ස්මාර්ට් ටොයියෙකු වෙන ආකාරය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මතවත් රනිල් වික්රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්ෂා කරන්න​.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මතවත් රනිල් වික්රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්ෂා කරන්න​.

    :rofl::rofl:;)
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව​

    1. සිහි තබා ගත යුතු මූලිකම කරුණ ඔබ *ස්මාට්* ටොයියෙක් බවයි. ඔබ යූඑන්පී කාරයෙක් නොවේ. ඔබ ඡන් දය දෙන්නේ යූඑන්පී එකට බව සැබෑය​. නමුත්, පිටතට පෙන්විය යුත්තේ ඔබ ස්වාධීන​, අදීන​, උගත්, බුද්ධිමත් පුරවැසියෙක් බවයි. මේ ඔබේ පළමු සහ වැදගත්ම නීතියයි. මෙය ලොකුවට ලියා ඔබේ කොම්පියුටරය ඉදිරියේ බිත්තියේ අලවා ගත්තාත් කම් නැත​.

    2. ඔබ හැකි සෑම විටම රජය විවේචනය කළ යුතුය​. නමුත් මෙය ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඉතාම පරෙස්සමෙන් කළ යුත්තකි. අධෝ මුඛයෙන් කඩු ගිලීම වැනි ඉතාම අවදානම් කටයුත්තකි. රජය විවේචනය කිරීමේදී විවේචනය කළ යුතු සහ නොකළ යුතු යනුවෙන් පිරිස් දෙකක් සිටී.

    3. විවේචනය කළ යුතු අයගෙන් ප්රධාන වන්නේ මයිත්රීපාල සිරිසේන මහතායි. එතුමා ඔබට අවශ්යය මැටීරියල් ඕනවටත් වඩා සපයනු ඇත​. ඔබට ඇත්තේ උඩ පැන පැන එතුමා විවේචනය කිරීමයි. එතුමා විවේචනය කරන​ හැම අවස්ථාවකම "සෞදි ගමරාළ​" වැනි විශේෂන පදයක් භාවිතා කිරීමට වග බලා ගන්න​.

    4. ඊට අමතරව පාලිත තෙවරප්පෙරුම සහ සජිත් ප්රේමදාස වැන්නවුන් ද විවේචනය කළාට අවුලක් නැත​.

    5. නමුත් කිසිම අවස්ථාවක කුමන හේතුවක් මතවත් රනිල් වික්රමසිංහ, හර්ෂ ද සිල්වා, අකිල විරාජ්, මංගල සමරවීර වැන්නවුන් විවේචනය නොකිරීමට පරිස්සම් විය යුතුය​. මේ අය ඔබේ පෙළැන්තියේ නියෝජිතයන් ය​. ඔවුන්ව පණ මෙන් ආරක්ෂා කරන්න​.

    6. බැඳුම්කර සිද්ධිය යනු මුරලි ගේ දුස්රා පන් දුවක් වැනි ඉතාම අසීරු අවස්ථාවකි. ඔබේ පාදය සහ පිත්ත එක ළඟ තබාගෙන ඊට මුහුණ දිය යුතුය​. හැකි සෑම විටම සංවාදය මග හරින්න​. මග හැරීමට කිසිසේත්ම නොහැකි වන අවස්ථාවකදී "ඔව් මචං ඕකුන් ඔක්කොම එකයි. කාටවත් රට ගැන කැක්කුමක් නෑ" "මුනුත් දැන් මහින්දගෙ ගානටම එනව වගේ නේද​?" වැනි යමක් පවසන්න​. ගැලවීමට ඉතාම අපහසු අවස්ථාවක රවී කරුණානායක සහ සුජීව සේරසිංහ වැන්නෙක්ට යන්තම් පොඩ්ඩක් බැණ වදින්න​. කිසිම හේතුවක් මත රනිල් වික්රමසිංහ මහතා ගැන අකුරක්වත් නොකීමට වග බලා ගන්න​.

    7. මැතිවරණයක් ළඟ එන විට ඔබ ක්රමයෙන් ජවිපෙ හිතවාදියෙක් ලෙස පෙනී සිටීමට කටයුතු කළ යුතුය​. සමාජවාදය ගැන ඇටිකෙහෙළක් වත් නොදැනීම හෝ අරටු බැහැපු ධනවාදියෙක් වීම ඊට බාධාවක් කරගත යුතු නැත​. "වංචාව, දූෂනය නැති කළ හැක්කේ ජවිපෙට පමණි" යන පාඨය දිනෙකට එකසිය තුන් වතාවක් මතුරන්න​. "මචං මම ජෙප්පෙක් නෙවෙයි. මටත් උං ගැන විවේචන තියෙනවා. ඒත් මේ පාර උන්ට චාන්ස් එකක් දීල බලමු" වැනි කතා නිතර කියන්න​. අනුර කුමාර දිසානායක සහෝදරයා මහින්ද රාජපක්ෂ මහතාට බැණ වදින පෝස්ට් ෂෙයාර් කරන්න​. ඡන්දය දවසේ උදේම පුක කරේ තියාගෙන ඡන්ද පොළට ගොස් අලියා ඉදිරියේ කතිරය ලකුණු කරන්න​.

    8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ​, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න​. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න​.

    9. විද්යාව ගැන සංවාදයක් යන තැනකට ගොස් ජනේලයෙන් පුක ඇතුළට දමා "නලින් ද සිල්වා" "නාථ දෙවියො හීනෙන් කිව්වා" වැනි යමක් පවසන්න​. විද්යාව ගැන මී බෙට්ටක් තරම් දෙයක් දැන නොසිටීම ප්රශ්නයක් කරගත යුතු නැත​. නමුත් කිසි විටෙකත් දීර්ඝ ලෙස සංවාදයට සහභාගී නොවන්න​. ඔබේ රෙදි ගැලවී යනු ඇත​.

    10. සිංහල ජාතියට​, බුද්ධාගමට සහ 2500 අම්මගෙ රෙද්දට උඩ පැන පැන පහර දෙන්න​. මේවාට පහර දීම ඔබේ ප්රධාන කාර්යය විය යුතුයි. අදාලම නැති දෙයකට පවා (උදා: වඳුරෙක්ට පඩයක් යාම​) 2500 අම්මගෙ රෙද්ද සම්බන්ධ කර ගැනීමේ හැකියාව ප්රගුණ කරන්න​.

    11. බුද්ධාගමට උඩ පැන පැන තලන අතරම බෞද්ධ දර්ශනය පිළිබඳ දැඩි පැහැදීමකින් සිටින බව අඟවන්න​. බෞද්ධ දර්ශනය ගැන ගැඹුරු දැනුමක් ඇති බව හැඟෙන කතා කියන්න​. පන්සිල් පද පහවත් නොදැන සිටීම ගැටළුවක් නොවේ.

    12. බුදු හාමුදුරුවන් හැඳින්වීමේදී "සිද්ධාර්ථ ගෞතම​" කියා යෙදීමෙන් ඔබේ විදග්ධ බව නිරූපනය වන අතර​, සාමාන්යය හාමුදුරුවරු හැඳින්වීමේදී "කහ සිවුරු තට්ටයන්" ලෙස හැඳින්වීමෙන් ඔබේ අදීන බව නිරූපනය වේ.

    13. පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම මිහිපිට ඇති දරුණුම සත්ව හිංසනයයි. එහෙත් සත්ව හිංසනය නිසා මස් කෑමෙන් වැළකී සිටින අයට සමච්චල් කරන්න​.

    14. බුද්ධ පූජා, බෝධි පූජා, පින්කම් වැනි දේ නිර්දයව විවේචනය කරන්න​. ඒ මුදලින් අසරණයන්ට උපකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ දේශනා පවත්වන්න​. හිඟන්නෙක්ට හත් මාසයකින් රුපියල් දෙකක් වත් නොදී තිබීම වෙනම කතාවකි. කෝටි ගණන් වියදම් කර සාද උත්සව ආදිය පැවැත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න​.

    15. තුන් මාසයකට සැරයක් වත් ගංජා ගැසුවොත් එය නොවැරදීම ෆේස්බුක් එකේ දාන්න​. සිගරට් එකක් බිව්වොත් බොකු බඩවැල් එළියට පනින තරම් කැස්ස එන නමුත් ගංජා නීතිගත කිරීම වෙනුවෙන් පෙනී සිටින්න​.

    16. ශ්රී ලංකාවට නිතර ගරහන්න​. ශ්රී ලංකාවේ මිනිස්සු මරි මෝඩ කාලකන්නින් බව නිතර මතුරන්න. පිටරටවල්, විශේෂයෙන් බටහිර රටවල් වර්ණනා කරන්න​. කටුනායක බස් එකකවත් නොගිහින් තිබීම ඒ සඳහා නුසුදුසු කමක් නොවන බව සිහි තබා ගන්න​.

    :yes::yes::yes::yes::yes:

    :D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: BINGU_PUTHA