මට දැන් මෙහෙම හිතෙනවා ගොඩක් වෙලාවට.
ලෝකේ ඉන්න හැම පුද්ගලයාම හැම වෙලාවකම උත්සහ කරන්නේ මුදල් හම්බ කරන්න.
මීට අවුරුදු දෙක තුනකට කලින්, මටත් සැහෙන ඕන කම තිබුන මාසෙට සැහෙන ගාණක් අතට එන විදියට Business කරන්න, ඒ කිව්වේ මාසෙකට අඩුම ලක්ෂ 40, 50 වගේ අදායමක් ගන්න. ගෙදර සාමානයෙන් යමක් කමක් තියෙනවා මාසෙකට ලක්ෂ 10 පන්නලා දැනට අදායමක් එනවා පොල් ඉඩම් වලින්. සහ ඉඩම් වලින් එන ආදයම ගොඩක් අඩුයි. හදලා ගත්තා නම් ඉඩම් ටික ට යටි වගාවන් දාලා මාසෙකට ලක්ෂ 35, 40 එන්න හදාගන්න පුළුවන් ලේසියෙන් ම.
මමත් පහුගිය අවුරුද්දේ ඔය කරන්න පුළුවන් හැම Business එකක් ගැනම බැලුවා, මට කාගෙන් හරි Business එකක් ගැන අහන්න ලැබුනද, මම කරන්නේ එකේ ලාබ සහ පාඩු වෙන්නේ කොහොමද කියල හොයා හොයා හිටපු එක. ඉඩම් වල වියදම් අඩු කරන්න යටි වගාවන් හැටියට මුලින්ම අන්නාසි දැම්මා, ඔය වගේ වැඩ කර කර හිටියා.
මට ඕනා වුනා හැම වැඩක් ම Efficient විදියටම කරන්න, ඒ නිසා මම ඕවට කාල සටහන් හැදුවා. ඒ කියන්නේ ගෙදර ට උයන බඩු, සේවක පඩි, Light Bill, Phone Reload සේරම වියදම් කරන්නේ මාසේ පළවෙනිදා, ඊට පස්සේ ආයේ ඊළඟ මාසේ. අයේ මාසේ මැද වියදම් මුකුත් වෙන්නේ නැහැ. ඒ මොකෙටවත් නෙමේ Time එක ඉතුරු කරගන්න.රෙදි හෝදන්නේ මාසෙකටම 2 පාරයි.ඒ කියන්නේ Shirt 14 සහ Denims 7 ක් ගත්තා, දවසට 1 එක ගානේ ඇදල සති දෙකකින් හෝදනවා.
තව ඔය දවස් වල ධම්මික පෙරේරා ගේ කතා, Youtube එකේ Entrepreneur ලා ගේ කතා අහන එකමයි වැඩේ.
එත් මට තේරුනා කොච්චර Efficient විදියට වැඩ කරත් ඔය මුදල් හොයන්න වියදම් කරන්න කැප කරපු කාලය, ඒවාට ගහපු Plans, වුන මහන්සිය තමන් මැරුණට පස්සේ සේරම ඉවරයි නේද ? කියල. අන්තිමට බලපුවහම කරපු දෙයක් නැහැ නේද කියල.
ගොඩක් සල්ලි හම්බ කරන මිනිස්සු රැයක් දවාලක් නැතුව දුවනවා දුවනවා, අන්තිමට මැරුණට පස්සේ තමන්ගේ ළමයි ට ඒ සේරම නිකන්ම හම්බෙනවා, ඒ අය කුණු කොල්ලෙට මෙව්වා වික්කහම තමන් අන්තිමට කරපු කිසිම දෙයක් වැඩක් නැහැ නේද කියල. ළමයි මොනවා කරත් කමක් නැහැ තමන්ටත් කිසිම වැඩක් නැහැ නේද කියල තේරෙනවා.
ගොඩක් නෙමේ හැම මනුස්සයම වගේ මහන්සි වෙලා සල්ලි හම්බ කරලා, ඒ මුදල් වලින් ගෙවල් හදල, Finance දාලා වාහාන අරගෙන, ඒවා අවුරුදු ගණන් ගෙවල අවුරුදු 40, 50 ගියාම මැරිලා යනවා.ඊට පස්සේ අපි හිතමු අයේ මේ ලෝකෙම ඉපදුනා කියල, අයෙත් ඒ වැඩේම කරන්න පටන් ගන්නවා. අයේ පිස්සු බල්ලා වගේ දුව දුව සල්ලි හම්බ කරනවා, මැරෙනවා, අයේ ඔය Race එකම දුවනවා. ඕක කවදාවත් ඉවර වෙන එකකුත් නෙමේ, ඔහොම මුදල් පස්සේ දුවන එකත් කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ.
ඇත්තටම මිනිස්සු නොදැනීම නිසා සල්ලි පස්සේ දුවල, තණ්හාව වැඩි කරගෙන ඒවාට වන්දි ගෙවන්න ඊළඟ ආත්මේ අයේ තිරිසන් හෝ ඒ සමාන විදියට ඉපදිලා අවුරුදු ගානක් පවු ගෙවලා, අයේ කාලාතුරකින් මිනිස් ආත්මයක් ලබලා ආයේ අනිත් මිනිස්සු න්ගේ Race එකට අහුවෙලා සල්ලි හම්බ කරලා, කරලා මැරිලා ආයේ අවුරුදු ගානක් දුක් විඳිනවා. හරි දුක් විඳින්නේ නැතුව මේ මනුස්ස ලෝකෙම ඉපදුනා කියමුකෝ, එත් මොකද වෙන්නේ , එත් නිකන් හරියට මිරිඟුව පස්සේ දුවනවා වගේ. මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන්නේ නැහැ. අනාගතයට ජීවත් වෙන්න සැලසුම් ගහනවා.
මිනිස්සු තට්ටු දෙක තුනේ ගෙවල් හදනවා ණය වෙලා, හොදම Tile අල්ලනවා මේ ලෝකේ ඇත්තටම හොඳ , සාරවත් දෙයක් කියල හිතාගෙන.ඇත්තටම ලෝකේ දැන් Scientist ලා හොයාගෙන තියෙනවා ලෝකය නිර්මාණය කරන්නනේ අපේ ම මනසින් කියල. එතකොට ඉතින් අපි මේ ලස්සනයි කියල හිතන් ඉන්න එකේ සත්‍ය මොකක්ද ? ඇත්තටම අපි මේ ලෝකේ අරක ලස්සනයි, මේක ලස්සනයි කියල කියන කොට ඇත්තටම වෙන්නේ පරණ අපේ හිතේ තියෙන දෙයත් එක්ක සාපේක්ෂව Compare කිරිල්ලක් නේ.
මට හිතෙන විදියට මේ ලෝකේ දැනට තියෙන 100% Efficient ම, 100% ම යහපත් ප්‍රථිපල ලැබෙන ම එකම වැඩේ තමා, තම තමන්ගේ හිත හදාගන්න එක.
ඒ කිව්වේ සිතේ තිබෙන තරහා, මරහා, ඉරිශ්‍යාව, ඔය සේරම නැති කරගන්න Try කරන එක. ඒ වැඩෙන් දෙවෙලොවටම යහපත් ප්‍රථිපල ලැබෙනවා.
එතකොට සල්ලි ? සමහර කට්ටිය කියයි ඔව්ව බයිලා, සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. සල්ලි තියෙනව නම් මොනවද කරන්න බැරි. සල්ලි තියෙනවා නම් වෙන මොනවද කියලා
එත් සල්ලි කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න ලේසි වෙන්න හදාගෙන තියෙන දෙයක් මිස, දැන් ලෝකේ අය කරනවා වගේ තත්වය පෙන්වන්න, අහිංසක මිනිස්සු ට ෂෝ දාන්න තියෙන දෙයක් නෙමේ.
අනිත් එක, මම දැකල තියෙනවා ගොඩක් අය පන්සල් යනවා හැමදාම, පිළිම හදනවා, බුදු හමුරුවන්ට මල් පූජා කරනවා, හැම වෙලාවේම බණ අහනවා,ඒ අයගෙන් අහපුවහම ඇයි ඔව්ව කරන්නේ කියල ?
ඒ ගොල්ලෝ කියන්නේ පින් සහ කුසල් රැස් කරගන්න ලු.
එත් ඔව්ව කරාට වැඩක් තියෙනවා ද ? අනිත් පැත්තට හොරකම් කරනවා, කේලම් කියනවා, ඉර්ශ්‍යා කරනවා වගේ තමන්ගේ හිත අනිත් පැත්තේ දුෂිත කරගන්නවා.
ගොඩක් හිතන් ඉන්නේ බණ අහනකොට හිත පිරිසිදු වුනාට හොරකම් කරන, කේලම් කියන එව්වා අවුලක් නැහැ කියල.එක්කෝ පලිගන්න යනවා.අනේ මන්ද
බුද්ධ ධර්මය පිලි පදිනවා නම්, බුදු හාමුදුරුවෝ වගේ වුනා නම් හරි කියල මට හිතෙන්නේ,තමන්ට මිනිස්සු මොන වැරැද්ද කරත්, තමන් ඒ මිනිස්සු ගැන කරුණාවෙන් ඉන්න ඕන.
මොකද ගොඩක් මිනිස්සු අපිට ඉරිශ්‍යා කරනවා, පලිගන්න හදනවා.
ඒ සේරම ඒ පුද්ගලයෝ අපිට කරන්නේ නොදැනුවත්කම නිසා,
නිකන් හරියට එකම බෝට්ටුවේ ඉන්න අය, ඇන කොටා ගන්නවා වගේ
මට හිතෙනවා මිනිස්සු සල්ලි හොයන්න මෙච්චරටම දත කන එක කිසිම තේරුමක් නැති මෝඩ වැඩක් කියල, ජීවත් වෙන්න සල්ලි ඕන. එත් මට හිතෙන්නේ සල්ලි අවශ්‍ය මේ ජීවිත් පවත්වා ගන්න පමණයි කියල. එතනින් එහාට මිනිස්සු මේ කරන දේවල්, ඒ කිව්වේ මේ මින්ස්සු කරන සියලුම වැඩ පවතින්නේ උපරිම අවුරුදු 2000. තව අවුරුදු 2000 කින් ඔබ, මම, මේ ලෝකේ අනිත් මිනිස්සු හදපු, මහන්සි වෙලා ගොඩ නගපු කිසිම දෙයක් පවතින්නේ නැහැ.නිකන්ම දුවීලි වෙනවා. හරියට පහුගිය අවුරුදු 2500 කට කලින් වුනා වගේ. ඇත්තටම අපේ ජීවිත වල අවුරුදු 2500 ක් පස්සට ගියොත්, ගිහින් හැරිලා බැලුවොත් කිසිම වැඩකට ඇති දෙයක් කරලා නැහැ.
හරියට නිකන් ගඟට ඉනි කපනවා වගේ.
ඇත්තටම මේ ලෝකේ බුදු හාමුදුරුවෝ තමා 100% ම Efficient ම වැඩ කරලා තියෙන්නේ.
තව හිතේ ගොඩක් දේවල් තියෙනවා.
ඇත්තටම කිව්වොත් අපි, උබලා මේ ලෝකෙට ඇවිල්ල ඉන්නේ මේ ලෝකේ ලස්සන කරන්නවත්, අහස උසට ගෙවල් Buidlings ගහන්නවත් නෙමේ, ලෝකේ ලොකුම සල්ලි කාරයා වෙන්නත්, ලෝකේ හොඳම ඉගෙන ගත්ත කෙනා වෙන්නවත්, මුළු ලෝකෙටම Tile අල්ලල්ලා ලස්සන බල බල ඉන්නවත් නෙමේ.
මේ හැමදම ඉපදෙන එක නතර කරගන්න විදියක් හොයන්න සහ ඉපදෙන එක නතර කරගන්න. මේ මනුස්සයා නිකන් හරියට තුවාලයක් වගේ, තුවාලේ කසන කොට සනීපයි තමා, එත් එකෙන් තුවාලේ වැඩි වෙනවා.
තුවාල කසන කොට සනීපයි කියල තුවාල නැති මිනිස්සු තුවාල හදාගන්න යන්නේ නැහැනේ.

Last edited:
sira
mata nam dan bayai
no time brother I am fucking busy.