එතකොට අපාය හා ස්වර්ගය කියන්නේ සිතිවිලි විතරද
ස්වර්ගය කියලා මම අදහස් කරන්නේ හුඟක් අය හිතන දේ තමයි, ඒවගේම තමයි අපාය ගැනත්, ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.ඔබතුමා අම්බානකට ටපලගෙන , ආයෙත් මගෙ පොස්ට් එක හොදට හෙමින් කියවන්න.
ඔබතුමා ස්වර්ගය කියල අදහස් කරන්නෙ මොකක්ද කියල මට පැහැදිලි කරන්නකෝ මුලින්ම. ඊට පස්සෙ මම විස්තර කරන්නම්
ස්වර්ගය කියලා මම අදහස් කරන්නේ හුඟක් අය හිතන දේ තමයි, ඒවගේම තමයි අපාය ගැනත්, ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.
මට තේරුණේ නැත්තේ සිතිවිල්ලක් කියලා කියපු එක තමයි
ඔය ගොඩක් අය ස්වර්ගය කියල අදහස් කරන්නේ මොකක්ද කියල මම දන්නෙ නෑ. එක හින්දයි මම ඔබතුමාගෙන් ඇහුවෙ මට පැහැදිලි කරල දෙන්න කියලා. මම දන්න තරමට නම් ස්වර්ගය ගැන කතාකරන්නේ ක්‍රිස්තියානි අය. එත් එයාල එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල මම දන්නෙ නැහැ.
සිතිවිලි කියල මම කිව්වේ සමහරු හිතන් ඉන්නවා අපායෙ ගියාම ලෝදිය බොන්න වෙනවා , කටු ගහේ නගින්න වෙනවා , කියත් වලින් අතපය කපනවා වගේ දේවල්.මෙව සම්බන්දයෙන් චිත්‍ර පවා ඇදල තියෙනවා. එවගෙන් ඇත්තටම අදහස් වෙන්නේ පාපකර්මයක් පලදෙනකොට එකට මුහුණ දෙන කෙනාට ඇතිවෙන සිතිවිලි. ඒ මිසක් ඒව ඇත්තටම සිදුවෙන දෙවල් නෙමෙයි.
මේකට හොදම උදාහරණයක් තමයි ව්‍යාපාරයක් සාර්ථක කරගැනීම. මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කරද්දි ගොඩක් මහන්සිවෙන්න ඕනා. කැප කිරීම් කරන්න ඕනා , දුක් විදින්න ඕනා , අපහාස විදින්න ඕනා , රැවටීම් වලට ලක් වෙනවා. මෙව තමයි අපේ සංසාරෙ කරපු පව් පලදෙන කාලේ. ඒ කියන්නේ අපායෙ ගියා වගේ. ඊට පස්සේ ව්‍යාපාරය දිගටම කරගෙන යනකොට සාර්ථක වෙනවා. එතකොට තමයි පින් පලදෙන කාලේ. ඒ කියන්නේ දිව්‍යලෝකෙ ගියා වගේ.
බුදු දහමට අනුව ස්වර්ගය හා අපාය විග්රහ කරන්න පුළුවන්ද කාට හරි![]()



සමුරායි සොල්දාදුවෙක් සෙන් ගුරුවරයකු හමුවට පැමිණියේය.
"ඇත්තටම දිව්‍ය ලෝක සහ අපායවල් කියල තැන් තියෙනවද?" ඔහු ඇසීය.
"ඔබ කවුද?" ගුරුවරයා විමසීය.
"මම සොල්දාදුවෙක්"
"මොනව? සොල්දාදුවෙක්?" ගුරුවරයා ඔහු දෙස අපහාසාත්මක ලෙස බැලීය. "කාටද නුඹව ආරක්ෂකයෙක් වශයෙන් අවශ්‍ය? නුඹව දැක්කමනම් හිතෙන්නෙ හිඟන්නෙක් කියල"
කෝපයට පත් සොල්දාදුවා සිය අසිපතට අත යැවීය.
"හහ්, කඩුවකුත් තියෙනව. අහන්න දෙයක් නැහැ. ඒකෙන් මගෙ බෙල්ල කපන්න බැරි තරමට මොට්ට ඇති"
තරහ ඉවසාගත නුහුණු සොල්දාදුවා අසිපත එළියට ඇද්දේය.
"ඔන්න අපායෙ දොරටුව විවෘත වෙනවා." ගුරුවරයා පැවසීය.
කරුණු අවබෝධ වුණු සොල්දාදුවා ගුරුවරයාට දණ නමා ආචාර කළේය.
"ඔන්න දිව්‍ය ලෝකයෙ දොරටු විවෘත වෙනවා. ගුරුවරයා පැවසීය.

ඒ කියන්නේ තියෙනවා කියන එකද![]()

තියනවා. හැබැයි අපායට යන්නේ අකුසල කර්ම කරපු අය..disbelievers ලා අපායෙ යන්නෙනං නෑ..![]()

යම් කෙනෙක්ට කරන ලද පාපකර්මයන් විපාක දෙනකොට දැනෙන්නෙ අපායෙ ගියා වගේ. එහෙම නැතුව ඔය ලෝදිය පෙවීම , කටු ගහේ නැග්ගවීම වගේ දෙවල් හුදෙක්ම සිතිවිලි පමණයි.

නෑ මචං..හුදෙක් සිතිවිලි නෙමේ. ඒවා සත්‍යයන්. මේ ගැන දේවදූත සූත්‍රයේ සදහන් වෙනවා.
ඒවා වැඩක් නැහැ බං
එතකොට ඉස්ලාම් වල නම් මැවුම් වාදය නේ. අපායයි ස්වර්ගයයි මැවුවේ දෙවියෝ
එතකොට බුදු දහමට අනුව කොහොමද

ඔබතුමා හරි , නමුත් මේ අයට එව සත්‍ය කියල තෙරුම් ගන්න තරම් ශක්තියක් තවම නැහැනේ. ඒනිසා එවා හුදෙක් සිතිවිලි කියල විස්තර කරල දෙන එක වඩා සාර්ථකයි. අපිට අවශ්‍ය තෙරුම් කරවීම මිසක් සත්‍යය අසත්‍ය මොකක්ද කියන එක නෙමෙයි නේ

අනේ මන්දා..හැබැයි එහෙම කියලා බොරු කියන්න බෑනෙ බන්..
ඒවා වැඩක් නැහැ බං
එතකොට ඉස්ලාම් වල නම් මැවුම් වාදය නේ. අපායයි ස්වර්ගයයි මැවුවේ දෙවියෝ
එතකොට බුදු දහමට අනුව කොහොමද
අනේ මන්දා..හැබැයි එහෙම කියලා බොරු කියන්න බෑනෙ බන්..
උයා මාර ෂේප්-නියායක් දාලා ඕෆ්ටොපික් ගියා නේද..![]()