සහල් මාෆියාව

cat123

Well-known member
  • Sep 25, 2007
    2,695
    4,435
    113
    ආණ්ඩුවේ මාධ්ය සංදර්ශන කුජීත කර අවසානයේ සහල් මාෆියාව ජය ගත්තේය. The eliminator is eliminated. Rice mafia wins.

    පසුගියදා යුධ හමුදා නිළධාරියෙකු පැමිණ ජනාධිපතිතුමාට දත්ත වගයක් පෙන්වමින් පැවසුවේ රට තුළ වී තොග ඇති තරම් පවතින බවයි. මෙම පුවත මාධ්ය මගින් පෙන්වූ විට ජනතාව හිතුවේ මෙදා පාර සහල් මාෆියාවට සෙල්ලං වෙන්නේ නැතැයි කියායි. සහල් මාෆියාව හොල්ලා මෙම සහල් තොග එළියට ගනීවී යැයි ජනතාව හිතුවේය.

    මේ ආකාරයෙන් සහල් තොග තිබෙනවා යැයි දත්ත ලැබීමෙන් පසුව රජය සහල්වල පාලන මිල රුපියල් 90 ක් බවට පත් කළේය. ජනතාව හිතුවේ රුපියල් 90 ට සහල් ලැබෙනු ඇති බවයි. ඇති තරම් සහල් තොග ඇතිබව යුධ හමුදා නිළධාරියා ජනාධිපතිතුමාට දැනුම්දීම අඩු මිලට සහල් ලබාගැනීමට ජනතාව තැබූ බලාපොරොත්තුව දල්වා ගැනීමට හේතුවිය.
    නමුත්, රුපියල් 90 ක මිලට සහල් මිලදී ගැනීමට ජනතාවට නොහැකි විය. එය රජයේ සිහිනයක් පමණක් බවට පත්විය. පොලොන්නරුවේ ප්රධාන වී මෝල් වලට පාරිභෝගික අධිකාරියේ නිළධාරීන් පැන එම පුවත ටීවී වලින් පෙන්නන විටද ජනතාව හිතුවේ අඩුම ගණනේ තවත් සතියකින් හෝ රුපියල් 90 ට හාල් ලැබෙනු ඇති බවත් සහල් මාෆියාව ආණ්ඩුව ඉදිරියේ මෙදා පාර දණ නමනු ඇති බවයි.
    එම සිහිනයද ඊයේ (27) කුඩු පට්ටම් වී ගියේය. ඒ මාධ්ය සංදර්ශන මාලාවකින් පසුව ඒ සියල්ල අමතක කර ආණ්ඩුව සහල් මාෆියාව හමුවේ දණ නැමීම සමගයි. පුරුදු වැඩි මිලටම සහල් මාෆියාවට සහල් විකිණීමට රජය ඊයේ ඉඩකඩ ලබාදුන්නේය. ඒ නාඩු සහල්වල පාලන මිල රුපියල් 96 ක් දක්වාත් සම්බා සහල්වල පාලන මිල රුපියල් 98 ක් දක්වාත් වැඩිකරමිනි. සඟවාගෙන තිබූ වී තොග සහල් මාෆියාව විසින් දැන් එළියට දමනු ඇත. පාරිභෝගිකයින් වැඩි මිලක් ගෙවා සහල් මිලදී ගන්නවා ඇත. කොටින්ම කියනවා නම් මාධ්ය සංදර්ශන දැමූ ආණ්ඩුව සහල් මාෆියාවට පැරදුණේය. පාරිභෝගිකයාට ඒ කරුමය දැන් ගෙවන්නට සිදුව තිබේ.
    කෙතරම් මාධ්ය සංදර්ශන දැමූවත් අපි අවබෝධ කරගත යුත්තේ මෙම සහල් මාෆියාවට සම්බන්ධ සියළුම දෙනා පාහේ වත්මන් ආණ්ඩුවේ පාර්ශවකරුවන් බවයි. ඔවුන්ට පාඩුවක් කිරීමට ආණ්ඩුව සිහිනෙන් හෝ කටයුතු නොකරනු ඇත.
    සහල් මාෆියාව පරාජය කළ හැක්කේ වෙළඳපොළ තරගයක් තුළින් පමණෙකැයි මා මන්තරයක් ලෙසින් කියන කතාව මෙම සිදුවීම තුළින්ද පසක්වී තිබේ. කෙතරම් මාධ්ය සංදර්ශන දැමූවද එය පරාජය කළ නොහැකිය. සහල් මාෆියාව පරාජය කිරීමට තිබෙන හොඳම විසඳුම වන්නේ අපි එදා ආරම්භ කළ “ශක්ති“ සහල් වැඩසටහන නැවතත් ශක්තිමත් ලෙස පණ ගැන්වීමයි. ඒ තුළින් සුළු හා මධ්යම පරිමාණ වී මෝල් හිමියන් සහ ගොවියන් ශක්තිමත් කර වෙළඳපොළ තරගකාරීත්වය තුළින් සහල් මාෆියාවට මුහුණදීමයි. එවිට සහල් මාෆියාවට අවශ්ය විදිහට වෙළඳපොළ හැසිරවිය නොහැකි අතර ආණ්ඩුවට මේ ආකාරයෙන් ප්රතිපත්ති හකුලා ගන්නට සිදු නොවනු ඇත.

    හර්ෂ ද සිල්වා
    2020/05/28
    #PriceControl #ConsumerAffairsAuthority #Shakthi #Covid19SL #SriLanka
     
    • Love
    • Dislike
    Reactions: Smartm and erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    nh0ix1R.jpg
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හර්ෂ ද සිල්වගෙ කාලෙ පාකිස්තානෙන් හාල් ගෙනල්ල හාල් 120 කාපු, ඒවත් නැතුව ක්‍රෝටන් කොල පුන්නක්කු කොස් කොල කාපු හු ඇන් පි හැතිකරේ දගලනව හාල් මිල ගැන කියනව .. :lol: :lol:

    පකුනේ අපේ ආණ්ඩුවෙන් ගොවින්ගෙන් වි කිලෝ එක 50 ස්තාවර මිලක් දුන්න.. හර්ෂ ද සිල්වගෙ කාලෙ ගොවීන්ගෙන් වි කොලෝ එක ගත්තෙ 32යි ඒත් හාල් 120යි... අද ගොවින්ගෙන් 50+ වි කිලෝ එක ගන්නෙ...පාරිබෝගිකයටත් ඉස්සරට වඩා අඩුවෙන් හාල් දෙනව 96..

    පහුගිය චන්ද වලින් හර්ෂ ද සිල්වලගෙ පාන්ඩුව ගොවි ජනපද වලින් අකුලෝල ගියෙ ඇයි???? මොකක්ද හේතුව ??? රහර්ෂ ද සිල්වල පාකිස්තානෙ ගොවියො පොහොසත් කරපු නිසා, මෙහෙ ගොවියන්ට සාධාරන මිලක් දුන්නෙ නැති නිසා..

    උබල ඔය මෝඩ පොස්ට් ශෙයා කරන තරමට වාසිය අපිට, කවුරුත් මැරිල ඉපදිලා නැ, පාකිස්තානෙන් හාල් ගෙනල්ල 120 ගිල්ල හැටි කාටත් මතක් වෙනව ,තොපේ මේ පොස්ට් වලින්
     
    Last edited:
    • Like
    Reactions: K.V.D

    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    Oya loku haal mol kaarayo podi haal mol walin gnnwata wada wadi gaanata gowiyagen hal ganne. Ekai otana une
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya loku haal mol kaarayo podi haal mol walin gnnwata wada wadi gaanata gowiyagen hal ganne. Ekai otana une

    ගොවින්ගෙන් වී කිලෝ එක 54-55 අරන් හාල් කරල 96 දෙන එකටනෙ ඔය හර්ශද සිල්වලට රිදිල තියෙන්නෙ..උන්ගෙකාලෙ ගොවින්ගෙන් වී කිලෝ එක 32ට අරන් හාල් 120 විකුනල ඒත් මදිව පාකිස්තානෙනුත් ගෙන්නල දේශීය ගොවිතැනට කෙලපු හැටි හර්ශට අමතක උනාට අපිට නම් හොදට මතකයි..චන්දෙ ලගනෙ ගොවිජනපද වල චන්ද ගෙඩි පිටින් වැටෙන්නෙ කාටද කියල බලමු,ගොවියො කවුරුත් මැරිල ඉපදිලා නැ.. .. :yes: :yes:
     
    • Like
    Reactions: K.V.D and D_Mad

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Oya loku haal mol kaarayo podi haal mol walin gnnwata wada wadi gaanata gowiyagen hal ganne. Ekai otana une

    ow podi mall walin 50/- gattanam loku mall walin 53/- wage aragana. eka nisa goviyo loku mall walata hal deela tibba. pitaratin hal genawath ewa gannet loku mall tiyena set eka. ita passe kalawam karala denawa. dan nam goviyata wasi athi. GuNP kale goviyo anatha welane hitiye.

    issara nam polonnarawe Dadley marayo ekka wee gannawat yanna dunne na polonnararuwata.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් පොටෝ එඩිට් කරන එකවත් හරියට කරපල්ල බන් උබලට ඒකවත් හරියට බැනෙ , රන්න පොනිලගෙ කුක්කොනෙ නේද උබලට පුලුවන් ගුදය අල්ලන්ට විතරයි.. :lol: :lol: :lol: :lol: