මචන් මෙහෙමයි ජීවිතේ ඉලක්ක එකින් එක හිමීට හදාගන්න. .
සියල්ල එකවිට සම්පුර්න කරගන්න අමාරුයි එකින් එකට යන්න කාලයක් යනවා. .
දැන් ඔයා අවුරුදු දෙකකින් බදින්න හිතන් ඉන්නවනේ . .
ඔයා මුලින්ම බලන්න ඔයාට බැදලා ඉන්න ගෙයක් තියෙනවද කියලා. . තියෙනවනම් හොදයි නැත්තන් හදාගන්න බලන්න. .
ඊලගට බලන්න ඔයාගේ වෙඩින් එක ගන්න ඔයාලග සල්ලි තියෙනවද කියලා. . නැත්තන් ඒකත් හොයාගන්න. .
ඔය උඩ දෙක සම්පූර්න නම් ඊලගට ඔයා වාහනයකට යන්න. . එහෙම කිව්වේ උඩ දෙක අසම්පූර්න නම් ඔයා දැන්ම ලීස් දාලා වාහනයක් ගත්තොත් ඔයාට ගෙයක් හදන එකයි, වෙඩින් එකට සල්ලි එකතුකර ගන්න එකයි ගොඩක් අමාරු වෙන නිසා. .
අපි හැමෝටම ආසාවල් තියෙනවා ඒත් ජීවිතේ හැම වෙලාවකම කලමනාකරනය කරගන්න. .
ආසාවල් වලට වහල් වුනොත් හැමදාම දුකෙන් ඉන්න වෙයි. .
ඔයාට හිතෙන්න පුලුවන් මෙහෙම කියන මම මේ දේවල් ගැන උපදෙස් දුන්නට මෙහෙම කලාද කියලත්. .
ඔව් මචන් අනිවාර්යෙන්ම මම කලා. . මමත් ඉලක්ක එකින් එක හදාගත්තා. . මම මෙතනදි සාර්තකයි. .
1. නිවසක් සෑදීම - සාර්තකයි 2012
2. විවාහ වීම - සර්තකයි 2013
3. වයාපාරයක් පටන්ගැනීම - සාර්තකයි 2014
4. වයාපාර දියුනුවට බැන්කු නයක් ලබා ගැනීම - සාර්තකයි 2015
ඔය මන් සාර්තක කරගත්තු ඉලක්ක. . තව ඉලක්ක කීපයක් සාදාගෙන තියෙනවා ඒවා අනාගතේදි සාර්තක කරගන්න තියෙන ඉලක්ක. .
මම පිලිවලට මේ ජීවිත ගමන යන නිසා මම සතුටින්. .
මට වාහනයකට තියෙන්නේ බයික් එකක් විතරයි. . එහෙමයි කියලා මට කිසි දුකක් නෑ. . මගේ වාහන ඉලක්කයත් මේ වසරේ හෝ ලබන වසරේ සැබෑ කරගන්නවා. .
ජීවිතයේ ඉලක්ක පටලවා ගන්නේ නැතුව ගමන් කරන්න මචන්. . එවිට ඔබට හරියයි. . විශේශයෙන් සතුටින් ඉන්න පුලුවන් වෙයි. .
ඔය මචන් මන් කල විදිය. . ඔබට මේ විදිය හරියන්නේ නැතිවෙන්නත් පුලුවන්. . අනිත් අයගේ අදහසුත් අරන් ඔබට කැමති විදියක් කරන්න මචන්. .