~සාධු ජනයා~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔබ අප කවුරුත් ජීවත් වෙන සමාජයේ පැහැයක්, හැඩතලයක් අඩු නැතිව සර්ව සම්පූර්ණව කවියෙන් රූපණය කරලා තියෙනවා. කොයි අත බැලුවත් සමාජය පිරිහිලා. වටිනකම් කියන දේවල් උඩු යටිකුරු වෙලා. අම්මා තාත්තා අදුරන්නෙ නැහැ.

    හැමදාමත් වගේ ඇස් ඇරවන නිර්මාණයක්... මගේ ආචාරය අයියේ..!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    " අනේ මෙහෙමත් සාධු ජනයා".. සමාජයේ ඇත්ත ඇති සැටියෙන් අපූර්වට පෙන්වාදීල තියෙනව..අද මේ වගේ කීදෙනෙක් ඉන්නවද අපේ සමාජයේ, ලව්කීක සමාජ රටාවට අනුගත වෙලා සාරධර්ම , යුතුකම් අමතක කරල සදාකාලික නිරයකට යන්න හදන.. අසරනයෙකුට පිහිට වෙන්න අදිමදි කරන, තමාගේ නොසන්සිදෙන කාම ආශාවල් පොදු ප්‍රවාහන සේවයක වැදගතෙක් වගේ හැසිරෙමින් ඉටුකරගන්න හදන අවස්තා..ගොඩාක් පිලිකුල් සහගතයි... ඒත් මේක තමයි ඇත්ත තත්වය.. අයියගේ මේ නිසදැසි පෙලේ තීයෙන වැදගත්ම කාරනා වලට අමතරව තව කොච්චර නම් නොහික්මුනු කම් , යුතුකම් පැහැර හැරීම් තියෙනවඩ්ද.. අපි කොතරම් දුරට ඒ දේවල් වලට සන්වේදීද.... මේව ගැන සිය දහස් වාරයක් හිතල බලන්න ඔනේ.... බොහොම කාලොචිත ඒ වගේම වැදගත් සමාජීය පහරක් ... මගේ ආචාරය ඔබට ! !

    පුළුල් විශ්ලේශනයක්...කවදත් වගේ නිර්මානයේ අදහස ඉතා පැහැදිලිව ග්‍රහණය කර ගන්නා ඔබට ගොඩාරියක් ස්තුතියි මේ දිගු විස්තරයට හා නිර්මානය අගය කලාට...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ජීවිතය පුරාවට බොහෝ දුක් විඳින මිනිසුන්, ඔවුන්ගේ දුර්වලකම්, අමනකම් ගැන කෙරෙන අපූරු විග්‍රහයක් අයියා.

    බණ අහන රටක් - බණ කියන රටක් මෙහෙම වුනේ කොහොමද කියලත් හිතෙනවා.

    මට චූටි ඌණ පූර්ණයකුත් කරන්න හිතෙනවා කාරණා දෙකක් සම්බන්ධව.

    1.දෙපා නැත්තන් .....
    ඇත්ත මෙහෙම දේවල් වෙනවා. ඒක අන්තිම නරකයි. ඒත් හිඟන වෙසින් එන බොරු කාරයො හැම තැනම. බොහෝ අමාරුකම් මැද්දේ ජීවත් වෙන මධ්‍යම පාන්තික මිනිසුන්ට තමන් මහන්සියෙන් හරි හම්බ කළ මුදල හිඟන වෙසින් එන හැමෝටම දෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න වෙනවා කියන එකත් සාධාරණයි නේද?

    2. බඩදරු අම්මා......
    මේකත් ඉතාම නරක තත්වයක්. ඒත් බඩදරු අම්මලාත් දරුවන් වඩාගත් අයත් බස් රියකට ගොඩවෙන්න කලින් පොඩ්ඩක් සදාචාරාත්මක වෙන්න ඕනි වෙලාවලුත් තියෙනවා. ලඟම බස් රථ ගමන් ආරම්භ කරන නගරයක් තියෙද්දි හෝල්ට් එකක් හෝ දෙකක් මෙහායින් බස් රථයට ගොඩවෙන එක නරකයි.
    මෙය මට පුද්ගලිකව ලැබුණු අත්දැකීමක්
    මං දවසක් පෝලිමේ ඉඳලා බස් එකක නැගලා ඉඳගෙන ආවේ ඒත් ඊලඟ හෝල්ට් එකෙන් දරුවෙක් වඩාගෙන කෙනෙක් නැග්ගා. මං ආසනය දීලා ආයෙත් නගරයට ගිහිල්ලා පෝලිමේ ඉඳලා ආවා. එදා මට ඒ තරම් හදිස්සියක් නැති වුනු නිසා හොඳයි. නැත්නම් එක්කෝ අමාරුවෙන් හිටගෙන එන්න වෙනවා. නැත්නම් අර මනුස්සයාව දැක්කේ නෑ වගේ ඉන්න වෙනවා. එයාලා චුට්ටක් අනිත් අය ගැන හිතලා නගරයට ගිහිං නැග්ගා නම් ඉවරයිනේ. මොකද ඒ අයට පෝලිං වල ඉන්න ඕනැත් නෑ.

    නිර්මාණය ඉතා අගෙයි රොන් අයියා.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    රට යන අත තමයි ඉතින්
    බුදු බණ නිසයි පොඩි හරි control එකක් තියෙන්නෙ ..
    ඒකෙත් ආයුෂ අඩුවෙමින් යනව..
    කලු පාට ගැන ඉහළින්ම ලියල අයියන්ඩි.ජය :)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    "මිනිස් සිත් වල උල් පිහි...
    කටේ මල් හිනා"

    අපූරු නිර්මාණයක් රොන් අයියේ, වර්තමාන සමාජයේ දකින්න තියන ගොඩක් අය දමන් ඉන්න වෙස් මූණක්... :yes: ගොඩක් අය අදහන දෙවියන් සහ යථාර්තය අතර ඇති සැටියෙන් පෙන්වීමට ඔබ ගත් ප්‍රයන්තයට ස්තුතියි..

    මේ දෙය මගේ මගේම විතරයි අනිත් අයට හෙන ගැහුවත් මොකද මේක මගේම විතරයි කියලා හිතන් ඉන්න මානසිකත්වය (සාමන්‍ය වහරින් කියනවනම් තනියම බුදු වීමට යාම ) නිසා තමයි ඔය වගේ මානසිකතවයක් ඇති මිනිසුන් සමාජයට ඇවිත් සමාජයේ ඉන්න අනිකුත් අයටත් පිළිලයක් වෙන්නේ.මෙවැනි මිනිසුන් කොතරම් නම් අපි සමාජයේ ගැටෙනකොට අපිට එදිනදා මුණගැසෙනවද?

    හතර පෝයටම සිල් ගත්තත් කරන්නේ වැරදි වැඩ...කොතරම් පොත් කියෙව්වත් බණ ඇහුවත් වැඩක් නැහැ..තමන්ගේ අධ්‍යාත්මය ඒ විදියට හදා ගන්න උත්සාහ කරන්නේ නැත්නම්. හොද දෙයට හොද ප්‍රතිඵලයක් වගේම නරක දේයට නරක ප්‍රතිඵලයක් පසුවට හෝ ලැබේවි..ලෝ වැඩ සගරාවේත් තියනවනේ අයියේ...,, :D

    "කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"

    නිර්මාණය පිළිබඳ පමණක් නොවෙයි මුළු ජීවිතය ගැනම ආවර්ජනය කරල තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගත්ත විදිහ කුහකකමක් නැතිව මෙනෙහි කරන්න හැකි කෙනාට මෙලොව ජීව්තය විතරක් නෙවෙයි පරලොව ජීවිතයම යන දෙකම සාර්ථකයි.තමන්ට ඉහළට එන්න තමන් නිවරදියයි සිතාගෙන මිනිසුන්ට පීඩා කරන හැම දෙනාම අමතක කරල ඉහළින් වැජඹෙන ගුණමකුවන් ඕනෑ තරම් වටපිට බලන සැනින් දැක ගන්න පුළුවන්.

    ඒ හරියාව තාවකාලිකයි. දැන් ඇතැම් විට පව් කරන මිනිස්සුන්ටමයි හරි යන්නේ. මතුපිටින් එහෙම පෙනෙනවා.ඒත් ඇත්ත ඒක නෙමේයි

    "ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි කකුළුව දිය කෙළියේ"

    කොහොම වුනත් ඔහොම කරන ගොඩක් අයගේ සිත් ඇතුලට එබිල බැලුවම තමයි පේන්නේ ආත්මාර්ථකාමයෙන් පිරුණු නිකම් ම නිකම් හිස් කළයක් විතරයි කියලා.ජීවිතය විදවනවා..

    කාලොචිත නිර්මාණයක්. ඒත් මේතන ඉන්න කියෙන් කී දෙනෙක් මේක තියන යථාර්තය අරගෙන තමන්ගේ ජිවිතය හැඩගස්සවා ගනීවීද? :D

    වටිනා නිර්මාණයක්
    රෙප් +

    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    'අනේ අපේ රට' ........ කාලෝචිත මාතෘකාවක් ඔස්සේ කල සාර්ථක නිර්මාණයක්

    රට දියුණු කරන්න කලින් අපේ මිනිස්සුන්ගෙ සාරධර්ම දියුණු කල යුතු බව ලංකාවෙ ගෙවපු පහුගිය මාස 3 තුල මටත් ඉතාම පැහැදිලි උනා. තමන්ගෙ අරමුණු ගැනම පමණක් හිතන රොබෝලා බවට පත් වෙලා බහුතරයක්. කුමක් හෝ කල යුතු කාලය නම් ඇවිත්, නැතිනම් අපේ රට ගොඩගන්නම බැරි අගාධයකට යාවි.

    ඉතාම හොඳ නිර්මාණයක් සහෝ ....... අදට ගැලපෙන වගේම හිත් පිත් නැති සමාජයට ගසන ලද අතුල් පහරක් ...... අපූරුයි
     
    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    54049464.jpg

    I disagree
    Take the first stanzas
    maybe you haven't gone in a Sri lankan bus :P

    The Sri Lankan public isn't like that. Politicians maybe but people usually give 10 rupee notes to beggers. And the average Sri lankan man quarrals with the conductor over one rupee change.

    I saw a notice on a 193 route bus urging the conductors not to let beggers on buses like 2 weeks ago.
    if anything our people are being exploited by the beggers. rather than the other way around.

    I have never in my life seen a pregnant mother on standing in a bus without a seat. The worst scenario would be the conductor blaming everybody in general for like 5 sec before somebody stands up.

    In this country people give seats to children , old people and even in some occasions people exchange seats or even donate seats so that small families could sit together.

    Blame the corrupt politicians, corrupt clergy but do not blame the Sri Lankan Public.
    They are not as the ones described in your poem. All the practices you describe are frowned upon by the sri lankan public.
    (And talking of clergy why do we never see poems about corrupt clergy other than Buddhist monks I have never seen a poem against a corrupt catholic or Islamic priest )

    Your "poem" requires no imagination or inspiration. It is not very different from letters to the editor on a daily newspapers complaining about declining social values from a generation which had absolutely no values to begin with

    However
    You do fit into that bugger with maxim gorky book for you are providing self criticism from inside the very society you live in.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත ron අයියා.ඕක තමයි අපේ සමාජය.ඇත්තටම පිලිකුල් හිතෙනවා.

    අගය කරනවා අයියගෙ සාර්තක උත්සහය

    බොහොම ස්තුතියි මල්ලියගේ වටිනා අගය කිරීමට
     
    First of all, I respect your view and opinion

    I am pretty sure that I have travelled on sri lankan buses more than you.

    The Sri Lankan public isn't like that. Politicians maybe but people usually give 10 rupee notes to beggers. And the average Sri lankan man quarrals with the conductor over one rupee change.

    This is a contradictory statement. once you've said people are generous and at the same token you are saying they quarrel over one rupee change...

    I have never in my life seen a pregnant mother on standing in a bus without a seat. The worst scenario would be the conductor blaming everybody in general for like 5 sec before somebody stands up.

    I believe you may need more experience traveling on buses more frequently until you are able to come across these sorts of occurrences...

    In this country people give seats to children , old people and even in some occasions people exchange seats or even donate seats so that small families could sit together.

    bro..this is a true experience that I had penned over here.
    These above behaviours in my poem are not practiced by each and every person in our country, but there are people who are generous enough to do so.

    This is the bitter truth which is prevailing on our own land regardless of any kind of race or religion.

    (And talking of clergy why do we never see poems about corrupt clergy other than Buddhist monks I have never seen a poem against a corrupt catholic or Islamic priest )

    the rationale behind that was I believe in the ideology that it is better to talk to my own family first rather than the next door people..

    මුතුමිණ සහෝදරයා අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ පිරිහිච්ච සදාචාරයට සුදු හුණු ගාලා නිදොස් කරන්න හදන්න එපා..එහෙම කිරීමෙන් අපි අපිට වඩා අපේ අනාගත පරපුරටයි හානි පමුණුවාගන්නේ...

    නිදහස් චින්තනයකින්, දකින ඇත්ත කියනකොට මං සිංහලයෙක් ගැනද කතා කරන්නේ දෙමල කෙනෙක් ගැනද කතා කරන්නේ හාමුදුරුකෙනෙක් ගැනද කතා කරන්නේ වෙනත් ආගමික පුජකයෙක් ගැනද කතා කරන්නේ කියන ලේබල්වලින් සීමා පනවගත්තු පටු අරමූණූ නෙවෙයි මට වැදගත් වෙන්නේ එයින් රටේ ජනතාව දැනුවත් කිරීම තුලින් වෙන හානි අවම කර ගන්න පුලුවන් නම් එයයි මට නිර්මානකරුවෙක් වශයෙන් වඩා වැදගත්...

    අද දවසේ අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ සාර ධර්ම පිරිහෙන්න ගත්තේ හරි මග පෙන්වා දෙන්න හා පෙන්වා දුන්නත් පිලි නොගන්න තත්වයට පත් වෙලා තියෙන්නේ විවෘත ආර්ථිකයේ සමාජ බලවේගයන් අපේ ජනතාවගේ සිත් කුඩුම්බි හොඳටම ජරා ජීර්ණ කරලා, ඇස් ඇරගෙන කිසිත් නොදැක්කා වගේ ඔහේ රේස් එකක දුවන්න පොර පිටියකට බලෙන් ජනතාව ගෙනත් අතැහැරලා දාලා තියෙන නිසා..

    ඔවුන් මේ තරඟය නිසා තමයි උපාසක ඇඳුම් ඇඳගත් මැරවරයෝ වෙලා ඉන්නේ.... දෙයක් වේ නම් සුදුස්සාට ලැබෙන්නට නොදී වලකන්නේ කටුව ගහන්නේ... රොඩු කෑල්ලක් ගියොත් මිසක් ඇහෙන් කඳූලක් නොවැටෙන්නේ... පිරිත් නූල් අතේ පුරෝගෙන අනිත් එකා නසන්නම දිවා රෑ සැලසුම් අඳින්නේ.... නිකන් පත්තු කරන ගිණි කෙලි වලට වඩා තුවක්කු බෝම්බ වල හඬම අපේක්ෂා කරන්නේ..

    ඔය කිව්වේ පොඩ්ඩයි..ඉතින් මේ අයට මොනවද අපි කියන්නේ මුතුමිණ සහෝදරයා???

    සාරධර්ම අකුරට පිලිපදින කේතුමතී නුවර පිංවන්තයෝ කියලද??

    මේ කාලයට තමයි අපිට වඩ වඩාත් අනගාරික ධර්මපාලතුමා වැන්නන්ගේ අඩුව හා එතුමාගේ ක්‍රියාකාරී සහභාගිත්වයේ අගය දැනෙන්නේ...

    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත ලියද්දි කටු අනිනවා වගේ දැනිලා බෙරිහන් දෙන උදවිය සමහරවිට මුළු නිර්මානයම කියෙව්වද කියලත් මට සැකයි. මොකද නිර්මාණයේ අන්තර්ගතය ඉතා පැහැදිලියි........

    මේ තමා ඇත්ත....තිත්ත රසට දැනෙන, දැක්කම කටු අනිනවා වගේ දැනෙන නින්දිත ඇත්ත....කවුරු කොහොම කොයි විදියට තේරුම් ගත්තත් ඇත්ත වෙනස් කරන්න පුළුවන්ද ?

    නිර්මාණයේ කිසිම තැනක සදහනක් නෑ මුළු ලංකාවේ ඉන්නා වූ සියළුම දෙනා මේ වගේ කියලා..හැබැයි හුගාක් දෙනා මේ වගේ...

    රොන් අයියා මෙහි සදහන් කරලා තියෙන ජංගම බණ බිස්නස් කලාව ගැන කියන්න නම් මා ලගත් හොද උදාහරණ තියෙනවා......

    ඇයි මේ ඇත්ත අපි පිළිගන්න අකමැති ? මට තියෙන ප්‍රශ්නය ඒකයි...

    ඉතාමත් සර්ථක නිර්මාණයක් රොන් අයියා....ඒ ගැන වචන දෙකක් නෑ

    නිර්භයව පෑන හසුරුවන හා වැරැද්ද දුටු තැන හඬ නගන නිර්මානකරුවන් අතලොස්ස තුල නංගියාට හිමි වන්නේ සුවිශේෂි තැනක්...

    කවදත් මගේ නිර්මාන අගය කරන ඔබේ අදහස් මා ඉහලින්ම අගය කරමි..ගොඩාක් ස්තුතියි ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැමදාමත් වගේ රොන් සහෝදරයගෙ හරිම විශිෂ්ඨ පද පෙළක්. මේ උපහාසාත්මක උපදේශය අපේ රටේ මළකඩ කාපු දැඩි හිත්වලට දැනේවා !
    අද අප රට වැටී ඇති අගාධය, ඔබ වචන තුනකින් අපූරුවට කැටිකර කියා තිබෙනවා. මම කැමතිම මේ වචන තුනට.
    " අනේ අපේ රට "

    මාලිනී බුලත්සිංහල මහත්මියගේ ගීතයක් කොහොම අමතක කරන්නද?

    දකිනවිට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන අඩවන්ව නෙත්බරව බලනවා
    ගැබිණි මව්කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට කවුළුවෙන් අනන්තය සොයනවා
    අතෙහි රැඳි පොත පතෙහි එකම පේළිය තුලම නෙත් දහස් වාරයක් දුවනවා

    ඇත්ත වෙනුවෙන් ප්‍රබලව නැගි සිටින තවත් කාන්තා චරිතයක්..

    කීප වතාවකදීම ඔබේ චතුර බස හැසිරවීමේ කුසලතාවය හා පන්නරය තුලින් ඔප මට්ටම් කරගෙන ඇති පැසුනු බුද්ධිය මතින් ඔබ ඇත්ත නිර්වචනය කරනවා මේ එලකිරිය තුල මා නොයෙක් තැන්හී අත්විඳ ඇත..

    සහෝදරි ඔබ වැනි අය අද කොතැනක හෝ සිට නගනා හඬින් හෙට දින දහසක් දෙනාගේ ජීවිතවල මල් පුබුදුවාලනු නියතය..

    ක්‍රිෂාන්ති නංගි ඔබට ස්තුතියි වටිනා අදහස් දැක්වීම ගැන....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ ලියල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ඇත්ත අදහස්....මෙ අපේ සමාජෙ හැටි රොන් අයිය.....ගොඩක් කාලෝචිත කවියක්!
    අයියට ජය!

    ගොඩාක් ස්තුතියි කස්ස මල්ලියා ඔයාගේ අදහස්වලට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔබ අප කවුරුත් ජීවත් වෙන සමාජයේ පැහැයක්, හැඩතලයක් අඩු නැතිව සර්ව සම්පූර්ණව කවියෙන් රූපණය කරලා තියෙනවා. කොයි අත බැලුවත් සමාජය පිරිහිලා. වටිනකම් කියන දේවල් උඩු යටිකුරු වෙලා. අම්මා තාත්තා අදුරන්නෙ නැහැ.

    හැමදාමත් වගේ ඇස් ඇරවන නිර්මාණයක්... මගේ ආචාරය අයියේ..!

    bohoma sthuthi malliyage watina agaya kireemata..
     
    coolharrindra

    Member
    Apr 24, 2009
    190
    36
    0
    35
    Negombo - Katana
    නියමයි සහෝ.
    සාර්තක නිර්මාණයක්..
    අමාරුවෙන් අවබෝද කරගත්ත.
    දිගටම ලියන්න කියල ඉල්ලනව...
    :):):):)
     
    Mandhahaasini

    Member
    Mar 3, 2010
    28
    8
    0
    ඇත්ත... නමුත් තනි තනිව අපි වෙනස් වෙනවා මිසක් අපිට පුළුවන්ද සමාජයම වෙනස් කරන්න. දැන් ඉන්නෙ අනක් ගුණක් නැති මිනිස්සු. ඒ අය බුදු හාමුදුරුවෝ කිව්ව බණවත් තේරෙන්නෙ නැතිව අපි කියන ඒවා අහයිද...

    නමුත් මේ නිර්මාණය එවන්නකට දරපු උත්සහයක් වගෙයි...

    සාර්ථකයි !