සාහිත්‍යය හා පොත් සැනකෙළිය.....!
12වන වරටත් කොළඹ ජාත්‍යන්තර පොත්ප්‍රදර්ශනය මේ දිනවල පැවැත්වෙනවා. ඔබත් සහභාගි වී හෝ අදහසක් ඇතැයි කියා මම සිතනවා.
සැප්තැම්බර් මාසය විතරක් සාහිත්‍ය මාසය කියලා, මේ වගේ ප්‍රදර්ශන සම්මන්ත්‍රණ වගේ සෙල්ලම් දාන්න ඕනේද...?
එහෙම නැත්නම් කවදාවත් ඕක කෙරෙන්නේ නෑ, සැප්තැම්බර් වලට හරි මෙහෙම දෙයක් කරනවා ඒකට ආඩම්බර වෙන්න ඕනා..
හැබැයි,
ඒ ප්‍රදර්ශනයෙන් අපේක්ෂා කරන අරමුණ ඉටුවෙනවාද කියලා විමසන්න...
ප්‍රදර්ශනයට සහභාගිවන පිරිස් විවිධ අරමුණුවලින් පැමිනෙනවා..
►පාසල් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.
►උසස් අධ්‍යාපනයට අදාල ප්‍රකාශන මිළදී ගැනීම.
►කියවන්න අසාවට මොනයම්හෝ පොතක් ගැනීම.
►තවත් එක් ප්‍රදර්ශනයක් නැරඹීම.
►ආදරය කිරීම.
►සොරකම් කිරීම.
►සාහිත්‍යමය ග්‍රන්ථයක් මිළදී ගැනීම.
(මේවා ඇත්ත නොවේ නම් කියන්න.)
අද මම සහභාගිවුනා,
පාසල් ළමයි ගොඩක් හිටියා, මම බලාගෙන යනකොට අතට අරන් බලන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් වෙනත් ත්‍රාසජනක පරිවර්ථන.
ගැහැණු පාසල් ළමයි, බොලඳ ආදර නවකථා ටිකක් පෙරලමින් ඉන්නවා මේක සුලභ දර්ශනයක්.
එක් ප්‍රදර්ශන කුටියක කොළඹ පාසලක ළමයෙක්ට අල්ලන් ගහනවා, බැලින්නම් හොරකම් කරලා අහුවෙලා.
ගොඩක් කුටිවල අළුත් පොත් කියා ඉස්සරහින්ම තියෙන්නේ, කිසිම වැඩකට නැති පොත් ටිකක්. ඒවා වලට නම් ඉහල ඉල්ලුමක් තිබුනා.
තව පිටරට පොත් ප්‍රකාශකයන්ගේ කුටිවලට කිට්ටු කරන්න බෑ, අපේ රටේ සාහිත්‍ය වර්ධනයට මේ වෙනත් රටවල පොත් වලින් වෙන සේවාව මොකක්ද කියලා මට ඒ වෙලාවේ හිතුනා.
FM නාලිකා වලින් විවිධ තරඟ සංවිධානය කරලා තියෙනවා.
එක් තැනක ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා, එය අතිවිශිෂ්ඨයි. හැබැයි මෙයට එන මිනිසුන් ලවා තම නාලිකාව මාකට් කිරීමට ගන්නා උත්සාහයක් වගේ මට ඒක පෙනුනේ.
හොඳම ඡායාරූපය තෝරන කෙනාට තෑගිත් දෙනවලු...
ඔහොම යනකොට තව තැනක තියෙනවා ෆෙංෂුයි, එතන සෑහෙන බිස්නස් එකක් තියෙනවා. මම නිකමට කථාවක් දැම්මා, සමහරු ප්‍රදර්ශනේට ඇවිල්ලා තියෙන්නේ කාසි 3ක් ගන්න.
මට දුක හිතුනා, අපේ සාහිත්‍යය ගැන.
කෙනෙක් කිව්වා මැජික් සංදර්ශනයක් තියෙනවා කියලා, ඒක නම් මට හොයාගන්න බැරිවුනා. සාහිත්‍යට මැජික් එකක් පෙන්නලා හරි දියුණුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා.
ඇවිදලා බඩගින්නට කන්න තැනක් හොයාගෙන ගියා, බත් තියෙනවා කන්න බෑ ඒවා කන්න තරම් වත්කමක් එතනට එන 90% කට නෑ.
නූල්ඩ්ස් තියෙනවා ඒකත් ගියපාරට වඩා සෑහෙන ගාන වැඩිවෙලා. ඔන්න පෝලිමේ ඉඳලා එකක් අරන් කෑවා.
කන්න පුටුනෑ, වාඩිවෙන්න තියෙන තැන්වල කෙල්ලෝ කොල්ලෝ ආදරය කරනවා. විහාරමහාදේවි පාක් එකම මෙහාට ඇවිල්ලා වගේ.
හිටගෙනම කෑවා.
ළමා ප්‍රකාශන වැහිවැහැලා අම්මලත් ළමයින්ට මේවා අරන් දෙනවා, හැබැයි මේවා වල ගුණාත්මක බව ගැන කිසිම තැකීමක් නෑ.....
කලාතුරකින් මැදිවයසේ කෙනෙක් වැදගත් පොතක් අරන් යනවා දකින්න නැත්තෙම නෑ
ඔන්න ගන්න ගිය පොත එක තැනක තිබ්බා. ඒක අරන් මමත් මාරුවුනා, එනගමන් හිතුනේ සාහිත්‍ය ප්‍රදර්ශනයකට වඩා, සෙනඟවැඩි සැණකෙලියක් බලන්න ගියාවගේ.....
ඔබත් බලන්න ගියානම්, යන්න අදහසක් තියෙනවානම් කියන්න