ස්ටෙෆ්නි...

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    .....නුබ වගේ මම .....
    දසුනො..එහා පැත්තෙ ඉන්න කෙල්ල කතා කරන හැටි බලපන්කො..ඒකි කතා කරන්න හැටි සිංහලත් නෙමේ ඉන්ග්‍රීසිත් නෙමේ..සුද්දෙක් අහවල් එක කරලා වගේ
    හසරැල් මේන් වැන්දා,ඕකිට මොකුත් කියන්න එපා..ඕකිගෙ කටක් නෙමේ තියෙන්නෙ වක්කඩක්..
    එහෙමද..මමත් ආසයි චාන්චූන් ගාන බෝනික්කියන්ට...
    නංගි ඔයාගෙ තාත්තා සුද්දෙක්ද...
    ඇයි තමුසෙට මොකද..තමන්ගෙ වැඩක් කරගන්නවකෝ..
    අප්පට බොල තරහගියාම ලෙසටම සිංහල කතාකරනවනෙ...නැත්නම් වචන දහයකට අටක් ඉන්ගිරීසි..
    මේ වදින්නම් තමුන් තමුන්ගෙ වැඩක් කරගන්නවද..තමුසෙල ගොඩේ උනාට අපි පලිද ..
    ඕන් ඉතින් ..මගෙ යකා නගිනවා අසූහාරකෝටි තිස්පන්ලක්ශ දහදහස් එකසිය විසි පහට..අපි ගොඩේ තමා ඇයි නංගි ඔයාට මොකෝ..
    තමුසෙ ගොඩේ උනත් මඩේ උනත් මට මොකො..තමුසෙනෙ පැනලා දුන්නෙ..
    දසුනො උබ දන්නවද,,එංගලන්තෙ හොරි දද හැදුනු හිගන්නොත් කතා කරන්නෙ ඉන්ග්‍රීසි.
    තමුසෙට මොකො වෙන්න ඕනෙ කියනවකො..
    දසුනො මේ බලකො ..අපි දෙන්න කතා කරන්නෙ ..වෙන උන්ට ඩෝං යන්නෙ .සුද්දට අපේ රට අල්ලන්න උදවු කරපු උන්ගෙන් පැවතෙන උන් ඔහොමයි..
    කට වැඩී තමුසෙගෙ..ක්ලාස් ආවනම් තමන්ගෙ වැඩේ කරගන්නවා..මම මොකාගෙන් පැවත ආවත් තමුසෙට මොකො..
    දසුනො ..
    හසරැල් නවත්තපන් ඕකි යකින්නක්..
    උබ බය උනාට මම බය නැ..කතාවක් කියන්නම් අහපන්කො..ඔන්න දවසක් දොස්තර කෙනෙක් ගාවට තැමිල් අපි වගේ ගොඩේ කෙල්ලක් ආවලු බෙහෙත් ගන්න...ඩොකා නිකන් අහවල්ලු වගේ හෙන පොස්ලු.බොරු හිලලු..ඩොකා කීවලු ටන් එලියට දාන්න කියලා ..කෙල්ලට දන්නෙ නැ ටන් කියන්නෙ දිව කියලා..කෙල්ල ඇබරෙනවලු...ආයෙ කීවලු ටන් එලියට දාන්න කියලා...කෙල්ල ඇබරිලා ඇබරිලා හැට්ටෙ අස්සෙන් කුක්කු එලියට ගත්තලු...ඩොකාට වැඩේ තේරිලා කීවලු..ඔය ටන් නෙමේ කටේ ටන් කියලා..ඒ ගමන් කෙල්ල ඩොකාගෙ කටේ එබුවලු කුක්කු..
    අරකි කට වහන් හිනා වෙනවා බන්..
    ..............................................................
    දසුනො ..අනේ වරෙන්කො රන්ජන් ලංකා එකට ගිහින් එන්න..
    අනේ බන් බඩගිනි උබ ගිහින් වරෙන් ..මම ස්කෝලෙ ගිහින් එනකන් මගෙ බත් එක මග බලන් ඇති..
    තොගෙ බඩේ හිගන්නෙක් හරහට නිදිනෙ..වරෙන් මම එනගමන් කන්න දෙයක් අරන් දෙන්නම්..
    අරන් දෙනවද ඇත්තටම..
    ඔව් පකෝ...අපේ වචන දෙකක් නැ..අම්මා දෙනවා කීවොත් තාත්තා ගස් බැදල හරි දෙනවා.
    අම්මෝ බන් සෙනග ..
    අඩෝ දසුනො අර බලකො..
    කවුද...
    අර ස්කූල් කිට් එකෙන් ඉන්න කෙල්ල..
    අම්මෝ බන් අර ක්ලාස් එකේ අපි එක්ක මරා ගන්න ඉන්ග්‍රීසි බඩ යන කෙල්ල..
    හ්ම්ම්..යසෝදරා විදුමවගෙ දියනියක් ..ඒක තමා මේ හු## නලලෙ තියන් ඉන්නෙ..
    ආ නංගීගී...
    ඒකි මොකෝ බන් අපි දැක්කාම ගුලි කාලා වගේ හිනාවුනේ..
    ටන් කතාව මතක් වෙන්න ඇති...
    මේ ..කරදර කලාට සමාවෙන්න සහෝදරී ..පොඩි උදවුවක් කරනවද...
    මොකක්ද ...
    ඉංග්‍රීසි හෝඩිපොත් තියෙන්නෙ කොයි හරියෙද...
    කෙල්ලට ආයෙත් හිනා...
    අඩෝ ඒකි ලස්සනයි බන් පට්ට ..
    මට නම් ඒකි උබයි එක වගේ බන්..සිරාවටම..කටවලුත් එකයි දෙකම කටර්..
    හසරැල් ඇයි උබ රන්ජන් ලංකා එකට ආවෙ ඇයි බන්.
    .අදුරන අයිය කෙනෙක් ඉන්නවා බන්.ස්කෝලෙ ඇරිලා ඇවිත් රෑවෙනකම් මෙහෙ වැඩ කරන්න පුලුවන්ද අහන්න බන්..උබ දන්නවනෙ අම්මා විදින දුක..ක්ලාස් පීස්වත් හොයාගන්න පුලුවන්නෙ බන්..
    ඒත් බන් උබ කොහොමද පාඩම් කරන්නෙ වත් කඩේ වැඩ කරලා ..
    කොහොම හරි කරනවා බන් .උබ දන්නවද අනිත් ගෙවල්වල ලමයින්ට රෑට කෙදිරි හඩ ඇහෙනවලු මහාඅය ජිල්ලමලේ දානකොට..ඒත් මට හැමදාම ඇහෙනවා රෑට අම්මා දවල්ට මැරිලා මැරිලා ඇවිත් මහන්සියට කෙදිරිගාන සද්දෙ..අම්මට බැ බන් දැන් 45ත් පැනලා..
    අම්මා කොහෙද බන් වැඩ ...
    මිනුවන්ගොඩ පැත්තෙ ලොකු ගෙදරක බන්..බත් තම්බනවා..ගෙවල් වල වැඩ..ලමයින්ගෙ වැඩ,උදේ ගියාම රෑ වෙනවා එන්න..
    කොහොම හරි මෙඩිකල් පැකල්ටි යමන් මහත්තයො ..උබ උබේ අම්මගෙ වගේම බන්ඩාරනායක අම්මගෙ බලාපොරොත්තුවක්..
    හ්ම්ම් ..මට ඕනෙ දවසක මගෙ අම්මා රැජිනක් වගේ තියන්න..මේ විදපු දුක්වලට ...මම හින්දා ..
    දසුනො හෙට ස්කොලෙ එද්දි ටිකක් හොද සර්ට් එකක් අරන් එනවද..හෙට කඩේ වැඩට යද්දි ටිකක් හොදට යන්න ඕනෙ..දන්නවනෙ මගෙ ඇදුම් ...පට්ට ගහලා ගහලා හම ගිහින්...
    ගේන්නම් මචන් ....පන උනත් දෙනව උබට මම හසරැල් ...
    .......................
    හැමදාම ස්කොලෙ ඇරිලා මම හවසට රන්ජන්ලංකා එකට වැඩට ගියා..ඒත් කවදාවත් අම්මට කීවෙ නැ..අම්මට කීවෙ ක්ල්ස් කියලා...
    හායි....
    ආ......ඉතින් ,,
    මම දවස් දෙක තුනක් රන්ජන් ලංකා ආව ඔයා හිටියා..හැමදාම සොපින්ද..
    නෑ..නංගි මම මෙහෙ වැඩ..
    එතකොට ස්කෝලෙ..
    ස්කෝලෙ ඇරිලා එනවා..
    ඇයි ඉතින් එහෙම ...
    අපි දුප්පත්නෙ...ක්ලාස් යන්න සල්ලි හොයාගන්න...
    ඇය මගේ මූන දිහා බලාගන උන්නාය..
    ගිහින් එන්නම් ..මොකක්ද නම
    හසරැල් ...
    මගෙ ෂානි ..ගොඩක් අය කියන්නෙ ස්ටෙෆ්නි කියලා..
    සුද්දුයක්ගෙ නමක් නෙ..
    ඇය පඩිපෙලෙන් බැස හෙමින් හෙමින් යන්නට ගියාය..ඇය යලිත් ආපසු දුවන් ආවාය..
    ගොඩය කීවට ක්ලාස් එකේදි ගොඩක් සමාවෙන්න ...ඔයා ගොඩයෙක් නෙමේ ...
    නැ මම ගොඩයෙක්...
    නෑ අනේ ඔයා ගොඩයෙක් නෙමේ...පොස් කොල්ලෙක්
    නැ.මම පොස් කොල්ලෙක් නෙමේ ගමේ හැදුනු ගොඩයෙක් ....
    අපි දෙන්නාම එකවර සිනාසුනෙමි...
    ..........................
    පෝලිමේ හිටගන උන්නෙමි..
    හසරැල් මල්ලි...හොදට කස්ටමස්ලට කතා කරනවා..ගුඩ්..ඔයා වරුවනෙ වැඩ ඒත් ඔයාට සතුටු වෙන්න පුලුවන් ගානක් ඇති...
    ඒ ජීවිතයේ මගේ මහන්සියෙන් උපයා ගත් පලමු වැටුපයි...
    පඩි පැකට් එක හොරෙන් කඩා බැලුවෙමි..අලුත්ම දාහෙකොල අටකුත් පන්සීයේ කොලයෙකුත් තිබිනි..හොරෙන් ඉබ බැලුවෙමි අලුත් නෝට්ටුවල අමුතු සුවදකි.
    මුලින්ම ගියේ ජුවලරියට..මම කිසිම දවසක අම්මා මගුල් මුද්දක්වත් අතේ දමා ඉන්නවා දැක නැත..
    අයියෙ මේ මුද්ද කීයද ,,,
    8.800 වෙනවා...
    අතේ සන්තකේ තිබුනේ 8.500කි..
    අඩු නැද්ද...
    නැ මල්ලි..
    මේක 5.600යි..
    චූට්ටි උනත් එය ලස්සනයි...
    දෙන්න අයියෙ...
    ඊලගට ගියේ..ඇදුම් කඩයකටය..ලා ගුරුපාට ටීසර්ට් එකක් ගත්තෙමි..
    ආපසු එනවිට පැන්සිකඩේක තිබූ පොල්කටුවලින් කැපූ දර්ම චක්‍රරයක් සහිත කලු නූල් මාලයක් දැක්කෙමි..එයට ආස හිතුනි..එයද ගත්තෙමි..
    ............................................
    අම්මෙ ...
    ඇස් වහගන්න...
    ඇයි
    වහගන්නකො..
    ලස්සනද..
    මහත්තයො ...කොහෙන්ද ...රත්තරන්ද...
    ඔවු ..රත්තරන් ..ඒත් අම්මා තරම් වටින්නෙ නැ..
    අනේ ..මගෙ පන සල්ලි කොහෙන්ද ...
    අම්මෙ බොරු කීවා සමාවෙන්න මට අම්මට තනියම බෑනෙ..ඒ හින්දා හවස ක්ලාස් කියලා පොඩි ජොබ් එකක් කලා..රන්ජන් ලංකා එකේ වැඩකලා..අද පඩි අම්මෙ ..මුල්ම පඩියෙන් අම්මෙ මේ...
    මට කියා ගත හැකි ඌයේ එපමනකි..මම හයියෙන් ඇඩුවෙමි.ඊට වඩා හයියෙන් අම්මා හැඩුවේය..
    මගෙ පන ආයෙ යන්න එපා..මට පුලුවන් ..
    බෑ අම්මා වයසයි..
    නෑ අම්මා තාම කෙල්ල වගේ..මගෙ පුතා දොස්තර වෙනකන් අම්මා කෙල්ල..ඊට පස්සෙ නාකි වෙන්නෙ.
    අම්මෙ තාත්තා බදින දවසෙ දාපු මුද්ද කෝ..
    දැම්මෙ නැ පුතේ...
    මම එයින් එහා අහන්නට ගියේ නැත..
    .....................................
    දසුනො ...
    ආ...
    මොකක්ද ..
    බලපන්කො...
    ටීසර්ට් එකක් ..
    හ්ම්ම් ඊයෙ පඩි ..ගොඩක් සල්ලි හම්බ උනාම ලොකු දෙයක් අරන් දෙන්නම්..එතකන් මේක මගෙන්..
    හුත්තො ...උබ මාව ඇඩෙවුවා..මට තෑගි එපා බන්..
    උබේ ජොකා ඇර හැමදේම අදිනවා මම ..මම මෙහෙම කරලා මදි උබට..
    ජොකත් දෙනවා උබට මම.
    දන්නවා..බන් අම්මයි උබයි විතරයි මට ඉන්නෙ.
    ක්ලාස් පටන් අරන් ඇති යන්...
    ස්ස්ස්....
    එන්න ඔය දෙන්නට ඉඩ ඇල්ලුවා...
    හසරැල් ..යකෝ උබ එක්ක මරාගත්තු එකී නේද ..
    හ්ම්ම් ..
    දැන් ඉඩ අල්ලනවද
    හ්ම්ම් ...මොනව අල්ලයිද මන්ද ඉස්සරහට..
    ස්ටෙෆ්නි ...ආ...
    මොකක්ද ..
    ආස නැතුව ඇති කමක් නෑ දාන්න එපා .පස්සෙ විසිකරන්න..
    අනේ ...සත්තමයි මම ආසයි..
    ඔයා වගේ සල්ලිකාර කෙල්ලක්ට පොල්කටු මාල..
    ඊයෙ පඩි..අම්මට මුද්දක් ගත්තා ..දසුනට ටී එකක් ඔයාට මේක..
    මාව මතක් උනාද හසරැල් ...
    හ්ම්ම් ...
    ඇගේ ඇස් දිලිසුනි..
    ලෝබයෙක් කියලා හිතන්න එපා පඩි තිබ්බෙ අට දාහයි..මුද්දටම හයදාහක්...
    නැ මහත්තයො නැ..
    ඇයි මහත්තයො කීවෙ..
    නිකන්
    අපේ අම්මත් කියන්නෙ මහත්තයො කියලා මට..
    එහෙම තමා අදරෙ අය..
    ඇය එහෙම කියා බිම බලාගත්තාය..
    ................................
    හසරැල් ...
    ඇයි බන් මේ..
    වරෙන්කො යන්න...
    කොහෙද ..මම තාම ඕෆ් නැ..
    කලබල වෙන්න එපා..අම්මා වැඩ කරන ගෙදරදි කලන්තයක් හැදිලා වැටිලා හොස්පිටල් ලු...
    මට හුස්ම හිරවුනි..
    යන්..
    ගම්පහ රෝහලේ කොරිඩෝව දිගේ දීවෙමි..
    හසරැල් හෙමින්...
    අම්මෙ ...අනේ මගෙ අම්මෙ මොකද උනේ..
    අමාරු නැ මහත්තයො ....
    අයේ මම ස්කෝලෙ යන්නෙ නැ..මම කොහොම හරි සල්ලි හොයන්නම්..අම්මා ගෙවල්වල වැඩට යන්න එපා..
    බැ..මට ඕනෙ මගෙ දොස්තර පුතා...
    පුතේ..මේ මම වැඩකරන ගෙදර මහත්තයයි .එයාගෙ දුවයි....
    ස්ටෙෆ්නි ....ඔයා..
    ඇගේ බෙල්ලෙ මගේ දුප්පත් මාලය රැදී තිබිනි...
    බත් අම්මෙ අපි ගිහින් එන්නම්...
    ගිහින් එන්නම් ඇය හිසෙන් කීවෙමි...
    මහත්තයො ..එන්න ලගට පන.මේක කීවාම මට අම්මා කියන එකකුත් නැ.ඒත් මේක කියන්න ඕනෙ..
    මට මොකුත් උනොත් මගෙ පන ඒ මහත්තාය ලගට යන්න..
    අම්මට මොකුත් වෙන්නෙ නැ.මම එක එකා ලගට යන්නෙත් නැ..
    එහෙම කියන්න එපා..ඒ තමා මගෙ පුතාගෙ තාත්තා ...
    නැ කම් කියන්න බැ අහසෙ තරු වලට ඒත් පුතාට නොබල ඉන්නෙ නැ ඒ මහත්තයා....
    මගේ ඔලුව බබන්නට විය..මම තවත් ගෙදර හාමුගෙන් අතවරයට ලක්වු මෙහෙකාරියකගේ දරුවෙකි..ඒත් මම සාම්ප්‍රදාය බිද දමා මහ මගට නොව පේරාදෙණිය සරසවියට වැටුනි..මට හැම විටම මතක් වන්නෙ ඇය ගම්පහ රන්ජන් ලංකා එකේදී දුටු විට දසුනා කී කතාවයි..."ඒකියි උබයි එක වගේ බන්"එය එසේ වියයුතුය.එක සුක්‍රානු වලින් හැදෙන උන් එක වගේය.වෛද්‍ය සිසුවෙකුට මෙය අරුමයක් නොවේ.........
    by-
    හසරැල් රංගන විජේසුන්දර

    rep එකක් ඒම දීල පලයල්ලා ඉතිං :sorry:
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අම්මෙ මේ...
    මට කියා ගත හැකි ඌයේ එපමනකි..මම හයියෙන් ඇඩුවෙමි.ඊට වඩා හයියෙන් අම්මා හැඩුවේය.

    eka husmata kiyawagena gihin hira una ban methana:sorry::sorry::(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චූටි නැගිටින්න ..
    අනේ ..අම්මේ තාම වහිනවා නේද ..
    එතකොට අද ඉස්කොලේ යන්නෙ නැද්ද ..චූටි
    යනවා..එත් වැස්ස අඩු කලාම..අම්මේ මේ වැස්සෙ ගියොත් සුදු කලිසම බතික් වෙයි...
    හිතුනු හිතුනු වෙලාවට ඉස්කෝලේට යන්න දෙනවද ..චුටි පුතේ ..නැගිටින්න .

    අපි ඉස්කොලේට කරල තියන අනූපමය සේවයට අපිට ඔනා වෙලාවකට ඉස්කෝලේට ගියෑකි අම්මේ
    ...........................................................

    ඔනා වෙලාවක කෙසේවෙතත් තාම ඉස්කොලේ යන්න දෙන එකත් පුදුමයක් කරල තියන කුපාඩි වැඩ වලට.. ලැස්තිවී කන්නාඩිය ලගට ගියෙමි.හැඩ වැඩ බැලීමි.අවුලක් නැත.කොයි පැත්තෙන් බැලුවත් පොඩි කඩවසම් ගතියක් ඇත..
    යකෝ මගෙ පොඩි ලකයක් තියනවනේ..ඒත් ඇයි දෙයියනේ නිදුකි ..මට කැමති වෙන්නෙ නැත්තෙ..ලස්සන කොල්ලෙක් නෙ මන්.ඒත් කරන වැඩ හින්දද.නැත්තන් හැමදාම පන්තියෙ අන්තිම පේලියෙ හින්දද ..
    පොත්බෑග් එක හදන්න දෙයක් නෑ .ඊයේ ගෙනත් තියපු විදිහටම තියනවා .econ පොත ඉවර වෙලා ගොඩක් දවසක් .account පොතේ මයි දැන් දෙකේම සටහන් ලියන්නෙ..
    දෙයියනේ account ...ඉයේ දීපු හෝම් වර්ක්..දිසානායක ටීචර් කියන්නෙ වැරදීමකින් මනුෂ්‍ය රූපයක් ලැබුණු යක්ෂනියක්..ගහන්නෙම අල්ල යට අතට හරවන්න කියලා ඇගිලිවලට අඩිරූලෙන්.අම්මෝ එතකොට සනීපේ.ඇස් වලට විතරක් නෙමේ චූ පැට්ටා අගටත් කදුලු උනනවා.
    ඉස්කොලේ නොයත් බෑ..නිදුකි ..නොදැක ඉන්නෙ කොහොමද දෙයියනේ..9වසරේ ඉදන් ටොක් කරලා තාමත් දාගන්න බැරි උන කෑල්ල .සුද්ද try and try onaday you can fly කීවට.මම නිදුකිට ට්‍රයි කරලා අවුරුදු 3ක් කන කට්ට දන්නවනම්..ට්‍රයි ඇන්ඩ් ට්‍රයි බැයි නම් නිකන් හිටු කියනවා සුද්දා
    ..........................................................................
    ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..
    බස් එකෙන් බැස්සා විතරයි ගහපු චූස් පාරට බෙල්ල කරකෝලා බැලුවා..
    අප්ප්පෝ..මගෙ අපායසහායක කල්‍යන මිත්‍රයා ..දසුන් ..
    ගුඩ්මෝර්නින් මචන් ..
    හ්ම්ම් ..
    ගුඩ්මෝර්නින් කීවාම ගුඩ්මෝර්නින් කියපන් හුත්තෝ ..
    උදේම කුනුහරප කියන්න එපා ප#(#=කෝ).උබ අර account .හොම්වර්ක් කලාද..
    මලා..දැන් කියනකන් සාන්කාවක් මතක නෑ..අනේ හසරැල් ..අද නම් ස්කූල් යන්න බෑ..1.30 වෙනකන් අලි කොටි වලස්සු ඉන්න කැලේක හරි නිදියමු.බෑ ඒත් අර චින්චි මානවිකාවගෙන් ගුටි කන්න.

    උබට පුලුවන් ද උබ අර පැනි හැලන 8වසරෙ බාල අපරාදෙ නොබලා ඉන්න...
    එපා හසරැල් බාල අපරාදෙ කියන්න හිරුනිකා නංගිට..තෝ දන්නවද .ඉම්රාන් කාන් කියන ක්‍රිකට් ක්‍රීඩකයා.එයා wife ට වඩා අවුරුදු 20ක් වැඩිමල් ...
    තෝ ඉතින් ඉම්රාන් කාන් නෙමේනෙ දසුන් ...
    මේ හසරැල් ස්කූල් යනවනම් ගුටිකන්න නැතිව ඉන්න මොකක් හරි ගුලියක් අබරපන්..උබ ඉතින් ඒවට බෙස්ට් නෙ ..
    හ්ම්ම් ..වරෙන්කෝ..
    කොහෙද ..
    මොකටද මොනවා හරි බඩට දාගන්නද..
    හම්මේ ඔවු .තොට පලවන්න..

    අන්කල් ..රතිඤ්ඤා 5ක් දෙන්න..
    ඈ..ඒ මොකටද..හසරැල් .
    ගිනිපෙට්ටියකුත් දෙන්න .අන්කල්
    ..........................................................................
    හසරැල් ...මෙහෙ එනවා..
    ඉස්කොලේට පා තැබුවා විතරයි ..විනය බාර සමන් සර් මගෙන් ඇඩ්වයිස් ගන්නද කොහෙද ...
    ඇයි සර්..
    උබ එන්නෙ ඉස්කොලේට ද ..බලපන් කොන්ඩෙ හැටි..කපන්න සල්ලි නැත්තන් දෙන්නම්.මනුස්සයෙක් වෙයන් මිනිහෝ..
    හෙට කපන්නම් සර්..ඒක නෙමෙ සර්.දැන් අසනීප තත්වෙ කොහොමද ..
    හොදයි දැන්..බන්..කොයි තරම් ජඩකම් කලත් උබ විතරයි බන් ඔහොම අහන්නෙ .පලයන් දැන් පන්තියට ..

    දසුන් ..කීවෙනි පීරියඩ් එකද account ..
    3වෙනි එක
    මේ කාට වත් පේන්නෙ නැතිව හදුන්කූරක් අරන් වරෙන් බුදු මැදුරෙන්...
    හ්ම්ම් ..
    නිදුකි .goodmorning .
    Morning ..
    මේ ඔයා කීවත් නැත්තන් ..මේ මෝර්නින් කියලා දන්නවා ..මම කීවේ goodmorning .
    අනේ ප්ල්ස් හසරැල් මට කරදර කරන්න එපා උදේම.මගෙන් උදෙන්ම බැනුම් අහන්න එපා මගෙ කටින් දෙයක් කීවොත් වරදින්නෙ නෑ .ඒ හින්දා පාඩුවෙ ඉන්න..
    හ්ම්ම් .හොදයි මැඩම් ..දවසක ඔයා පසුතැවෙයි.මේ වගේ රත්තරනෙ කොල්ලෙක් නෙ මම ගනන් ගත්තෙ නැත්තෙ කියලා ..

    දසුන් වරෙන්කෝ යන්න ...
    කොහෙද ..
    ටොයිලට් එකට .හදුන්කූරත් අරන් වරෙන් ..
    මොකටද බන් හදුන්කූරක් චූ කරන්න..
    චු කරන ගමන් උබෙ අහවල් එකට දුම් අල්ලන්න..පර්ශන අහන්නෙ නැතිව වරෙන් .
    ඉක්මන් කරලා මේ රතිඤ්ඤා ටික එකට ගැටගහපන්.තව එක පීරියඩ් එකකින් පස්සෙ account නෙ ටීචර් පන්තියට එද්දී පත්තු වෙන්න සෙට් කරමු .පීරියඩ් එකක් විනාඩි 40යයි නෙ .මේ හදුන්කූරු කැල්ල
    ඇතිවෙයි නේද බන් දසුනො..
    මදි වෙයි බන් ඕක මේ පීරියඩ් එක ඉවර වෙන්න කලින් ඇවිලෙයි.
    එහෙනම් මේ කෑල්ල .
    හ්ම්ම් .
    ඔන්න රතිඤ්ඤා ටික බැන්දා හදුන්කූරෙ.. account ටීචර් පන්තියට එනවා ඇවිත් හොම්වර්ක් බලන්න හදද්දී හදුන්කූර ඇවිලිලා අගට ආවාම රතිඤ්ඤා පුපුරනවා.මුලු ඉස්කොලෙම කලබල වෙන්වා.ඊට පස්සෙ මැඩමුත් හොම්වර්ක් බැලිල්ල පැත්තකින් තියලා රතිඤ්ඤා පත්තු කරපු උන් හොයනව....
    හසරැල් උබේ මොලේ....
    වරෙන් පන්තියට යන්න ඉකෝන් සර් ඇවිත් ඇති..
    ...............................................................
    ලමයි නැගිටින්න ..අයුබෝවන්.දැන් ඉදගන්න..ඊයෙ දුන්න හොම්වර්ක් අරන් එන්න එක එක්කනා..
    දසුනෝ ...කෝ හුත්තෝ තාම පත්තු උනේ නෑ නෙ රතිඤ්ඤා ..
    ඔව් බන් ..හදුන්කූර නිමුනද..
    නෑ යකෝ හදුන්කූරු එහෙම නිමෙන්නෙ නෑ..තෝ තමා කීවෙ මුලින් මම කඩපු කෑල්ල දිග මදි කියලා ..

    කෝ...දසුන් ගේන්න පොත..
    ටීචර් ..
    ඇයි.
    ටීචර් ඊයෙ ලයිට් තිබ්බෙ නෑ ඒ හින්දා හොම්වර්ක් කරන්න බැරි උනා.
    ඇයි තමුසෙලා දිහා ලාම්පු නැද්ද ..
    තිබ්බ ඒක පත්තු කරන් එද්දී අතඇරිලා බිදුනා..
    පන්තියම සිනාසෙන්නට විය.....
    අල්ලනවා අත .ඔය පැත්ත නෙමේ අනිත් පැත්ත ..
    ආයි.අයි ..ටීචර් ..රිදෙනවා

    කෝ ඊලඟට ..හසරැල් ...
    ටීචර් කරන්න බැරිඋනා..
    ඇයි...
    අම්මට සනීප නෑ මම ගෙදර වැඩ කලේ ඉවුවෙත් මම ..
    බොහොම හොදයි .මොනවද ඉවුවෙ ..
    බත් උයලා..පරිප්පු උයලා..සම්බෝල
    හාල් කොච්චර ලිපේ තිබ්බද..
    හ්හ්හ්හ්ම්ම්ම්..හාල් කිලොඑකක්...
    හාල් මුට්ටියට දාලා කොයිතරම් වතුර දැම්මද..
    මුට්ටිය පිරෙන්නම දැම්මා ..

    යලිත් පන්තිය සිනාසෙන්නට විය.
    උබ ඉඋවෙ බත් ද කිරිබත්ද..බොරු කියන්නත් එනව..අල්ලපන් අත.

    අම්මෝ ටිචර්..ආඅයි..
    ඩෝං ඩොං ඩෝං........මහ හඩින් රතිඤ්ඤා පුපුරා ගියේය..
    දසුනො අපි ගුටි කෑව සතුටට රතිඤ්ඤා පුපුරනවා .
    ...................................................................
    කාලය ඔහේ ගෙවී ගියේය .අපි කල දගකාර කම් නිමක් නොවීය..
    අම්මේ ..
    ඇයි චූටි ..
    අම්මේ නහයෙන් ලේ ආව..
    ඒ මොකද ?සෙමට වෙන්න ඇති..කෝකටත් බේත් ගමු ..
    ඕනා නෑ අම්මේ ..
    මම ගිගින් එන්නම් අම්මේ ..
    බුදුසරණයි..ස්කොලෙ ගිහින් දග වැඩ එපා චූටි .
    හ්ම්ම් .
    ..........................................................................
    පාසලෙ ගේට්ටුව ලග සිට කටට නිමක් නොවිය .ඒ goodmorning කියාය.ඒ තරමට මා පාසල තුල ජනප්‍රිය උනි.එහෙත් මට goodmorning නොකීවේ නිදුකි පමනකි..ඇයට මා ඇත්තටම ආදරය කරමි.ඇගේ හා මගේ ඇස් එකට ගැටුනු මොහොතවල් මා ජීවිතයේ විදි සුන්දරම මොහොතවල් විය.අඩන්නට ලන්වුනු ඇගේ ඇස් පුදුමතරම් ලස්සනය.ඇගේ ඇස් මගේ ආත්මය සොරා ගත්තේ මෑතකදි නොව.9වසරේ සිට 13වසර දක්වා මා ඒකපාර්ශ්වික ආදරයක් හිතේ තියන් විදවමි.කොයි තරම් දගකාර කොල්ලෙක් උවද මගෙ හිත ඇය සොරකම් කර අවසන්ය.

    මේ දවස් වල ඇදහැලෙන වර්ශාව නිසා පන්තිය අවට ජලය එකතු වී පොඩි වතුර වලක් සෑදී තිබිනි.
    දසුනො පොඩි වැඩක් කරමු..
    අනේ මේන් වැනිදා රතිඤ්ඤා පත්තු කරන්න බෑ.
    නෑ බන් ...කසුන් ,ශලුක වරෙන්කෝ..
    ඇයි.
    ඉස්සරහා වතුර වල තියෙන්නෙ.

    ඉතින් ඒක පස් ගෙනත් පුරෝමුද කියන්නෙ උබ,අමාරුවෙන් එන හින්ද.
    නෑ බන් මට කහන්නෙ නැ..
    ගඩොල් කැට ටිකක් අරන් වරෙල්ලකෝ..

    වතුර වලෙන් ඈතින් ඇතින් තියපල්ලකෝ ගඩොල් ටික.
    හරි තිබ්බා ..දැන් මොකද
    බලන් හිටපල්ලකෝ...
    මොන පිස්සුවක්ද බන් හසරැල් ..
    ඕන් දැන් බලපල්ලකෝ.....ඔය කෙල්ල ගඩොල් උඩින් එනකොට...
    ඉතින් කෙල්ලට මොකුත් උනේ නෑ නෙ..
    හරකුනේ කෙල්ල දිහා නෙමේ වතුර දිහා
    බලපල්ලා..
    අප්පට බොල ....උබ යකෙක් බන් කෙල්ලො ඈතින් ඈත ගඩොල් උඩින් අඩිය තියද්දි වතුර යටින් ගවුම අස්ස පේනවා හේමලයගෙන්.ජන්ගියත් පෙනවා..ආසාවේ බෑ..
    Account මිස් එනවා .පන්තියට යමල්ල්ලා.
    ලමයි හොද වැඩක් කරලා.දැන් ගඩොල් හින්දා සාරිය තෙමා ගන්නෙනැතිව පන්තියට එන්න පුලුවන්.
    අපි කොහොමත් හොදලමයි මිස්..
    ............................................
    අද සදුදා නේද බන් දසුන්..
    හ්ම්ම්
    අම්මෝ මහ රැස්වීමන ..පාරෙ ඉදලා
    පරක්කු වෙලා යන් බන්
    බෑ බන් බැනුම් අහන්න බෑ ..
    හසරැල් උබ නම් මොන අලුකුත්තේරු වැඩේ කෙරුවත් ගුරුවරු අනික් හැමොම උබට අදරෙයි බන්....
    පින බන්.ඉස්කෝලෙන් යන දවසට පිස්සු හැදෙයි බන්.ජීවිතේ ලස්සනම කාලෙ ස්කුල් කාලෙ බන්.තව අවුරුද්දයි.ඊට පස්සෙ අපේ ජීවිත.ජොබ් කරයි.කසාද බදී.....
    හසරැල් ..උබේ නහයෙන් ලේ එනවා..
    පීනසේට බන් ...පරක්කුයි ඉක්මන්ට යන්.
    හසරැල් ...උබ අමුතුයි...
    ඇගට අමරුඉ බන්..උන වගේ
    කොහොමද මහරැස්වීමේ හිටගන ඉන්නෙ ඔහොම..
    වමනෙ යන්නත් වගේ..
    හිටලද..
    එහෙම වෙන්න විදියක් නැ.ලගින් ඉන්න සේරම උබ වගේ පොන්නයොනෙ....
    අපි පොන්නයො..උබ මහ පුරුෂයා ...
    ඔව් යකෝ..මම පාරෙ යද්දි කෙලවත් ගහන්නෙ නැත්තෙ ඇයි කියලා උබ දන්නවා ?
    නෑ තෝම කියකෝ.
    පෑගිලා කෙල්ලො බඩ වෙයි කියලා බන්.
    ......................................................
    අම්මෝ..කීයට ඉවර වෙයිද පිනාගෙ කතාව...
    එපා වෙලා මටත් ..හසරැල් ..අයේ සදුදා ට එන්නෙ නෑ ඉස්කොලේ .
    තොට කීවා පරක්කු වෙලා එමු කියලා.මම හිතන්නේ පින්සිපල්ගෙ ගෑනි බීරි.
    ඇයි උබ එහෙම කීවෙ හැසරැල්..
    ගෑනි බීරි උනාම ගෙදර ගිහින් කතා කරන්න කෙනෙක් නෑනෙ .සදුදා උදේට ඒ සේරටම හරියන්න කතා කරන්වා අපි අව්වෙ කරෝල වෙනවා.

    කවදාවත් නැතිව ඇගට අමාරුයි.හිස බබන්නට විය.කසුන්ගේ උරපත්ත තදින් අල්ලා ගතිමි .නහය තෙත් බවක් දැනුනි .නහය පිසදා බැලුවෙමි.අත්ල මත ලේ තිබිනි .
    කසුන් මට අමාරුයි බන්..
    ඇයි බන්..
    මට ඇසුනු අවසාන වචනය එය විය.

    සිහිය එනවිට මා සිටියේ ගම්පහ රෝහලේ ඇදක් මතය.අම්මා මා අත අල්ලන් හඩමින් සිටියාය.
    අම්මේ ඇයි අඩන්නෙ..
    මොකුත් නෑ චූටි..ඉස්කෝලෙදී ඔයාට කලන්තෙ හැදිලා .
    අම්මේ මගෙ නහයෙන් ලේ එනවා සැරෙන් සැරේ
    පීනසේ වැඩිවෙලා චූටී
    ..............................................
    පුතා ඔයාට ටෙස්ටින් වගයක් කරන්න මහරගම යන්න ඕනා .
    doctor ඒ කියන්නෙ මට කැන්සර් එකක්ද...
    නෑ පුතා පුන්ච් සැකයක් විතරයි .

    කිසිදාක නොහැඩූ මගේ ඇස් කදුලින් පිරීතිබිනි.
    හසරැල් ....
    දසුනො.... උබ මාව බලන්න ආවාද බන්...මට කැන්සර් එකක් ලු බන්.
    පිස්සු ද බන්..
    ඩොක්ටර් කීවෙ බන්.
    ඒ හුත්තට පිස්සු ...
    මට මැරෙනකන් ඉස්කෝලේ යන්න ඕන බන්
    ..................
    අදට මහරග ඇවිත් දවස5ක් ගතවිය .
    Doctor මට පොඩි උදව්වක් කරන්න.
    මොකක්ද පුතේ ..
    මගෙ කොන්ඩෙ ගිහින් හම රැලිවැටිලා කැත වෙන්න කලින් එක දවසක් ස්කූල් ගිහින් එන්න දෙන්න.
    පුතාට කැන්සර් එකක් කියලා සැකයක් විතරයි ...කමක් නෑ ගිහින් එන්න.අදහවස ගිහින් ගෙදර හෙට ඉස්කෝලේ ගිහින් හෙට හවස මෙහෙ එන්න .
    ගොඩක් පිං doctor .

    අම්මෙ,අම්මෙ ,.......
    කීපවරක් කෑගසීමෙන් පසුව දොර ඇරුනි..
    චූටි ..ඇයි මේ ..ඇයි මගෙ රත්තරනේ හොස්පිටල් එකෙන් හොරෙන් ද ආවේ.
    නෑ අම්මෙ ..ඩොක්ටර් කීවා දවසක් ඉදලා එන්න කියලා ..
    අපි දවල් ගියාම එහෙම දෙයක් කීවෙ නෑනෙ චූටි ..
    මට මැරෙන්න කලින් එක පාරක් ආයෙ ස්කෝලෙ ගිගින් එන්න ඕනා අම්මෙ ..

    එපා මගෙ පන ඔහොම කියන්න.ඔයාගෙ අම්ම ජීවත් වෙලා ඉද්දී ..කොහොමද මගෙ රත්තරනේ ඔයාට එහෙම දෙයක් වෙන්නෙ..අනේ දෙයියනේ මගෙ කොල්ලා අරන් යන්න එපා මේ නාකි මාව අරන් යන්න ..අපි වැරදි කරලා නෑ දෙයියනේ .අපි අහිංසක මිනිසුන් ..චූටි ඔයා ඉපදෙද්දී සුදු බෝලයක් වගේ ..දොස්තර මහත්තයා මගෙ අත් දෙකෙන් ඔයා තියලා කීවා "අම්මේ මේන් ඉන්නවා දග මල්ලක් කියලා "ඇත්ත එදා ඉදන් ඔයා දගමල්ලක්,එපා චූටි .ඔයාගෙ නාකි අම්මව දාලා යන්න මහත්තයෝ..දෙයියනේ මගෙ කොල්ලට කැන්සර් හැදෙන්න විදියක් නෑ ...එපා මගෙ පන අරන් යන්න..චූටි ඔයා ඉස්සර කිරි බොද්දි එක තනයක් කටේ තියන් අනිත් තනේ අල්ල ගන්නවා.අත ගත්තොත් අඩනවා..අනේ දෙයියනේ උබ මගෙ කොල්ලා ගෙනිච්චොත් මට අයේ දෙයියො නෑ කුඩුකරන්වා උබේ පිලිම .පුලුවන් නම් මගෙ කොල්ලා ගෙනියපන්..ඉස්සරලා මාව මරපන්.
    එපා..අම්මෙ අඩන්න මම මැරෙන්නෙ නෑ .මගෙ අම්ම දාලා,යන්නෙ නෑ..කෝ තාත්තා .
    තාත්තා කතරගම ගියා චූටි .
    ඇයි ඒ..
    අපිට කියලා දහයක් නෑ මහත්තයෝ .ඔයා විතරයි .කතරගම දෙයිහාමුදුරුවෝ අහක බලන එකක් නෑ .බාරයක් වෙන්න ගියා.
    එපා අම්මෙ ඔය තරම් වදවෙන්න..මම ඔයාලව දාල යන්නෙ නෑ.අම්මෙ හෙට මම ස්කොලෙට ගිහින් එන්නම්.

    ඒක හොදයි චූටි ..ඔයා හොස්පිටල් නවත්තපු දවසෙ ඉදන් ලමයි සර්ලා ගොඩක් ආව..මට තේ හදලා එපා උනා..චූටි කවුද නිදුකි කියන්නෙ..
    ඇයි අම්මෙ එහෙම ඇහුවේ
    නිකන් ,නිකන් ,එහෙම ලමෙකුත් ආවා
    ඇය කදුලු අතරින් සිනාසෙන්නට වෙරදරන විට මෙතෙක් වෙලා තදකරන් සිටි කදුලු එලියට පැනිනි..
    මගෙ අම්මෙ මට මැරෙන්න බෑ අම්මෙ .මට හීන ගොඩයි අම්මෙ ..අනේ මගෙ අම්මෙ මට මැරෙන්නෙ බෑ.මම පුන්ච් දරුවෙකු ටොපි ඉල්ලා හඩන්නාක් මෙන් ජීවිතය ඉල්ලා හැඩුවේය.........

    උදේම ලෑස්ති වී මම පාසලට යන්නට පිටත්විය.
    ගිහින් එන්නම් අම්මෙ ..
    තෙරුවන් සරනයි මගෙ පනට.
    අම්මෙ මම මැරෙන්නෙ නෑ
    ඔව් මගෙ රත්තරනේ ..........
    .........................................................................
    හසරැල් ...උබ.
    ඇයි තෝ හිතුවේ මම මැරුනා කියලද..නෑ යකෝ මම තොගෙ හද්දවසේ දානෙ කාලා මිසක් මැරෙන්නෙ නෑ ..
    ඔව් බන් කවදාවත් ඉස්කෝලේ බුදු මැදුර පැත්තට වත් යන්නෙ නැති මම හැමදාම ගිහින් දැන් උබේ ජීවිතේ ඉල්ලනවා..
    අප්පට අද සදුදා නේද ..දසුනෝ
    පරක්කු වෙලා යන්ද ..
    බෑ දැම්මම යන්න ඕනා .මට ගොඩක් කල් නෑ බන්..
    එපා බන් පකේ කතා .උබට ගොඩක් කල්තියනවා හසරැල් ..
    ......................................................................
    පාසලට යන විට උදෑසන රැස්වීම ආරම්භ වී තිබුනි..මම කෙලින්ම ගියෙ වේදිකාව මතටය..සියලුදෙනාම මා දෙස බලා සිටියෙමි.ප්‍රින්සිපල් සර් කතාව නවතා දැමීමී.ගුරුමන්ඩලය පේලියට සිටගන සිටියහ.මට ඇඩුම් නවතා ගැනීමට බැරිවිය.අඩමින් කොනක සිට ගුරු මන්ඩලයට වැදගන ගියෙමි.වදින සෑම වාරයක් පාසාම "සමාවෙන්න ගොඩක් වද දුන්නා මම ආයේ වද දෙන්න හම්බ වෙන්නෙ නෑ"
    එසේ කියනවිට නෑඩූ එකම ගුරු වරයෙක්ද නොවීය..ප්‍රින්සිපල් සර් ට වැද.සර් මම චුට්ටක් කතා කරන්නම් මයික් එකෙන් .
    කරන්න පුතේ ආ මයික් එක.

    හැඩුම් නවත්වාගැනීමට නොහැකි උවත් .ඉකිලමින් කතා කලේය.
    හැමදෙනාගෙන්ම අවසරයි..මම ගොඩක් වදයක් උනා ස්කෝලෙට ඒකට ගොඩක් සමාවෙන්න .ඒත් මම මේ ස්කෝලෙට ගොඩක් ආදරෙයි .මම මම අඩන්නෙ කැන්සර් එකෙන් මැරෙන්නෙ බයේ නෙමේ..මම අඩන්නෙ ඔයා ඔයාලව දාලා යන්න තියන දුකට..මට ස සමාවෙන්න ලොකු සර් මේ ලගදී රතිඤ්ඤා පත්තුකරේ මම .සමාවෙන්න මට

    කමක් නෑ පුතේ .කමක් නෑ ..
    පහල සිටි ලමයින්ගෙන් මාසමග ඇඩුවේ නැති කෙනෙක් නැත.ආයෙත් මම කතාව පටන් ගත්තේය.
    සමන් සර්ට මම ගොඩක් වද දුන්නා ඒකට සමාවෙන්න සර්.මගෙ කොන්ඩෙ කපන්න කීවාට මම කැපුවෙ නෑ ..ඒත් ලගදිම මගෙ කොන්ඩේ සේරම යයි සර්..

    එපා මගෙ පුතේ එපා සර් අඩමින් මා බදා ගත්තේය ..
    තව මම සමාව ගන්න ඕනා කෙනෙක් ඉන්නවා..ඒ නිදුකි ..ඔයාට මම 9වසරෙ ඉදන් ගොඩක් වද දුන්නා ..ඒත් ඇත්තමයි මම ඔයාට ආදරෙයි .ඊලග ආත්මෙ මම දග නොකර ඉන්නම් ..ඔයාමට කැමති වෙනවා නේදා.මුලු පාසලම ඇඩුම් හඩින් පිරී ගියේය. තව එක දෙයක් කියන්නම් දිසානායක මිස් ආයේ ගහද්දී අඩිරූලේ දාරෙන් ඇගිලි වලට ගන්න එපා ගොඩක්‍ රිදෙන්වා..
    මිස් මම ලගට විත් බදාගන හඩන්නට විය .සමාවෙන්න පුතේ ..
    නෑ මිස් අපිට ආදරේටනෙ ගැහුවෙ ..

    මගෙ කතාව ඉවරයි මගෙන් උනු වැරදිවලට සමාවෙන්න .මම මැරිලා ඉක්මන්ට එන්නම් ..පුලුවන්නම් මම එනකන් ඔයාලා සේරම ස්කෝලෙ ඉන්න.ගොඩක් ආදරෙයි පාසල් අම්මෙ .හැමෝටම ගොඩක් ආදරෙයි .ගිහින් එන්නම් කියන්න විදියක් නෑ .යන්නම්.
    අවසාන වචනය කියා මම වේදිකාවෙන් බැස පාර දිගේ දීවෙමි.දසුන් විත් මා බදා අල්ලා ගත්තෙමි..
    හසරැල් .
    මා හිස ඔසවා බැලීමි.
    නිදුකි .
    පුලුවන්නම් එක පොරොන්දුවක් වෙන්න ..
    මොකක්ද නිදුකි .
    සනීපවෙලා ආපු ගමන් මාව බදින්න.මට එක්සෑම් ඕනෙ නෑ..මම ඔයා තරම්ම ඔයාට ආදරේ කලා මහත්තයෝ .ඔයා දග හින්දා ඔයාව හදාගන්න අකමැතියි වගේ පෙන්නුවේ..ආදරෙයි මහත්තයෝ ..දාලායන්න එපා.පොරොන්දු වෙන්න ..
    පොරොන්දු වෙනවා නිදුකි .අදරෙයි මැනික.
    ......................

    යලිත් මා මහරග ගියෙමි .දැන් මට මැරෙන්නට බැරිය කොහොමත් බැරිය..මා හැමදාම රෝහලේ බුදු පිලිමය ඉදිරිපිට ඉද ජීවිතය ඉල්ලුවේය..
    පුතා ඔයාය වෝඩ් එකට එන්නලු..
    එන්නම් නර්ස්.
    හසරැල් ..
    ඩොක්ටර්
    පුතා කියන්න තියෙන්නෙ ඒ තරම් හොද දෙයක් නෙමේ හැමෝම උපදිනවා මැරෙනවා .
    ඔව් ඩොක්ටර් ..
    සමහර විට ගොඩක් කල් ජීවත් වෙන එකත් දුකක්.ටික කාලයක් ජීවත් වෙන එකත් වාසනාවක්.
    ඔව් ඩොක්ටර් ..කෙලින්ම කියන්න ඩොක්ටර් මම මැරෙන්න බය නෑ..
    ඔව් පුතා ඔයා ගොඩක් අවාසනාවන්තයි .ඔයා ගොඩක් කල් ජීවත් වෙනවා .ඔයට තිබිලා තියෙන්නෙ ලේ වල්ට විසබීජයක් ගිහින්.අපි හිතුවේ ලේ පිලිකාවක් කියලා.ඔයාට ඇති ලෙඩක් නෑ..
    මොකක්..
    ඔවු පුතේ ..ඔයා ගොඩක් වසනාවන්තයි..
    යේ...යේ....මම මුලු වෝට් එකටම ඇසෙන්න කෑගෙසුවෙමි..ඩොක්ටර් බදාගන ඉම්බෙමි.බුදුපිළිම ලගට දුවන් ගියෙමි ..
    බුදු සාදු.මගෙ බුදුසාදූ ..කියන්නට කිසිවක් නොවීය .වැදගන හැඩුවෙමි..
    චූටි ...
    අම්මෙ
    මම කීවනෙ මගෙ කොල්ලව මරන්න බෑ කියලා..
    අම්මෙ මට මේ දැන් ස්කොලෙ යන්න ඕනෑ..
    හ්ම්ම් යන්න ඉතින් .මම ලොකු සර්ට කෝල් කරලා කීවා..ලොකු සර් රැස්වීම්ක් තියලා සේරටම කියලා .කොල්ලො රතිඤ්ඤා දානවලු ඉස්කෝලේ ..
    ....
    මම බස් එකෙන් බැස්සේ කෙසේදැයි නොදනිමි ..එක පිම්මේ පාසලට දිවුවෙමි.

    මා හමුවෙන හැම එකාම බදා ඉම්බෙමි ..
    හසරැල් ..
    දසුනෝ..
    කොල්ලෙක් ඇඩුවා මහරැස්වීමේ..ලැජ්ජාවේ බෑ.
    එපා හුත්තෝ මට ලැජ්ජයි..ඇයි තොපිත් ඇඩුවේ .ඇත්තටම උබලට මම නැතිව බෑ නේදා..
    අනේපල හුත්තෝ ..අපි බලන් හිටියේ තෝ මැරෙනකන් දානෙ කන්න..තෝ මැරුනනන් නිදුකි මගෙ..
    අවුලක් නෑ ..බයවෙන්න දෙයක් නෑ තොට නගින්නෙ නෑ නෙ..පැකින් නොකඩම කෙල්ල මැරිලා යයි ඒකයි දුක.

    අනේ පල..
    කෝ නිදුකි.
    ආන් පන්තියේ.යමන්..
    පන්තියට දිවුවෙමි නොවිවසිල්ලෙන්.ඒත් හිතුවේ තරම් ලේසි උයේ නෑත..හැමොම බදාගන්නට විය..

    ඒයි. එයි .කවුද ඔය ස්කූල් යුනිපෝම් නැතිව දුවන්නෙ.
    සමන් සර් ..
    කොල්ලෝ.
    උබ මැරෙන්නෙ නෑ බන් ..මම ඒක දැනන් හිටියා..
    සර් මාවා බදාගන හිස සිම්බෙමි..
    පස්සෙ අල්ල ගන්නන් රතිඤ්ඤා පත්තු කලාට..දැන් යන්නෙ නිදුකි ගාවටනෙ..ස්කූල් එක ඇතුලෙ ලව් කරලා අහූවුනොත් තෝ මරනවා මම ..
    ....
    මා පන්තියට යනවිට ඈත තියාම නිදුකි මා දුටුවායා..ඇය ඉකිගසමින් හැඩුවාය.
    එපා අඩන්න..
    ආයෙ ස්කූල් එන්නෙ නැතිව ඉන්න එපා .මේ දවස් ටිකට මම නොමැරි මැරුනා..
    කොහොමද මේ තරම් කල් ආදරේ හන්ගන් හිටියේ ..
    එහෙම තමා කෙල්ලෝ.දගවැඩ බෑ මහත්තයෝ .
    හ්ම්ම්.ටිකක්
    වෙන කෙල්ලො දිහා බැලුවොත් තෝ මරනවා මහත්තයෝ ....


     
    • Love
    Reactions: Naughtykolla48