ස්මාට් කී එකේ බැට්රි බැස්සොත්.. 
කලින් වාහන ගැන දාපු ත්‍රෙඩ්.
* Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු
* වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ
* වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
* කාර් එක සුමටව ධාවනය කරමු
* බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
* කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
* සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
* වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
* වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
* එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
* වාහනවල දෝශ සෙවීමේ සටහන්
* ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
* පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
* හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
* රොටරි මෝලේ තරම
* ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට (පරණ ත්‍රෙඩ් එක - 2014)
* ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු (අලුත් ත්‍රෙඩ් එක - 2017)
* වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
* කාබන් ෆයිබර් කාර්

පාවිච්චි කරන්නේ ස්මාට් කී එකක් සහිත වාහනයක් නම්, බැට්රි බැස්සොත් උඹලා මොකද කරන්නේ.
මේකට දෙන්න එක එක උත්තර තියෙන්න පුලුවන්. සමහරු නම් කියන්නේ ස්මාට් කී දෙකක් තියන නිසා අනිත් එකෙන් ස්ටාට් කරගන කම්පනි එකෙන් ලොකු ගානක් දීලා බැට්රිය දාගන්නවා කියලා. ඇත්තටම අපි මොකද කරන්න ඕනේ. ටිකක් විමසලා බලමු.
ලොකුම ප්‍රශ්න
1) කාර් පාක් එකක කාර් එක නවත්තලා ගිහින් ඇවිත් හවස බලද්දි ස්මාට් කී එකෙන් දොර ඇරන්නෙ නැති වෙනවා. දැන් මොකද කරන්නේ.?
ඒකට තමයි ස්මාට් කී එක ඇතුලට ඔබලා යාන්ත්‍රික යතුරක් තියන්නේ. දැන් ඒ යාන්ත්‍රික යතුර ගලවගන දොර ඇර ගන්න.
2) දොර ඇරියා කියලා බම්බු ගහන්ඩද දැන් කොහොමද මේ අටමගලය ස්ටාට් කර ගන්නේ, යතුරේ බැට්රි බැහැලනේ.
ඒකට බය වෙන්න එපා. මොකද ඔය ස්මාට් කී එක RFID වලින් වැඩ කරනවා. ඉතිං වාහනේ ස්ටාට් වෙන්න ස්මාට් කී එකේ බැට්රි එක අත්‍යවශ්‍ය නෑ. නමුත් RFID වල රේන්ජ් එක තියන්නේ ඉතාම කෙටි දුරකට. මෙන්න මේ නිසා බැට්රි එක නැත්තං උඹලට සිද්ද වෙනවා වාහනේ පුෂ් බට්න් එකට ලග තියන් ස්ටාට් කරන්න. නැත්තං ස්මාට් කී එකෙන්ම පුෂ් බට්න් එක තද කරපංකෝ.
පර්ස් ප්‍රශ්න
1) ස්මාට් කී එකේ බැට්රිය කම්පනි එකෙන්ම දාන්න ඕනෙද, ඒක පට්ට ගනංනේ.
එහෙම එකක් නෑ. ඒ බැට්රිය තමන්ටම දා ගන්න පුලුවන්. කම්පනි එකෙන් කරන්නේ සාමාන්‍ය බැටරියක් දාලා නිකං රුපියල් 2000 ක් විතර කඩා ගන්න එක. ඒත් ඇත්තටම ඔය බැට්රි ඔරලෝසු කඩෙත් තියනවා. උදාහරණයක් විදිහට ටොයෝටා ස්මාට් කීවල එන CR1632 කියන බැට්රිය කම්පනි එකෙන් දාන්න ගියොත් රුපියල් දෙදාස් ගානක්
හැබැයි ඒ පැනසොනික් බැට්රියම කඩේ රුපියල් 200 කට විතර ගන්න පුලුවන්. ඊබේ එකෙන් ජපන් බැට්‍රියක්ම ගත්තත් වැය වෙන්නේ බොහෝම අඩු මුදලක්. ඉතිං ඇයි කම්පනි එකට නිකං සල්ලි පූජා කරන්නේ.
තමන්ට අවශ්‍ය නම් අමතර බැට්රියක් කාර් එක ඇතුලේ තියාගන්න පුලුවන්.
2) ඉතිං ඕක ගත්තා කියලා අපිටම දාගන්ඩ පුලුවන්ද
නැතුව බං. ඕවා ඩිසයින් කරන්නේ කෙල්ලෙකුට උනත් බැට්රිය දාගන්න පුලුවන් විදිහට. ඉතිං පිරිමි උඹලා ඕක දාගන්ඩ කම්පනි ගෙනියනවද
මෙන්න ටොයෝටා යතුරක බැටරිය ගලවලා අලුත් එකක් දාගන්න පියවර
බැට්රි තිබුනත් වෙලාවකට ස්ටාට් වෙන්නෙ නෑනේ
අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග වලින් ස්හාට් කී එක අදුර ගන්න නිසා කළාතුරකින් ගැටලු ඇති වෙන්න පුලුවන්. සමාන රේඩියෝ තරංග භාවිතා කරන වාහන දෙකක් එක ලඟ තිබුණොත්, රේඩියෝ සම්ප්‍රෙෂණ කුලුණු ළගදි වගේ සමහර විට ස්මාට් කීවල ගැටලු එනන් පුලුවන්. එහෙම උනොත් යතුර පුෂ් බට්න් එක ළගම තියලා ස්ටාට් කරන්න. නැත්තං යතුරෙන් පුෂ් බට්න් එක තද කරන්න.
ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
එහෙනම් හැමෝටම ආයුබෝවන්!
තෙරුවන්සරණයි!