සායි නොමැති ඉන්දියාව!

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
සායි නොමැති ඉන්දියාව!

සායි නොමැති ඉන්දියාව!

India%20WO%20Sri%20Sathya%20Sai%20Baba.jpg


අසූ පස් වියැති සායි බාබා 2011 අප්‍රේල් 24 වෙනිදා උදෑසන මිය යාමත් සමග ඔහුගේ ඔහුගේ ප්‍රාතිහාර්යයන් සහ අනාවැකි අසාර්ථක සහ ව්‍යාජයන් බවට යලිත් වතාවක් සනාත වුණා.

වසර 2000 දී පුත්තපාර්ති හි මූලාස්ථානයේ වූ මහජන හමුවකදී ඔහු ප්‍රකාශ කොට සිටියේ,තමන් මිය යන්නේ වයස 96 ක් වූ පසුව බවයි. එපමණක් නොව ඉන් අනතුරුවත් ඔහු කිහිප වතාවක් ඒ බව ඔහුගේ අනුගාමීන් හට ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව ඒ විශ්වාසය හා අනාවැකිය පරිදි අවසාන මොහොත දක්වා ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ඇදහුවේ-

අසාධ්‍ය තත්වයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් හුන් ඔහු ප්‍රාතිහාර්යයක් මගින් සුවපත් වනු ඇතැයි කියායි. මිලියන ගණනක් වන, පහසුවෙන් රැවටෙන සුළු (Gullible people) මිනිසුන් ගේ හා මුග්ධ ලෙස නොමග ගොස් සිටියවුන්ගේ ඇස් ඇරවීමට 24 වෙනිදා ඔහුටම හැකි වුණා.

ඔහුගේ මියයාම යහපතක් කියලා කෙනෙකු කියන්නට පුළුවන්. මක්නිසාද ඔහු මිය යන විටත් ඉන්දියාවට විශාල හානියක් කොට තිබුණා. ඔහුගේ විනාශකාරි බලපෑම හේතුවෙන් ඉන්දියානු සමාජය විද්‍යාත්මක චින්තනය හා තර්ක බුද්ධිය අතින් පසුපසට හෙලනු ලැබුවා.

ලෝකය අත්පත් කරගත් විද්‍යාත්මක ප්‍රගතිය විසින් ඉන්දියාව ආර්ථිකමය වශයෙන් හා සමාජීයව ඉදිරියට එළැඹෙමින් ඇති මොහොතක, විද්‍යාත්මක පිබිදීමත් ඇති මොහොතක සායි බාබා විසින් ඊට එරෙහිව "ප්‍රති විප්ලවයක්" දියත් කළා. වගකීම් විරහිත දේශපාලනඥයන්ගේ හා ජනප්‍රිය චරිත විසින් ඔහු වෙත දක්වනු ලැබු විශාල අනුග්‍රහය හේතුවෙන් ඔහුට එතරම් බලපෑමක් කිරීමට අවශ්‍ය රැකවරණය හා ශක්තිය ලැබුණා.

මගේ විනිශ්චය අනුව මෙය විශාල අපරාධයක්. මම නැවත නැවතත් මහජනතාව ඉදිරියේ ඔහු බොරුකාරයකු බව හෙළිදරව් කරනු ලැබුවා. තවත් ඉන්දියානු හේතුවාදීන් විසින්ද එසේ කරනු ලැබුවා.

මහජනයාගේ තර්ක බුද්ධියට ඇති ඉඩ අවුරමින් ඔහු සිදු කරනු ලැබූ සමාජමය අපරාධයට ඔහු වග උත්තරකරුවෙකු විය යුතු මුත් දේශපාලන රැකවලුන් නිසා එසේ වරදකරුවෙකු නොවී මිය යන තෙක් ඔහුට ගැලවී සිටීමට හැකි වුණා.

Young%20Sri%20Sathya%20Sai%20Baba.jpg


ඔහුගේ අධිරාජ්‍ය තුල අත නොතැබූ මූල්‍ය රහස් පිළිබඳ කිසිදු විමර්ශනයක් හෝ පැහැදිලි කිරීමක් අදාල බලධාරීන් සතුව නොමැති වීම බලාපොරොත්තු විය හැකියි. එනමුත් ඔහුට එරෙහිව නැගී තිබෙන ලිංගික අපචාර චෝදනා හෝ මිනීමැරුම් චෝදනා පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග හෝ විමර්ශනයන් ඉදිරියට ගෙනයාම හෝ තව දුරටත් විභාගවෙමින් පැවතීම නොතකා හැරිය නොහැකි කාරණයක්.

තන්ත්‍ර මැජික් කරුවෙකුගේ පුත්‍රයෙකු ලෙස සුළු සුළු ඇස්බැන්දුම්, මැජික් ආදීය පිළිබඳ හුරුවක් ඔහුට නිතැතින්ම උරුම වී තිබුණා. ඒ අනුව මුල් අවධියේ සිටම නූගත් ගැමියන් හමුවේ මෙම ඇස්බැන්දුම් හා විජ්ජාවන් පා ඔවුන් ඔවුන් විමතියට පත් කිරීමේ ඉතිහාසයක් ඔහුට තිබුණා. වියපත් වී මේ ශිල්පය දක්ෂ ලෙස හැසිරවීමේදී ඔහු අසාර්ථක වූ ආකාරය මෑතකදී අපට කිහිප වතාවකදීම හසුකර ගැනීමට හැකි වුවද එතෙක් ඔහු ඒ දක්ෂතාවය ප්‍රගුණ කොට තිබුණා.



ඔහු වටා වූ මේ සරල පසුබිම පහසුවෙන් අමතක කරන ඔහුගේ අනුගාමිකයන්ගේත් ඊට වඩා විචාරශීලිත්වයක් බලාපොරොත්තු විය නොහැකිය.

අනතුරුව වසර ගණනාවක් තුලදී ඔහුට හැකියාව ලැබුණා, බලවත් හා ධනවත් චරිත රාශියක් ඔහු වටා ආකර්ශණය කර ගන්නට. ඒ අනුව අමාත්‍ය වරු, අග්‍රාමාත්‍යවරු, ජනාධිපතිවරු, අග්‍ර විනිශ්චයකාරවරු, ඉහළම කර්මාන්ත හිමියන් හා සුපිරිතරු ආදීන් ඔහුවෙත දිනාගැනීමට හැකිවුණා.

ඊට අමතරව ඔහුගේ මූල්‍ය අධිරාජ්‍ය හරහා, විදේශීය බැතිමතුන් හා විදේශීය ශාඛා ඔස්සේ කළු සල්ලි (අයතා ක්‍රම වලින් උපයා ගත් ධනය) පිරිසිදු කිරීමේ (Money Laundering) ක්‍රමවේදයක්ද ඔහුට පවත්වාගෙන යාමට හැකි වුණා. එමෙන්ම ඔහු වටා වූ බලවත් දේශපාලන සම්බන්ධතා ජාලය ඔස්සේ "යමක්" ඉෂ්ඨ කරගැනීමේ මාවත් සැකසී තිබූ නිසා එවැනි පරමාර්ථයන් සඳහාද ඔහු වටා බලවත් සමාජ ස්ථරයන් ගොනු වී සිටියා.

ඔහුට හැසිර විය හැකි වූයේ තම මව් බස වූ තෙළිඟු පමණි. ඔහු රටින් බැහැරව ගොස් ඇත්තේ එක් වතාවක් පමණි. ඒ එවකට ඔහුගේ මිත්‍රයෙකු වූ ඉඩි අමීන් හමුවීමටයි. ඔහු විවිධ අයතා ක්‍රම වලින් හා ජනතාව රවටා උපයාගත් ධනය යොදවා රෝහල්, පාසැල්, පානීය ජල ව්‍යාපෘති ආදිය ඉදිකොට තිබේ. ඒවා මතින් සාන්තුවරයෙකු ලෙස ඔහුව අර්ථගැන්වීමට, වෙස්ගැන්වීමට ඔහුගේම අනුගාමිකයෝ හා අන්තේවාසිකයෝ ක්‍රියාත්මක වූහ.

සායි බාබා ගේ ව්‍යාජයන් හා අනීතික දෑ ඉවසාලු, ඒවාට ඉඩහල දේශපාලඥයන් හා අනෙකුත් වගකිවයුත්තන් නිසා ඉන්දියානු දේශපාලන සංස්කෘතිය දූෂ්‍ය වුණා.

ඒනිසා සායි නොමැති ඉන්දියාව යහපත් තැනක් වේවි!

- සනාල් එදමරුකු
ඉන්දියානූ හේතුවාදි සංගමයේ සභාපති
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තමාත් මිනිස්සු ඔය වගේ අයට රැවටෙනවානෙ..:rolleyes:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    machan uba kiyana kathawa 100% hari wenna puluwan..
    mokada pora marunata passe okkoma depala dunne
    duppath ayata newe porage banala dennekta hari lagama nayo
    dennekta hari..
    ochchara pakeer nam deepiyako maha bandagarayata, nathnam
    wena aramudalakata.. :baffled: