


මමනං හිතන්නෑ බං පවක් කියලා..කාටවත් හානියක් නෑනේ මේකෙන් ඉතිං..ගැහුවා කියලා ගහන එකා වඳ වෙන්නේත් නෑනේ..මමනං මේ කතාව දැක්කේ දැනට අවුරුදු 2කට වගේ කලින්..පත්තරේක තිවුනේ..ඒ කාලෙනං බයටම ගැහුවේ නෑ සති 2ක් විතර..පස්සේනං ඉවසන් ඉන්න බැරි වෙලා ආයේ පටන් ගත්තා..
මේ කතාව ලියපු ඔරිජිනල් එකා හොයලා බලන්න බැරිද? ඌ හම්බයෙක් වෙන්නත් බැරි නෑ. අතේ නොගහන එකෙක් විතරක් මේකට කොමෙන්ට් දාපල්ලා බලන්න.. එකක් වත් දාන්න වෙන්නෙ නෑ. මෙලෝ සිහියක් නැතිව අතේම ගහන එක පෙරේත බැල්මක් නෙවෙයි බං, මානසික රෝගයක්.. අර ගෑනුන්ගෙ ජංගි උස්සන එක වගේ. බෙහෙත් ගන්න ඕන. හැම එකටම පෙරේතයෝ ගාවන එක තමයි අපේ එවුන් කරන්නේ.
සංගයා වහන්සේලාට කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන්න තියනවා. එක ගිහියන්ට නැහැ. සංගයා වහන්සේලාට කාමයේ හැසිරීම අකැපයි. එහෙම වෙන්නේ සංගයා වහන්සේලා හදන්නේ ආශාව අත් හරින්න නිසා. එත් ගිහියන්ට එහෙම අකැප නැහැ.
එක හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් ගිහිල්ල ටැප් එකට කට තියල වතුර බොන්නේ නැහැනේ. එහෙම උනා කියල ළමයි ටැප් එකට කට තියල බොන්න එපා නීතියක් නැනේ
ඔව්වා අහල බය වෙන්න එපා. ස්වයං වින්දනය කියන්නේ සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එක කළා කියල උඹල පෙරේතයෝ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් 90% වඩා පෙරේතයෝ වෙන්න ඕනේ.
ස්වයන්වින්දනය හොඳ නැත්නම් sex කරන්නත් හොඳ නැහැ. ඔය මොකෙක් හරි එකෙක් මිනිස්සු බය කරන්න ලියපු එකක්.

good post in a wrong place!
“සිහිනයෙන් සිදු වන ශුක්‍ර මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍රධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.” http://pitaka.lk/books/rc/ Upasampada_Sheelaya.htm#_ Toc493968549 “ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (පළමුපැණවීමයි.) “සිහින විනා ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (දෙවනපැණවීමයි.) ... (සිතාමතා ශුක්‍ර මෝචනය - "intentional (sañcetanikā) emission of semen”) 3.1. සුක්කවිසට්ඨිශික්ෂාපදය >>> http://www.thripitakaya.org/ tipitakaya/Index/1041?s=23661
ඔය කියල තියෙන්නේ සංගයා වහන්සේලාට අකැප දේවල්
සංඝයාට අකැප දේවල් ගිහියන්ට කැප වෙන්නත් බෑ නේද බන් ? මේ වගේ කාරණයක් ගැන විතරයි මම අදහස් කලේ
සංගයා වහන්සේලාට කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන්න තියනවා. එක ගිහියන්ට නැහැ. සංගයා වහන්සේලාට කාමයේ හැසිරීම අකැපයි. එහෙම වෙන්නේ සංගයා වහන්සේලා හදන්නේ ආශාව අත් හරින්න නිසා. එත් ගිහියන්ට එහෙම අකැප නැහැ.
එක හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් ගිහිල්ල ටැප් එකට කට තියල වතුර බොන්නේ නැහැනේ. එහෙම උනා කියල ළමයි ටැප් එකට කට තියල බොන්න එපා නීතියක් නැනේ
lamayi tap ekata kata nothiyana ekath hoda deyak neda ban ? anith unuth wathura bonna epayi
සිහිනෙන් හැර වෙන ක්‍රම ඔක්කොම අකැපයි නේ 
එහෙම බැලුවොත් වාහන වලට ආස උන් වාහන වල දුම් බටේ, සල්ලි වලට ආස උන් බැංකු සේප්පු වල, චිත්‍රපටි වලට ආස උන් ෆිල්ම් හෝල් වල පෙරේතයෝ වලේ ඉපදෙනවා ඇති නෙ![]()
තමන් ආස තැනක ඉපදෙනවා, එතෙන්ට ආය එනවා කියන එක වෙන්න පුළුවන්. මම මැරිලා බුතයෙක් උනොත් මගේ ගෙදරට මම එන්න ආස වෙන්න පුළුවන් ඒක ස්වාභාවිකයි නෙඔව් ඒවගේ සම්භන්ධයක් තමයි කියවෙන්නෙ,
භව පච්චයා ජාති කියල කියද්දී.
හැබැයි වාහනවලට ආස එවුන් වාහනේ, දුම්බටේට ආසා එවුන් දුම්බටේ නේද වෙන්න ඔනේ.
භව කියන්නේ සලකනු ලබන අවස්ථාවක අපි උපාදාන කරන දෙය සහිත පරිසරයට.බැන්කු, කොත්තුකඩ ඔනේනෑ, හිතමු කෙනෙක් පන්සලට බොහෝ කැමැත්තෙන් ඒකේ ඉන්නවා කියලා.තමන් හැදුව කුටිවලට නිතර සිල්ගන්න දාන මාන දෙන්න එතනට යනවා.කොටින්ම තමුන්ගේ දෙයක් වගේ සලකගෙන දැඩි ඇල්මෙන් ඉන්නවා කියලා.මරනාසන්න මොහෝතේ ඔහුට මේවගේ, එනම් උපාදානයේ, බැදීමේ තියන ආදීනවය දකින්න තරම් හිත දිවුණුනැත්තන් ,ඔය පන්සල කියන භවයේ ජාතිවෙනවා කියල තමයි බුදුදහම ඇසුරින් තේරුම් ගන්න වෙන්නේ.
හැබැයි පන්සලේ ප්‍රේතයෙක් වෙනවද දෙවියෙක් වෙනවද මිනිසෙක් වෙනවද තීරනය වෙන්නේ වෙනත් සාධක මත.
හැබැයි පටිච්ච සමුප්පාදයට අනුව කැමැත්ත නිසා භවය සකස් වෙනවා, භවය නිසා ජාතිය සකස් වෙනවා.
මෙතන මේ වෙන අස්වාභාවික කිසි ගැලපීමක් නැති කතාවක් කියන්නේ
හැබැයි ස්වයන්වින්දනේ කරන කාටවත් එහෙම ආසාවක් නෑනේ තමන්ගේම ඒවා කන්න
ඒක නිකන් වාහනේට ආස එකෙක් බුතයෙක් වෙලා වාහන වල දුම් බටෙන් එන දුම් උරාබොනවා වගේ කතාවක්
වාහනේට ආස වීමයි දුම් බොන්න ආස වීමයි අතරේ කිසි සම්බන්ධයක් නෑ නෙ. ඕක ගිහියන්ටත් අකැපයි නම් කොහොමද බං ළමයි හදන්නෙසිහිනෙන් හැර වෙන ක්‍රම ඔක්කොම අකැපයි නේ
![]()



