සාගර

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy


    සාගර පත්ලේ සැඟවුණු යුද කඳවුර - ගුවන් යානා 400ක් නැව් 50ක් මුහුදු පත්ලේ

    දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකා ගුවන් හමුදාව බෝම්බ දමා මුහුදු බත් කළ ජපන් නාවුක කදවුරක සුන් බුන් ඡායාරූප ගත කළ ඇමෙරිකා කිමිදුම්කාරියක ඒවා අන්තර්ජාලයට එක්කැර ඇත.

    2F42E8A700000578-3355586-image-a-50_1449824614123.jpg


    2F42E8BA00000578-3355586-image-a-24_1449823461772.jpg


    2F42E8CA00000578-3355586-image-a-39_1449824120658.jpg


    2F42E8D200000578-3355586-image-a-12_1449823108150.jpg


    2F42E8F600000578-3355586-image-a-45_1449824492633.jpg


    2F42E8FA00000578-3355586-image-a-14_1449823205933.jpg


    2F42E88E00000578-3355586-image-a-16_1449823281514.jpg


    2F42E92E00000578-3355586-image-a-32_1449823931277.jpg


    2F42E95A00000578-3355586-image-a-42_1449824194931.jpg


    2F42E99E00000578-3355586-image-a-20_1449823294094.jpg


    2F42E88300000578-3355586-image-a-28_1449823584643.jpg


    2F42E90200000578-3355586-image-a-58_1449824732196.jpg


    2F42E90300000578-3355586-image-a-25_1449823523445.jpg


    2F42E91200000578-3355586-image-a-47_1449824535706.jpg


    2F42E93200000578-3355586-image-a-43_1449824406803.jpg


    2F42E98600000578-3355586-image-a-10_1449822686480.jpg


    2F42E95E00000578-3355586-image-a-40_1449824120761.jpg


    මේ ඡායාරූපවලින් හෙළි වන්නේ දෙවැනි ලෝක යුද්ධයේ සිට මේ දක්වාම මුහුදු පත්ලේ නොකැළැල්ව පැවති ටොන් 191,000ක නාවුක යුද කදවුරකි. පැසිෆික් සාගරයේ පැපුවා නිව්ගිනියාව ආසන්නේය පිලිපීන් දූපත් සමූහයේ පිහිටි කොරල්පරවලින් වටවූ අභ්‍යන්තර කලපුවක් සහිත චූක් දිවයින වර්තමානයේ මයික්‍රොසීනියාවට අයත් ස්වාධීන රාජ්‍යයකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය මේ දූපතේ පවත්වාගෙන ගිය නාවුක කදවුර ඇමෙරිකා ගුවන් හමුදාව විසින් 1944 පෙබරවාරි 17 දා බෝම්බ දමා විනාශ කරන ලදී. ඇමෙරිකා හමුදාවේ 58 වැනි කාර්ය බලකාය මේ ප්‍ර‍හාරය එල්ල කළේය.

    එම ප්‍ර‍හාරයට ඇමෙරිකාව පුපුරණ ද්‍ර‍ව්‍ය ටොන් 400ක් පමණ භාවිතා කළ බවත් පැය 36ක් පුරා බෝම්බ දැමූ බවත් යුද ඉතිහාසය සාක්ෂි දරයි. දින දෙකකට වඩා වැඩි කාලයක් ගත වූ මේ ප්‍ර‍හාරය දෙවැනි ලෝක යුද්ධයේ දි ඇමෙරිකාවට පැසිෆික් සාගරයේ බලය අල්ලා ගැනීමට ඉතා වැදගත් විය.

    විනාශ වූ නාවික කදවුරේ සබ්මැරීන්, යුද ටැංකි, යුධ ට්‍ර‍ක් රථ, තුවක්කු, බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් වූ බව ද පැවසේ. මේ ප්‍ර‍හාරයේ දී ජපන් සෙබළු 2,000ට වැඩි පිරිසක් මියගියහ.

    පැසිෆික් සාගරයේ ඉතා අලංකාර අතිශය වර්ණවත් කොරල්පර වලින් එදා විනාශ වූ නාවුක කදවුර අද වැසී පවතී. චූක් කලපුවේ මුහුදුබත් වී ඇත් මේ යුද වාහන හා උපකරණ නිහඩව ප්‍ර‍කාශ කරන්නේ දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන හමුදා කදවුරක ස්වභාවයයි.

    එම වාහන හා උපකරණ දැන් මුහුදු පත්ලේ අඩි 100ත් 80ත් අතර ගැඹුරින් රැදී පවතී. දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග මේ සියල්ල අමතකව ගොසිනි. මේ කලපුවේ තැන තැන මුහුදු බත් වූ යුද උපකරණ ස්ථාන 40කින් හමුවන බව ඒවා ඡායාරූපයට නැගූ ඇමෙරිකන් ජාතික බ්‍රැන්ඩි මුලර් මහත්මිය පවසයි. බ්‍රැන්ඩි ඇමෙරිකාවේ කිමිදුම් උපදේශකවරියකි. තවමත් 32හැවිරිදි වියේ පසුවන ඇය පවසන්නේ මුහුදු පත්ලේ දී තමන් මේවා දැකීමෙන් මහත් සේ විශ්මයට පත්වූ බවයි.

    විදෙස් මාධ්‍ය පවසන්නේ බ්‍රැන්ඩිගේ ඡායාරූප අනුව මෙය ලෝකයේ සංචාරකයන් වඩාත්ම ප්‍රියකරන ස්ථානය බවට පත්වනු ඇති බවයි. එය ලෝකයේ මුහුදුබත් වූ යුද නෂ්ඨාවශේෂ ඇති හොඳම ස්ථානය බවට විවාදයක් නැතැයි යන්න විචාරකයන්ගේ අදහසයි.

    සතියක් පුරා දිනකට පස්වතාවක් දිය යට කිමිදෙමින් තමන් මේ ස්ථානයේ ඡායාරූප ගත් බව බ්‍රැන්ඩි පවසයි. විනාශ වූ යුද උපකරණ මුහුදු පත්ලේ තැන්පත්ව ඇති ආකාරය ස්වභාවික අලංකාරය මතුවන අයුරින් ඡායාරූප ගත කිරීමට තමන් ඒ සෑම අවස්ථාවක දී ම උත්සාහ ගත් බව ද ඇය කීයන්නීය.

    ජපන් යුද තොරතුරු අනුව මේ චූක් කලපුවේ ගුවන්යානා 400ක් ජපාන යුද නැව් 50ක් ඇතුළු උපකරණ තොගයක් විනාශ වී ඇත.