සායි බාබාගේ නියම වත්කම්!

සායි බාබාගේ නියම වත්කම්!

සායි බාබාගේ නියම වත්කම් හෙලිවෙයි
sai-baba.jpg

පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා මියගිය ඉන්දියාවේ ආධ්‍යාත්මික නායකයෙකු වූ සත්‍ය ශ‍්‍රී සායි බාබාගේ මුල්‍ය වත්කම ඉන්දීය රුපියල් කෝටි 850 ක් බව ඔහුගේ වත්කම් භාරය විසින් හෙළිදරව් කර තිබෙනවා. එමගින් තවදුරටත් සඳහන් කළේ, මාධ්‍ය මගින් සායි බාබාගේ වත්කම් අතිශයෝක්තියෙන් හුවා දක්වා ඇති බවයි. සායි බාබා ට ඩොලර් කෝටි දහස ඉක්මවූ වත්කම් ඇති බව මාධ්‍ය මගින් ප‍්‍රකාශ කර තිබුණා. එහෙත්, ඔහුගේ මූල්‍ය වත්කම්වල ඩොලර් වටිනාකම මිලියන 190 ක් පමණක් බවත්, සායි බාබා වත්කම් භාරය සඳහන් කරනවා. සායි බාබා ජීවත්ව සිටි අවධියේදී ඔහුගේ ආදායමින් රොහලක් සහ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීම ඇතුළු සමාජ සුබසාධන ක‍්‍රියාකාරකම් රැසක් ඉටුකළා. දැනට පවතින ඔහුගේ මූල්‍ය වත්කම්වල පොලියෙන් සායි බාබා රෝහල සහ විශ්වවිද්‍යාලය නඩත්තු කිරීමටයි වත්කම් භාරය සැලසුම් කර ඇත්තේ.
 

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඔය සල්ලි වලින් අනාත මිනිස්සුන්ට කොච්චර ආධාර කරන්න තිබ්බද :oo:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුදු හුනු ගෑමක් නෙමේ

    මට එකම පාරක් සායි බාබා ජීවත් වෙලා ඉදිද්දිම පුට්ටපාර්ති යන්න පුලුවන් උනා අහම්බෙන් , ජීවත්ව සිටියදී සායි බාබා දකින්නත් පුලුවන් වුනා (පුට්ටපාර්ති වල තමා සායි බාබා ජීවත්වෙන්නේ) මම සායි බාබාගෙ අද්යාත්ම පෑත්ත ගෑනවත්, ආගමික පෑත්ත ගෑනවවත් දන්නෙ නෑ මම ඒ ගෑන කතාකරන්නෙත් නෑ ඒත් පුට්ට පාර්ති කියන ගමට සායි බාබා කරල තියන දේවල් නම් කියල නිමකරන්න බෑ

    බොන්න වතුර නෑතුව හිටපු දුප්පත් මිනිස්සුන්ට රජයටවත් බෑරි වෙලාතියනව පානීය ජලය දෙන්න සායි බාබා ඒ අයට පානීය ජලය ලබාදෙනව වෙනමම වියාපෘතියකින්.
    තව විශ්ව විද්යාල, රෝහල්,ක්‍රීඩාංගන ගෙවල්/ , මහල් නිවාස වියාපෘති වගේ ගොඩක් දේවල් කරල තියන්න සහ ගුවන් තොටුපලක් ද සදා තිබෙනව

    මුලු පුට්ට පාර්තියම යෑපෙන්නෙ ප්‍රශාන්ති නීලයම් (සායිබාබා ගේ ආශ්ශ්‍රමය ) එකෙන්,
    මම ඒ මිනිසුත් එක කතා කලාම ඒගොලො කියන්නෙ සයී බාබා කියන්නෙ දෙවියෙක්ලු කලියුග කාලයේදි මිනිසුන් ආගමානුකූලව ජීවත් කරවන්න ඔහු ඈවිත් තියෙන්නෙ සායිබාබාගෙ කලින් ආත්මය ශිර්දි සායිලු, මේ ආත්මය සත්ය සායි ලු ඊලග ආත්මය ප්‍රේම සායි ලු..

    මම දන්නෙ නෑ සායි බාබා කියන්නෙ දෙවියෙක්ද හොරෙක්ද කියල
    ඒත් පුද්ගලයෙක් විදිහට ඒප්‍රදේශයට විශාල සේවාවක් කරල තියන්ව ඒක මම ඈස් දෙකෙන්ම දෑක්ක..