ස්ලිට් වංචාව

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ

    සීමිත සමාගමක් වෙත කූට ලෙස පවරා ඇති නිසා SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ

    හර්ෂනී අර්සකුලරත්න/By Mawbima 2018-09-03

    මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය.

    මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්‍ෂිතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාරඅරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය ගත් තනි තීන්දුවක් අනුව ක්‍රියාත්මක වී ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

    මේ හේතුවෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 7000කගේ පමණ වගකීම භාර ගැනීමට වගකිව යුතු බලධාරියකු නොමැති වී ඇතැයිද ඔහු පැවැසුවේය.
    මේ පැවැරීම පිළිබඳ තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතියක් රහිතව මේ පැවැරීම සිදු කර ඇති බව යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

    මේ පැවැරීමත් සමඟම එම සීමිත සමාගමේ අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු නම් සිය වැටුප් වැඩි කරගෙන ඇතැයිද ඔහු පැවැසුවේය.

    සීමිත වගකීම් සහිත අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පැවැරීම අවලංගු කරන ලෙස මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට තමාකැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද එම ආයතනයට රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙස එහි යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

    ඒ යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පවත්වා ගෙන යෑමටත් එහි කළමනාකාරීත්වය සමඟ එක්වී කටයුතු කරගෙන යෑමේ බලය භාරකාර මණ්ඩලයට පැවැරීමටත් යෝජනා කර ඇතැයි හෙතෙම පැවැසීය.

    මේ ආයතනයෙන් ලැබෙන ලාභ සියල්ලම මහපොළ ශිෂ්‍යාධාර යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
    ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (31දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

    picture.php
    ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉදිකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (slit) පෞද්ගලික ආයතනයක් බවට පත් කරමින් 2017 වසරේදී යහපාලන ආණ්ඩුව කාලයේ නිකුත් කළ ගැසට් පත්‍රිකාව අවලංගු කර නැවත රජයට පවරා ගැනීමට පියවර ගත යුතු යැයි පොදු ව්‍යාපාර කාරක සභා සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසුවේය.

    මාලඹේ අක්කර 25ක භූමියක ඉදි කර ඇති මෙම ආයතනය පෞද්ගලික ආයතනයක් බවට පවරාදීමට යහපාලන ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් රජයේ ආයතනයක් ලෙස ඉදි කළ එම ආයතනයට එවකට රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    නව වැනි පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා දෙක සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

    1999 වසරේදී මේ ආයතනය පනතක් ලෙස සම්මත කරන තෙක් ලිමිටඩ් ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවට එවකට සිටි අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කළ බවත් ලාබ නොලබන රජයේ ආයතනයක් විදියට මෙම ආයතනය නම් කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෙළඳ අමාත්‍යාංශය, බී.ඕ.අයි. ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන ගණනාවක නිලධාරීන් මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ බවත් හෙතෙම පැවසුවේය.

    සිස්ටමික් ඔපරේෂන් එකක් විදියට රාජ්‍ය සතු සම්පත් රජයෙන් ඉවත් කිරීමට ගත් හොඳම උදාහරණයක් ලෙස මෙම සිදුවීම් පෙන්වාදිය හැකි බවත් මෙවැනි දේ ඉදිරියේදී සිදු නොවීමට රජය වග බලා ගත යුතු බවත් ඔහු කීය.

    ඒ සඳහා මෙම කෝප් කමිටු වාර්තාව යොදා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.
    https://archives1.dinamina.lk/2021/10/23/දේශපාලන/133136/sliit-ආයතනය-යළි-රජයට-පවරා-ගත-යුතුයි
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    Sliit එකත් කන්න යන්නෙ මුන් ,බලපන් මුන් අපේ බදු සල්ලි වලින් කරන තෙරුමක් නැති වැඩ.
     
    • Like
    Reactions: Asmodeus

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    SLIIT ekata shot eka denna hadanneeeeeeeeeeeeeeeeeeeee :D
    ara wapara dial ekata sinhalen hari english nam familiar, english walin katha karanna kiyapan, depriciate// gaga inne camrya
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,184
    113
    Kaer Morhen
    thewitcher.com
    99 ඉඳන් 2017 වෙනකං ෆී වැඩි උනා විදිහයි, 2017 ඉඳන් අද වෙනක්න ෆි වැඩි උනා විදිහායි බලද්දී පොඩි ඇත්තක් තියේ.

    අපි 2018දී ලක්ෂ 11 ට කරපු degree එක කරන්න අද ලක්ෂ 24ක් වගේ යනවා.

    ඕකුන් පුදුම ගැරිල්ලක් ගරන්නේ. හොඳ සෙට් එකක් out වෙන හින්දා නම තියනවා.
     
    • Like
    Reactions: batwise

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    කොහෙවත් තියෙන video එකක් මේකේ අලවන්නේ නැතුව summarize කරල දාපන් කො බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,274
    74,697
    113
    99 ඉඳන් 2017 වෙනකං ෆී වැඩි උනා විදිහයි, 2017 ඉඳන් අද වෙනක්න ෆි වැඩි උනා විදිහායි බලද්දී පොඩි ඇත්තක් තියේ.

    අපි 2018දී ලක්ෂ 11 ට කරපු degree එක කරන්න අද ලක්ෂ 24ක් වගේ යනවා.

    ඕකුන් පුදුම ගැරිල්ලක් ගරන්නේ. හොඳ සෙට් එකක් out වෙන හින්දා නම තියනවා.
    ලංකාවෙ හැම දේම ගනන් යනකොට ඕවා ගනන් යන එක අහන්න දෙයක් නෑනේ. අපි 2012 මුලින්ම ජොබකට ගියේ 50ට දැන් ජොයින් වෙන උන්ටම ලක්ශ 250ක් ගෙවනවා. දැන් ඔතන උගනන්න එන්නෙ ජෙප්පොද නිකන් උගන්නන්න? quality ප්‍රශ්න් තියෙනවානම් ඒවා බලන්න ඕන UGC එකෙන්.

    නිකන් හත්පොලේ ගාගත්තුවා වහගන්න ශෝ දාන පොන්නයෝ ටිකක් මුන්. මම දන්න විදියට ලංකාවෙ pvt වලින් රෙදි ඇඳන් වැඩක් කරන්න පුලුවන් උන් එන්නෙ SLIIT එකෙන්. ඒකත් කන්න තමා මුන් වගේ කාලකන්නි වෙසිගෙ පුතාල හදන්නෙ.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    ow bn ,sliit pihiten hoda job karan kala bila athl innwa api nm ape batch 80% hoda than wala ,eke ta ma gihin wadak nokara salli kaka idala fail weccha un hithe dukata kiyana katha :yes:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,184
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාවෙ හැම දේම ගනන් යනකොට ඕවා ගනන් යන එක අහන්න දෙයක් නෑනේ. අපි 2012 මුලින්ම ජොබකට ගියේ 50ට දැන් ජොයින් වෙන උන්ටම ලක්ශ 250ක් ගෙවනවා. දැන් ඔතන උගනන්න එන්නෙ ජෙප්පොද නිකන් උගන්නන්න? quality ප්‍රශ්න් තියෙනවානම් ඒවා බලන්න ඕන UGC එකෙන්.

    නිකන් හත්පොලේ ගාගත්තුවා වහගන්න ශෝ දාන පොන්නයෝ ටිකක් මුන්. මම දන්න විදියට ලංකාවෙ pvt වලින් රෙදි ඇඳන් වැඩක් කරන්න පුලුවන් උන් එන්නෙ SLIIT එකෙන්. ඒකත් කන්න තමා මුන් වගේ කාලකන්නි වෙසිගෙ පුතාල හදන්නෙ.
    ඔව් ඒක හරි, මන් කියන්නේ සාධාරණ ගානකට වැඩි උන ඒක ඔය කියන කලෙන් පස්සේ ලොකු ගණන් වලින් වැඩි උනා. කලින් අලුත් intake එකෙන් එකට 10 20 වගේ වැඩි උනේ. දැන් 50 - ලක්ෂෙකින් අතර ගානකින් විතර වැඩි වෙනවා.

    මේවා pvt කරන්න නන් ඕනේ නෑ, ජේප්පොයි පෙරෙට්ටොයි පැනලා විනාශ කරලා දායි එහෙම උනොත් කුහකයෝ නේ.

    නියාමනය කරන ඒක හොදයි.

    ow bn ,sliit pihiten hoda job karan kala bila athl innwa api nm ape batch 80% hoda than wala ,eke ta ma gihin wadak nokara salli kaka idala fail weccha un hithe dukata kiyana katha :yes:
    IT විනෝද සමය ඉවරයි 2022 23 වෙද්දී. ඉස්සර නන් කිසි අවුලක් නෑ. දැන් ජොබ් එහෙමත් වැඩිය නෑ. අනික උපාධි කඩ වැහි වැහැලා. Intern හොයාගන්න බැරුව ඉන්නවා ගොඩක්. වැඩ කරන අයට නන් කොහෙත් එකයි.
    ------ Post added on Jul 10, 2025 at 11:59 AM
     
    • Like
    Reactions: tharakaf

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    Sliit එකත් කන්න යන්නෙ මුන් ,බලපන් මුන් අපේ බදු සල්ලි වලින් කරන තෙරුමක් නැති වැඩ.
    යකෝ මහජන බදු මුදලින් රජයේ ඉඩමක හදපු එක ප්‍රයිවට් කාරයෙක් සන්පූර්නයෙන් උගේ කරන් මිනිස්සුන්ගේ සල්ලි කෝටිගනන් හූරා කනවා

    99 ඉඳන් 2017 වෙනකං ෆී වැඩි උනා විදිහයි, 2017 ඉඳන් අද වෙනක්න ෆි වැඩි උනා විදිහායි බලද්දී පොඩි ඇත්තක් තියේ.

    අපි 2018දී ලක්ෂ 11 ට කරපු degree එක කරන්න අද ලක්ෂ 24ක් වගේ යනවා.

    ඕකුන් පුදුම ගැරිල්ලක් ගරන්නේ. හොඳ සෙට් එකක් out වෙන හින්දා නම තියනවා.
    ඔව් ඒ උනාට රජයේ සල්ලි රජයේ ඉඩමක හදලා තියෙන්නේ
    ------ Post added on Jul 10, 2025 at 1:26 PM

    Bamp
    ------ Post added on Jul 10, 2025 at 3:22 PM