සාෆි වඳ කළා යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙŞ
සාෆි වඳ කළා යැයි කියූ කාන්තාවක් ගැබ් අරගෙන ! පැලෝපීය ජයසුමනලා, රතනලා ගබ්සා වෙලාද?
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් විසින් සිංහල කාන්තාවන් 4000 කට වඳ සැත්කම් සිදුකර ඇති බවට පවසමින් ජාතිවාදී නාටකයක් පසුගිය කාලයේදී රඟදැක්වුණු අතර එහි ප්‍රධාන තිර රචකයා මහාචාර්ය චන්න ජයසුමනය. අධ්‍යක්ෂණය කලේ අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරුවෝය.
එහෙත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද නිහඬය. චන්න ජයසුමන නම් කියන්නේ රාජපක්ෂ පාර්ශ්වයේ තර්ජන ගර්ජන හේතුවෙන් සහරාන්ලා සාෆිලා ගැන කිසිත් නොකියා කට වසාගෙන සිටීමට සිදුව ඇති බවයි. රතන හිමි නම් ඒ පිළිබඳව හාංකවිසියක් සිහිපත් කරන්නේ නැත.
සිංහල ඡන්ද ගරා ගැනීමට මුස්ලිමුන්ට එරෙහිව ජාතිවාදය පැතිරූ රාජපක්ෂලා සහ ඔවුන්ගේ කඳවුරේ සිටින ජයසුමනලා, රතනලා අද මුස්ලිම් ඡන්ද ගරා ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් හෝ රාජපක්ෂලාගේ තර්ජන ගර්ජන නිසා හෝ කට වසාගෙන සිටිති.
අනෙක් පැත්තෙන් චන්න ජයසුමනලාට පොහොට්ටුවේ හා වියත් මගේ රැස්වීම්වල ඉදිරි පෙළ පුටුවක් ලබා ගැනීමට හා කෙසේ හෝ පාර්ලිමේන්තුවට පැන ගැනීමටත් දැඩි සටනක් කිරීමට සිදුව තිබේ. ඒ නිසා සාෆිලා, සහරාන්ලා ගැන සෙවීමට කාලයක් නොමැත.
සාෆි විසින් කාන්තාවන් 4000 ක් වඳ කළ බවට පොලීසියට පැමිණිලි පිට පැමිණිලි ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කළේය. සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් සිදුකළාද යන්න නිශ්චය කර ගැනීම සඳහා අදාල කාන්තාවන්ට පරීක්ෂණ සඳහා පෙනී සිටින්නැයි ඉල්ලා සිටි නමුත් කිසිදු කාන්තාවක් ඒ සඳහා ඉදිරිපත් නොවීය.
මේ සියලු කතන්දර අස්සේ තමන්ට වඳ සැත්කම් කළා යැයි පොලීසියට පැමිණිලි කළ කාන්තාවක් ගැබ්ගෙන තිබේ. අදාල කාන්තාව මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ හරහා ඒ බව තහවුරු කරගෙන ඇති අතර කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක මාතෘ සායන සඳහා ද සහභාගි වේ. අදාල පරීක්ෂණවල සහ සායනික වාර්තාවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යොමු කර තිබේ.
පැලෝපීය මහාචාර්ය චන්න ජයසුමලා, මන්ත්‍රී හාමුදුරුවන්ලා දස අතේ දිවුරමින් කියා සිටියේ මෙම කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකර ඇති බවයි. එසේම එය තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නොවන බවටද ඔවුන් තර්ක කළේය. එහෙත් වඳ සැත්කම් සිදු කළා යැයි කියන කාන්තාවන් ගැබ් ගැනීමත් සමග සත්‍යය මතුවෙමින් තිබේ. පැලෝපීය මහාචාර්යලා, රතනලා පැවසූ පරිදිම තවදුරටත් වඳ සැත්කම් සිදු කළාද යන්න පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය නොමැත. අදාල කාන්තාවන් විසින්ම වඳ සැත්කම් කතාව පට්ටපල් බොරුවක් බව තහවුරු කර තිබේ.
දැන් ඇත්තේ වෙනත් පරීක්ෂණයකි. චන්න ජයසුමනලා, රතන මන්ත්‍රී හාමුදුරුවන්ලාගේ වඳ සැත්කම් නාටකය පිළිසිඳ ගත්තේ කෙසේද යන්න සොයා බැලිය යුතුය. එම පිළිසිඳ ගැනීමට සම්බන්ධ මව්-පිය පාර්ශ්වය හ ඳුනා ගත යුතුය.
ඒ අනාගතයේ රාජපක්ෂ කඳවුරේ ජාතිවාදීන්, ආගමික අන්තවාදීන්, අවිද්‍යාව පතුරවන්නන් විසින් ජනිත කරන මීළඟ ජාතිවාදී, ආගමික අන්තවාදී කළලය හඳුනා ගැනීම සඳහාය.

i thought that explanation was correct. it's sad to hear that they will be able to bring more beings into this world. anyway thanks !