සහෝදරයනි මට කෙලවුනා ..................
මම POST එක අයින් කරනවා විස්තර ඕන අයට කියන්නම් . FB එකත් DELETE කරා
මම POST එක අයින් කරනවා විස්තර ඕන අයට කියන්නම් . FB එකත් DELETE කරා
Last edited:
මිනිස්සු හැමදාම බොරුවට බය කර කර සල්ලි හුරන් කන්න එපා... සියලුම දෙනාගේ දැනගැනීම සදහා
ජපානයේ AUCTION මගින් වාහන ලබා ගැනීමේදී ප්‍රවේසම් වන්න
වගකීමෙන් කියන්නේ අවශ්‍ය කෙනෙකුට සියලුම විස්තර සපයන්නම් . 2016.02 මස ලංකාවේ සිට BID කර AQUA රථ 6 ක් ලංකාවේ සමාගමක් වෙත ලබාදීමට එම ආයතනය මගින් ජපානයේ ඇති AUCTION WEB SITE එකක පළවූ වාහන 6ක් SELECT කර මා හට LOT NO 6ක් ලබාදීලා තිබුනා සියලුම රථ 2016 නිෂ්පාදනයන්. . මම 2016.02 මස එම රථ 6 මිලදීගෙන මගේ මුදලින් එම රථ මෙරටට ආනයනය කර එම සමගම වෙත ලබා දුන්නා . පිටතින් කිසිදු වෙනසක් නොපෙන්වා තිබු එම රථවල කිලෝමීටර ප්‍රමාණය ත් බොහොම අඩුවෙන් සදහන් උනා . JAAI වාර්තා සියල්ලටම ඉතා හොද මට්ටමේ පැවතියත් . සියලුම රථ ලංකාවට ගෙන්වා ඇදලා ආයතනය බාරදුන්පසු ඔන්ගේ පරීක්ෂාවකින් එක රථයක දෝෂ රැසක් වාර්තා කරලා තිබුනා. රථය ඉදිරිපස හරි මැදින් අනතුරකට ලක්වී නැවත සකසා තිබුන අතර පාට කිරිමේදී සමහර තැන්වල පලුදු වීමද පැහැදිලිව දකින්නට ලැබුනා.
මවිසින් TOYOTA සමගම වෙත එම රථය පරික්ෂා කිරීම යොමුකළ අතර RADIATOR නැවත සකසා සවිකර FAN එක අලුතින් සවිකර තුබුණා , AIR CONDITION UNIT එක නැවත සවිකර තිබුනා ඉදිරිපස රෝද වල ඇදයක් ඇතිබව පැවසුවා. තවද වාහනයේ AIR BAGS වැඩකරන්නේ නැතිබවද ඔව්න් පවසා සිටියා. මේ නිසා අදාල ආයතනය මගේ ආයතනය වෙත නඩුවක් ගොනුකර ඇති බවට අද දින ලිපියක් ඒවා තිබුනා එහි තව දුරටත් සදහන් කර තිබුනේ AGENT හරහා සියලුමඅලුත් වැඩියාවන් සිදුකර වගකීමක් ඇති ඇදලා සමාගමට මසක් ඇතුලත එය බර දෙන ලෙසය . එසේකලොහොත් මගේ ආයතනයට විරුද්දව නීති මගින් කටයුතු නොකරන බවට සදහන් කර තිබුනා .
කෙසේනමුත් මම එය අනිවාර්යෙන්ම සිදුකල යුතුව ඇත. REPAIR එකේ ඇස්තමේන්තු මුදල LKR 484 566.85. අන්තිමේදී මට සිදුවුනේ කෙනෙකු තෝරාදුන් වාහන මගේ සල්ලි වලින් ගෙන්වා ඔවුන්ට ලබාදී අන්තිමේදී මගේ සල්ලි වලින්ම හදලා පාඩුවට උන්ට දීමටය. ඔවුන්ගෙන් වාහන මට ලබා ගැනීමටත් නොහැකිය මන්ද PO එකක් ඔවුන් මට ලබා දී තිබු නිසාවෙනි.
AUCTION වලින් වාහන ගන්නවානම් හොදට හොයලා බලාලා ගන්න . මේවත් හොදට හොයලා ගත්ත ඒවා තමා. කෙල වෙනකන් දන්නේ නැහැ.
මාහට උදව්කල FB සියලුම යහලුවන්ටත් . නීතිමය කටයුතු වලදී සහය දුන් සියලුම මිතුරන්ටත් සිතුතියි.
කාගෙන් ගත්තත් හොදට හොයලා ගනිල්ලා අනුන්ගේ පවු වලට කර ගහන්නේ ගෙන්වන උන්.



anika Uba genalla Dipu eka witharak kara nan Ubata Nadu danne kohomada... Uba nemei ne Select kare 
