ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

    එ් සිදුවීමට පෙර අප ගත කළේ දාන ශාලාවේ ය. මමත් අනන්තත්, ස්වාමීන් වහන්සේලාට දානය පූජා කොට දාන ශාලාවේ සුළු වත් පිළිවෙත් කිහිපයක් සිදු කළෙමු. ඉන්පසු උදෑසන ආහාරයත් භුක්ති විඳ දහම් කරුණක් පිළිබඳව කතා කරමින් ගිලන්පස ශාලාව වෙත පැමිණෙමින් සිටියෙමු. ඉතා දුර බැහැර සිට පැමිණි තරුණයෙක් අප වෙතට පැමිණියේ ගිලන්පස ශාලාවට තවත් අඩි විස්සක් තිහක් පමණ තිබිය දී ය. ඇස් වට අඳුරු වී කෘෂ වී ගොස් සිටි ඔහු, විඩාබර බවකින් සහ බලවත් අසහනයකින් පෙළෙමින් සිටින බවක් පෙනෙන්නට තිබිණ. කමිස කලිසම් පවා ඉතා අපිළිවෙළින් හැඳ සිටි ඔහු බලවත් අර්බුදයකට මැදි වී සිටින්නෙකු බව මම තේරුම් ගත්තෙමි.
    බියෙන් සැකෙන් යුත් ස්වරයකින් අප ඇමතූ ඔහු එ් මොහොතේ ගළපා ගත් වචන කිහිපයකින් කතා කළේ ය.
    ‘‘මට හාමුදුරුනමක් හම්බුවෙන්න ඕනා..!”
    ‘ප‍්‍රශ්නයක් වගේ…?” අනන්ත ඔහුට කාරුණික ලෙස ප‍්‍රතිචාර දැක්වුයේ ය.
    ‘‘ඔව්. මට හාමුුදුරුනමක් හම්බුවෙලා කතා කරන්න පුළුවන් ද?”
    ‘‘එන්න අපි එක්ක…” යැයි පැවසූ අනන්ත ගිලන්පස ශාලාවේ ආලින්දය වෙතට ඔහුව රැුගෙන ගියේ ය. එහි වූ බංකුවක් පෙන්වීමෙන් පසු, ඔහු කැමැත්තෙන් ම එහි අසුන් ගත්තේ ය. නමුත් එක ඉරියව්වේ සිටීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. දණිස් දෙක වමටත් දකුණටත් හරවමින් විටින් විට වට පිට බලන්නටත්, ජංගම දුරකථනය දෙස බලන්නටත් වූයේ ය. සාමාන්‍ය මානසික ස්වභාවයක් පෙනෙන්නට නො තිබුණු මේ පුද්ගලයා අසපුව සොයා පැමිණීමත් පුදුමයකි. ඇතැම් විට එය ඔහුගේ වාසනාව විය හැකි ය.
    ගැටලූව විසඳන්නට භාර වූයේ උදෑසන දුරකථන සංවාදයේ යෙදුණු ස්වාමීන් වහන්සේට අවවාද කළ වැඩිහිටි ස්වාමීන් වහන්සේට යි. උන් වහන්සේ ආලින්දයට පැමිණ, එහි වූ වේවැල් පුටුව මත තැන්පත් වූහ.
    ‘‘ඔව් පුතා. මොකක්ද ප‍්‍රශ්නෙ…” පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා යුග වන්දනා කොට බිමින් හිඳගත් තරුණයා දෙස බලමින් උන් වහන්සේ විමසූහ. පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයෙන් අපි ද ඊට පසෙකින් හිඳගත්තෙමු.
    ‘‘මට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා අපේ හාමුදුරුවනේ…”
    ‘‘ඔව්. මට කියන්න. මට උපකාර කළ හැකි දෙයක් නම්, මම පුතාට උදව් කරන්නම්.”
    ‘‘මට මේක නවත්තන්න බෑ අපේ හාමුදුරුවනේ. දැන් අවුරුද්දකටත් වැඩියි. දවසට දහ පහළොස් වතාවක්වත් මේ වරද මගේ අතින් සිදු වෙනවා… නින්දෙදිවත් මට නිදහසක් නෑ අපේ හාමුදුරුවනේ… එ් නිසා සති ගාණකින් මට හරිහමං නින්දක් නෑ හාමුදුරුවනේ…”
    ‘‘ඇබ්බැහිවීමක්…! කුඩු ගහනව ද… ගංජා උරනව ද?”
    ‘‘නෑ හාමුදුරුවනේ. මම අරක්කු සිගරට් කටේ තියන්නෙ නෑ. කුඩු නම් දැකලවත් නෑ. අපේ තාත්තා කච්චේරියේ. අම්මා ගුරුවරියක්. පවුලෙ ඉන්නෙ මං විතරයි. අපේ පවුලෙ කිසි වරදක් නෑ. මාව පොඩි කාලෙ ඉඳන් හොඳට පරිස්සම් කරල හදා ගත්තෙ. ඉස්කෝලෙ ගියෙත් වෑන් එකේ. පුළුවන් විදියට ඉගෙනත් ගත්තා. එ්ත් එ් ලෙවල් දෙපාරක් ම කරල කැම්පස් යන්න බැරි වුණා. දැන් කොම්පියුටර් පන්ති යනවා. පන්තිය ළඟ තිබුණු ටැටූ ෂොප් එකකින් තමයි මේකත් ඇඳගත්තෙ. මේ ඉන්නෙ සර්පයෙක්. එතන ඉන්න කෙනා මෙක්සිකෝවෙ හිටපු කෙනෙක්. එතනට මෙක්සිකෝවෙන් එන චිත‍්‍රපටිත් එනවා. හෝල්වල පෙන්වන එ්ව නම් නෙවෙයි. එ්ව හෝ්ටල්වල පෙන්වන්න තහනම් හාමුදුරුවනේ. එයා මට එ් රටේ තිබ්බ එක එක ලස්සන සිහිවටනත් දුන්නා. ඔය කාලෙ තමයි මේක පටන් ගත්තෙ. දැන් මට මාව ම පාලනය කර ගන්න බෑ අපේ හාමුදුරුවනේ. අනේ මාව බේරගන්න…”
    තරුණයා කඳුළු සලමින් හඬන්නට විය. ඔහුගේ අත් දෙක වෙව්ලයි. හඬන අතරේ වටපිටත් බලයි. නැවත යමක් මුමුණන්නට තතනයි. නමුත් ඔහුට එකඟ වූ සිතක් නැත. ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම වික්ෂිප්ත වී ඇති සෙයකි.
    ‘‘මොකද්ද නවත්ත ගන්න බැරි… මට පැහැදිලිව කියන්න.”
    ‘‘මම ස්වයංවින්දනයේ යෙදෙනවා අපේ හාමුදුරුවනේ. මට එ්ක නවත්ත ගන්න බෑ. දවසට දහ පාළොස් වතාවක්. මට මාව ම පාලනය කර ගන්න බෑ හාමුදුරුවනේ. මට ටවුමෙදිත් මාව ම පාලනය කර ගන්න බෑ. මිනිස්සු ඉන්නව කියලවත් ගාණක් නෑ. අනේ මාව බේරගන්න…” ඔහු නැවත ඉකි ගසමින් හඬයි. මෙවන් තරුණයන් කොතෙකුත් සමාජයේ ඇත්ද! ඉන් බොහොමයක් මානසික රෝගීන් බවට පත් වී මිය යති. ඉතා සුළු පිරිසක් තථාගත ශ‍්‍රී සද්ධර්මය සොයා එති. ජීවිත කතාවේ වාසනාව අවාසනාව තීරණය වන්නේ පින පව මත ම බව තේරුම් ගන්නට මෙවන් උදාහරණ ඕනවටත් වැඩි ය. මේ තරුණයාට ගැලවීමක් තිබේ ද? තවමත් සිතාගත නො හැකි ය.
    ‘‘පුතාගේ ස්වභාවය අසාමාන්‍යයි. මට හිතෙන්නෙ පුතාට තියෙන්නෙ වෙන ප‍්‍රශ්නයක්. එන්න පොඞ්ඩක් ළඟට..”
    පින්වත් ස්වාමීන් වහන්සේ තමන් අසලට කිට්ටු වූ තරුණයාගේ හිසට අත තබා ආරක්ෂක පිරිතක් මුමුණන්නට පටන් ගත්තේය. ගතවූයේ සුළු මොහොතකි. ඔහුගේ හිස ගැස්සී විසි විය. කොපමණ වේගයෙන් විසි වී ද යත් ඔහු හතර ගාතයෙන් බිම ඇද වැටුණි. දැන් ඔහු බිම දිගා වී සිටියි. ඔහුට නැගිටීමට උවුවමනාවක් නැති සෙයකි. අප දෙදෙනා ඔහුට ළං වී ඔහුගේ සිරුර කෙළින් කරවීමට උත්සාහ කළත්, පින්වත් ස්වාමීන් වහන්සේ ඔහුට අත නො තබන්නැයි සංඥා කළහ. එනිසා අපට ඉතිරි වූයේ සිදුවීම තවදුරටත් බලා සිටීම ම පමණි.
    ‘‘කවුද ඔය…? කතා කරන්න…. කවුද ඔය ඇෙඟ් ඉන්නෙ…” ස්වාමින් වහන්සේ මඳක් උස් ස්වරයකින් විමසා සිටියෙන් ඔහු බිම දිගා වී සිටින්නේ භූත බලවේගයක් නිසා බව මම තේරුම් ගත්තෙමි. දැන් කතාව හාත්පසින් ම වෙනස් දිශාවකට හැරී ඇත. වෙවුලන ස්වරයකින්, වෙනත් අයෙකු තරුණයාගේ මුවින් වචන පිට කරනු ඇසෙන්නට විය. එ් වචනවලට ස්වාමීන් වහන්සේ නො බිය ව ප‍්‍රතිචාර දැක්වූහ.
    ‘‘කෝ.. කතා කරන්න නේ ද කිව්වේ…!”
    ‘‘මම… මම…”
    ‘‘ඔව් කවුද ඔය…?”
    ‘‘මම කාම පේ‍්‍රතයෙක් බුද්ධ පුත‍්‍ර….” මගේ ඇඟ කිළිපොලා ගියේ ය. එවන් පේ‍්‍රත විශේෂයක් මා මින් පෙර අසා නො තිබුණි.
    ‘‘කාම පේ‍්‍රත…! හොඳයි. මොනව ද ඔය ළමයගෙ ඇඟට වෙලා කරන්නෙ?”
    ‘‘මට මූ නැත්තං බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. යන්න නම් කියන්න එපා. මූ මගේ…!”
    ‘‘ආහ්… අසූචි මළ මූත‍්‍ර කාල ද ජීවත් වෙන්නෙ…? ඉතිං වැසිකිළි වළක් හොයාගන්න බැරි ද? ඇයි මේ ඇඟට ම ආවේ?”
    ‘‘මට එ්ව කන්න බෑ. එ්ව මගෙ කෑම නෙවෙයි.”
    ‘‘එ්ව කන්න බෑ…? එහෙනං මොනව ද කන්න පුළුවන්?”
    ‘‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.
    ‘‘ආහ්..! මට තේරුණා. මේ ස්වයංවින්දනයේ දී පිටවෙන දේවල් කන එකෙක්නේ. මම ඇහුවමයි මෙහෙම පේ‍්‍රත කොට්ඨාසයක් ගැන…”
    ‘‘හහ්හා… මම වගේ තව දාස් ගාණක් ඉන්නව… බුද්ධ පුත‍්‍ර දන්නෙ නැති වුණාට…”
    ‘‘දාස් ගාණක්…? අපි අතරේ…?”
    ‘‘ඔව්. පේ‍්‍රතයෝ පේ‍්‍රතියෝ දාස් ගාණක් ඉන්නවා. අපිට කන්න අතට අහුවෙන්නෙ මේව විතරයි. අසූචිවත් මූත‍්‍රවත් ලේවත් ඇල්ලූවට ඇල්ලෙන්නෙ නෑ. ඇඟිලි අතරෙන් නිකන් ම ලිස්සල යනවා. කටට දාගන්නවත් බෑ. හැබැයි මේව නම් යහමිං කන්න පුළුවන්. මේකගෙන් මම පුළුවන් තරම් කනව. මූ මැරුණ ම වෙන එකෙක් ළඟට යනවා. මේ මම අල්ල ගත්ත හත්වෙනි කොල්ලා. අනිත් උන් දෙන්නෙක් මැරිල අපි අතරෙ ම ඉපදුණා. අනිත් උන් ලෙඩ වුණා. උන්ව පාවිච්චි කරන්න බැරි නිසා මූ ළඟට ආවා.”
    ‘‘මොකද්ද ඔහෙගෙ නම?”
    ‘‘නම…? අපිට නම් මොකට ද? අපි කතා කර කර ඉන්නෙ නෑ. මොකෙක් හරි අල්ලගෙන බඩ ගින්න නිවාගන්න තමයි අපි හදන්නෙ…”
    ‘‘කලින් ජීවිතේ කොහෙද හිටියෙ…? මතකයක් එහෙම තියෙනව ද?”
    ‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ.
    ‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත‍්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…”
    ‘‘පින් ගන්න පුළුවන් ද?”
    ‘‘පින් ගන්න බෑ බුද්ධ පුත‍්‍ර. මං බුද්ධ පුත‍්‍රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.”
    ‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?”
    ‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත‍්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.”
    ‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?”
    ‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත‍්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත‍්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….”
    පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ‍්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි.
    ‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?”
    ‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප‍්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…”
    ‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?”
    ‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.”
    ‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප‍්‍රකාශ කළහ.
    අනතුරු ව උන් වහන්සේ විසින්, සංඝාවාසයෙන් රැගෙන ආ පිරිත් පැන් ස්වල්පයක් ඉස පිරිත් නූලක් ගැටගසා තරුණයාගේ හිස මතින් අත තබා ආටානාටිය ආරක්ෂක පිරිත සජ්ඣායනා කරන ලදී. බොහෝ වේලාවක් පිරිත් සජ්ඣායනා කොට ඔහුට ආශීර්වාද කොට සිහි කල්පනාව ඉපදුණු පසු පංචසීලයේ පිහිටවූහ. මුලින් පැමිණි ස්වරූපයට වඩා බොහෝ සන්සුන් ස්වරූපයකින් හිඳගෙන සිටි ඔහු දැන් මඳ අස්වැසිල්ලකින් කතා කරනු පෙනෙන්නට විය.
    ‘‘පුතා හැකි ඉක්මනින්, රුවන්වැලි සෑය ළඟ සතියක් අටසිල් සමාදන් වෙන්න. එ් සතිය එතන ම නැවතිලා බණ අහන්න. පොත් කියවන්න. සෑය වඳින්න. පිරිත් කියන්න. සතිය අවසන් වුණා ම සෑය ළඟ මේ පිරිත කියන්න. මේකට කියන්නේ ආටානාටිය පිරිත. මම මේ පිරිත තියෙන පිරිත් පොතක් දෙන්නම් පුතාට. ආටානාටිය කියලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ භාර කරන්න. බුදුන්ට කැප කළ ජීවිතයක් වෙන කාටවත් හොරා ගන්න බෑ. මතක තියාගන්න ඕන. රුවන්වැලි සෑයෙන් පිටට යන්න බෑ. සතියක් සෑ මළුවේ වත් පිළිවෙත් කරා ම පුතාට ගැලවෙන්න අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේකෙන් ගැලවෙන්න බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරු සත්කාර කරල පින් රැස් කර ගන්න ඕන. එක දිගට අවම වශයෙන් සතියක්වත්. තේරුණා ද?”
    ‘‘එහෙමයි අපේ හාමුදුරුවනේ…”
    ‘‘එහෙනම්, දැන් ම යන්න හදිස්සි වෙන්න ඕන නෑ. ටිකක් ඉඳලා දවල්ටත් කාලා ධර්ම ශාලාවෙ නිදාගන්න. දැන් නින්ද යන්නෙත් නෑ කිව්වනෙ. නිදාගෙන හවස් වෙලා යන්න. එතකොට තවත් හිත සන්සුන්.”
    ‘‘ගොඩක් පින් මගෙ හාමුදුරුවනේ…” ස්වාමීන් වහන්සේගේ දෙපා අල්ලා වන්දනා කළ තරුණයා උන් වහන්සේගෙන් අවසර ගෙන ධාතු මන්දිරය දෙසට පියමැන්නේ ය..

    https://mahamegha.lk/2015/09/06/kasawatha-14-2/


    අපි වටේත් මෙහෙම ප්‍රේතයෝ ඉන්නවාද ඇති නේද බන්? :sorry::sorry::sorry:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම හොඳ බෞද්ධයෙක්, නමුත් ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. ලියන අය ගොඩක් රස්සාවට ලියන්නේ, ඉතින් අතිනුත් දාලා ලියනවා. අනික ඔය වගේ කතා නොකිය ඉන්න තරමට හොඳයි, මොකද මිනිස්සු බුද්ධාගම මහා පිස්සුවක් කියලා හිතනවා.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මම හොඳ බෞද්ධයෙක්, නමුත් ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. ලියන අය ගොඩක් රස්සාවට ලියන්නේ, ඉතින් අතිනුත් දාලා ලියනවා. අනික ඔය වගේ කතා නොකිය ඉන්න තරමට හොඳයි, මොකද මිනිස්සු බුද්ධාගම මහා පිස්සුවක් කියලා හිතනවා.

    :yes::yes::yes:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම හොඳ බෞද්ධයෙක්, නමුත් ඕවයේ තාර බර ඇරලා ගන්න ඕනේ. ලියන අය ගොඩක් රස්සාවට ලියන්නේ, ඉතින් අතිනුත් දාලා ලියනවා. අනික ඔය වගේ කතා නොකිය ඉන්න තරමට හොඳයි, මොකද මිනිස්සු බුද්ධාගම මහා පිස්සුවක් කියලා හිතනවා.

    හා. එහෙනම් උඹ තාර බර ඇරල කතාව අපිට කියපන්කො.. එහෙම කරොත් නම් ටිකක් සලකල බලන්නම්...

    මේ කතාව බොහෝ විට ඇත්ත. 100% ක් ම වගේ.

    නොගැලපෙන තැන් නෑ.. තියනවනම් මට පෙන්නපන්..:yes:
     

    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    හා. එහෙනම් උඹ තාර බර ඇරල කතාව අපිට කියපන්කො.. එහෙම කරොත් නම් ටිකක් සලකල බලන්නම්...

    මේ කතාව බොහෝ විට ඇත්ත. 100% ක් ම වගේ.

    නොගැලපෙන තැන් නෑ.. තියනවනම් මට පෙන්නපන්..:yes:

    මොනාද ඔයි මේ ගොන් ආතල් :lol::lol: නබියාගේ කතාවක් වගේ උත්තෝ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම බැලුවොත් හැම මානසික රෝගියෙක්ම පෙරේතයෙක් වැහිච්ච කෙනෙක් වෙන්න ඇතිනෙ :baffled:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මොනාද ඔයි මේ ගොන් ආතල් :lol::lol: නබියාගේ කතාවක් වගේ උත්තෝ.

    ඔහොම බැලුවොත් හැම මානසික රෝගියෙක්ම පෙරේතයෙක් වැහිච්ච කෙනෙක් වෙන්න ඇතිනෙ :baffled:

    හරි මම explain කරන්නම්,

    අතේ ගහල ආතල් ගන්නව කියන්නෙ, අනිත් මිනිස්සුන්ගෙ අපිරිසිදු තැන්, අපිරිසිදු ශ්‍රාවයන් දිහා ආසාවෙන් බලල ඒක ආශ්වාදය කරන එක. අනිත් අයට හිරිහැරයක් කරන්නෙ නෑ.

    ඒ නිසා උන් ඉපදෙන්නෙ පෙරේතෙයො වෙලා, මොකද උන්ට ආසයි අර වගේ අපිරිසිදු දේවල් වලට. අනික බලපන් ඒ පෙරේතය පෙරෙතයෙක් වෙලත් උගෙ තිබ්බ නපුරු ගතිගුණ අඩු වෙලා නෑනෙ. අර කොල්ල මැරුනත් කමක් නෑ වගේනෙ උගෙ කතාව. ඒ කාරනයත් හොඳටම ගැලපෙනව.:yes:
     

    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    මිනිස්සු මෙච්චර කාලයක් පැවතුනේ ශුක්‍රානු සහ ඩිම්බ එකතු උන නිසා තමයි. බුද්ධාගම ගාවගෙන ගොන් පොස්ට් දාන්න එපා බං. කැ* කාලා තියෙන්නේ උබ මට පෙන්නේ, පෙරේතයා නෙමේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේව බොරු. සුවර් එකට මේක ලියපු එකා නම් අතේ ගහල කැරි කන එකෙක් කියල නම් විස්වාසයි.:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි මම explain කරන්නම්,

    අතේ ගහල ආතල් ගන්නව කියන්නෙ, අනිත් මිනිස්සුන්ගෙ අපිරිසිදු තැන්, අපිරිසිදු ශ්‍රාවයන් දිහා ආසාවෙන් බලල ඒක ආශ්වාදය කරන එක. අනිත් අයට හිරිහැරයක් කරන්නෙ නෑ.

    ඒ නිසා උන් ඉපදෙන්නෙ පෙරේතෙයො වෙලා, මොකද උන්ට ආසයි අර වගේ අපිරිසිදු දේවල් වලට. අනික බලපන් ඒ පෙරේතය පෙරෙතයෙක් වෙලත් උගෙ තිබ්බ නපුරු ගතිගුණ අඩු වෙලා නෑනෙ. අර කොල්ල මැරුනත් කමක් නෑ වගේනෙ උගෙ කතාව. ඒ කාරනයත් හොඳටම ගැලපෙනව.:yes:
    එහෙම බැලුවොත් වාහන වලට ආස උන් වාහන වල දුම් බටේ, සල්ලි වලට ආස උන් බැංකු සේප්පු වල, චිත්‍රපටි වලට ආස උන් ෆිල්ම් හෝල් වල පෙරේතයෝ වලේ ඉපදෙනවා ඇති නෙ :baffled:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේ අාටිකල් එකට මීට කලිනුත් මරාගත්ත, මේක ලියපු එකාට රෙදි ගලවල ගහන්න ඕන, මිනිස්සු අභිධර්මෙන් අෑත්වෙන එකේ වැරැද්ද තමයි මේ
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හරි මම explain කරන්නම්,

    අතේ ගහල ආතල් ගන්නව කියන්නෙ, අනිත් මිනිස්සුන්ගෙ අපිරිසිදු තැන්, අපිරිසිදු ශ්‍රාවයන් දිහා ආසාවෙන් බලල ඒක ආශ්වාදය කරන එක. අනිත් අයට හිරිහැරයක් කරන්නෙ නෑ.

    ඒ නිසා උන් ඉපදෙන්නෙ පෙරේතෙයො වෙලා, මොකද උන්ට ආසයි අර වගේ අපිරිසිදු දේවල් වලට. අනික බලපන් ඒ පෙරේතය පෙරෙතයෙක් වෙලත් උගෙ තිබ්බ නපුරු ගතිගුණ අඩු වෙලා නෑනෙ. අර කොල්ල මැරුනත් කමක් නෑ වගේනෙ උගෙ කතාව. ඒ කාරනයත් හොඳටම ගැලපෙනව.:yes:

    So uba kiyanne athe gahana ewun perethayo wenawa kiyalada? :sorry::shocked::lol::lol::lol:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම බැලුවොත් වාහන වලට ආස උන් වාහන වල දුම් බටේ, සල්ලි වලට ආස උන් බැංකු සේප්පු වල, චිත්‍රපටි වලට ආස උන් ෆිල්ම් හෝල් වල පෙරේතයෝ වලේ ඉපදෙනවා ඇති නෙ :baffled:

    උපාදානය කරගත්ත තැන භවය අැති වෙනව, අාසාව කියන්නෙ බන් අසාමාන්‍යවිදියට තියෙන අාසාව, මැරෙන වෙලාවට මතක් වෙන්නෙ ඒවගේ දේවල්, එතකොට ඒතැන උපදිනව,
     
    Sep 4, 2015
    3,212
    269
    0
    එහෙම බැලුවොත් වාහන වලට ආස උන් වාහන වල දුම් බටේ, සල්ලි වලට ආස උන් බැංකු සේප්පු වල, චිත්‍රපටි වලට ආස උන් ෆිල්ම් හෝල් වල පෙරේතයෝ වලේ ඉපදෙනවා ඇති නෙ :baffled:

    කටුස්සා අපි නොහිතන කෝණයකින් හිතල tackle කරනවා. පට්ට.:cool: