ස්කොෂ් - සිරිමාවෝ බාලිකා - පවුල් බලය

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    ස්කොෂ් - සිරිමාවෝ බාලිකා - පවුල් බලය
    ==================================
    සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් මාගේ උණන්දුව තිබුණේ එහි ජාතික වැදගත්කමට පමණයි.
    දැන් මේ සිරිමාවෝ විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය, චනිත්මා සිනාලි.
    ස්කොෂ් ජාතික පුහුණුකරු, චන්දන මහේෂ් ගේ දියණිය චනිත්මා.
    චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.
    නමුත් ඇය කොමන්වෙල්ත් තරගාවලියට සහභාගි වුණේ කොහොමද ?
    එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්.
    වසර තුනක් පුරා පිට පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය වූයේ ෆාතූම් ඉසදීන්.
    වයස අවුරුදු 27 ක තරුණියක්.
    ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය.
    2022 ජූලි - අගෝස්තු එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරග සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය.
    හැබැයි ස්කොෂ් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දන මහේෂ්, ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා.
    නමුත් වෙනසක් සිදුවූයේ නැහැ.
    සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීත්, අවසන් තරගයේ දී ෆාතූම් ඉසදීන්, ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා.
    ඒ තරගයේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගය බලපු උදවිය කියනවා.
    එහෙම පසුබිම පවා ෆාතූම් ඉසදීන් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.
    ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆාතූම් ඉසදීන්.
    නමුත් මොකක්ද වුණේ ?
    පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා.
    කවුද පුහුණුකරුවා ?
    ඇයගේ පියා, ස්කොෂ් ජාතික පුහුණුකරු චන්දන මහේෂ්.
    එතැනදී ඇති වූ සිත්තැවුල නිසා ජාතික ශූරිය ෆාතූම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර හිටියා.
    ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා.
    එය අතිශය සාධාරණයි.
    චනිත්මා සහ ඇගේ පියා විසින් අසාධාරන ලෙස උදුරාගනු ලැබුවේ ඇයගේ අවස්ථාව.
    මේ මුස්ලිම් තරුණියක්. ඔවුන් මෙවැනි ක්‍රීඩා වලට එන්නේ නොයෙක් බාධා මැද.
    නමුත් ඒ සියලූම බාධා මැද ඇය ජාතික ශූරිය වුණා. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගත්තා.
    ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ ක්‍රීඩිකාව
    නමුත් අවසානයේ ස්කොෂ් ජාතික පුහුණුකරුවා, ඔහුගේ දුව තරගාවලියට අරන් ගියා.
    අපි සාෆියා යමීක් ගැන කතා කරනවා. වාසනාවට සාෆියාට බලවත් පියෙකුගේ දුවෙක් සම්මුඛ වුණේ නැහැ.
    එම නිසා අද ඇය ශූරියක්. අප සැවොම ඇයගේ නම දන්නවා.
    නමුත් ෆාතූම් ඉසදීන් එතරම් වාසනාවන්ත වුණේ නැහැ.
    ඔබ ඇයගේ නම දන්නේ නැහැ.
    චනිත්මා පාසල් වේදිකාවේ ඇයට සිදු වූ අසාධාරණයක් ගැන කතා කළා.
    එවැනි සිදුවීම් ගැන අපට උණන්දුවක් නැහැ.
    නමුත් රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ජාතික නියෝජනය ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපිට තිබෙනවා.
    චනිත්මා.
    ඔබ අද ඔබේ පාසලේ සම්මානයකට උරණ වී, වේදිකාවේ කතා කළා.
    හැබැයි ඔයා තාත්තාගේ බලයෙන් උදුර ගත්තු ෆාතූම් ඉසදීන්ගේ අවස්ථාව ගැන ඔයාට දුක හිතුනේ නැත්ද ?
    ඔයාගේ තාත්තා ස්කොෂ් ජාතික සංගමයේ බලවත් චරිතයක්. ජාතික පුහුණුකරුවා.
    ඔහුගේ බලයෙන්, වෙනත් තරුණියකගේ අවස්ථාව උදුරා ගනිද්දි ඔයාට ලැජ්ජා හිතුනේ නැත්ද ?
    ඔයා කොමන්වෙල්ත් යද්දි, හිත රිදිලා, කලකිරිලා, ක්‍රීඩාවත් අතෑරපු ජාතික ශූරිය එහෙම නැත්නම් 'ඩීසර්විං චැම්පියන්' ගැන ඔයාට වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්ද ?
    අදටත් ස්කොෂ් තරගාවලි වලදී ඔයාට විශේෂ විනිසුරු තීරණ ලැබිලා, ජය ගනිද්දී ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?
    එදා ඒ විදියට වෙන ළමයෙක්ගේ අවස්ථාව හොරකම් කරගෙන කොමන්වෙල්ත් ගියපු, චනිත්මා තරගාවලියේ විශේෂ ජයග්‍රහණයක් නොලබා නැවත ලංකාවට ආවා.
    සමහර විට ජාතික ශූරිය ෆාතූම් ඉසදීන්, ඒ තරගාවලියට සහභාගී වුණා නම් ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.
    එහිදී පරාජය වුණේ චනිත්මාවත්, චන්දන මහේෂ්ගේ දුවවත් නෙවෙයි.
    ශ්‍රී ලංකා ක්‍රීඩිකාව. නුසුදුසු ක්‍රීඩිකාවක්, තාත්තාගේ බලයෙන් ජාත්‍යන්තර තරගාවලියකට ගිහින් පැරදුණේ අපේ රට.
    එය ජාතික අපරාධයක්.
    ස්කොෂ් සඳහා ජාත්‍යන්තර තරගාවලි වල ශ්‍රී ලංකාවට නියෝජනයක් හිමිවන්නේ සැබෑ ලෙසම ජාතික ශූරයන්ට මිසෙක, ස්කොෂ් යනු චනිත්මාගේ පියාගේ බූදලයක් නොවෙයි.
    (වර්තමානයේ යථාර්තය අනුව නම් එය චනිත්මාගේ පියාගේ බූදලයක්)
    2022 ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට දක්ෂ ස්කොෂ් ශූරියක් අත්හැරුණා. ඒ ෆාතූම්.
    ඉන්පසුව ඇය කවදාවත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ.
    චනිත්මාලා අද කිරුළු පළදින්නේ, එවන් දක්ෂයන් ඔවුන් අතින්ම විනාශ කළ සුසාන භූමියක.
    මේ ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ පමණක් සිදුවන අපරාධයක් නොවෙයි.
    බොහෝ ක්‍රීඩාවන් වල පුහුණුකාර සහ බලවත් පියවරු තමන්ගේ දරුවන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන එනවා.
    අනෙක් ක්‍රීඩකයන් කපා දමනවා.
    විදෙස් සංචාර තමන්ගේ දරුවන්ට ලබා දෙනවා.
    විවිධ තාක්ෂණික සහ විනිසුරු උපක්‍රම යොදවමින් සැබෑ දක්ෂයන් පරාජය කරනවා.
    තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන එනවා.
    තිත්ත යථාර්තය නම් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාත් එලෙස , පියා විසින් ඉදිරියට ගෙන ආ ක්‍රීඩිකාවක්.
    මේ සියල්ල හෙළිවූයේ ඇය රටේ මාතෘකාවක් වූ නිසා.
    එසේ නොවන්නට හෙට දිනයේත්, ස්කොෂ් ජාත්‍යන්තර තරගාවලි වල සැබෑ සුදුස්සන් සිටියදී චන්දන මහේෂ් සිය දියණියට අවස්ථාවන් ලබා දිය හැකියි.
    කෙසේ වෙතත් සැබෑ ජාතික ශූරිය වී දැඩි අසාධාරණයන්ට මුහුණ දුන්, පසුව ක්‍රීඩාව සහ රට ගැන කළකිරුණු ෆාතූම් ඉසදීන්ගෙන්, මා ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් සමාව අයදිනවා.
    2022 වසරේ දී ඔබ ගැන හඬ නැගීමට නොහැකි වූවාට අපට සමාවෙන්න.
    එමෙන්ම චනිත්මාගේ ආන්දෝලනාත්මක කතාව නිසා, රටට සැඟව තිබූ මේ ජාතික අපරාධය හෙළිවීම ගැන මා චනිත්මාට ස්තූතිවන්ත වෙනවා
    දක්ෂයන්ට වඩා පවුලට සහ සබදතා වලට තැන ලැබෙන ස්කොෂ් ක්‍රීඩාව
    🤌


    603828339_714575465063083_6020701160892955041_n.jpg
     
    • Sad
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113




    ඔය share වෙන ස්කොෂ් සීන් එක ඒ කාලෙ පත්තු උන එකක්.

    හැබැයි ඕක අර්ධ සත්‍යක්.


    ඒ කියන්නෙ 2019,2020,2021 ජාතික ශූරිය උනේ fathoum issadeen කියන කෙනා. එතකොට එයා තමා 2022 ජූලි තිබ්බ commonwealth games වල ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා හිටියෙ කලින්ම.


    හැබැයි 2022 මාර්තු එයා බංගලිදේශයේ ගිහින් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙලා ආව ගමන් commonwealth games වලට යවන්න තෝරන්න කියලා ආයෙම තරඟයක් පවත්වනවා. ඒකෙදි fathoum issadeen injured වෙනවා, මැච් දෙකක් ගහනවා. පළවෙනි එක දිනනවා. දෙවෙනි එකේදි ඉන්ජරිය වෙනවා.


    ඉන්පස්සෙ එයාව කපලා rank 2,3 ඉන්න අයව commonwealth games වලට යවන්න නම් දානවා. මෙයා පිට පිට වසර තුනක් තිස්සෙ ඉන්න ජාතික ශූරිය කියන එක නොසළකා trail එකේදි වෙන ඉන්ජරිය නිසා එයාව කපනවා නැවත අවස්ථාවක් නොදී ඉන්නවා. 2022 ජනවාරි තිබ්බ national championship එකේදි (2021 එක තියන්නෙ 2022 ජනවාරි) ඔක්කොටම ගහලා දිනපු ජාතිය ශූරියව කපන්න බලාගෙන (චෝදනාවෙ විදියට) ආයෙ මාර්තු trail තියපු එක තමා squash federation එක කරපු අවුල් වැඩේ.


    අර share වෙන පෝස්ට් එකේ තියෙන්නෙ fathoum ව කපලා Sinaly ව යැව්වා කියලා. Sinaly rank 02 එයා කොහොමත් යනවා. Fathoum ව කැපුව නිසා චාන්ස් එක හම්බෙන්නෙ rank 03 ට.


    ඔය සිරිමාවො ළමයගෙ තාත්තා ඒ කාලෙ national coach නෙමෙයි. Rehman Gul තමා national කෝච්. fathoum practice කරන්නෙ එයාගෙ යටතෙ නෙමෙයි, ඒක තමයි fathoum ට කැපිල්ල දාන්නෙ. (එයා කියපු විදියට)


    ඒ සීන් එකෙන් පස්සෙ fathoum ගෙ ක්‍රීඩා ජිව්තේ අවුල් උනා කියලයි කියන්නෙ.

    ඉන්පස්සෙ 2022අන්තිම තිබ්බ ජාතික ස්කොෂ් ශූරතාවෙදි fathoum, Sinaly ට පරාද වෙනවා.


    ඒ කාලෙ ඔය නම කපපු සීන් එකට නාමල් ටත් එක්ක බැන බැන හිටියෙ. නම කපපු කාලෙ නාමල් ක්‍රීඩා ඇමති. Commonwealth වලට ක්‍රීඩකයො පිටත්වෙද්දි ඇමති හිටියෙ රොෂාන්. රොෂාන් මැදිහත්වෙලා ඉල්ලුවත් fathoum ව යවන්න squash federation කැමතිවෙලා නෑ.


    චමුදිත එක්ක fathoum Issadeen ඒ කාලෙ program එකකුත් කලා.





    චනිත්මා, ෆාතුම්, සහ සචින් රත්වත්තෙගෙ ටොම්පච

    ===


    සිරිමාවෝ බාලිකා වර්ණ ප්‍රදානෝත්සවයෙදි සිදු වුණ බවට කියවෙන අසාධාරණයක් ගැන ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ චනිත්මා ගැන කවුරුත් දන්නවා. ඒ වගේ ම අසාධාරණ ලෙස ඇයට සම්මානය ලබා නුදුන් බව කියන විදුහල්පතිනිය, ආචාර්ය ජේ. සුමේධා ජයවීර ගැනත් මේ වෙද්දි හැමෝ ම දන්නවා.


    දැන් ඒ සම්බන්ධ ව අලුතෙන් ම ගොතල තියෙන පචය වෙන්නෙ, චනිත්මා සිය පියාගෙ බලය අරගෙන ජාතික ස්කොෂ් සූරිය, ෆාතුම් ඉසදීන්ට 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදුරාගත් බව.


    ️ මේක පට්ටපල් බොරු.


    ️ නිකං බොරු නෙමෙයි, පට්ටපල් බොරු.


    ️ ඒ විතරක් නෙමෙයි, සරල ගූගල් සර්ච් එකකින් පවා fact-check කරලා, බොරු බව හොයාගන්න පුළුවන් මට්ටමේ හිඟන තුප්පහි බොරු.


    Disclaimer: මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.


    මේකයි කතාව.


    වර්ෂ 2022 බර්මිංහැම් වල පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය තරග (මින් ඉදිරියට කෙටියෙන් CWG 2022) සඳහා එවකට ජාතික ස්කොෂ් සූරිය වූ ෆාතුම් ඉසදීන්ට සහභාගි වෙන්න ලැබෙන්නෙ නෑ. ඇයි ඒ? ඒ මෙහෙමයි.


    තේරීම් තරගවලදී ෆාතුම් පළමු තරගය පහසුවෙන් ම ජයගන්නවා. දෙවැනි තරගයේදී ඇය පරදිනවා. තුන්වැනි තරගයට (චනිත්මා සමග තරගයට) ඇය සහභාගි වෙන්නෙ නෑ. ඒ ගැන පෙර දැනුම්දීමක් කරන්නෙත් නෑ. තරගයට පැය බාගෙකට පෙර තමයි ඇය දන්වන්නෙ, කලින් තරගයේ ආබාධ නිසා මේකට එන්න බැරි බව.


    ️ උඩ පොයින්ට් එකට නිවැරැදි කිරීමක් කළා. ඒ ගැන විශේෂ ස්තුතිය Shanaka Iroshana Peiris ට.


    ඒ අනුව තේරීම් කමිටුව ඇයට කියනවා, ක්‍රීඩා අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයෙන් අදාළ ප්‍රතිකාර සහ සහන ලබාගන්න කියල. ඒ වගේ ම තේරීම් තරග කල් දාලා, ඊගාව තරගය පවත්වන දිනය පවා තෝරාගන්න ඇයට අවස්ථාව දෙනවා.


    තත්ත්වය මෙහෙම තිබියදී මාර්තුවල ඇය දැනුම් දෙනවා හදිසියේ ම මාස එකහමාරක කාලයක් සඳහා විදෙස්ගත වන බවට. ඒක කමක් නෑ කියමු. ඒ උඩට තව ඉල්ලීමක් කරනවා, මෙතෙක් පැවති තේරීම් තරග නොසලකා හැරලා, අලුතෙන් තේරීම් තරග පවත්වන්න කියලා.


    මේක පදනම් විරහිත ඉල්ලීමක් බවට කිසිම සැකයක් නෑ. මෙහෙම ඉල්ලීමක් කරන්න නම් කලින් තරගවල කුමක් හෝ අක්‍රමිකතාවක් පෙන්වන්න ඕන. නමුත් ෆාතුම් තේරීම් තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කර ඉවරයි. තුන්වැනි තරගය පමණයි ඉතිරි ව තිබුණෙ. තරගකාරියන් දෙදෙනා සැලකුවාම ෆාතුම්ට තුන්වැනි තරගය ජයගන්න හොඳට ම ඉඩ තිබුණා කියලත් අපට අනුමාන කළ හැකි. එහෙම නම් ඇයි මේ කලින් තේරීම් තරගවල ප්‍රතිඵල අහෝසි කරලා අලුතෙන් තියන්න කියන්නෙ? ඒකට මම මේ වෙලාවෙ උත්තර දෙන්නෙ නෑ. මොකද ඒක සුදුසු නෑ. ගූගල් කියල එකක් නොමිලේ තියෙන්නෙ පාවිච්චි කරන්න.


    කෙසේ හෝ මෙන්න මේ කාරණය මත ෆාතුම් ඉසදීන් සහ ඇගේ පාර්ශ්වය 2022 ජුලි මසදී අධිකරණයට යනවා, බර්මිංහැම් වල CWG 2022 සඳහා ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වාරණය කරමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලලා.


    මේ අතුරු තහනම් නියෝගයට තේරීම් මණ්ඩලය විරෝධය දක්වනවා. ඔවුන්ගෙ ස්ථාවරය වෙන්නෙ ෆාතුම්ට සිය තේරීම් තරග සම්පූර්ණ කරලා දක්ෂතා මත ලංකාවෙන් යවන තුන්දෙනා අතරට එන්න කිසිම බාධාවක් නැති බව. ඒ අනුව ෆාතුම්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඇය තේරීම් තරග සම්පූර්ණ කරන්නෙ නෑ. ඒ අනුව තමයි ඇයට CWG යන්න නොලැබෙන්නෙ.

    ===


    කරුණු වශයෙන් ඕකයි කතාව.


    දැන් මේ "චනිත්මා ෆාතුම්ගෙ තැන උදුරා ගත්තාය" කියන පචය ගොතන්නෙ කවුද? ඒ තමයි සචින් රත්වත්තේ. සචින් රත්වත්තේ කියල කෙනෙක් නෑ. මේක ෆේක් එකක්. මේ ෆේක් එක කරන්නෙ ඉරේෂාන් සිරිවර්ධන නම් වූ සයිබර් අපරාධකාරයෙක්.


    ඉරේෂාන් යනු සයිබර් අවකාශය හරහා චරිතඝාතනය, ලිංගික හිංසනය, තර්ජනය කිරීම, කප්පම් ඉල්ලීම ආදී වැරැදි සිය ගාණක් සිය නමට ඉදිරියෙන් තියෙන, කීපවිටක් පොලිස් කූඩුවේ සහ රිමාන්ඩ් එකේ පවා ලැගලා, නාමල්ගෙ ආශීර්වාදයෙන් නීතියෙන් කට්ටි පැනල ඉන්න සයිබර් අපරාධකාරයෙක්.


    ඉරේෂාන් (සචින්), ගිනිගේ, පතිරණ, ඇතුළු තැරි දාර පුනක්කු බයි බලකාය, ඇඳිවත් පවා ලෙහා තබලා සිරිමාවෝ විදුහල්පතිනියගෙ රෙද්ද හෝදන්න වෙල්ලාවට බහින්නෙ නිකං නෙමෙයි. ඒකට හේතුව සුමේධා ජයවීර කියන්නෙ නොම්මර එකේ රාජපක්ෂවාදී බයියාවක් වීම.


    ඊටත් අමතර ව, මුං සේරම, එකෙක් නෑර, 'අරගලය' කියන අකුරු පහට ගූ බයයි. මුං තාම ජීවත් වෙන්නෙ ගෝඨව එළවපු Post-traumatic stress disorder (PTSD) එකේ. රටේ ලෝකෙ කොහෙ හෝ තැනක තරුණයෙක්, තරුණියක්, අසාධාරණයට එරෙහි ව හඬනඟන හැටි, පාරට බහින හැටි දකින වාරයක් ගාණෙ මුංගෙ ඔළුවල මැවිල පේන්නෙ එදා කොළඹට ලක්ෂ ගාණක් මිනිස්සු පක්ෂපාට ජාති ආගම් බේදයකින් තොරව ඇවිල්ලා ඉන්ටර්ලොක් ගල් බාසව කලිසම බාගෙට ඇඳ ඇඳ ඉද්දි ජනාධිපති මන්දිරේ උමගෙන් පැනල යන්න එළවපු හැටි.


    Disclaimer (again): මට ෆාතුම් ඉසදීන් හෝ චනිත්මා එක්ක පෞද්ගලික සම්බන්ධයක් හෝ ආරවුලක් නෑ. ෆාතුම් කියන්නෙත් චනිත්මා වගේම ජාතික සම්පතක්. මේ සටහන ලියන්නෙ පට්ටපල් බොරුවකට ප්‍රතිචාර ලෙස.


    මම ගේම ඉල්ලන්නෙ රාජපක්ෂලාගෙ සයිබර් ෆෝස් එකත් එක්ක. මේ පෝස්ට් එක උඹලට දෙන වෝනිං ෂොට් එකක්. අපි උඹලට බයත් නෑ, උඹලට රඟන්න දෙන්නෙත් නෑ.


    ඔච්චරයි කතාව. එහෙනං කොල්ලො අපි ගියා.
    ------ Post added on Dec 27, 2025 at 8:21 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113



    ඔය Sachin Rathwatte කියන්නෙත් එයාට බනින චමීර දේද්දුවගේ සහ වරුණ සුදන්ත හේරත් වගේම just another ෆේස්බුක් පරිශීලකයෙක්. ඔය හැම දෙනාම රැවටෙනවා වගේම රවටනවා. සමහර වෙලාවට බොරු දානවා, සමහර වෙලාවට ඇත්ත ලියනවා.

    කෙළින්ම කාරණාවට බහිමු.

    ඔය ෆාතුම් ඉසදීන් කියන්නේ dishonest corrupt ක්‍රීඩිකාවක් කියල දන්නවද?

    කොමන්වෙල්ත් ගේම්ස් වලට යවන්නේ අදුරන ආච්චිගෙ වද පුංචි අම්මගේ පුතාගෙ හොර ගෑනිගෙ රෙකමදාරුව අනුව නොවේ. නැශනල් චැම්පියන්ව කෙලින්ම යවනව කියල rule එකකුත් නෑ. ප්ලේයර්ස්ල යවන්න සිලෙක්ට් කරන්නේ ට්‍රයල්ස් තියල. ඔයා දන්නවද පලවෙනි ට්‍රයල් එකේදී ෆාතුම් විසින් චනිත්මා පැරද්දුව.
    ඔයාට සතුටුද?

    ඉන්න

    දෙවනි ට්‍රයල් ඓකේදී චනිත්මා විසින් ෆාතුම් පැරැද්දුව

    ඔයාට දුකද?

    හරි තුන් වෙනි ට්‍රයල් එක තියේ
    ඒකෙදි?
    ෆාතුම් ට්‍රයල් එක මග අරිනව
    ඉන්ජර්ඩ් කියල.

    එතකොට ෆෙඩරේශන් එක එයාව ස්පෝට් මෙඩිසින් යුනිට් එකට යවල assess කරනව
    රෙස්ට් එකක් දෙන්න third trial එක පෝස්ට්පෝන් කරනව.

    ඩේට් එක්ස්ටෙන්ශන් තුනක් දෙනව . ඒත් ක්‍රීඩිකාව ට්‍රයල් එක මගාරිනව. පස්සෙ ෆෙඩරේශන් එක දැන ගන්නව මෙයා ඉන්ජර්ඩ්/under treatment කියල මේව මග ඇරියට මෙයා ඒ කාලේ ඇතුලේ ෆොරීන් ටූනමන්ට් එකකට සහභාගී වෙලා කියල සල්ලි වලට. That was so corrupt, dishonorable and dishonest

    මේ ක්‍රීඩිකාව ෆාතුම් අරගලේ රගනව, චමුදිත එක්ක රගනව තමන්ගේ dishonest corruption එක වහගෙන මෙයාට අසාදාරනයක් වුනා කියන්න. නාමල් එක්කත් ට්විටර් එකේ රගනව. අන්තිම්ට උසාවියෙ රගන්න ගිහින් පස්ස බිම ඇන ගන්නව. උසාවිය ෆෙඩරේශන් එකේ representation පිලි ගන්නව. මෙයාව ගෙනියන්නෙ නැත්නම් ට්‍රයල් තුනටම ඇවිත් සිලෙක්ට් වුනු අනික් ක්‍රීඩිකාවන්වත් කොමන් වෙල්ත් ගෙනියන්න එපා කියල ෆාතුම් කියන corrupted, dishonorable ක්‍රීඩිකාව කරපු ඉල්ලීම උසාවිය රිජෙක්ට් කරනව.

    ඒ පවුලෙ ෆාතුම් විතරද dishonest ? නෑ එයාගෙ අය්යත් ස්කොශ් නැශනල් ප්ලේයර්. එයාත් මාර dishonest . නංගිව කපපු එකේ ඇත්ත කතාව හංගල චනිත්මා සහ තරගාවලියේ පැත්ත පළාතකවත් නොහිටි චනිත්මා ගේ තාත්ත එකතුවෙලා නංගි කැපුව කියල ලොකු පචයක් සෝශල් මීඩියා වල අත අරිනව. අන්න ඒ පචේට තමා Sachin Rathwatte රැවටුනේ. ඉංග්‍රීසි පුලුවන් නම් ස්කොශ් ෆෙඩරේශන් එකේ මේ කතාව කියවන්න. විශේශයෙන් අන්තිම පිටුව. මේක උසාවියක තීරනය වෙච්ච ඉශූ එකක්. බලන්න සචින්ලට බය්යො කියන එක සධාරනයි නේද? ඒගොලන්ව රවට්ටන්න ලේසී.
    බය්යො නොවනවා කියලා තමන්ම හදුන්වා ගන්න චමීර දේද්දුවගේලා, වරුණ සුදන්ත හේරත්ලා smart ද ?
    නෑ.

    ස්කොශ් ෆෙඩරේශන් එකේ නිවේදනය එක්කම ෆාතුම් ඉසදින්ගේ අය්ය, චනිත්මා ගේ සිද්දිය වුනාට පස්සෙ, සෝශල් මීඩියාවලට රිලීස් කරපු මහා පචය මම මේකෙ attach කරනව.

    සචින් රත්වත්ත බය්යෙක් වශයෙන් ඒකට තෙත්වෙලා, උණුවෙලා ඒක සිංහලෙන් ලියලා තමන්ගේ වගේ හෑල්ලක් ලිව්වා. නමුත් දේද්දුවගේ සහ සුදන්ත හේරත් පෙන්නන්න උත්සාහ කරන්නේ සචින් රත්වත්තේගේම ඔරිජිනල් පචයක් මේක කියලා.

    සචින් රැවටිලා උස්සගෙන යන්නේ ෆාතුම් ඉසදීන් නම් dishonest, corrupt ක්‍රීඩිකාවගේ dishonest අය්යා ලියපු බොරුවක් කියලා මේ දෙන්න දන්නවා. ඒත් ෆාතුම් ගේ අය්යට බනින එකට වඩා ඒගොල්ලන්ට traction එකක් ගෙන දෙන්නෙ සචින්ට බනින එක කියලා ඒ ගොල්ලො දන්නවා. ඒ නිසා සචින්ටම බණිනවා.

    ඊට අමතරව දේද්දුවගේට සචින් ගැන මොකක්දෝ එකක් තියනවා. ඒ නිසා dishonest ඉසදීන්ව බයිපාස් කරලා සචින්ට බණිනවා. සුදන්ත හේරත් කරන්නෙ merely චමීරව කොපි කිරීම.
     
    • Like
    Reactions: .::J@S::.