සහල්_මිල රුපියලකින් අඩුවේ
සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.
ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.
රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.
සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.
ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් සමඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.
ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.
සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර