොත් තෝව කනවා මම හූල්ලපු නිසා!
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Niyamai!

    Thanks post kalata, meka online money hoyana/oyanna try karana ayata loku help ekak.

    Good Luck!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    2012 උන් ප්‍රීමියම් මෙම්බර්සිප් සීන් එකක් දෙනවාලු. ඒක ගන්න උන්ට ෆී එකක් කැපෙන් නැහැලු. ඒක ඉක්මනට ආවොත් ගොඩ නෙ? සයිට් එක ඩවුන් උනොත් තෝව කනවා මම හූල්ලපු නිසා!

    එහෙම උනොත් නම් සෑහෙන ගානක් ඉතුරු වෙනවනේ..ඇයි යකෝ කාල ඉන්න පුළුවන්ද අපි කරන දේකට මුන් ගෙඩිය පිටින් $1 ගත්තම? අනිත් එක අපි වැඩක් හොඳට කරලා බෝනස් එකක් හම්බුනොත් ඒකෙන් උන්ටත් බෝනස් :baffled: හූල්ලනව නෙමෙයි හීල්ලෙනවා :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ado maxxa ban,, kohomada ban mehema cartoonized karanne?? akamaththak naththan vitharak kiyala dipan,,

    apo akamaththak na machan. habai mehema eka comment ekakin kiyanna puluwan step 2,3 process ekak nemeyi..ekayi awula..passe welawaka man thread ekak dannamko meka kiyala deeela :)