ස්පීඩ් ලිමිටර

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113


    ස්පීඩ් ලිමිටර්/ඉලෙකට්‍රොනික් ස්පීඩ් ලිමිටර්

    ස්පීඩ් ලිමටර්/ඔටෝමැටික් ස්පීඩ් ලිමිටර් එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික් ස්පීඩ් ලිමිටර් කියලා හඳුන්වන්නේ මොකක්ද?

    සාමාන්‍යයෙන් මෝටර් රථ නිෂ්පාදකයා විසින් නිෂ්පාදනයේ දීම මෝටර් රථයක් ගමන් කිරීමට හැකි උපරිම වේගය පරීක්ෂණ මගින් තීරණය කරලා ඊට අදාල වැඩසටහන්ගත කිරීම් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එකට ඇ‌තුලත් කරලා එන්ජිමේ උපරිම වේගය සීමාව ඉක්මවා නොයාමට සකස් කර ඇ‌ති ක්‍රමයට කියනවා ස්පීඩ් ලිමිටර් කියලා.ඒ‌කට හේතුව තමයි අභ්‍යන්තර දහන එන්ජින් වල කැරකැවීමේ වේග සීමාව ඉක්මවා යාම නිසා ඇ‌තිවිය හැකි එන්ජින් හානි වැලැක්වීම.

    බොහෝ මෝටර් රථ වල මේ ස්පීඩ් ලිමටර් එක ස්ථාවරව සකස්කරලා තියෙන නිසා රථයේ රියදුරාට ස්පීඩ් ලිමිටර් එක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ.ඒ‌ත් අද භාවිතා කරන නවීන මෝටර් රථ වල රථයේ රියදුරාට මෝටර් රථය පැ.කි.මී 30-240 අතර ඕනෑම වේග සීමාවකට ස්පීඩ් ලිමිටර් මගින් මෝටර් රථයේ උපරිම වේගය සකස් කිරීමට හැකියාව තියෙනවා.

    ස්පීඩ් ලිමටර්/ඉලෙක්ට්‍රොනික් ස්පීඩ් ලිමිටර් මගින් එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක සහ ස්පිඩෝමීටර් අන්තර් ක්‍රියාකාරිත්වය මගින් වාහනයේ කලින් තීරණය කරන ලද වේග සීමාවට ලඟා වූ විට එන්ජින් කාර්‍ය්‍යයන් සීමා කරන එන්ජින් පාලන උපාංගට කියනවා ස්පීඩ් ලිමිටර් කියලා.මේ ස්පීඩ් ලිමිටර් මගින් එන්ජිමේ ඉන්ධන සැපයුම සහ වායු ගැලීම පාලනය කිරීම මගින් කලින් සකස්කරන ලද වේග සීමාව ඉක්මවා නොයාමට මෝටර් රථය තබා ගැනීමට එන්ජිමේ ඉග්නිෂන් ටයිමිං පාලනය කිරීමට පුලුවන්.තව ටිකක් සරළව කිව්වොත් මේ ස්පීඩ් ලිමිටර් සිස්ටම් එක මගින් මාර්ගයේ ඇ‌ති වේග සීමාව ඉක්මවා ඊට වඩා වැඩි වේගයෙන් මෝටර් රථය ධාවනය වීමට ඇ‌ති හැකියාව වලක්වනවා.උදාහරණයක් විදිහට මාර්ගයේ උපරිම වේගය පැ.කි.මී 80 යි කියලා සඳහන කරලා තයෙනවා නම් ඉලෙක්ට්‍රොනික් ස්පීඩ් ලිමිටර් එක ක්‍රියාත්ම කර මාර්ගයේ උපරිම වේග සීමාව ඉක්මවා මෝටර් රථය ධවනය කරන්න බැරි විදිහට මෝටර් රථයේ උපරිම වේගය පැ.කි.මී 80 ඉක්වා පමණක් ගමන් කිරීමට පුලුවන් වෙන විදිහට එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් වේගය සීමා කිරීම සිදුකරනවා.මේ නිසා මාර්ග වේග සීමා ඉක්මවීම වලක්වලා ආ‌රක්ෂාකාරීව රිය පැදවීමට උපකාරී වෙනවා.ඒ‌ කොහොම වුණත් සෑම අවස්ථාවකම වාහන තදබදය හා මාර්ග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්,ආරක්ෂිත වේගය සකස් කර ඇති බවට රියදුරැ විසන් සහතික විය යුතුයි.

    පල්ලම් බැසීම වැනි අවස්ථාවල දී වාහනයේ වේග සීමාව ඉක්මවා යාමට මෝටර් රථය ගමන් කිරීමට හැකියාව තියෙනවා.ඒ‌කට හේතුව තමයි එන්ජින් බ්‍රේකිං මගින් වාහනයේ වේගය පවත්වාගෙන යාමට වේගය අඩු කිරීමට හැකියාවක් නැති වීම.මේ නිසා මේ වගේ අවස්ථා වල දී බ්‍රේක් කිරීම වැනි රියදුරුගේ මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා.

    මේ ස්පීඩ් ලිමිටර් ඇ‌ක්ටිව් කරා නැති ඕනිම අවස්ථාවක මෝටර් රථයේ කෲස් කොන්ට්‍රෝල් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.ස්පීඩ් ලිමිටර් LIM බටන් එක මගින් කෲස් කොන්ට්‍රෝල් සහ ස්ලපීඩ් ලිමිටර් අතර අවශ්‍ය පහසුකම තෝරා ගැනිමට අවස්ථාව තියෙනවා.මේ ඉලෙක්ට්‍රානික් ස්පීඩ් ලිමිටර් මගින් පැ.කි.මී 30-240 ත් අතර ඕනිම වේගයකට මෝටර් රථයේ උපරිම වේගය සකස්කරන්න පුලුවන්.

    ස්පීඩ් ලිමිට් ඇ‌ක්ටිව් කර කරලා තියෙන වෙලාවට ඒ‌බව ඉන්ස්ටුමන් ක්ලස්ටරයේ පණිවිඩයක් ආ‌කාරයෙන් ස්පීඩ් ලිම්ට් සංඥාව සුදුපාට ආ‌ලෝකයක් සහිතව දක්වන අතර සහ අවශ්‍ය වේගය සකස්ක කල විට LIM/DRL යන ලයිට් එක කොල පාටින් ක්ලස්යටර්යේ දක්වනවා.සමහර වාහන වල සකස්කල වේග සීමාව දක්වා ස්පිඩෝ මීටර්යේ හයි ලයිට් කරලා දක්වනවා.ස්පීඩ් ලිමිට්
    එක කැන්සල් බටන් එකක් වරක් ප්‍රෙස් කිරීමෙන් හෝ ඉග්නිෂන් ඔෆ් කිරීමෙන් ස්පීඩ් ලිමිට් කැන්සල් කිරීමට කෲස් කොන්ට්‍රෝල් සිස්ටම් පහසුකම නැවත ලබා ගන්න පුලුවන්.කොහොම වුණත් ස්පීඩ් ලිමිට් සිස්ටම් පහසුකම සහ කෲස්කොන්ට්‍රෝල් සිස්ටම් පහසුකම යන දෙකම එකවර ලබාගැනීමේ හැකියාවක් නැහැ.

    සටහන: ඉග්නිෂන් ඔෆ් කිරීමෙන් ඇ‌ක්ටිව් කර ඇ‌ති සහ සකස් කර ඇ‌ති ස්පීඩ් ලිමිටර් වේග සීමා මතකයන් සම්පූර්ණයෙන් මකා දැමීමේ හැකියාව තියෙනවා.

    ස්ටීරියන් වීල් එකේ හරි එහෙම නැතනම් ස්ටීරියන් වීල් කොලම් එකේ යටින් තියෙන ලිවර් එකක මේ ස්පීඩ් ලිමිට් සිස්ටම් එක ක්‍රියාත්මක අවශ්‍ය බටන් තියෙන අතර LIM බටන් එකෙන් සිස්ටම් එක ඔන් කිරීම කරන අතර + සහ - යන බටන් වලින් අවශ්‍ය වේග සීමාඅඩු වැඩි කර සකස් කරගැනීමට හැකි අතර Cancel බටන් එකෙන් සකස්කර ඇ‌ති ස්පීඩ් ලිමිට් කැන්සල් කිරීමට හැකියාව තියෙනවා.Resume බටන් එකෙන් සකස්කරන ලද ස්පීඩ් ලිමිට් එක/සිස්ටම් ඇ‌ක්ටිවේට් කිරීම තාවකාලිකව නතර කර තබා ගන්න පුලුවන් අතර පවතින වේගයට වඩා අඩු වේගයට පැමිණි විටක දී හෝ පැ.කි.මී 30 වඩා වැඩි වේගයට ලඟා වූ විට අවශ්‍ය වේග සීමාව නැවත සකස් කරගැනීමේ හැකියාව තියෙනවා.

    අවශ්‍ය වේගය සීමා සකස් කිරීම හෝ වෙනස් කරලා තියෙන අවස්ථාවක ඒ‌ බව ක්ලස්ටරයේ පණිවිඩයක් ආ‌කරයෙන් සහ සකස්කරන ලද වේගය ද සංඥාවක් ආ‌කාරයට ක්ස්ටරේ පෙන්නුම් කරනවා.

    තෝරාගත් වේග සීමාව සකස් තියෙන වෙලාවට සකස් කරන ලද වේග සීමාව දක්වා පමණක් සාමාන්‍ය ලෙස එන්ජිම ප්‍රතිචාර දක්වන අතර තවදුරටත් ඇ‌ක්සලේටර් පැඩල් එක පෑගීමේ දී කිසිවිටෙක් මෝටර් රථයේ වේගය සකස්කරන ලද වේගය සීමාව ඉක්මවා ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.

    සකස්කරන ලද වේග සීමාවට මෝටර් රථයේ වේගය ඉක්මවා තියෙනවා නම්,උදාහරණයක් ලෙස දීර්ඝ පල්ලම් බැසීමක් වැනි අවස්ථාවක ක්ලස්ටරයේ තැඹිලි පාට අනතුරු ඇඟවීම් දර්ශකයක් සමග සුදුසු පණිවිඩයක් ද ක්ලස්ටරයේ දක්වනවා

    මේ සකස්කරන ලද වේග සීමා ඉක්මවා යාම කාණ්ඩ තුනකට වර්ග කර තියෙනවා.

    • සකස් කරන ලද වේග සීමාවට වඩා වේගය පැ.කි.මී 15 කින් වැඩි වීමේ දී කලස්ටර් එකේ තැඹිලි පාට අනතුරු ඇඟවීමක් දර්ශකයක් සමග පණිවිඩයක් ද දක්වනවා.

    • සකස්කරන ලද වේගයට සීමාවට වඩා වේගය පැ.කි.මී 15 කින් වැඩි වෙලා තියෙනවා නම්,ක්ලස්ටර් එකේ ප්ලැෂ් වෙන තැඹිලි පාට අනතුරු ඇඟවීමක් දර්ශකයක් සමග පණිවිඩය දක්වනවා.

    • සකස්කරන ලද වේග සීමාවට වඩා වේග සීමාව පැ.කි.මී 15 කට වඩා වැඩි වෙලා එම වේගය තත්පර 5 කට වඩා වැඩි කාලයක් තියෙනවා නම් ඒ‌බව පණිවිඩය සමග තැඹිලි පාට අනතුරු ඇඟවීමක් දර්ශකයක් සමග ප්ලැෂ් වෙන අතර එලාර්ම් එකක් වැදීම මගින් තවදුරටත් ඒ‌ බව දැනුම් දෙනවා.මේ වගේ අවස්ථාවක රථයේ රියදුරැ විසින් බ්‍රේක් කර මෝටර් රථයේ වේගය පාලනය කිරීම සිදුකල යුතු වෙනවා.

    ස්පීඩ් ලිමිට් සිස්ටම් එකේ දෝෂයක් නිසා ස්පීඩ් ලිමිට් ක්‍රියාත්මක නොවන අවස්ථා ව දී ක්ලස්ටර්එකේ තැඹිල පාට අනතුරු ඇඟවීමක් දර්ශකයක් සමග සුදුසු පණිවිඩයක් මගින් ද ඒ‌ බව දනුම් දෙනවා.

    ස්පීඩ් ලිමිට් එක මගින් වේග සකස්කරලා තියෙන වෙලාවට එම අනතුරු ඇඟවීමක් දර්ශකයක් සමග පණිවිඩය දිගින් දිගටම ක්ලස්ටරය මත ප්‍රදර්ශනය කරන අතර ඒ‌ වගේ අවස්ථාවක
    ඉග්නිෂන් ඔෆ් කිරීම මගින් ස්පීඩ් ලිමට් සිස්ටම් එක අක්‍රීය කරලා කලින් සකස්කර ලද වේග සීමාවන් මකා දැමිය හැකිය.

    (චන්ද්‍රසිර ජයවික්‍රම විසිනි)

    06/04/2017
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oka lankawe use wenne driver withrak wahane yana welwata speed limit karanna. driver ta ganak na bm ekak dunnama pagannamane hitha
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    giggee:21424766 said:
    oka lankawe use wenne driver withrak wahane yana welwata speed limit karanna. driver ta ganak na bm ekak dunnama pagannamane hitha

    😁😁😁