සාපෙළ ප්‍රතිඵල මෙන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාපෙළ ප්‍රතිඵල මෙන්න

    [FONT=Malithi_Web]අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙරට පාසල් සිසු සිසුවියන්ගේ ඉදිරි අනාගතය තීරණය කරන ප්‍රධානතම කඩඉමකි. එය ජය ගැනීම සඳහා සමහරු වසර ගණනක සිට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරති. තවත් සමහරෙක්‌ විවිධ කූට උපක්‍රම භාවිතා කරමින් එම කඩඉම ජය ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙති. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ද ශිෂ්ට සම්පන්න සමාජයක්‌ කිසිසේත් පිළි නොගන්නා ආකාරයේ අශිෂ්ට සම්පන්න සිදුවීම් රැසක්‌ සහ අවාසනාවන්ත සිද්ධීන් කිහිපයක්‌ද වාර්තා විය. පහතින් පෙළ ගැසෙන්නේ එම සිදුවීම් පෙළයි. [/FONT]

    [FONT=Malithi_Web] "ඒයි මචං පාඩම් කළාට කිසි දෙයක්‌ මතක හිටින්නේ නැහැ. මොකද බං ඒකට කරන්නේ..."[/FONT]

    [FONT=Malithi_Web] "මටත් ඕකම තමයි තියෙන අවුල. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ" [/FONT]

    [FONT=Malithi_Web] අපේ අයියා කෙනෙක්‌ ඉන්නවා මිනිහටත් තිබුණෙ ඔය ප්‍රශ්නෙමයි. ඒත් මිනිහනම් ගොඩ ගියා මොනවද ටැබ්ලට්‌ වගයක්‌ අරන්..."[/FONT]

    [FONT=Malithi_Web] "ටැබ්ලට්‌ වගයක්‌ නම් මරුනෙ... පොඩ්ඩක්‌ හොයලා බලපංකෝ. අපිත් ඒවා අරන් ඕලෙවල් විභාගෙට වාඩිවෙමු. එතකොට ගොඩනේ..."[/FONT]

    [FONT=Malithi_Web] "ඕවා අරන් පිස්‌සු නටයිද දන්නෙ නැහැ. අපි අත ඇරලා දාමු බං"[/FONT]

    [FONT=Malithi_Web] "උඹට පිස්‌සුද යකෝ... මෙයා කියනවනේ අයියා කෙනෙක්‌ ගොඩ ගියා කියලා. බය නැතිව හිටපං. විභාගේ ගොඩ දාගන්න තියෙන එකම ක්‍රමය මේක. උඹ ඒ අයියට කියලා ටැබ්ලට්‌ ටිකක්‌ ගෙන්න ගනින්."[/FONT]

    [FONT=Malithi_Web] "හරි මචං බය වෙන්න එපා. මම හෙටම ටැබ්ලට්‌ ටිකක්‌ ගෙන්න ගන්නම්"[/FONT]

    [FONT=Malithi_Web] මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටි අනුරාධපුර නගරය ආසන්නයේ මිශ්‍ර පාසලක සිසුන් පිරිසක්‌ අතර වූ කතාබහකි ඒ. එම සිසුන්ට කවුරුන් හෝ පවසා ඇත්තේ කිසියම් මත්පෙති වර්ගයක්‌ භාවිතා කර විභාගයට පෙනී සිටියහොත් ප්‍රශ්න පත්‍රයට හොඳින් පිළිතුරු දිය හැකි බවයි. එය පිළිගත් සිසුහු හත් දෙනෙක්‌ මත්පෙති භාවිතා කරමින් පසුගිය 15 වැනිදා සා.පෙළ විභාගයට පෙනී සිටියහ. [/FONT]

    [FONT=Malithi_Web] එදින පැවතුණේ තොරතුරු තාක්‍ෂණය ඇතුළු සමගාමී විෂයන් කිහිපයකි. මත්පෙති භාවිතා කළ එම සිසුහු විභාග ශාලාව තුළ හැසිරුණේ අසිහියෙන් මෙන්ය. අඩවන් දෑසින් යුතුව හිස මත අත තබාගත් ඔවුහු ප්‍රශ්න පත්‍රය දෙස බලාගත්වනම සිටියහ. [/FONT]

    [FONT=Malithi_Web] විභාග රාජකාරියේ නිරත වූ ගුරුවරයකු මෙම සිසුන්ගේ අස්‌වාභාවික හැසිරීම දුටුවේය. වහාම රාජකාරියේ නිරතව සිටි අනෙක්‌ ගුරුවරුන්ටද ඒ බව පවසා අන් අයට බාධාවක්‌ නොවන අයුරින් එම සිසුන්ගෙන් ප්‍රශ්න කළහ. එහිදී යම්කිසි මත්පෙති වර්ගයක්‌ භාවිතා කළ බව එම සිසුහු පැවසූහ. [/FONT]

    [FONT=Malithi_Web] එම මොහොතේ කළ හැකි කිසි දෙයක්‌ නොමැති නිසා මත්පෙති භාවිතා කළ එම සිසුන්ට විභාගය ලිවීමට එම ගුරුවරු අවසර දුන්හ. විභාගය අවසන් වූ පසු ශාලාධිපතිවරයා දැඩිසේ අවවාද කර එම සිසුන් හත්දෙනාව මුදාහැරියේය. [/FONT]

    [FONT=Malithi_Web] එය එසේ සිදු වෙද්දී අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයෙන්ද වයිබර් තාක්‍ෂණය ඔස්‌සේ උත්තර ලියූ සිසුවෙක්‌ ගැන වාර්තා විය. ඒ පසුගිය 18 වැනිදාය. මෙයට පෙර පසුගිය අ.පො.ස. උසස්‌ පෙළ විභාගයේ දී ද මෙවැනි සිද්ධියක්‌ වාර්තා විය. ඒ කොළඹ ජනප්‍රිය පාසලකිනි. [/FONT]

    [FONT=Malithi_Web] පසුගිය 18 වැනිදා පැවතියේ අපොස සා.පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයයි. ඉහත නම සඳහන් කළ පාසලේ සිසුවෙක්‌ නවීන තාක්‍ෂණය භාවිත කරමින් එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට සූදානම් වී සිටියේය. මෙය ඔහුගේ දීර්ඝකාලීන සැලසුමකි. [/FONT]

    [FONT=Malithi_Web] නියමිත දිනය උදාවිය. මෙම සිසුවා නවීන පන්නයේ ජංගම දුරකථනයක්‌ද සඟවාගෙන විභාග ශාලාව වෙත පැමිණියේය. විභාග ශාලාවේ අසුන් ගැනීමට ප්‍රථම ගුරුවරු සිසු සිසුවියන්ව දැඩි ලෙස පරීක්‍ෂා කර බලති. මොහුවද පරීක්‍ෂා කළේය. එහෙත් ඉතා සූක්‍ෂම ලෙස සඟවා ගෙන පැමිණි ජංගම දුරකථනය ඔවුනට සොයා ගැනීමට නොහැකි විය. [/FONT]

    [FONT=Malithi_Web] නියමිත වේලාවට ගණිතය ප්‍රශ්න පත්‍රය සිසුන් අතට ලබාදී විභාගය ආරම්භ විය. සිසු සිසුවියන් ලහි ලහියේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයති. එහෙත් මෙම සිසුවා පමණක්‌ හොර රහසේම රැගෙන ආ ජංගම දුරකථනයේ වයිබර් තාක්‍ෂණය ඔස්‌සේ එම ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප බාහිර පුද්ගලයකුට යෑව්වේය. ඒ ඔහුගේ පිළිතුරු අපේක්‍ෂාවෙනි. [/FONT]

    [FONT=Malithi_Web] විභාග ශාලාධිපතිවරයා මෙම සිසුවාගේ යම්කිසි වෙනසක්‌ දුටුවේය. ඒ ගැන සැක සිතුණු ඔහු මෙම සිසුවා ව පරීක්‍ෂා කළේය. එහිදී ඔහු මෙම සිසුවා ළඟ තිබී ජංගම දුරකථනයක්‌ සොයා ගත්තේය. එය වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ගණිතය ප්‍රශ්න පත්‍රය වයිබර් තාක්‍ෂණය ඔස්‌සේ බාහිර පුද්ගලයකුට යවා ඇති බව දැක ගැනීමට හැකිවිය. [/FONT]

    [FONT=Malithi_Web] විභාග ශාලාධිපතිවරයා වහාම එම සිද්ධිය ගැන උතුරු මැද පළාත් සහකාර විභාග අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන්නේය. ඔහු මේ ගැන විභාග කොමසාරිස්‌වරයා දැනුවත් කළේය. ඒ සමඟම විභාග දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ අරඹා එම සිසුවාට වසර ගණනක විභාග තහනමක්‌ පනවන ලදී. [/FONT]

    [FONT=Malithi_Web] පිළියන්දල වෑවල ආනන්ද සමරකෝන් විදුහලේ පැවැති විභාග මධ්‍යස්‌ථානයේදී ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු සිදුකළ වංචාවක්‌ හෙළි විය. ඔහු බාහිර අපේක්‍ෂකයකු ලෙසයි විභාගයට පෙනී සිට ඇත්තේ. එම සිද්ධිය සැකෙවින් මෙසේය. [/FONT]

    [FONT=Malithi_Web] නියෝජ්‍ය විභාග කොමසාරිස්‌ සමරජීව පුෂ්පකුමාර මහතාට පෞද්ගලිකව තොරතුරක්‌ ලැබිණි. ඒ අදාළ විභාග මධ්‍යස්‌ථානයේ අයෑදුම්කරුවකු නීති විරෝධී ලෙස විභාගය සඳහා පෙනී සිටින බවයි. මෙය සත්‍ය තොරතුරක්‌ද, අසත්‍ය තොරතුරක්‌ද යන්න පිළිබඳව පරීක්‍ෂා කර බැලීමට ඔහු විසින් විමර්ශන කණ්‌ඩායමක්‌ පිටත් කර යවන ලදී.[/FONT]

    [FONT=Malithi_Web] විමර්ශන කණ්‌ඩායම අදාළ ස්‌ථානයට පැමිණ අදාළ සැකකරු සහ ඔහුගේ හැඳුනුම්පත පරීක්‍ෂා කළහ. අයෑදුම්කරුගේ රුවත්, හැඳුනුම්පතේ ඡායාරූපයත් එක සමානය. අයෑදුම්කරුගේ නමේ සහ ජාතික හැඳුනුම්පත් අංකයේද වෙනසක්‌ නොමැත. එහෙත් නැවත වරක්‌ ජාතික හැඳුනුම්පත එම නිලධාරීහු පරීක්‍ෂා කළහ. එම වතාවේදී නම් ඔහුට ගැලවීමක්‌ නොමැති විය.[/FONT]

    [FONT=Malithi_Web] එහිදී එම නිලධාරීන්ට දැකගත හැකිවුණේ සැකකරු විභාගයට පෙනී සිටින අයෑදුම්කරුගේ ඡායාරූපයට තමන්ගේ ඡායාරූපයක්‌ තබා එය ජංගම දුරකථන ආරක්‌ෂිත ස්‌ටිකරයකින් සම්පූර්ණයෙන් අළවා ඇති බවයි. පසුගිය 19 වැනිදා පැවැත්වුණු නාට්‍ය හා රංගකලා විෂය හැර අනෙක්‌ විෂයන් අටකට පිළිතුරු සැපයීම සඳහා එම සැකකරු පෙනී සිට ඇත. ඔහුව අත්අඩංගුවට පත්වූයේ පසුගිය 21 වැනිදා පැවති භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි අවස්‌ථාවේදීය. [/FONT]

    [FONT=Malithi_Web] අත්අඩංගුවට පත්වූ තරුණයා අවුරුදු 23 ක්‌ වයසැති උඩවලව ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොහු දක්‍ෂ රග්බි ක්‍රීඩකයකුද වෙයි. මොහු 2015 වසරේ ජනාධිපති රග්බි කුසලාන තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමි කරගෙන ඇති අතර අධ්‍යාපනය හදාරා තිබුණේ ගල්කිස්‌ස ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකය. [/FONT]

    [FONT=Malithi_Web] වැඩිදුර කළ පරීක්‍ෂණවලදී අනාවරණය වූයේ මොහු විභාගයට පෙනී සිටීමට අපේක්‍ෂිත සිසුවාගෙන් කිසිදු මුදලක්‌ හෝ ප්‍රතිලාභයක්‌ ලබාගෙන නොමැති බවයි. හැඳුනුම්පත හිමි 19 හැවිරිදි අපේක්‍ෂකයා පිළියන්දල කහතුඩුව ප්‍රදේශයේ පදිංචි සිසුවකු වන අතර ඔහු අවස්‌ථා දෙකකදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් අසමත්ව සිටි අයෙකි. පසුව ඔහුවද අත්අඩංගුවට ගෙන කැස්‌බෑව අධිකරණයට ඉදිරිපත් කළේය.[/FONT]

    [FONT=Malithi_Web] සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සමහරු එලෙස නීති විරෝධී වංචනික ක්‍රියාවල නියෑලෙද්දී ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු දීමට අපොහොසත්වූ සිසුවෙක්‌ වස පානය කර සියදිවි හානි කරගෙන තිබිණි. එම සිද්ධිය වාර්තා වන්නේ දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයෙන්ය. [/FONT]

    [FONT=Malithi_Web] ඉෂාර ජනිත කුඩා කළ සිටම ඉගෙනීමට පුදුම දක්‍ෂතාවක්‌ දැක්‌වුවේය. ඔහු අධ්‍යාපනය හැදෑරුවේ දිඹුලාගල ප්‍රදේශයේ පාසලකය. වසර ගණනක සිට පාසලේ සෑම වාර පරීක්‍ෂණයකදීම මොහු පළමු ස්‌ථානය හිමිකර ගත්තේය. එම විදුහලේ දීප්තිමත් සිසුවකු වූ මොහු ගැන ගුරු භවතුන් ද විශාල බලාපොරොත්තුවක්‌ තබා ගත්හ. [/FONT]

    ol.jpg
    [FONT=Malithi_Web]ගණිත විෂයට පිළිතුරු සැපයූ මොහු නිවසට පැමිණියේ දැඩි සිත් තැවුලකිනි. ඔහු තම පියාට කඳුළු සලමින් පැවසුවේ ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට නොහැකිවූ බවයි. එහෙත් ගුරුවරයකු වූ මොහුගේ පියා දැඩි සෙනෙහසකින් යුතුව පැවසුවේ මෙලෙසින්ය. "මගේ පුතා ඒක ගැන දැන් හිතන්න එපා. ඔයා දක්‍ෂයෙක්‌. කිසි දේකට බය වෙන්න එපා. ප්‍රතිඵල ආවාම බලන්න. ඔයා හොඳට පාස්‌වෙලා තියේවි..." එහෙත් එම වචන ඉෂාරගේ සිත හැදීමට ප්‍රමාණවත් නොවීය. ඔහු සිටියේ දැඩි සිත් තැවුලකිනි. [/FONT]

    [FONT=Malithi_Web] ගණිතය විෂය අනිවාර්යෙන්ම මම අසමත් වෙනවා. එතකොට හැමෝම මට හිනාවේවි. අනෙක්‌ විෂයන්වලට කොච්චර සම්මාන ගත්තත් මදි ගණිතය පාස්‌ නොවී. දෙමාපියෝ ගුරුවරු මට බනීවි. ඊට වඩා හොඳයි මම මැරිලා යනවා. එම සිසුවාට එලෙස සිතෙන්න ඇති. ස්‌ථිර ලෙසම ඔහු සියදිවි හානිකර ගැනීමට තීරණය කළේය. ඒ අනුව හේ වටපිට සෝදිසි කර බැලුවේය. පෙනෙන්නට කවුරුත් නැත. නිවසේ තිබුණ වස කුප්පියක්‌ද රැගෙන ඔහු පහළ වෙල්යාය දෙසට ගමන් කළේය. එහි මාරයා ඔහු පිළිගැනීමට සැදී පැහැදී සිටියේය. [/FONT]

    [FONT=Malithi_Web] වෙල් යායට පිවිසි ඔහු අවට සෝදිසි කර බැලුවේය. පෙනෙන්නට කවුරුත් නැත. වස කුප්පියේ මූඩිය හැර යළි යළිත් කල්පනා කළේය. ඒ ජීවත් වනවාද නැද්ද කියාය. සිත කියන්නේම සියදිවි නසා ගන්න කියාය. යළි දෙවරක්‌ නොසිතූ ඔහු වස කුප්පිය කට තුළට හලා ගත්තේය. ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමට නොහැකි වූ සිසුවා සියදිවි හානිකර ගත්තේ එලෙසින්ය. [/FONT]

    [FONT=Malithi_Web] එම සිසුවා එලෙස සියදිවි හානි කර ගනිද්දී තවත් පාසල් සිසුවියක්‌ තම මව මියගොස්‌ මළමිනිය නිවස තුළ තිබියදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ සිද්ධියක්‌ දිඹුලාගල ප්‍රදේශයෙන්ම වාර්තා විය. එම සිසුවියගේ මව මියගියේ නොසිතූ මොහොතකය. ඒ වන විට අපොස සාපෙළ විභාගය ආරම්භ වී ගතවූයේ දින කිහිපයකි. තවත් විෂයන් කිහිපයකට එම සිසුවිය මුහුණ දිය යුතුය. [/FONT]

    [FONT=Malithi_Web] පණ මෙන් ආදරය කළ මව දැන් සිටින්නේ මළවුන් අතරය. එමනිසා පොතක්‌ පතක්‌ ගෙන නිදහසේ පාඩම් කිරීමට ඇයට අවස්‌ථාවක්‌ නොමැත. මියගිය මවගේ මළමිනිය තවමත් තැන්පත් කර ඇත්තේ නිවස තුළය. ඇය සිටින්නේ හදවත පැලෙන තරමට වේදනාවෙන්ය. කුමක්‌ කරන්නද කියා සිතා ගැනීමටවත් නොහැක. එහෙත් එක්‌ දිනයකදී මේ සියල්ල හැරදා සැවොම යා යුතුය. ඇය එලෙස සිතුවාය. ඒ අනුව සිතට අපමණ ධෛර්යයක්‌ ගත් ඇය මවගේ මළමිනිය නිවසේ තිබියදීම අපොස සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නාය. [/FONT]

    [FONT=Malithi_Web] බළන්ගොඩ, ඇල්ලෙපොළ ප්‍රදේශයෙන්ද ඉතා කණගාටුදායක සිදුවීමක්‌ අපට අසන්නට සහ දකින්නට ලැබිණි. ඒ අපොස සාපෙළ විභාගයට මුහුණදීමට සිටි සිසුවියන් දෙදෙනකු කහ ඉර මතදී බසයක හැපී තුවාල ලබා රෝහල්ගත කිරීම නිසාය. [/FONT]

    [FONT=Malithi_Web] දිනය පසුගිය 18 වැනිදාය එදින පැවැත්වීමට නියමිතව තිබුණේ ගණිතය විෂයයි. ඉරේෂා සහ දිල්හානි එම විභාගයට මුහුණදීම සඳහා ඇල්ලෙපොළ විද්‍යාලයට පැමිණීමට නිවසින් පිටත්වූහ. ඇල්ලෙපොළ නගරයෙන් බැස පාසල දෙසට යැමට සැරසුණු එම සිසුවියන් දෙදෙනා කහඉර මතින් පාර මාරුවීමට සූදානම් වූහ. ඔවුනට කහඉරේ යැමට හැකි වූයේ ටික දුරකි. විදුලි වේගයෙන් පැමිණි පෞද්ගලික බස්‌ රථයක්‌ එම සිසුවියන් දෙදෙනාව යටකරගෙන ගියේය. [/FONT]

    [FONT=Malithi_Web] දැඩි ලෙස තුවාල ලැබූ එම සිසුවියන් දෙදෙනා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කළහ. එහිදී එක්‌ සිසුවියකගේ තත්ත්aවය බරපතළ නිසා ඇයව රත්නපුර මහ රෝහලට මාරු කර යවන ලදී. මේ අතර අධ්‍යාපන බලධාරීන් සහ පොලිසිය මෙම සිසුවියන් දෙදෙනාටම රෝහලේ සිටම විභාගය ලිවීමට පහසුකම් සැලසුවත් ඔවුන් දෙදෙනාගේ රෝගී තත්ත්වය නිසා එය කළ නොහැකි බව වෛද්‍යවරු පැවසූහ.[/FONT]

    [FONT=Malithi_Web] අපරික්‍ෂාකාරී රියදුරකු නිසා එම සිසුවියන් දෙදෙනාට සිදු වූයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටයි. තවත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් රැසක්‌ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබිණි.


    divaina.com
    [/FONT]
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ස්‌ථිර ලෙසම ඔහු සියදිවි හානිකර ගැනීමට තීරණය කළේය. ඒ අනුව හේ වටපිට සෝදිසි කර බැලුවේය. පෙනෙන්නට කවුරුත් නැත. නිවසේ තිබුණ වස කුප්පියක්‌ද රැගෙන ඔහු පහළ වෙල්යාය දෙසට ගමන් කළේය. එහි මාරයා ඔහු පිළිගැනීමට සැදී පැහැදී සිටියේය.

    වෙල් යායට පිවිසි ඔහු අවට සෝදිසි කර බැලුවේය. පෙනෙන්නට කවුරුත් නැත. වස කුප්පියේ මූඩිය හැර යළි යළිත් කල්පනා කළේය. ඒ ජීවත් වනවාද නැද්ද කියාය. සිත කියන්නේම සියදිවි නසා ගන්න කියාය. යළි දෙවරක්‌ නොසිතූ ඔහු වස කුප්පිය කට තුළට හලා ගත්තේය.

    කව්ද මේ ටික බලාගෙන ඉඳල තියෙන්නෙ ? :eek: අනික ඌ මූඩිය ඇරල තව පාරක් කල්පනා කලා කියල දැනගෙන තියෙන්නෙ පත්තර කාරයට මැරිච්ච මිනිස්සුන්ගෙ හිත කියවන්න පුලුවන්ලුද ? :eek:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කව්ද මේ ටික බලාගෙන ඉඳල තියෙන්නෙ ? :eek: අනික ඌ මූඩිය ඇරල තව පාරක් කල්පනා කලා කියල දැනගෙන තියෙන්නෙ පත්තර කාරයට මැරිච්ච මිනිස්සුන්ගෙ හිත කියවන්න පුලුවන්ලුද ? :eek:

    අන්න කියලා හඳ පෙන්නුවාම ඇඟිල්ලේ කෙලවරත් බලං ඉන්න මිනිස්සු ඉන්නවා එහෙනම් :P:P
    අන්න උඹේ සීට්ටු නූල වේලෙනවා උඔ නැතුව :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න කියලා හඳ පෙන්නුවාම ඇඟිල්ලේ කෙලවරත් බලං ඉන්න මිනිස්සු ඉන්නවා එහෙනම් :P:P
    අන්න උඹේ සීට්ටු නූල වේලෙනවා උඔ නැතුව :yes:

    නෑ මං කියන්නෙ මුං නිකං මැරිච්ච එකාගෙ හිත කියෙව්ව වගේ කියෝන උන්ව හෙන සංවේදී කරන්න ප්‍රවෘති දැම්මාම සංවේදී නොවෙන්නමයි හිතෙන්නෙ :D ඌ දන්න දේ විතරක් ඒ විදිහට වාර්ථා කරපු දාක සංවේදී වෙනව. එහෙම නැති සේරම ප්‍රවෘති ජෝක් :yes:

    වේලිච්චදෙන් මං හිතුවෙ ඒක ඔයිටවඩා ඉක්මනට වේලෙයි කියල :sorry: ආතල් එකට දැම්මෙ ඒක ප්‍රසිද්ද වුනා වැඩියි :sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නෑ මං කියන්නෙ මුං නිකං මැරිච්ච එකාගෙ හිත කියෙව්ව වගේ කියෝන උන්ව හෙන සංවේදී කරන්න ප්‍රවෘති දැම්මාම සංවේදී නොවෙන්නමයි හිතෙන්නෙ :D ඌ දන්න දේ විතරක් ඒ විදිහට වාර්ථා කරපු දාක සංවේදී වෙනව. එහෙම නැති සේරම ප්‍රවෘති ජෝක් :yes:

    වේලිච්චදෙන් මං හිතුවෙ ඒක ඔයිටවඩා ඉක්මනට වේලෙයි කියල :sorry: ආතල් එකට දැම්මෙ ඒක ප්‍රසිද්ද වුනා වැඩියි :sorry:

    මාධ්‍යෙව්දීන් එහෙම තමා බන්..අපේ ගෙදර පත්තර 2ක් ගන්නවා..එකම සිද්ධිය ඒ පත්තර දෙකේ තියෙන්නේ දෙවිදියකට.. අන්තිමේදී වෙච්ච දේ එක වුනාට වෙන විදිය වෙනස්...අන්න එහෙමයි පත්තර විකුණගන්න මුන් විස්තර ලියන්නේ..අර බ්ලොග්කාරෙයාත් කරන්නේ මේකම තමයි :angry:
    සිට්ටු නුල වේලෙන්න දෙන්නේ නෑ අපි නම් :cool::cool: