ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශන කුජීත කර අවසානයේ සහල් මාෆියාව ජය ගත්තේය. The eliminator is eliminated. Rice mafia wins.
පසුගියදා යුධ හමුදා නිළධාරියෙකු පැමිණ ජනාධිපතිතුමාට දත්ත වගයක් පෙන්වමින් පැවසුවේ රට තුළ වී තොග ඇති තරම් පවතින බවයි. මෙම පුවත මාධ්‍ය මගින් පෙන්වූ විට ජනතාව හිතුවේ මෙදා පාර සහල් මාෆියාවට සෙල්ලං වෙන්නේ නැතැයි කියායි. සහල් මාෆියාව හොල්ලා මෙම සහල් තොග එළියට ගනීවී යැයි ජනතාව හිතුවේය.
මේ ආකාරයෙන් සහල් තොග තිබෙනවා යැයි දත්ත ලැබීමෙන් පසුව රජය සහල්වල පාලන මිල රුපියල් 90 ක් බවට පත් කළේය. ජනතාව හිතුවේ රුපියල් 90 ට සහල් ලැබෙනු ඇති බවයි. ඇති තරම් සහල් තොග ඇතිබව යුධ හමුදා නිළධාරියා ජනාධිපතිතුමාට දැනුම්දීම අඩු මිලට සහල් ලබාගැනීමට ජනතාව තැබූ බලාපොරොත්තුව දල්වා ගැනීමට හේතුවිය.
නමුත්, රුපියල් 90 ක මිලට සහල් මිලදී ගැනීමට ජනතාවට නොහැකි විය. එය රජයේ සිහිනයක් පමණක් බවට පත්විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වලට පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් පැන එම පුවත ටීවී වලින් පෙන්නන විටද ජනතාව හිතුවේ අඩුම ගණනේ තවත් සතියකින් හෝ රුපියල් 90 ට හාල් ලැබෙනු ඇති බවත් සහල් මාෆියාව ආණ්ඩුව ඉදිරියේ මෙදා පාර දණ නමනු ඇති බවයි.
එම සිහිනයද ඊයේ (27) කුඩු පට්ටම් වී ගියේය. ඒ මාධ්‍ය සංදර්ශන මාලාවකින් පසුව ඒ සියල්ල අමතක කර ආණ්ඩුව සහල් මාෆියාව හමුවේ දණ නැමීම සමගයි. පුරුදු වැඩි මිලටම සහල් මාෆියාවට සහල් විකිණීමට රජය ඊයේ ඉඩකඩ ලබාදුන්නේය. ඒ නාඩු සහල්වල පාලන මිල රුපියල් 96 ක් දක්වාත් සම්බා සහල්වල පාලන මිල රුපියල් 98 ක් දක්වාත් වැඩිකරමිනි. සඟවාගෙන තිබූ වී තොග සහල් මාෆියාව විසින් දැන් එළියට දමනු ඇත. පාරිභෝගිකයින් වැඩි මිලක් ගෙවා සහල් මිලදී ගන්නවා ඇත. කොටින්ම කියනවා නම් මාධ්‍ය සංදර්ශන දැමූ ආණ්ඩුව සහල් මාෆියාවට පැරදුණේය. පාරිභෝගිකයාට ඒ කරුමය දැන් ගෙවන්නට සිදුව තිබේ.
කෙතරම් මාධ්‍ය සංදර්ශන දැමූවත් අපි අවබෝධ කරගත යුත්තේ මෙම සහල් මාෆියාවට සම්බන්ධ සියළුම දෙනා පාහේ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් බවයි. ඔවුන්ට පාඩුවක් කිරීමට ආණ්ඩුව සිහිනෙන් හෝ කටයුතු නොකරනු ඇත.
සහල් මාෆියාව පරාජය කළ හැක්කේ වෙළඳපොළ තරගයක් තුළින් පමණෙකැයි මා මන්තරයක් ලෙසින් කියන කතාව මෙම සිදුවීම තුළින්ද පසක්වී තිබේ. කෙතරම් මාධ්‍ය සංදර්ශන දැමූවද එය පරාජය කළ නොහැකිය. සහල් මාෆියාව පරාජය කිරීමට තිබෙන හොඳම විසඳුම වන්නේ අපි එදා ආරම්භ කළ “ශක්ති“ සහල් වැඩසටහන නැවතත් ශක්තිමත් ලෙස පණ ගැන්වීමයි. ඒ තුළින් සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් සහ ගොවියන් ශක්තිමත් කර වෙළඳපොළ තරගකාරීත්වය තුළින් සහල් මාෆියාවට මුහුණදීමයි. එවිට සහල් මාෆියාවට අවශ්‍ය විදිහට වෙළඳපොළ හැසිරවිය නොහැකි අතර ආණ්ඩුවට මේ ආකාරයෙන් ප්‍රතිපත්ති හකුලා ගන්නට සිදු නොවනු ඇත.
හර්ෂ ද සිල්වා
2020/05/28
#PriceControl #ConsumerAffairsAuthority #Shakthi #Covid19SL #SriLanka