ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැත&#353

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද නැතš

    මම මේ blog සටහන සොයා ගත්තේ අන්තර්ජාලයෙන්..ටිකක් කියවලා බලන්න.
    වැදගත් ලිපියක්...:yes:
    ඔයාලා මොනවද හිතන්නේ:confused:
    http://viewportal.wordpress.com/201...-for-rape-because-of-the-way-that-they-dress/

    ආ අමතක වුනා ඒකෙ vote කරන්න කොටසකුත් තියනවා

    TOPiC එක: ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද?:rolleyes:


    4OpzU.png


    පහතින් සම්පූර්ණ ලිපිය copy paste කර ඇත...:P
     
    Last edited:
    • Like
    Reactions: MAXPAYNE1

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    හේතුව වෙන මුකුත් නෙමේ ...... මානසික අසහනය තමි හේතුව
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    ස්ත්‍රී දූෂණ වලට වරද කාන්තාවගේ ඇදුමද?

    28 ජූලි



    ස්ත්‍රී දූෂණ ගැන මේ දවස් වල පවතින කතිකාවත අරඹයා යමක් කිවිමේ අරමුණෙන් මම මේ ලිපිය දමන්නේ. දැන් ගොඩක් මිනිස්සු තුළ පවතින තර්කය තමයි කාන්තාවක් දූෂණයට ලක්වෙන්නේ ඇයගේ වරදින් කියන මතය. මේ මතයේ තියෙන සත්‍යය අසත්‍ය තාව පිළිබදව විචාරයයි මේ. පළමුවම අපි අවධානය යොමුකරන්න ඕනේ ස්ත්‍රී දූෂණයක් කියන්නේ කුමක්ද කියන එක. සහා එහි පවතින විවිධ අර්ථ කථනයන් හදුනා ගැනීමට. ස්ත්‍රී දූෂණයක් යන්න කුමක්ද බව පැහැදිලි ලෙස නෛතික වශයෙන් අර්ථ දක්වා තිබෙනවා ලංකා රජය මගින්(සහා ලෝකයේ හැම රටකම).ස්ත්‍රී දූෂණ පොදුවේ සංස්ථාපිත, ව්‍යවස්ථාපිත, අත්බාර ලෙස තුන් වර්ගයකට බෙදන්න පුලුවන්.

    සංස්ථාපිත ස්ත්‍රී දූෂණ යනු (Constitutes Rape)


    1. යම් ස්ත්‍රියක් සමග ඇයගේ කැමත්තකින් තොරව ලිංගික ලෙස හැසිරිම
    2. නීතිය මගින් වෙන්කරනු ලැබු පවුලක පුරුෂයෙක් ඔහුගේ භාර්යාව සමග ලිංගික ලෙස හැසිරිම ,ඇයගේ කැමත්තකින් තොරව
    3. යම් කිසි ස්ත්‍රියකට පෙළඹවීම, බිය ගැන්වීම, තර්ජනය කිරිම, අවමාන තර්ජනය කිරිම (blackmail), ආදි බලපෑම් කිරිම මගින් ඇයව ලිංගික එක්වීමකට කැමති කරවා ගැනීම (මෙහෙදි කාන්තාව කැමති වුනත්, ඇකමැති වුනත් ඒක බලපෑමක් කියලා ඔප්පු වුවහොත් අදාළ පුරුෂායාට දඩුවම් විදීමට වෙනවා මොකද ඒක නීතියට අනුව වරදක් නිසා)
    4. සිහිය නොමැති, පරික්ෂාකාරි නොමැති, දුර්වල මනසක් තියෙන ස්ත්‍රියක් සමග ලිංගික ලෙස හැසිරීම වරදක් (ඇය කැමති වුනත් ඇකමැති වුනත් මේක වරදක්) නිදර්ශන වශයෙන්, මානසික ලෙඩෙක් සමග, කලන්තේ දා වැටිච්ච ස්ත්‍රියක් සමග, මෝහෝනය වෙච්ච ස්ත්‍රියක් සමග, etc….
    5. ස්ත්‍රියක්ව රවට්ටාගෙන, වංචා කරලා ඇය සමග ලිංගික ලෙස හැසිරිම (ඇය කැමති වුනත් ඇකමැති වුනත් මේක වරදක්)
    6. අවුරුදු 16 යට අඩු ස්ත්‍රියක් සමග ඇයගේ කැමැත්තෙන් හෝ ඇකැමත්තෙන් ලිංගික ලෙස හැසිරීම.
    ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ යනු (Statutory Rape)


    1. 1995 ,22 වැනි පනතේ ,363(e) ජේදයට අනුව අවුරුදු 16 යට අඩු ස්ත්‍රීයක් සමග ඇයගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ලෙස ඇය සමග එක්වීම වරදක් වෙන බව දක්වා තිබෙනවා. නීතිය මගින් තහනම් කර ඇති මේ වර්ගයේ දූෂණ ,ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ලෙස හදුන්වනු ලබනවා.
    පැහැදිලිවම කිව්වොත්. අදාළ ස්ත්‍රීය 16 ට අඩු නම් සහා තමන් ඊට වැඩි නම් පමණයි මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ යක් වෙන්නේ. නැත්නම් දෙන්නම 16 යට අඩු නම් ,දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගික ලෙස හැසිරෙනවා නම් මෙතන වරදක් නෑ.

    අත්බාර ස්ත්‍රී දූෂණ යනු (Custodial Rape)


    1. 1995 ,22 පනතේ,363 (e) ජේදයට අනුව, යම් කිසි නිළයක් දරණ කෙනෙක් ඔහුගේ නිළයේ බලතල භාවිතා කරමින් යම් ස්ත්‍රීයකට අතවර කරන්නේ නම් ඔහු වරද කරු වන බව දක්වා තිබෙනවා.මෙකී පුද්ගලයාට අවුරුදු 10 කට නොඅඩු , අවුරුදු 20 කට නොවැඩි සිරකාලයක් ලබා දීමට අධීකරණයට බලය තිබෙනතර , ඔහු විසින් අදාළ උපහටයා(Victim) හට නියම කරන ලද වන්දි මුදලක්ද ගෙවිය යුතු බව මේ පනතෙන් දක්වා තිබෙනවා.
    මේ ලිපියේ ප්‍රධාන අරමුණ ස්ත්‍රී දූෂණ නොව ,ඇදුම් සමබන්ධයෙන් නිසා මම වැඩි දුර ලෙස මේ ගැන දක්වන්නට යන්නේ නෑ. මේ කරුණු බැලීමේදි අපිට පෙනීයන දෙයක් තමයි කෙටියෙන් ස්ත්‍රී දූෂණයක් යනු යම් කිසි ස්ත්‍රීයකගේ කැමැතක් නැතුව ඇය සමග ලිංගික ලෙස එක්වීමයි. ලිංගික ලෙස එක්නොවුවත්, අනවශ්‍යය අකාරයෙන් ඇයව අපහසු තාවට පත්කිරිමද ඇත්තටම වරදක්. ඉතින් මේක තමයි නෛතික පැත්ත ස්ත්‍රී දූෂණයේ.

    පහතින් මම දක්වා ඇති පොඩි පරික්ෂණයක් ඔයගොල්ලන්ගේ විවෘත මනසේ ප්‍රමාණය මැන ගැනීම සදහා. මේකට ජන්දය පළකර සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට අවස්ථාව ලැබෙනවා අනෙක් අය දක්වා තිබෙන ජන්ද පිළිබදවත් යම් කිසි අවබෝධයක් මෙමගින් ලබාගන්න. මේ Poll දෙකටම තමන්ගේ ජන්දය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

    jId4A.jpg


    7pDPo.jpg


    k4hVS.jpg




    මෙතනින් තමයි විනීත යැයි සිතන ඇදුම මොකක්ද?













    දැන් ඔයගොල්ලොන් අදාළ ස්ථානයට ජන්දය පළකරාට පස්සේ තමන් මොන වගේ පුද්ගලයෙක්ද කියලා අවබෝධවේවි යැයි මම හිතනවා. මේ ඉහත දක්වා තිබෙන්නේ විවිධ රටවල අදින ඇදුම්. මේවා අදාළ රටට ගැලෙපන එහි සංස්කෘතියට ගැලපෙන ඇදුම්. ඉතින් තමන් නියෝජනය කරන සංස්කෘතිය අනුව තමන් අදාළ ඇදුම දිහා බලන විදිය වෙනස් වෙන්න පුලුවන් පැහැදිලිවම.

    මෙතන අපි විමසිය යුතු දෙය තමයි ඇත්තටම ස්ත්‍රී දූෂණ වෙන්නේ කාන්තාවගේ ඇදුම නිසාද කියන එකයි. මේ සම්බන්ධව කෙරි ඇති විවිධ පර්යේෂණ ප්‍රතිඑල ලෙස බැලිමේදි පෙනියන කරුණ තමයි. කාන්තාවගේ ඇදුම කෙසේ වෙතත් ඇයට හිරිහැර කිරිමට පිරිමින් ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස බහුතර ලෙස යොදාගන්න බවයි.

    2011 පෙබරවාරි 20 වැනි දින ඊජිප්තුවේ යම් සිද්ධියක් වාර්තා කරන්න ගිය ඇමරිකානු මාධ්‍යවේදිනී ලාරා ලෝගන් හට පිරිමින් 200 කු විසින් අතවර කර තිබෙනවා. ඇය ඒ අවස්ථාවේ ඇදගෙන ගිය ඇදුම සමාන්‍යය නිළ රාජකාරියකට යනකොට අදින අදුමක් නමුත් එසේ තිබියදි ඇයි මේ මිනිස්සු 200 දෙනා ඇයට හිරිහැර කරන්න ගියේ? දැන් සමහර අය කියන්න පුලුවන් ඊජ්ප්තුව කියන්නේ මුස්ලිම් රටක් එතකොට එතකොට ස්ලාම් විදියට ඇදපු නැති නිසා ඇයට මේ දේ වෙන්න ඇති කියලා. අපි එහෙම හිතමුකෝ එහෙනම් දැන් ඊළග සිද්ධිය දිහා බලපු. මීට ටික දවසකට පස්සේ ඊජ්ප්තුවේ මුස්ලිම් ජාතිය තරුණියන් කිහිපයකට මේ වගේම අතවරයන් කරලා තියෙනවා. ඔවුන් සමාන්‍යය ස්ලාමීය විදියට ඇදගෙන හිටපු අය. ඉහත තර්කය අනුව කාන්තාවක් දූෂණයට ලක්වෙන්නේ ඇදුම නිසානම් ඇයි මොවුන්ටත් ඒකටම ගොදුරු වෙන්න වුනේ මෙච්චර හොදට ඇදලා ඉදලාත්.මේ ගැන මාධ්‍යය ආයතනයක් නගපු ප්‍රශ්ණයකට අහමඩ් නියාෂී නම් පුද්ගලයෙක් ප්‍රකාශ කරලා තියෙන්නේ මෙන් මෙහෙමයි. “the regime, which never fell, uses sexual harassment to repress freedom of expression”.මෙහි සිංහල අරුථ තමයි කථාකිරිමේ නිදහස වැලැක්වීමට ලිංගික අතවර කරනවා යන්නයි. ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ “believes women are a weakness, and it’s a way of putting pressure on us” මොහුට අනුව සහා මෙහි සිංහල ප්‍රකාශයට අනුව මේ ලිංගික අතවර වලට හේතුව කාන්තාවන් මත පීඩනය යොදා ඔවුන්ව මේ විරෝධතාවෙන් ඉවත් කරලා තැබීමයි. මේ අතවර කරන පුද්ගලයන් හිතන්නේ කාන්තාවන්ව තමන්ගේ වේදිකාවෙන් ඉවත් කරන සුදුසුම උපක්‍රමය තමයි මේ ලිංගික අපයෝජනය කියන ආයුධය.

    මුස්ලිම් කාන්තාවක් වන නානා හල් හරීන් ප්‍රකාශ කරන්නේ ඇයට Tahrir (ඊජ්ප්තුවේ අතවර බහුලව වෙන ප්‍රදේශයක්) වලට තමන් යෑමට පවා පිළිකුල් කරන බවයි. ඇය කියන්නේ ඇය අතවර වලට බියේ අදාළ ප්‍රදේශ වලට නොයෙන බවයි.මේක ඉතින් එක උදාහරණයක් ප්‍රචණ්ඩත්වය අතවර හරහා විද්‍යාමාන කරවීම සදහා.

    මේ ස්ත්‍රී දූෂණව සම්බන්ධව 2005 දී ඇම්නෙස්ටි නම් ආයතනයක් කර තියෙන තවත් පර්යේෂණයකට අනුව වාර්තා වන්නේ 27% ක කාන්තාවන් ප්‍රමාණයක් පමණයි ඇදුම නිසා අතවරයකට ලක්වෙන්නේ කියා. ඒ වගේම 2008 පෙබරවාරි මස TNS System නම් ආයතනයක් මගින් 986 ස්කොට්ලන්ත ජාතියකයන් තෝරාගෙන පවත්වාගෙන ඇති පර්යේෂණයේදි වාර්තා වෙන්නෙත් මෙහිදිත් 27% ක කාන්තාවන් ප්‍රමාණයක් පමණයි ඇදුම නිසා අතවරයකට ලක්වෙන්නේ. ඒ වගේම pathwayscourses නම් වෙබ් අඩවියක් දක්වා ඇති පරිදි ඇමරිකාවේ බහුතර ලෙස ස්ත්‍රී දූෂන වලට හේතුව අදාළ අවස්ථාවේ ඒ කාන්තාව ඇද සිටි ඇදුම නොවෙන බව ඔවුන් දක්වා සිටිනවා.

    මේ කරුණු විශ්ලේෂණය කරන කොට පැහැදිලි වෙන දෙයක් තමයි. ස්ත්‍රී දූෂණය වැඩි වශයෙන්ම ප්‍රචණත්වය සදහා යොදාගන්න බවයි. සමාන්‍යයෙන් යම් කිසි පුරුෂයෙකුට ඕනෙ නම් තවත් පුරුෂයෙකුට පහර දීමට මොහු කරන්නේ කෙලින්ම ගිහින් පහර දෙන එකනේ. ඉතින් ඒ වගේම් යම් කිසි පුරුෂයෙකුට ඕනේ නම් කාන්තාවකට පාහර දෙන්න මොහු වැඩි වශයෙන්ම යොදාගන්නේ ලිංගික හිංසනයයි.

    ඉහත සාධක අනුව 27% ක් පමණ වෙන්නේ ඇදුම නිසානම් ඉතුරු ටික සදහා කුමක් හේතු වෙන්නේ දැයි දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුලුවන්. මේ ගැන ඇමරිකාවේ කෙරි ඇති විවිධ පරියේෂණ වල දත්ත පදනම් කරගෙන නිමවා ඇති rainn නම් අඩවිය වාර්තා කරන අන්දමට.44%ක් පමණ අතවරයට ලක්වෙලා සිටින්නේ අවුරුදු 18 ට අඩු තරුණියන්. 80% පමණ පුද්ගලයන් මෙයින් අවුරුදු 30 ට අඩු පුද්ගලයන් ඉහත 18 ට අඩු පුද්ගලයන්ද ඇතුලුව. මෙයි අපිට ගම්‍යය වෙන කාරණය තමයි පැහැදිලිවම ලාබලා තරුණියන් තමයි වැඩිපුර අතවරයට ලක්වෙන්නේ කියා. ඒක ඇත්තටම පිළිගත් දෙයක්. වයසක අයටත් අතවර වුනත් වැඩිපුරම වෙන්නේ තරුණ අයට කියා. දැන් මෙතන තර්කයක් ඔයගොල්ලන්ගේ ගොඩ නැගෙන්න පුලුවන්. මේ ගොල්ලෝ තරුණ නිසා කොටට , ඇග පේනන් අදිනවා එම නිසා අතවරයට ලක්වෙනවා. ඉතින් වරද තියෙන්නේ මේ තරුණියන් අතේ නේ කියා.

    නමුත් වැඩි දුර විශ්ලේෂණය කරගෙන යෑමෙදි අපිට ගම්‍යය වෙන්නේ. තරුණියන් පමණක් නෙවෙයි. ලාබාලයන් සහා පිරිමින් පවා අතවරයට ලක්වී ඇති බව ගොඩක් අවස්ථාවන්හි. මෙයින් අවුරුදු 12.3 ට අඩු ගැහූණු ළමයින් 15% ක් පමණ අතවර වල උපහටයන් වනතර ,29% ප්‍රමාණයක් 12 ත් 17 අතර පුද්ගලයන්. 18 ට අඩු අතවරයට ලක්වී ඇති පිරිස 80% වනතර, අවුරුදු 16 ත් 19 අතර ගැහැණු ළමුන් අතවරයන් වලට ලක්විමේ සම්භාවිතාව 4 ගුණයකින් ඉහළ බවයි මේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. තව 3% ක පමණ පිරිසක් 5 සහා 8 ශ්‍රේණියේ පිරිමි ළමුන් වන බවත් ඔවුන් දක්වා සිටිනවා. මේ ලාබාලයන් සම්බන්ධ වාර්තා පිරික්සීමේදි පැහැදිලි වෙන කරුණක් තමයි ලිංගික හිංසනය සදහා ඇදුමට වඩා අදාළ පුද්ගලයාව දැකීමම ප්‍රමාණවත් බවයි. දැන් දැකීම ප්‍රමාණවත් කිව්වම. මුස්ලිම් අය මෙතනට ඇවිත් කියන්න බැරි නෑ. එහෙනම් අපේ කාන්තාවන් වගේ
    ඇග සම්පූර්ණයෙන්ම වහගෙන යන්නකෝ කියා. එතකොට මේ කිසිම කරදරයක් නෑ නේ. ඇත්තටම එහෙම වෙනවා නම් ලොකු දෙයක්. නමුත් ප්‍රශ්ණය කියන්නේ එහෙමවත් මේ ප්‍රශ්ණය විසදෙන්නේ නැති එකයි. මීට උදාහරණ විවිධ ස්ලාමීය රටවලින්ම වගේම ලංකාවේ මුස්ලිම් පැතිවලින්ම මට ඉදිරිපත් කරන්න පුලුවන්. 2011 යේ රාමාසාන් මාසයේදි නැගෙනහිර පළාතේ ස්ත්‍රී දූෂණ වැඩි වශයෙන්ම වෙච්ච බවට වාර්තා වෙලා තියෙනවා. මුස්ලිම් අයට අනුව මේ අපරාධ කරලා තියෙන්නේ. ලංකාවේ රජයේ හමුදාවේ පුද්ගලයන් විසින්. නමුත් අපට ලැබෙන විවිධ වාර්තාවලට අනුව. මේ ස්ත්‍රී දූෂණ සදහා වගකිය යුතු වන්නේ ජමාත් අල් ඉස්‌ලාම් නැමැති නැගෙනහිර ක්‍රියාත්මක වෙන ස්ලාමීය ජිහාඩ් සංවිධානයක් විසින් [anniisa.wordpress.com]. මේක එක සිද්ධියක්.
    ලංකාවෙන්ම තවත් වාර්තා වෙනවා anniisa නම් අඩවියකට අනුව. කොළඹ Synergy නම් පාසලක ප්‍රධාන අයිති කරු තමන්ගේ සිසුවියන්ට අතවර කරන බවට. ගොඩක් අය දන්නවා මුස්ලිම් කාන්තාවන් කියන්නේ ඇග වැහෙන්න අදින , පිරිමින් හා කිසි සේස්ත්ම තනියන් නොයන පිරිසක් කියලා. එසේ තිබියදි තමයි මොවුන්ට අතවර වෙන්නේ. ඉතින් ඇදුම නිසා අතවර වෙනවා නම්. මුස්ලිම් කාන්තාවන් මේ විදියට අතවරයන්ට ලක්වෙන්නෙ විදියක් නෑ.


    ස්ලාමීය රටවල තත්වය පිරික්සීමේදි අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ තත්වය එහෙදිත් මේ වගේම විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙන බව. ස්ලාමීය රටවල තියෙන චාරිත්‍රයක් තමයි තමන්ට අවුරුදු 14~16 ළමයෙක් එක්ක වුනත් විවාහ විමේ හැකියාව, ඒ වගේම බිරින්දෑ වරුන් 4 දෙනක් තමන්ට තබා ගැනිමේ හැකියාවත් මුස්ලිම් පිරිමින්ට තියෙනවා. මොවුන්ට දික්කසාද වෙන්න පවා වැඩි තහනමක් නෑ. එහෙම පසුබිමක ස්ලාමීය රටවල ස්ත්‍රී දූෂණ නිළ ගණන් ගැනීම විහිළුවක්. මොකද විවාහයම දූෂණයක් නිසා. මම ඉහත දක්වලා තියෙන නිර්වචනයන් වලට අනුව විවාහ වෙච්ච කාන්තාවක් එක්ක පවා ඇයගේ කැමැත්තක් නැතුව ඇයගේ සැමියා ඇය සමග ලිංගිකව හැසිරිම හෝ එයට තැත් කිරිම ස්ත්‍රී දූෂණයක් හැටියටයි ගණන් ගන්නේ. විවාහක පිරිමියා ඇයගේ බිරිදට කරන ලිංගික අතවරයන් හදුන් වනු ලබන්නේ Marital Rape කියලයි.නමුත් සවුදි වල වගේම, අනෙකුත් බහුතර ස්ලාමීය නීති ක්‍රියාත්මක වෙන රටවල මේ Marital Rape නීතිය නෑ. ඒ වගේම මේ මුස්ලිම් පිරිමින්ට ස්ලාම් වලින්ම අවසර දෙනවා තමන්ට ඕන වෙලාවට තමන්ගේ බිරිද සමග ලිංගික ලෙස හැසිරීමට.

    ඉතින් මේ නීති අයින් කරලා සමාන්‍යය රටක නීතිය අනුව මේ ක්‍රියා දෙස බැලුවොත් අපිට පෙනෙන්නේ ස්ලාම් රටවල ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ විශාල වශයෙන් සිදුවෙන බවයි. මේකට ඇදුමේ කිසිසේස්ත්ම සම්බන්ධයක් නෑ. මොකද සවුදි වල මුස්ලිම් කාන්තාවන් අඩුම ගානේ තමන්ගේ මූණ වත් පෙන්වන්නේ නෑ කිසිම පිරිමියෙක්ට.ඇෆ්ගනිස්ථානයේ දැන් තත්වය බැලුවොත් කාන්තාවන් 2011 වසරේම 1026 විවිධ පීඩනයන්ට යටත් වෙලා තියෙනවා මේවායින් බහුතරයම සාමාන්‍යය සමාජයේ නෛතික රාමුවට අනුව ස්ත්‍රි දූෂණයන්. අනෙක් එක තමයි ස්ලාම් රටවල මුස්ලිම් කාන්තාවකගේ සාක්ෂී සලකන්නේ පිරිමි භාගයක් 1/2 හැටියටයි ඉතින් ඇයව කවුරුන් හෝ අතවරයට ලක් කරහොත් සහා වෙනත් කෙනෙක් ළග හිටියේ නැත්නම් මේ සාක්ෂී සලකන්නේ 1/2 හැටියටයි. මේක කොහොමත්ම අපරාධය ඔප්පු කරන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ස්ලාමීය අධිකරණයකට ඕනේ සාක්ෂී කරුවන් 4(පිරිමි) දෙනක්. ඉතින් කාන්තාවන් සාක්ෂී දෙනවා නම් 8 දෙනක් ඕනේ. මෙච්චර පුද්ගලයන් සාක්ෂි දෙන්න හොයාගන්න නම් එහෙනම් අදාළ කාන්තාවව පිරිසක් මැදම අතවරයට ලක් කරන්න ඕනේ. නමුත් කවුද එහෙම පිරිසක් මැද කාන්තාවක්ව අතවරයකට ලක් කරන්නේ . සාමාන්‍යයෙන් මේ වර්ගයේ අපරාධ වෙන්නේ පාළු ස්ථාන වලයි. ඉතින් තමන්ට අතවරයකට ලක්වෙන්න වුනාම ඇයට සාධක දිමේ හැකියාවක් නෑ. ස්ලාම් නීති වලට අනුව ලිංගික අපරාධයක් ඔප්පු කරන් බැරිවුනේ නම් ඇයටයි දඩුවම් විදින්න වෙන්නේ. මේකට උදාහරණ ඕනේ නම් ස්ලාම් රටවලින් හොයාගන්න පුලුවන්. නජීබා නම් 22 හැවිරදි කාන්තාව මීට කදිම නිදසුනක්. ඒ වගේම ඇෆ්ගනිස්ථානයේ ගුල්නාස් නම් කාන්තාවව අතවරයට ලක් වුනාම පවා එරට ආණ්ඩුව කරේ අදාළ අපරාධකරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට මේ කාන්තාවව හිරගෙට දැමීමයි. ඉතින් ස්ලාමීය රටවල අතවර නිත්‍යානුකූල කරලා තියෙන පසුබිමක සමීක්ෂණ වාර්තා වලට අරාබියේ අතවරයන් අඩුවෙන් වාර්තා වීම පුදුමයක් නෙවෙයි. ඇත්තටම අරාබියේ තමයි ස්ත්‍රි දූෂණ , ළමා අපරාධ වැඩියෙන්ම වෙන්නේ.
    ඉතින් මේ සාධක වලින් පැහැදිලි වෙන්නේ කාන්තාව අදින ඇදුම නෙවෙයි අතවරයන් සදහා හේතු වෙන්නේ. ඇදුමේ කිසි සේස්ත්ම මීට සම්බන්ධයක් නෑ.


    දැන් අපි කලින් දක්වපු rainn නම් අඩවියේ වාර්තා වලට ස්ත්‍රී දූෂණ සදහා වැඩියෙන්ම සම්මාදම් වෙලා තියෙන්නේ අදාළ උපහට කාන්තාව දන්නා අදුනන පුද්ගලයන් මේ ප්‍රතිශතය 2/3 ක්. ඒ කියන්නේ 66.‍‍xx% ක්ම අදාළ කාන්තාවව දන්නවා. මෙතනින් 38% පමණ අදාළ කාන්තාවව හමුවෙලා තියෙනවා නැත්නම් ඇයගේ මිත්‍රයෙක් වෙනව. මේ වගේම තමයි බාල වයස් කාර අපරාධ වලින් 93% ක් ම කරලා තියෙන්නේ අදාළ බාල වයස්කාරයා හොදින් දන්න පුද්ගලයෙක්. වැඩි දුර ලෙස මෙය විශ්ලේෂණය කාරලා බලනකොට අතවරයට ලක්වු පිරිසගෙන් 73% ක් මේකට ගොදුරු වෙල තියෙන්නේ තමන් දන්නා හදුනන පුද්ගලයන් අතින්. 38% අතවරට ලක්වෙලා තියෙන්නේ යාළුවෙක් අතින්, 7% අතවරයට ලක්වෙලා තියෙන්නේ නෑදෑයෙක් අතින්. ඉතින් මේ කාරණ වලින් අපිට පැහැදිලි වෙන දේ තමයි නිකම් පාරේ යන මගින් අතින් ස්ත්‍රී දූෂණයක් විමේ සම්භාවිතාව ගොඩක් අඩුයි කියන එක. ඇත්තටම එහෙම වෙන්නේ නෑ. දැන් කාට හරි තර්කයක් ගොඩ නගන්න පුලුවන්. පාරේ මිනිස්සු ඉන්න නිසා කරන්න බැරුව ඇති කියලා. ඇත්තටම පාරේ මිනිස්සු හිටියත් ටිකක් මිනිස්සු නැති පැත්තකට අදාළ කාන්තාව යනකම් ඉදලා ඕනෙම පිරිමියෙක්ට පුලුවන් ඇයට අතවර කරන්න. එතන කරන්න බැරි නම් වෙන කොහෙට හරි ඇදගෙන ගිහින් හරි කරන්න පුලුවන්. නමුත් එහෙම වෙන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි. මේකයි ඇත්තටම ප්‍රායෝගික පැත්ත.ඉතින් කාන්තාවගේ රුව දැකලා ඒකට වශීවී අතවර වෙනවා නම්, පාරේ යනකොට කාන්තාවන් අතවරයට ලක්වෙන්න ඕනේ. නමුත් එහෙම වෙන්නේ නෑ බහුතරයක් වෙලාවට නාදුනන මගිණ් මගින්. මේ වාර්තා ඒකට සක්ෂී දරනවා පැහැදිලි ලෙස. ඉතින් ඇදුම නිසා ස්ත්‍රී දූෂණයන් වෙනවා කියන තර්කය බිද වටන්න මේ සාධක හොදටම ප්‍රමාණවත්. මම කලින් ස්කොට්ලන්තේ පරික්ෂණයකින් ගත්ත නිගමන වලින් 27% ක් පමණ අතවර ඇදුම නිසා වෙනවා කිව්වා.නමුත් මේ වාර්තා තෙක්ක සසදන කළ පැහැදිලි වෙන්නේ මේ 27% තෙත් පැහැදිලිවම දන්න හදුනනයන් අතින් වෙන අතවරයන් තියෙනවා කියලයි. ඉතින් අතවරයන් වලට හේතුව ඇදුමට වඩා අනවශ්‍යය පුද්ගලයන් ඇසුරු කිරිම කියලා පැහැදිලියි.

    දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ඉතින් කාන්තාවන් අනවශ්‍යය පුද්ගලයන් සමග ඇසුරට යාම සහා එසේ මිත්‍ර ඇසුරට එන අයව පිළිගැනිම තමයි මේ අතවර වලට හේතු වෙන්නේ කියා .නමුත් නෑදෑයන් , සහෝදරයන්, තමන්ගේ තාත්තා වැනි පුද්ගලයන්ව එසේ ඉවත් කිරිමට හැකියාව නෑ මේ අය කොච්චර නරක ගතිගුණ තිබුනත් අතවරයක් කරන්න කලින්. ඉතින් කාන්තාව පිට වැරද්ද දැමීම සාධාරණ නෑ.මොකද දන්න හදුනන අය අතරට තමන්ගේ නෑදෑයන් සහා පවුලේ අයත් ඉන්න පුලුවන් නිසා. ඉතින් මේකේ වැරැද්ද පැහැදිලි ලෙස තියෙන්නේ එසේ අතවර කරන හෝ කරන්න හදන පිරිමියා අතේ. තමන් පාරේ යනකොට දකින දකින හැමදේටම තමන් කැමති කියලා ඒවා තමන් සන්තක කරගැනිමේ හැකියාවක් කිසිම කෙනෙකුට නෑ.එහෙම හැකියාව නෑ කියලා බලෙන් ගෙනියන එක නිති ගරුකත් නෑ. ඉතින් පිරිමියා තමන්ට එන ලිංගික හැගීම් පාලනය කරගන්න දන්නවා නම් මේ අපරාධ වෙන්නේ නෑ. තමන් අපරාධයක් කරලා ඒකේ වැරද්ද කාන්තාව පිට පැටවීම යුක්ති සහගත නෑ.

    තමන්ට තමන්ගේ හැගීම් පාලනය කරගන්න බැරි වීමට අනුන් පළි නෑ. ඉතින් කාන්තාවක් නිරුවතෙන් තමන්ගේ අභිමුඛයට ඇවිත් තමන් සමග සුහද ලෙස කථා කරත් හොද හැදිච්ච පිරිමියෙක් නෑ ඇය සමග ඇයගේ අකමැත්තෙන් ලිංගික ඇසුරකට යන්නේ නෑ. අඩුම තරමේ ඇයව එබදු ලෙස අපහසුතාවයකට හෝ පත් කරන්නේ නෑ. මීට කදිම නිදසුනක් තමයි බටහිර තියෙන Nude Beaches (නග්න වෙරළවල්) මේ වෙරළවල් වලට මිනිස්සු යන්නේ 100% ක් නිරුවතින්. මේවල කාන්තාවන් වගේම පිරිමින් එකට මිශ්‍ර වී ඉන්නවා. එහෙම ඉන්නවා කියලා මේවල මහාපරිමණයේ ලිංගික හිංසන යන්නේ නෑ. එහෙම යනවා නම් මේවා අද පවතින්න විදියකුත් නෑ. ඉතින් මේ සාධක සියල්ල සලකන කළ ඇදුමේ කිසිමේ වැරද්දක් නෑ කියලා පැහැදිලියි. පිරිමියාගේ හැගිම් පාලනයේ වැරැද්ද සහා ඔහුගේ සාධාචාරත්මක , අධ්‍යාත්මික පැත්තේ වැරද්දයි මේකට හේතුව. rainn ආයතනය දක්වන පරිදි ලිංගික අපයෝජන චෝදනා ලබා සිරගෙට යන පිරිසෙන් 46% ක් ආයි හිරගෙදරට යනවා එළියට ඇවිත් අවුරුදු 3ක් ඇතුලත. ඒ වගේම 65.1% ක පිරිසකට මීට අමතර ලෙස විවිධ බරපතළ වෙනත් අපරාධ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් අපිට පැහැදිලි ලෙසම නිගමනය කරන්න පුලුවන් වෙන්නේ ස්ත්‍රී දූෂණයන් සදහා හේතුව ඇදුම නෙවෙයි පුද්ගලයාගේ සාධාචාර්මක, ආධ්‍යාත්මික පැත්තේ නොදියුණුවයි. තත්වය මෙසේ තිබියදි දූෂණයට ලක්වෙන ස්ත්‍රීන්ගේ ඇදුම නිසා මේක වුනා යැයි අවලාද නැගීම හාස්‍යයට කාරණයක්.තමන් තමන්ගේ මට්ටම මොකක්ද යන්න ඉහත Poll එකට ජන්දය දීම මගින් හදුනා ගන්න ඇති කියලා මම හිතනවා ඉතින් අවංකව තමන් වැරදි කරුවෙක් කියලා හිතනවා නම් දැන්මම තමන්ව හදාගන්න බලන්න ඒක ඇත්තටම වටින දෙයක්.

    සටහන අයේෂා ඇලෙක්ෂැන්ඩර්

    http://viewportal.wordpress.com/

    Poll

    Thank you for voting!



    මේක නිවැරදියි 100%

    මේක වැරදියි 0%


    Return To PollCreate Your Own Poll






    References / යොමුව

    http://au.news.yahoo.com/queensland/a/-/world/12229608/afghan-rape-victim-may-marry-attacker/
    http://www.dailystar.com.lb/News/Mi...up-against-sexual-violence.ashx#axzz21fKfoXFD
    http://www.thisisnotaninvitationtorapeme.co.uk/dress/#whatyoucando_tab
    http://pathwayscourses.samhsa.gov/vawp/vawp_supps_pg11.htm
    http://www.rainn.org/statistics/
    http://www.dailymail.co.uk/news/art...gunned-fighters-decide-her.html#ixzz206Q7vRms
    http://anniisa.wordpress.com
    http://au.news.yahoo.com/queensland/a/-/world/12229608/afghan-rape-victim-may-marry-attacker/
    http://au.news.yahoo.com/queensland/a/-/world/12229608/afghan-rape-victim-may-marry-attacker/
    http://www.informationnigeria.org/2...owing-sex-with-dead-wives-sparks-outrage.html
    http://www.informationnigeria.org/2...owing-sex-with-dead-wives-sparks-outrage.html
    http://anniisa.wordpress.com/2012/05/24/ඉස්ලාම්-සිසුවියන්-දූෂණය/


    Rate this:







    [COLOR=#]Rate This[/COLOR]​


    Share this:





    Like this:

    Like
    Be the first to like this.





    ප්‍රතිචාරයක් ලබාදෙන්න





    Powered by WordPress.com

    SOURCE http://viewportal.wordpress.com/201...-for-rape-because-of-the-way-that-they-dress/
    ලිපියේ අයිතිකාරයාට විශේෂ ස්තුතිය

    හැකිනම් කරුණාකර එම blog අඩවියට ගොස් vote කර යන්න..





    g.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    My idea

    එහෙමම කියන්න බැහැ..

    මිනිස්සුන්ගේ තියෙන ආසාවල් වලින් මූලිකම ආශයන් (instincts) වලින් එකක් තමයි කාම ආශාව ඒක අපි කාගාවත් අඩු වැඩි වශයෙන් තියෙනවා..
    ගෑණු පිරිමි භේදයක් නැහැ..
    අපි ඒක පාලනය කරගෙන ඉන්නවා..

    තමන්ගේ අවශ්‍යතාවය ඉ‍ටු කරගන්න විදියක් නැති උනාම හෝ මානසිකව ඒ සම්බන්ධයෙන් පීඩා විඳ උපරිම අගයට පැමිනි විට මේ දේට යොමු වෙන්න පුලුවන් හේතු සෑහෙන්න තියෙනවා..
    කාමය අපි හැදෙන වැඩෙන පරිසරය,සංස්කෘතිය,ආගම වගේ දේවල් (Superego) වලින් යම් තරමකට පාලනය කරනවා...
    කන බොන එකට පස්සේ මිනිහට තියෙන ලොකුම අවශ්‍යතාවය Sex..
    ඒත් අපි ඕක සෑහෙන්න දුරට පාලනය කර ගන්නවා යටි හිතට (ID) ඕන විදියටම වැඩ කරන්නේ නැහැ..
    එන්න එන්න ස්ත්‍රී දුෂණ ලොකයේ වැඩි වෙනවා..
    මිනිසා ආගමිකව හා සංස්කෘතිකව පිරිහීමම විතරක් නෙමෙයි ඒකට හේතු වෙන්නේ..අපිට පේන දේ තමයි ඔය දේ..
    ඔයිට අමතරව තව දෙයක් තියෙනවා..
    ලෝකය සීඝ්‍රයෙන් ආහාර හිඟයකට මුනුණ පාමින් ඉන්නවා..
    දවසක් එනවා මිනිස්සු අතේ තියෙන කෑම එක උදුරන් දුවන මට්ටමකටම..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,059
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    එහෙමම කියන්න බැහැ..

    මිනිස්සුන්ගේ තියෙන ආසාවල් වලින් මූලිකම ආශයන් (instincts) වලින් එකක් තමයි කාම ආශාව ඒක අපි කාගාවත් අඩු වැඩි වශයෙන් තියෙනවා..
    ගෑණු පිරිමි භේදයක් නැහැ..
    අපි ඒක පාලනය කරගෙන ඉන්නවා..

    තමන්ගේ අවශ්‍යතාවය ඉ‍ටු කරගන්න විදියක් නැති උනාම හෝ මානසිකව ඒ සම්බන්ධයෙන් පීඩා විඳ උපරිම අගයට පැමිනි විට මේ දේට යොමු වෙන්න පුලුවන් හේතු සෑහෙන්න තියෙනවා..
    කාමය අපි හැදෙන වැඩෙන පරිසරය,සංස්කෘතිය,ආගම වගේ දේවල් (Superego) වලින් යම් තරමකට පාලනය කරනවා...
    කන බොන එකට පස්සේ මිනිහට තියෙන ලොකුම අවශ්‍යතාවය Sex..
    ඒත් අපි ඕක සෑහෙන්න දුරට පාලනය කර ගන්නවා යටි හිතට (ID) ඕන විදියටම වැඩ කරන්නේ නැහැ..
    එන්න එන්න ස්ත්‍රී දුෂණ ලොකයේ වැඩි වෙනවා..
    මිනිසා ආගමිකව හා සංස්කෘතිකව පිරිහීමම විතරක් නෙමෙයි ඒකට හේතු වෙන්නේ..අපිට පේන දේ තමයි ඔය දේ..
    ඔයිට අමතරව තව දෙයක් තියෙනවා..
    ලෝකය සීඝ්‍රයෙන් ආහාර හිඟයකට මුනුණ පාමින් ඉන්නවා..
    දවසක් එනවා මිනිස්සු අතේ තියෙන කෑම එක උදුරන් දුවන මට්ටමකටම..

    කැන්ඩියා;13321492 said:
    හ්ම්ම්
    Thanks for your comments!:yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    my view


    Api kawruth dannawa kanthawange nirawaranaya una dewal dakinakota feeling ena bawa..

    When you are travelling today in a bus or in a public place you may often see many girls and ladies wearing semi naked dress..you can visible their boobs,thighs,pants very often...

    If you are a normal man without any nurves problem..you will feel something..its natural..but that feeling can be controlled..it would depend on your mental level...social level..

    Apiata sexy ewa dakata self control karagena inna puluwan..namuth kisi education ekak nathi aya..bus drives,conducters,babers,thrwheel drivers wage ayata mewa daragena inna baha..enisa ayala mewa dakkama ena feeling pita karaganna mona hari dewal karanawa

    Ex. they masturbate in bus,bus halt,in theewheeler
    last week 120 bus eke kollek handshake kala neda

    thawa aya rape child abuse karanawa

    Essara wage newei..dan godak ugath Dr.Lawyers pawa sexy dewal dakala feeling daraganna baruwa rape abuse karanawa..wena ekakth thiya gewalwata seeyala thaththala th

    Society eke eka paththak witarak open unama balance naha..kellek boobs pennala parey yana uncle la awissuwata e uncle ta ena feeling discharge karaganna widihak na..sex legal na..raids maha tenama..ethin gedara podi eka ewarai...

    Feelings ena eka nawattanna injection denna wenawa me dakina dewal tawa wadi wenna wenna...mokada nathnam mewa dakala minissu nikan in nane..
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    reply to IMMuhandiram
    learn to control yourself , don't worry about bus drivers and like that people
    if they made any kind of crime they will be punished by the law..
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කවුරුහරි හොඳ වටින රත්තරන් මාලයක් දාගෙන පාරෙ යනවා. එහෙම යද්දි ඒ චේන් එක කඩා ගෙන ගියොත් ඒකෙ වැරැද්ද මාලේ දාපු කෙනාගෙද?

    තව කෙනෙක් වටින ෆෝන් එකක් පාවිච්චි කර කර යනවා. කවුරුහරි ඒකට කෑදර හිතිලා ඒක උදුරගෙන දුවනවා. මෙතන වැරැද්ද කාගෙද?

    මානසික ලෙඩ්ඩු ඉන්න පරිසරයක් ගෑනු කට්ටිය පරිස්සම් වෙන්න ඕනෙ බව ඇත්ත. ඒත් අතවරයක් උනොත් ඒක සම්පූර්ණයෙන්ම ඒ අතවරය කරපු *න්නයාගෙ වැරැද්ද මිසක් ගෑනිගෙ වැරැද්ද නෙමෙයි.

    ඔහොම හැම වැරැද්දම ගෑනි පිට දාන්නෙ මුස්ලිම් රටවල. දූෂණය වෙච්ච කෙල්ලට තමා කස පාර 100ක් දෙන්නෙ.

    කට්ටියට ඕනෙ අපේ රටත් ඒ වගේ කරන්නද?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කාන්තාවන්ගේ provocative clothing සමහර පුද්ගලයන්ගේ විකෘති කාමාශා වැඩිකරගන්න පුලුවන්.
    ඒ වුනාට මූන යි මුලු ඇඟයි වහන් ගිය පලියට මිනිස්සුන්ගේ කාමාශා නැතිවෙන්නේත් නෑ දූශන වැඩිවෙන්නෙත් නෑ. දියුනු රටවල දූශන වැඩියි කියන්නේ ඒ රටේ වෙන හැම දූශනයක්ම පොලීසියේ වාර්ථා වෙන නිසා.

    අරාබි රටවල ඒ වගේ දේවල් කීයෙන් කීයක් වාර්ථා වෙනවාද. ඒ රටවල ගෑනුන්ට තියෙන තැන අනුව නීතියෙන් පිහිටක් ගන්නත් අමාරුයි.තමන්ගේ ගෑනු ආරක්ශා කරගන්න උන්ව වහන්නේ අරාබියේ උන් හැමදෙනාටම විකෘති කාමාශා තියෙන හින්දා වෙන්න ඇති :P:P:P . සංස්කෘතික, ආගමික දේවල් හින්දා කාන්තාවන් මුලු ඇඟම වහගෙන යයි. නමුත් දූශන වලට වෙන හේතු කාරණා තියෙනවා. තමන්ගේ සමාජ පරිසරය, ජාන සාධක වගේම සමාජ අසහනය බලපානවා.

    ගෑනුන් සංවර කරන්න ඉස්සල්ලා ඒ සාධක නැතිකලා නම් හරි. අද ආච්චිලා පවා දූශනය වෙන තත්වයකට තියෙන්නේ. අවුරුදු 2,3 දරුවන් පවා අපචාරයකට ලක්වෙනවා. මේකට හේතුව ආච්චිලා එහෙම ඇඳගෙන ඉන්න එකද ? පොඩි උන් හෙලුවෙන් ඉන්න එකද ?

    සංවරත්වය එක එක සංස්කෘතීන් අනුව වෙනස් වෙනවා. නමුත් අනවශ්‍ය විදිහේ බලපෑමක් ඇති නොවන විදිහට, ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් හා ඉරියව් ප්‍රකාශ වෙන විදිහට, තමන් යෙදෙන කාර්යයට ගැලපෙන ආකාරයට, විශබීජ එක් රැස් නොවන ආකාරයට ඇඳුමක් ඇන්දානම් හරි.
     
    • Like
    Reactions: Tom Riddle

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    reply to IMMuhandiram
    learn to control yourself , don't worry about bus drivers and like that people
    if they made any kind of crime they will be punished by the law..

    uu urek,
    කවුරුහරි හොඳ වටින රත්තරන් මාලයක් දාගෙන පාරෙ යනවා. එහෙම යද්දි ඒ චේන් එක කඩා ගෙන ගියොත් ඒකෙ වැරැද්ද මාලේ දාපු කෙනාගෙද?

    තව කෙනෙක් වටින ෆෝන් එකක් පාවිච්චි කර කර යනවා. කවුරුහරි ඒකට කෑදර හිතිලා ඒක උදුරගෙන දුවනවා. මෙතන වැරැද්ද කාගෙද?

    මානසික ලෙඩ්ඩු ඉන්න පරිසරයක් ගෑනු කට්ටිය පරිස්සම් වෙන්න ඕනෙ බව ඇත්ත. ඒත් අතවරයක් උනොත් ඒක සම්පූර්ණයෙන්ම ඒ අතවරය කරපු *න්නයාගෙ වැරැද්ද මිසක් ගෑනිගෙ වැරැද්ද නෙමෙයි.

    ඔහොම හැම වැරැද්දම ගෑනි පිට දාන්නෙ මුස්ලිම් රටවල. දූෂණය වෙච්ච කෙල්ලට තමා කස පාර 100ක් දෙන්නෙ.

    කට්ටියට ඕනෙ අපේ රටත් ඒ වගේ කරන්නද?
    mama hithanne arabiye thathweta lankawa pathwei kiyala.agama wenas unata
    lankawe samahara ewunge chinthane thiyenne arabiye.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    කවුරුහරි හොඳ වටින රත්තරන් මාලයක් දාගෙන පාරෙ යනවා. එහෙම යද්දි ඒ චේන් එක කඩා ගෙන ගියොත් ඒකෙ වැරැද්ද මාලේ දාපු කෙනාගෙද?

    තව කෙනෙක් වටින ෆෝන් එකක් පාවිච්චි කර කර යනවා. කවුරුහරි ඒකට කෑදර හිතිලා ඒක උදුරගෙන දුවනවා. මෙතන වැරැද්ද කාගෙද?

    මානසික ලෙඩ්ඩු ඉන්න පරිසරයක් ගෑනු කට්ටිය පරිස්සම් වෙන්න ඕනෙ බව ඇත්ත. ඒත් අතවරයක් උනොත් ඒක සම්පූර්ණයෙන්ම ඒ අතවරය කරපු *න්නයාගෙ වැරැද්ද මිසක් ගෑනිගෙ වැරැද්ද නෙමෙයි.

    ඔහොම හැම වැරැද්දම ගෑනි පිට දාන්නෙ මුස්ලිම් රටවල. දූෂණය වෙච්ච කෙල්ලට තමා කස පාර 100ක් දෙන්නෙ.

    කට්ටියට ඕනෙ අපේ රටත් ඒ වගේ කරන්නද?
    :yes::yes::yes::yes: good one bro
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    machan

    reply to IMMuhandiram
    learn to control yourself , don't worry about bus drivers and like that people
    if they made any kind of crime they will be punished by the law..

    What u said right for a good society where good legal and ethical backgrond exist..api apita kela unama witarak nam katha karanne api mokkuda..but

    Julampitiye amarey,Tangalle sex pervert thama eliye...Tangelle pora abuse 100 pannala record tiyala party danawa...

    so its society wh inviting for sex perverts.A society where sex perverts are most welcome and distinguish