සාර්තක වෙන්න අවශ්‍ය දෑ

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.

    අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා.
    උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.

    මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි.

    ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා.
    1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!)

    හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන.

    සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක.
    1. රස්සාවත්
    2. එහෙම නැත්තන් ස්‌වයං රැකියාවක්
    //ඔය දෙක එකටම කරන්න පුළුවන්.

    ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.

    ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන.

    මට කියනන තියෙන මුලික දේ මේකයි;

    ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා,

    // අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා.

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    උවමනාව හා කැපවීම
    …වාසනාවත් සමහර වෙලාවට වැදගත්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගෙ ගව තියෙනවා අවුරුදු 5-8 සැලැස්මක් මෙකෙදි අපිට ලක් එකත් උදව්වක් වෙනවා අවුරුදුගන අඩු කරගන්න

    කෙටියෙන් කියනවා නම් තමගේ ෆිල්ඩ් එක අනුව කෙටි කර ගන්න පුලුවන්

    පී එච් ඩි එකක් . ඇසෙසියෙට් ඩිග්‍රියක්. එම් එස් සී එකක් කරලා ගොඩ දාගන්න ඔන මේ දෙවල් කරද්දි ලක්ශ 40 වියදම් වෙයි, එත් ගොඩ ගියහම ජොබ් කරලා මාසෙකට ලක්ශ 8 ගනේ හොයන්න පුලුවන් , එ අතරරේ කසාදයක් බැදලා දරු මල්ලෝ හදාගෙන අඩු වැඩි වශයෙන් ප්‍රතිලාභලබා කැමතිනම් පී අර් හදන් ඉන්න පුලුවන් ලක් එක තියෙනවා නම් ග්‍රීන් කාඩ්, පී එච් ඩී එකට නම් ඔය ඔන එකක් සූවර් හොද කම්පැනියක් ස්පොන්සර් කරලා කන්ටිනුව් කරොත්, ගිය ගාන හොයලා එක්කෝ ලංකාවට එන්න පුලුවන් එතකොට අතේ සල්ලි ඉතුරුයි සූදා වගේ ඉන්න තියෙන්නේ නැත්නම්, මෙහෙ බබෙක් ලැබුනහම එයාට අවුරුදු 18 පිරිරුණම සියලුම වරප්‍රසාස ලැබෙනවා ඇමරිකාවේ,ජය වෙවා මේ ඔක්කොම ඇමරිකාවේ !
     
    • Like
    Reactions: Darkline

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආර්තිකය
    රැකියාවක් නම් තමන්ට ලැබුනු වැඩ කටයුතු උනන්දුවෙන් කැපවීමෙන් අවසන් කිරීම. උසස්වීම් වලට අදාල දැනුම සම්පූර්ණ කරගැනීම. වගේම ආත්ම විශ්වාසය.
    ව්‍යාපාරික නම්
    අලුත් අසහස් වලින් පාරිභෝගිකයන් වෙත යෑම. තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් උපරිම කැපවීම හා තනි කීරණ ගැනීමේ හැකියාව වගේම ආත්ම විශ්වාසය‍.

    මුලින් කකුලෙන් අදින, හිනාවෙන මිනිස්සු ඉදී. නමුත් කවදහරි තමන් යම් තැනකට ආවට පස්සේ ඒ කකුලෙන් ඇදපු හිනාවුන පිරිසම ඔබට සුභ පතනු ඇත. ගරු කල යුත්තාට ගරු කිරීමටත්, අතේ දුරින් තබාගත යුත්තා එසේ තබාගැනීමටත්, මිතුරන් හදුනා ගැනීමටත් ඔබ සූක්ෂම විය යුතුය.

    සමාජ තත්වය
    තමන් කරන දේ හරියට කරහම සමාජ තත්වය කියන දේ ඉබේම හැදෙනවා. ඒ වගේම වැදගත් විදිහට සමාජයේ හැසිරෙන්න ඕනේ. නිතරම පැනි හල හල, ඕනෙ එකටයි එපා එකටයි වාචාලයා වගේ කියව කියව හිටියම සමාජ තත්වේ නැති වෙනවා. හැමතිස්සෙම අඩු කතාව වැඩි වැඩ තියෙන්න ඕනේ. පුද් ගලයින් සමග සිනා මුසු මුහුනින් සිටීමත් අතපසු වීම් අවම කර ගැනීමත් වැදගත්. නොදැනුවත් කමින් හෝ වැරදීමක් වුනොත් සමාව ගන්න පැකිලෙන්න එපා. සමාජයේ හැම කෙනෙකුටම ආත්ම අභිමානයක් තියනවා. ඒ නිසා එක එක්කෙනා ගැන පහත් කරලා හිතන්න හොදනැ. එමෙහ පහත් කරලා හිතුවොත් ඒක නැවත තමන්ට පෙරලිලා එන එක වලක්වන්න බෑ.

    පුද්ගලික ජීවිතය
    බැන්දට පස්සේ තමයි මේක ලොකුවටම දැනෙන්නේ. හැමතිස්සෙම බිරිදගේ ගරුත්වය රැකෙන විදිහට තමන් කටයුතු කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ආදරය දැක් වීම, ඇය වෙනුවෙන් කාලය ගත කිරීම, නිසි රැකවරනය ලබාදීම අතින් පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න පුලුවන්. නිතරම බිරිදගේ දෙමව්පියන් ගැන හොදින් සිතන්න. දෙමව්පියන් වෙනුවෙන් අවශ්‍ය විටදී උදව් කරන්න ඉඩදෙන්න. එවිට ඇය තමන්ගේ දෙමව් පියන් ගැනත් ඒ ආකාරයෙන්ම සිතනු ඇත. ගෙදර ප්‍රශ්න පිට මිනිස්සුන්ට පමණක් නොව තමන්ගේ දෙමව්පියන්ට හෝ සහෝදරයින්ටද පැවසීමෙන් වලකින්න. බිරිදත් ගෙදර ප්‍රශ්න ඇයගේ දෙමව් පියන්ට පැවසීමට අවශ්‍ය නොවන ආකාරයට කටයුතු කරන්න. එසේ පවසන්නේ නම් කරුනු කාරනා පැහැදිලි කර දී එසේ වීම වලකා ගන්න.

     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පැටියා;19498720 said:
    හොඳ රස්සාවක් බං. බිස්නස් අද නගිනවා හෙට වැටෙනවා. :yes:
    ඔන්න කිව්වා:frown:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුදල් නිසි පරිදි කළමණාකරනය කිරීම
    හොඳ අරමුණක්
    තමන් කරන දෙය පිළිබඳ විශ්වාසයක් හා කැපවීම්
    කරන දෙය පිළිබඳව තියෙන දැනුම
     
    • Like
    Reactions: XibitZ

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මගෙ ගව තියෙනවා අවුරුදු 5-8 සැලැස්මක් මෙකෙදි අපිට ලක් එකත් උදව්වක් වෙනවා අවුරුදුගන අඩු කරගන්න

    කෙටියෙන් කියනවා නම් තමගේ ෆිල්ඩ් එක අනුව කෙටි කර ගන්න පුලුවන්

    පී එච් ඩි එකක් . ඇසෙසියෙට් ඩිග්‍රියක්. එම් එස් සී එකක් කරලා ගොඩ දාගන්න ඔන මේ දෙවල් කරද්දි ලක්ශ 40 වියදම් වෙයි, එත් ගොඩ ගියහම ජොබ් කරලා මාසෙකට ලක්ශ 8 ගනේ හොයන්න පුලුවන් , එ අතරරේ කසාදයක් බැදලා දරු මල්ලෝ හදාගෙන අඩු වැඩි වශයෙන් ප්‍රතිලාභලබා කැමතිනම් පී අර් හදන් ඉන්න පුලුවන් ලක් එක තියෙනවා නම් ග්‍රීන් කාඩ්, පී එච් ඩී එකට නම් ඔය ඔන එකක් සූවර් හොද කම්පැනියක් ස්පොන්සර් කරලා කන්ටිනුව් කරොත්, ගිය ගාන හොයලා එක්කෝ ලංකාවට එන්න පුලුවන් එතකොට අතේ සල්ලි ඉතුරුයි සූදා වගේ ඉන්න තියෙන්නේ නැත්නම්, මෙහෙ බබෙක් ලැබුනහම එයාට අවුරුදු 18 පිරිරුණම සියලුම වරප්‍රසාස ලැබෙනවා ඇමරිකාවේ,ජය වෙවා මේ ඔක්කොම ඇමරිකාවේ !

    එත් මචන් ඔය කියන PHD,MSc,,, ගන්න අද මෙ Elakiri එකෙ comment කරපු උන් කි ඩෙනෙක්ට පුලුවන්ද කියල හොයල බ්ලුවොත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි ඉන්නෙ කියන එක තෙරෙනව. එවගෙම අපි හමොටම PHD තිබ්නොත් අර Indiaවෙ ලගදි උන සින් එක වගෙ සින් මෙහෙත් අති වෙනවනෙ බන්.
    මම නම් හිතන්නෙ,
    * අපි කරන දෙ මොන විදිහෙ දෙයක් උනත් අපි එ දෙට කමත්තක් අති කරගන්න එක අනිවරයයි.
    * හරියට තමන් ලග තියන resource ටික උපරිමයෙන් ප්‍රයොජනයට ගන්න විදිහ ගෙන plan එකක් තියෙන්න ඔන.
    * තමන්ගෙ target එක හරියට තෙරුම් අරගන්න එක අනිවාරයයි
    * තමන් එ tatget එකට යන්නෙ කොහොමද කියන එකට plan එකක් තියෙන්න ඔන
    * එ ප්ලන් එකට අනුව මහන්සි වෙලා වෙඩ කරන්නම ඔන (මොන භාදක අවත් නවතින්න හොන්ඩ නෙ)
    *ප්‍රධානම දෙ තමයි තමන් තමන්ගෙ හෙකියවන් අත්ම සශක්තිය විශවාස කරන්න ඔන. මොකඩ අපෙ ගොඩක් අය විශ්වාස කරන්නෙ තමන් නෙවෛ සමහර උපඩෙශකයො, කට්ටඩියො, කෙන්දර, bank ඔය වගෙ මගුල්. ඔය හෙමඩෙටම වඩා වෙඩගත්ම දෙ තමන්ගෙ අත්ම ශක්තිය කියන එක පිලිගන්නම ඔන. උදාහරන ඔනි නම් ලොකෙ දියුනු වෙච්ච මිනිස්සු 99% ඉන්නෙ එහෙම අය.


    මගෙ හිතට අපු අදහස් ටික තමයි ඉතින් ඔය ටික. හොන්ද කියල හිතෙනවනම් හරි වරදි කියල හිතෙනවනම් හරි comment එකකින්වත් මොන හරි කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මගේ අවශ්‍යතාවයන්ට වියදම් කරන්න පුලුවන් තරම් ආදායමක් තියෙන්න ඕනා.වෙන මිනිස්සු තැනකට ගිහාම ගනන්ගන්න කෙනෙක් වෙන්න ඕනා.ඉගෙනගෙන තියෙන්න ඕනා.වෙන මනුස්සයෙක්ගෙ දුක තෙරෙන කෙනෙක් වෙන්න ඕනා.ඉදලා හිටලවත් පිනක් දහමක් කරන කෙනෙක් වෙන්න ඕනා.රෑට නිදහසේ නින්ද යන කෙනෙක් වෙන්න ඕනා, දුකේදි සැපේදි ලඟ ඉන්න යාලුවො ටික දෙනෙක් ඉන්න ඕනා. .... :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම හොදයි..
    මෙතන වෙන වෙනම කිසිම දෙයකට මම රිප්ලයි කරන්නේ නෑ. කරුනු එකතුකරගන්නවා පමනයි
    ඊට පස්සේ ඒ හැම දේකම හරි වැරැද්ද ගැන හොයලා බලලා ත්‍රෙඩ් එකක් දානවා
    ඊට පස්සේ සාකච්චා කරනවා

    තව දාන්න
    :)
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mehemma innawa monawa hari weine issarahata....man hitanawa kawadawath maawa paaratanam watena ekak na...;);) mokek hari kanna adinna denawa..man hitapu dewal wela tiyanawa habai mage kisima effort ekak nathuwa..:lol::lol: