මම හඳහන්, සාත්තර, යන්තර ගුරුකම් විශ්වාස කරන්නේ නැහැ . නමුත් මීට වසර 35 පමණ පෙර (කොළඹ හොරණ පාරේ )පොල්ගස්ඕවිට කිට්ටුව තියන හෙරලිවල කියන ගමේ ඉන්න සාත්තර කාරයෙක් හමුවට අහම්බෙන් යන්න ලැබුනා. මගේ යාළුවන් දෙන්නෙක් ජොලියට සාත්තර අහන්න යනකොට මමත් නිකං ගියා. අපේ අවස්තාව ආපුවාම උන් මාව ඉස්සරවෙලා ඇතුලට ඇරියා. මට 'දරුවා' කියා ආමන්ත්‍රණය කරමින් මගේ අවශ්‍යතාවය (සාත්තර අහන කාරණය) හිතා ගන්න කිව්වා. මට කාරණයක් නැති නිසා මම මොකක්ද අහන්නේ කියලා කල්පනා කළා. එතකොට සාත්තර කාරයා මට කිව්වා හිත එක අරමුණක තියාගන්න, මොනවා හරි දෙයක් ගැන හිතාගන්න කියලා. මම අපේ මහ ගෙදර ගැන හිතා ගත්තා. සාත්තර කාරයා ඒක හරියටම කිව්වා විතරක් නොවෙයි, ගෙදර විස්තර, බුදු පහන තියන තැන, ලිඳ තියන තැන, ඊට දින කිහිපයකට පෙර මාත් තාත්තාත් එකතු වී වත්ත සුද්ද කර ගැසූ විශාල ගිනි මැලයෙන් ඉතුරු වූ අඟුරු වූ දැව දඬු ගැන පවා නිවැරදිව කිව්වා. නමුත් එයින් එහාට මට අහන්න දෙයක් තිබුනේ නැහැ. හිතාපු දේ කියවුනාද කියලා ඇහුවාම මම ඔව් කියලා සාත්තරය ඉවර කළා.
මට මේ ගැන තියෙන්නේ පුදුමයක්. මගේ වයස එතකොට 20-21 පමණයි. මම සාත්තර කාරයාව තියා ඒ ගම ගැනවත් දැනගෙන හිටියේ නැහැ. මගේ මිතුරන් දෙදෙනාත් මුළු කාලයම හිටියේ මා සමගයි. Guess කිරීමකින් හෝ කියනවානම් මගේ වයසේ හැටියට කෙල්ලෙක් ගේ ප්‍රශ්නයක් ගැන මිසක් ගෙයක් (මේක මම ඒවනවිට පදිංචි ගෙදර නොවේ, තාත්තාගේ මහ ගෙදරයි ) ගැන හිතනවා කියලා එයාට තේරෙන්න තියන සමභාවිතාවය ඉතාම සුළුයි. ඒ වගේම ගෙයක බුදු පහන තියන තැන, ලිඳ තියන තැන ගෙදර වත්ත අයිනෙන් තියන අතුරු පාර (ප්‍රධාන පාරෙන් ගේට්ටුව තිබුනාට අමතරව ) ආදිය guess කරන්න පුළුවන් උනත් අර කියාපු ගිනිගොඩ (ඒක තණකොළ ටිකක් එකතු කරලා ගහපු පොඩි ගිනි ගොඩක් නොවේ, සතියක් පමණ කාලයක් තිස්සේ මිනිහෙක් වත්ත සුද්ද කරලා එකතු උන පොල් අල්ලි දෙකතුනක් විසාල ගිනිගොඩක් ) ගැන නිවැරදිව කීම නම් මට අදටත් හිතාගන්න බැරි ප්‍රෙහෙලිකාවක් . මට මේ තරමට සාත්තරය නිවැරදිව කියවුනාට මගේ මිතුරන් දෙන්නාටම සාත්තර නිවැරදිව කියැවුනේ නැහැ

sasthara kiyana de psychology sambanda deyak, apith common psychology theory dannawanm hariyatama guess karala kiuwaki. face expressions, body language wage dewal google karala balapn idea ekak ganna puluwan wai.
Facial expression/body language වලින් කොහොමද ගෙදර වගේ භෞතික දේවල් ගැන විස්තරයක් කරන්නේ.ඔන්න පෞර්ෂයත්වය වගෙ දෙවල් නම් facial expression වලින් කියන්න පුළුවන්