මචං මට මාස කීපයක ඉදන් තදබල අතේ කැක්කුමක් තියෙනවා.. අත රිදෙන්න අරන් ඔලුව මැදට වෙනකන් රිදෙනවා.. කොන්දේ scan එකක් කරාම කිව්වා L3, l4 තැන්වල පොඩි අවුලක් තියෙනවා කියල දිගටම පිසියෝතෙරපි කරන්න දැම්මා..මෙහෙම පිසියෝතෙරපි කරොත් මේක හරියයිද බාන්ස්.. කොච්චර කල් කළොත් ද හොද වෙන්නේ.. දැන් මාසයක් විතර කරා තාම ලොකු ගුණයක් නම් නැ..
Place
පුළුවන් නම් උඩ ලින්ක් එකේ තියන තැනට ගිහින් ඊට පස්සේ උබට දැනෙන සනීපය ගැන විස්තර මේ නුලෙම දාපන් මචෝ..
වෙදමහතාගේ නම ආනන්ද රත්නායක මහතා. උඩුවෙල, මන්දාරම්නුවර, පදියපැලැල්ල.
බ්‍රහස්පතින්දා යන්න එපා එදාට බෙහෙත් කරන්නේ නැහැ..
Video
ලබාදී ඇති ලින්ක් එකේ තියනවා කොදු ඇට පෙලට වෙන්නේ මොකද කියලා.. තෙරපි වලින් කාලයක් යනවා.. සමහර විට අවුරුදු 2ක් වගේ යන වෙලාවලුත් තියනවා.
සති කීපයකින් වැඩේ ගොඩ දාගන්න නිල වෙදකම කරන හොද වෙදමහතකු හමුවෙන්න
ිසියෝතෙරපි එකෙන් exercise ටිකක් දුන්නා මචං.. ඒවත් කරනවා.. හැබැයි ඉතිං මේක හොද වෙන්න කොච්චර කල් යයිද කියන්න බෑ ලු.. මේක හොද කරගන්න මෙයිට වඩා ඉක්මන් විදිහක් නැති වෙයිද
භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) මගින් සිදු කරන්නේ කොන්දෙහි පිට දෙසට ගලාවිත් ඇති කොදු ඇටපෙළහි අන්තර් කශේරුක තරලය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ඇතිකරන චලනයන් මගින් නැවත තිබු තත්ත්වයට පත් කිරීමයි. එයට ගතවන කාලය නම් වැඩි. මේ සදහා ව්‍යායාම වලට අමතරව ආබාධ සහිත ස්ථානයට උණුසුම ලබාදීම, විද්‍යුත් තරංග ප්‍රතිකාර යනාදිය ලබා දෙනවා...
ඉක්මනින්ම සුව කර ගැනීම සදහා බටහිර වෛද්‍ය විද්‍යාවේ එකම ක්‍රමය ශෛලකර්මයක් සිදු කිරීම වේ. 50% ට 50% තියලා ඒක කරන්නේ... සමහරු පයින් ඇවිත් ඔය ශෛලකර්මය සිදු කරලා රෝද පුටුවෙන් ගියපු අවස්ථා ඕනෑ තරම් තියනවා... හැබැයි කරපු ඩොකාලා තාමත් යස අපුරුවට ඉන්නවා මොකද ලංකාවේ ඩොක්කුන්ට විරුද්ධව නඩු දැම්මම නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වන නිසා..
ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයට ගියොත් කරන්නේ හුමාලය මගින් සිදු කරන උණුසුම් ප්‍රතිකාරය, කපුරු තෙල් වැනි තෙල් මගින් සම්භාහනය කිරීම හා කසාය හා කල්ක මගින් කොන්දට ඖෂධ ලබාදීම විතරයි.. මෙම ක්රමයටත් සෑහෙන්න කාලයක් බලන් ඉන්න වෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සිදු කරන භෞත චිකිත්සක ව්‍යායාම (Physiotherapy) වලට වඩා නම් වේගවත් සුවයක් ලබන්න පුළුවන්..
දේශීය වෛද්‍ය විද්‍යාවේ හරි අපූරු ක්‍රමයක් මේ සදහා භාවිතා කරනවා. ඒ තමයි නිල වෙදකම.
පාරම්පරික වෛද්‍ය පවුල් වල රහස් වට්ටෝරුවන් වලට අනුව සකසන ලද තෙලක් භාවිතා කරලා ප්‍රථමයෙන් තෙල් සම්භාහනයක් සිදු කරනවා.... ඊට පස්සේ ඇදවූ හෝ ගෙවී ගිය හෝ අන්තර් කශේරුක තරලය එලියට කාන්දු වී ඇති ස්ථානය නිවැරදිව හදුනා ගන්නවා. වෛද්‍යවරයා මෙහි අති දක්ෂයෙක් නම් රෝගියාගේ නාඩි අල්ලපු ගමන්ම ආබාධ සහිත ස්ථානය කුමක්ද යන්න ටක්කෙටම හදුනා ගන්නවා. සමහර දක්ෂ වෛද්‍යවරුන් නවින විද්‍යාවේ ඇති MRI Scan පරීක්ෂණයේ ප්රථිඵලය රෝගියාගේ නාඩි බලපු ගමන්ම බලන් හිටියා වගේ කියාගෙන කියාගෙන යනවා.. ඒක කරන්නේ කොහොමද කියන එක නම් හිතා ගන්න බැහැ.
පසුව වෛද්‍යවරයාගේ රෝග නිශ්චය කර ගැනීමෙන් පසු තෙරපන්න ඕන නිලය හා තෙරපිය යුතු ප්‍රමාණය කොපමනද යන්න නීරනය කරලා ශරිරය පුරා ඇති නිල තෙරපීම සිදු කරනවා... බොහෝ විට මෙය එක නිලයකට පමණක් සීමා වෙන්නේ නැහැ.. නිල කීපයක් තෙරපීම සිදු කරනවා. පසුව නිල තෙරපීමෙන් කශේරුකාවේ ඇදවී ඇති ස්ථානය කෙලින් කිරීම හෝ අන්තර කශේරුක තරලය එලියට පැමිණ ඇති තැනින් නැවත ඇතුල් කිරීම සිදු කරනවා.. මෙම ක්‍රමයේදී අවුරුදු ගානක් දුක් විදපු රෝගීන් මොහොතකින් සුව කරලා ඉන් පසු සතියක් පමණ කසාය දීලා නිට්ටාවටම මේ රෝගය සුව කර ගන්න හැකියාව තියනවා..
සමහර අයගේ අන්තර් කශේරුක තරලය විශාල ලෙස පිටට කාන්දු වෙලා ශරිරට තුලට හෝ පිටට ගෙඩි ඇති වෙනවා. මෙවැනි අවස්ථාවක කශේරුකාව ආසන්නයේ ගෙඩියට ප්‍රථිකාර කිරීම අවදානම් නිසා වෛද්‍යවරයාගේ පරම්පරාවේ ඇති රහස් වට්ටෝරු ඖෂධ ලබා දීලා එම ගෙඩිය කශේරුකාවෙන් ඉවතට ගන්නවා. ඉන් පසුව ගෙඩියට ප්‍රතිකාර කරලා රෝගියා සුවපත් කරනවා..
මේ සදහා සල්ලි දිහා බලන් බිස්නස් කරන සමාජ ජාලා වෙදාලා ලගට ගිහින් නම් අමාරුවේ වැටෙන්න එපා.. තව සමහරු ඩිස්ක් පැනලා කියලා එය නැවත දාන්න ඕනේ කියලා කොන්ද කරකවලා දාන්න ගිහින් වැඩේ හොදටම චොර කරගෙන පට්ට අමාරුවක වැටෙනවා... තවත් සමහරු ගල් ගැහිලා තියන අන්තර් කශේරුක තරලය දිය කරන්න කියලා බෙහෙත් දීලා තරලය ඕනැවට වඩා මෙලෙක් වී හොදට වැඩේ අවුල් කරගන්නවා. අමතක කරන්න එපා කශේරුකාව කියන්නේ ඉතාමත්ම ප්‍රවේශමෙන් වෙදකම් හෝ ප්‍රතිකාර කරන්න ඕන තැනක්...
------
Post added on Oct 14, 2023 at 7:40 PM