සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් වේ.
වෙළඳ කණ්ඩායම් සමඟ ඉන්දියාවට පැමිණෙන මොහුට සර්වාස්ථිවාධී ථීරවාද නිකායට අයත් හිමි නමක් හමු වී බුදු දහම පිළිබඳ අසා දැන ගන්නා ඔහු එම හිමියන් සමඟ හිමාලයේ හිමිස් නම් ආරමයට යන අතර එහිදී ජේසුස් තරුණයා විසින් බෞද්ධ භාවනා ක්‍රම ඉගෙන ගන්නා අතර වයස 29 වන විට නැවතත් තම මවු රටට පැමිණේ..ඉහතින් සඳහන් කළ හිමීස් ආරමය අද දක්වාම ක්‍රියාකාරීව පතින අතර ජේසුස් වහන්සේ පිලිබඳ ලියවිලිද එම අරමය සතුව ඇත.මෙම ආරාමය ටිබෙට් රටේ ලඩාන් ප්‍රදෙශයේ පිහිටා ඇත.
තම රටට පැමිණීමන් පසුව තමන් උගත් දර්ශනය දේශනා කරන්නට පටන ගත් අතර ඒ සඳහා විශාල පිරිස් පැමිණෙන්නට පටන් ගත්තේය.මෙය ඒ වනවිටත් පැතිර තිබූ යුදෙව් ආගමට මරු පහරක්ම විය.මෙය හොදින් අවබොධ කරගත් යුදෙව් පූජකවරු ජේසුස් වහන්සේට විවිධ බාධක එල්ල කරන්නට පටන් ගත් අතර එහි අවසානය වුයේ මරණීය කුමන්ත්‍රණයකිනි.මේ බව වටහා ගත් ජේසුස් වහන්සේ නැවතත් ඉන්දියාවට පමිණෙන අතර ට්බෙට් ප්‍රදේශයෙහි වාසය කර ඇත.
මෙම කතා ප්‍රවෘත්තිය සමග අපට මතුවන අනෙක් ගැටලුවව නම් කුරුසියේ ඇන ගස මැරුවෙ කව්ද යන ගැටලුවයි.මෙහිදී සඳහන් කලයුතු අනෙක් කරුන නම් ජේසුස් වහන්සේ සමග තවත් අනුගාමිකයන් පිරිසක් සිට ඇති අතර එම පුද්ගලයන් අතර ජේසුස්.ජොහානිස් ලෙස හැදින්වුනු පුද්ගලයන් සිට ඇති බවයි.බලංගොඩ ආනන්ද මෙත්ත්රිය හිමියන්ට අනුව කුරුසියේ ඇන ගසන ලද්දේ ජොහානිස් නම් අයෙකුට වේ....
එංගලන්තයේ පිට උන "ජීසස් ක්‍රිස්ට් ඉන් ඉන්ඩියා- එච් ක්‍රිස්ටීන්" නම් පොතේමෙ පිලිබඳ වදගත් තොරතුරු රැසක් පළ වී ඇත.""රැසියන් ජාතික නැට්වොච් 1880 - අන්නොන් ලයිෆ් ඔෆ් ක්රයිස්ට්"" නම් කෘතිය මගින් ජේසුස් නම් අයෙක් ටිබේට් වල හිමිස් අරමයේ සිට අති බව එම අරමයේම ලිපි වලින් උපුටා ගත් තොරතුරු සමඟ ප්‍රකාශ කර ඇත.තවද " හර්ට් ඔෆ් ඒශියා" පින්ලන්තයෙන් පල උනු " කින්ග් ඔෆ් ජූස්" කෘති මගින්ද ජේසුස් වහන්සේ බෞද්ධයෙක් ජොහානිස් යුදෙඋවෙක් ලෙස සදහන් වී ඇත.මෙම කෘතිය ලංකාවේද පලවු අතර එම පොත් සියල්ල එක්තරා පිරිසක් විසින් මිලට ගෙන විනාශ කර ඇත.ඇමෙරිකවේ පල වූ "ලොස්ට් ලයිෆ් ඔෆ් ජීසස්" සහ "ලොස්ට් ටීචින්ග් ඔෆ් ජීසස්" නම් කෘති මගින් මල මුහුදේ ආසන්නයෙන් සොයා ගත් ලිපි පිළිබඳව සහ එවා වසර 1000-2000 පැරණි බවත් එම ලිපි මගින් ඉහත තොරතුරු හමුවන බවත් ප්‍රකාශ කර ඇත.අද වන විට ජේසුස් වහන්සේ පිලිබඳ තොරතුරු සඳහන් ලිපි සහ කෘතීන් වතිකානුව සතුව අති අතර එවා පරිශිලණය කිරිමට මෙතෙක් කිසිවෙකුටත් අවසර ලබා දි නොමැත.බෞද්ධ දර්ශනය පදනම් කොට ගෙන ඒසුස් වහන්සේ තම ධර්මය ප්‍රචලිත කල බව සැබෑවක් නම් එම ධර්මයෙන්ම බිඳි ගිය අනෙක් දර්ශන ගැනද අපට යම් ප්‍රශ්නාර්තයක් මතු වේ !!!
අන්තර්ජාලය ඇසුරෙනි.