ස්කොට්ලන්ත තරුණිය

කොල්ලකරුවන් පලායද්දී ස්කොට්ලන්ත තරුණිය ගත් ඡායාරූපයෙන් සියළු දෙනාම කොටුකරගනී

සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු පාලම නැරඹීම සඳහා පසුගිය 16 වනදා පැමිණි ස්කෝට්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුගේ මුදල් සහ ඔවුන් රැගෙන ආ රුපියල් 56,000 ක් පමණ වටිනා කැමරාවක් කොල්ලකා තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්තාවේදී ඔවුන් කොල්ල කා පලායන ආකාරය එක් තරුණියක් විසින් ඡායාරූප ගතකර පොලීසියට බාරදී තිබෙනවා.
එම ජායාරූප ඔස්සේ සිදුකරන ලද විමර්ශන අනුව සැකකරුවන් 4 දෙනෙක් එදිනම අත්අඩංගුවට ගත් අතර කොල්ලකෑ මුදලින් රුපියල් දස දහසක් සමග කොල්ලකන ලද රුපියල් 56000 ක් වටිනා කැමරාව ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.
මේ අතර එක් සැකකරුවෙක් පලාගොස් තිබු අතර ඔහුද ඊයේ (18) ඇල්ල පොලිසියට පැමිණ බාරවු බව පොලිසිය සදහන් කරයි .
ස්කොට්ලන්ත ජාතික තරුණිය විසින් ලබාගත් ඡායාරූප විමර්ශන කටයුතු සඳහා ඉතා වැදගත් වූ බව පොලීසය ප්රකාශ කලා.