විරෝධය මැද
කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා
සිරිමන්ත රත්නසේකර
ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක් එහිදී බිම ඇද වැටී සිරස්පතට හානි සිදුව ඇත.
පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක් ඇති පිළිම වහන්සේ නමක් අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස් කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා තනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක් සිදුව නැති බවත් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.
ඇත්ත සිරිසේනගෙ ඔෆීසියල් ෆේස් බුක් ෆේජ් එකෙන් අරන් තියෙන්නෙ මෙන්න ලින්ක් ඒක.aththakda meka?
මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
සාසනේටත් අපමන අගයක් - හාමුදුරුවන් ප්‍රසoග #
![]()
විපරීත කලෙ විපරීත බුද්ධි...!
බොරුවට, වන්චාවට සහ නොමග යැවීමට රටේ ජනතාව ලක්වූ කල, එම රටේ විනාශය උදාවීම කිසිවෙකුට නැවතිය නොහැකිය.
රනිල්, මෛත්‍රී, රතන හිමි හවුල ආරම්භ කල මෙම ජාතික විනාශයේ මෙය තවත් එක ජවනිකාවක් පමණි.
ඔවුන්ට තමා කවුද යන්න හෝ කරනා දේවල් පිලිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට තරම් මානසික ස්ථාවරත්වයක නොමැත.
මෙම ක්‍රියාවන්හි ආනිසන්ස පිලිබඳව හෝ ඔවුන්ට අවබෝධයක් නොමැත.
කෙසේවෙතත් මෙය මහා විනාශයක් අරම්භයක් පමණි.
නිසි කලට නිසි වැසි වැසීමට රටේ නායකත්වය ගුන අගුන බලපා අතර, එම වැසි කුණාටු බවට පත්වීමටත් ඔවුන්ගේ ක්‍රියා වල ශාපය බලපාන බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද මතක් කරමි.



