මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.
සමහර මිනිස්සු තනියෙන් දියුණු වෙනවා. ගොඩක් මිනිස්සු මග පෙන්වීමක් තියෙනකොට දියුණු වෙනවා. Law Of Success (සිංහල පරිවර්තනය ; දියුණුවේ රන් දොරටුව) වගේ පොත් කියවලා ජීවිතේ හදාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ දියුණු වෙච්ච මිනිස්සු හරි පාරට වැටුණේ හරි පාර පෙන්නලා දීපු නිසයි.
මම නම් හදවතින්ම විශ්වාස කරගන්නවා ජීවිතේ දියුණු වෙන්න ආස මිනිහෙක්ට ඔය සම්මන්ත්‍රණයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. කාලකණ්ණියෙක් වගේ ගත කරන ජීවිතේ හූල්ලනවට වැඩිය මිනිහෙක්ට ආයෙත් නැගිටින්න බලාපොරොත්තුවක් හිතේ ඇති කරන එක මිනිහෙක්ට තවත් මිනිහෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක්.
ජය ශ්‍රී මචං.!
මේ කතාව සම්පුර්න ඇත්ත . අපි මොන වැඩක් අලුතින් පටන් ගන්න හැදුවත් ගොඩක් වෙලාවට හැම දෙනාම කියන්නේ ඕක වැඩක් නෑ කියලා . මේක හරියට කියලා ගොඩ පලයන් කියන්න එකෙක් නෑ . අඩුම අමමා තාත්තා උනත් කියන්නේ ඕක හරියන දෙයක් නෙමේ කියලා . මමත් ඔය වගේ පොඩි වැඩසටහනකට ගිහින් තියෙනවා අදුරන sir කෙනෙක් කරපු ඒ sir හම්බෙලා මාසයක් දෙකක් යනාකම් මාර වෙනසක් දැනෙන්නේ . ඒක කියන්න තේරෙන්නේ නෑ . මම දැන් උනත් පොඩි අප්සට් එකක් ඇවිත් ගොඩ කාලයක් ගියොත් අනිවරෙන් නිකම් හරි කෝල් එකක් දානවා ,ඒ මිනිස්සුනට ඕන තරම් ප්‍රශ්න තියෙනවා , පොරට තියෙන්නෙත් බයික් එකක් විතරයි . නමුත් ඒ මිනිස්සුන්ගේ වචන හිතට දැනෙනවා , හිතට දැනෙන්නේ ලොකු ශක්තියක් . ඔය වගේ වැඩසටහනකට ගිහින් බලන්න ගියා කියලා දියුණු වෙන්න බැරි වෙයි මොනවා උනත් තමන්ගේ අතේ තමයි හැමදේම තියෙන්නේ නමුත් මේකේ කවුරුහරි ඉන්නවනම් තමන්ට දියුණු වෙන්න බෑ මම මොකද කරන්නේ
මගේ අනාගතේ මොකද වෙන්නේ
මම අනාගතේ මොනවා කරලද ජිවත් වෙන්නේ
මට ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයිද
ඒ වගේ තමන් ගැනම වෙලාවකට හිතලා දුක්වෙන
අයට ගොඩක් වැදගත් වෙයි . මම මේක ප්‍රමෝට් කරනවා කියලා හිතන්න එපා .
මම ඔය පොරව දන්නෙත් නෑ . මම හිතනවා රුපියල් 500ට වඩා වැදගත් වන දෙයක් යන අයගේ ජිවිතයට ලැබෙයි කියලා .