සැඟවුණු පණිවුඩ සහිත ලෝක ප්‍රසිද්ධ ලෝගෝ 12 ක&#3

osandaja

Member
Feb 11, 2008
360
324
0
සැඟවුණු පණිවුඩ සහිත ලෝක ප්‍රසිද්ධ ලෝගෝ 12 ක&#3

සැඟවුණු පණිවුඩ සහිත ලෝක ප්‍රසිද්ධ ලෝගෝ 12 ක් !

ඕනෑම අායතනයක ප්‍රසිද්ධිය සදහා බලපාන ප්‍රමුඛතම සාධකයක් තමයි එම අායතනයේ ලෝගෝ එක. එ්ක නිසා තමයි එ් අායතනය තමන්ගේ ලෝගෝ එකට ලොකු වැදගත්කමක් දීලා ලෝකේ හොදම නිර්මාණකරුවන් යොදාගෙන විශාල මුදලක් එ් වෙනුවෙන් වැය කරන්නෙ. නමුත් අපේ රටේ සමහර අායතන තමන්ගෙ ලෝගෝ එක ගැන එතරම්ම වැදගත්කමක් දෙනවද කියන ප්‍රශ්නෙත් (එයාලට දේදුන්නෙ පාට 7යි ලියවැල් කෑල්ලකුයි අමුනලා දුන්න නම්, එ්ක තමා ලෝගෝ එක!) එක්කම අපි පොඩ්ඩක් බලමු සැගවුන පණිවිඩ සහිත ලෝගෝ 12ක් ගැන.

අැත්තටම මෙම ලිපිය මගින් පෙන්වන්නට යන්නේ සැගවුන ලකුණු (Hidden Symbols) මගින් සහ Negative Space (සිංහලෙන් සෘණාත්මක/නිෂේධ හිඩැස) පාවිච්චි කරලා කොහොමද මේ ලෝගෝස් නිර්මාණය කරල තියෙන්නෙ කියල.


01. FedEx



1z3342q.jpg

Image :- www.wikipedia.org

ලෝකප්‍රසිද්ධ FedEx අායතනය ගැන කවුද නොදන්නෙ නේද? FedEx කියන්නෙ Courier Service එකක්. එ් කියන්නෙ එ් අය කරන්නෙ අපේ බඩුභාහිරාදිය ගෙන යන එක. ඔවුන්ගේ ලෝගෝ එකෙන් මෙය ඉතා හොදින් නිරූපණය කරලා තියනවා. මෙහි Ex යන්නෙහි “E” සහ “X” අකුරු දෙක අතර තිබෙන හිඩැසෙන් ඊතලයක් තිබෙන බව ඔබට පෙනෙනවාද? මෙම හීය මගින් අර්ථදක්වන්නේ එම අායතනයෙහි “යන එන” ස්වභාවය සහ “වේගය” වැනි අායතනයටට අාවේණික දේවලුයි. Cricket වලට Don Bradman ලෙජන්ඩ් එකක් වන්නේ කෙසේද, FedEx ලෝගෝ එක ලෝගෝ ඩිසයින් ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් එකකි.


02. Apple

1rz2ac.jpg

Image : www.wikipedia.org

අැපල් කියපු ගමන් සමහර විට අැපල් ගෙඩියට වඩා අපිට මතක් වෙන්නෙ Apple බ්‍රෑන්ඩ් එක! එ් තරමට Apple කියන්නෙ ලොකප්‍රසිද්ධ සන්නාමයක්. එහි ප්‍රසිද්ධියට එ් සමාගමේ ලෝගෝ එකත් මාර විදියේ සහයෝගයක් දෙනවා. ඉතිං මේ ලෝගෝ එක දැකපු ගමන් පේන්නේ බාගෙට කාපු අැපල් ගෙඩියක් බව පේනවනේ. එ්ත් මේ ලෝගෝ එකෙත් සැගවුනු කථාවක් තියනවා. මෙහි නිර්මාණ කරුවා සහ ස්ටීව් ජොබ්ස් මුලින්ම නිර්මාණය කරලා තියෙන්නෙ සම්පූර්ණ අැපල් ගෙඩියක්. නමුත් එය ඩිසයින් කලාට පස්සෙ එ්ක “තක්කාලි ගෙඩියක්” වගේ පේන්න පටන් අරන් තිබෙනවා. එම නිසා නිර්මාණකරු එයින් කෑල්ලක් හපලා තිබෙන විදියට අැපල් ගෙඩියෙන් කෑල්ලක් අයින් කලා. එ්ත් සමගම ඔවුන්ට අවබෝධ වී තිබෙනවා Bite (සැපීම) සහ Byte (පරිගණකයේ මූලික මිනුම් එ්කකයක්) යන වචන දෙකම ශබ්ද කරන්නෙ එකම විදියට බව. Apple යනු Computer සම්බන්ධ සමාගමක් නිසාත්, Byte යනු පරිගණක වල මූලික මිනුම් එ්කකයක් නිසාත් එය අර්ථ ගන්වන්නට අැපල් ගෙඩියේ අැති bite එක උපයෝගී කර තිබෙනවා.


03. Amazon


2zivk9i.jpg

Image : www.wikipedia.org

Amazon කියන්නෙ Online store එකක් කියල ඔබ දන්නවා. මෙය සෑම දෙයක්ම විකුණන්න පුළුවන් විදියේ platform එකක්. මෙම logo එකේ විශේෂත්වය වන්නේ මෙහි පහළින් අැති “ඊතලයයි”. එය “A” අකුර සහ “Z” අකුර යා කර දක්වනවා. මින් අදහස් වන්නේ “A-Z” (A to Z) යන අර්ථයයි. A-Z යනු සියළුම දේ යන තේරුම සහිත ඉංග්‍රීසි යෙදුමක්. අනිත් කාරණය තමා මෙම ඊතලය මිනිස් සිනහවක් සේ අැද තිබීම. මින් අර්ථවත් වන්නේ, “Happy Client”, “Happy Customer” යන්නයි.



04. Goodwill

11jxg6f.jpg

Image : www.wikipedia.org

බැලු බැල්මට සිනා සෙන මුහුණක හරි අඩක් පෙනුනත් ඔබට මේ පෙනෙන්නේ “goodwil” නමේ මුල් අකුර වන “g” අකුරයි. එම “g” අකුර සිනාසෙන මුහුණක් ලෙස නිර්මාණය කර තිබෙනවා.



05. Beats

21ll7us.jpg

Image : www.wikipedia.org

Beats කියන්නෙ headphones සම්බන්ධ සමාගමක්. මෙහි රතු පාට රවුම තුල “b” අකුර නිර්මාණය කර තිබෙනවා ඔබට පෙනෙනවා. මෙහි තිබෙන්නේ “b” අකුර පමණක් නොවේ කියා මොහොතකට වත් ඔබට සිතුනාද? හොදින් බැලුවොත් ඔබට පෙනේවි “b” අකුර “හෙඩ්ෆෝන්” එකක් බව සහ රතු රවුම “ඔළුවක්” බව. කොටින්ම මේ තියෙන්නෙ headphone එකක් දාගෙන ඉන්න මනුස්සයෙක්ගේ පැති පෙනුමක ඉතා සරල කරපු (simplified) නිර්මාණයක්.


06. Milwaukee Brewers


ඔබ බේස්බෝල් ෆෑන් කෙනෙක්නම් මේ ලෝගෝ එක දැකලා අැති. මෙහි තියෙන්නේ “b” අකුර සහ “m” අකුර සමගම බේස්බෝල් වල භාවිතා වන අත්අාවරණයක් නිරූපණය වන ලෝගෝ එකක්.



07. The Guild of Food Writers

axk8bc.jpg

Image: imjustcreative.co.uk​

මෙම අායතනය කෑම ගැන ලියන අායතනයක්. ඔබට පෙනෙන පරිදි මෙහි පෑනක් නිරූපණය කර තිබෙනවා. තවත් සැලකිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි “හැන්දක්” තිබෙන බව. හැන්දෙන් “කෑම”ත්, පෑනෙන් “ලිවීමත්” නිරෑපණය කර තිබෙනවා.


08. NBC

2wpmn8i.jpg

Image: NBC​

මෙහි White Space එක මගින් මොණරෙකුත් අනිකුත් පාට 6න් උගේ පිල්ද ඩිසයින් කර තිබෙනවා. කොටින්ම මේ ඩිසයින් කර තිබෙන්නේ පිල් විදහාගත් මොනරෙක්! මොනරා යනු අාඩම්බර සතෙක්. ඉතිං මින් නිරෑපණය කරන්නේ NBC මාධ්‍ය ජාලය ඔවුන් Broadcast කරන දේ ගැන “අාඩම්බර” වන බවයි.


09. London Symphony Orchestra

2mgqip3.jpg

Image: www.logok.org

මෙය Orchestra සම්බන්ධ අායතනයක් මෙහි logo එක මගින් මුල් අකුරු වන “LSO” නිරූපණය කර තිබෙනවා. තවත් ටිකක් අවධානයෙන් බැලුවොත් පේනවා “Orchestra Conductor” කෙනෙක්! (Orchestra Conductor කියන්නෙ අර කෝටුවක් තියාගෙන බෑන්ඩ් එක ඉස්සරහට වෙලා කෝටුව වනන එක්කනා) “L” අකුරෙන් ඔහුගේ දකුණු අතත් (කෝටුවත් එක්කම), “S” අකුරෙන් මුහුණත්, “O” අකුරෙන් වම් අතත් නිරෑපණය කර තිබෙනවා.


10. The Bronx Zoo


මෙය New York නගරය පාදක කොටගත් Zoo එකක්. ඔබට පැහැදිලිව පෙනෙන පරිදි, ජිරාෆ් සතුන් දෙදෙනෙකු මෙහි දැක්වෙනවා. ඔවුන්ගේ කකුල් අතරින් ඔබට මොනවද පේන්නෙ? (Negative Space) ගොඩනැගිලි 04ක් පෙනෙනවා නේද? එ් ගොඩනැගිලි 04න් නිරූපණය වන්නේ නිව් යෝර්ක් නරගරයයි. Google කරලා බලන්න New York Skyline කියලා.


11. Spartan Golf Club


Spartan කෙනෙක් කියපු ගමන් මතක් වෙන්නෙ මොකද්ද? ඔවුන් භාවිතා කරන හිස් අාවරණය නේද? (පොඩ්ඩක් ගූගල් කරලා බලන්න) ඉතිං මේ ලෝගෝ එකෙන් එම හිස් අාවරණය දරා සිටින මුහුණක් සහ ගොල්ෆ් ක්‍රීඩා කරන රුවක් නිරූපණය කර තිබෙනවා. හිස් අාවරණය දරා සිටින දර්ශණය මගින් “Spartan ” යන්නත්, ගොල්ෆ් රුවෙන් “Golf” යන්නත් නිරූපණය වනවා.


12. Mosleep

fuq1ao.jpg

Image: www.pinimg.com

ඔබට බැලු බැල්මට කුමක්ද පේන්නේ? මෙහි දැක්වෙන්නේ “M” අකුර සහ “ඇඳක්”. “M” අකුර ඇඳ වියන ලෙස නිරූපණය කර තිබෙනවා. “M” අකු සහ ඊට පහතින් අැති සෘජුකෝණාස්‍රය අතර අැති White Space එක මගින් මෙය “ඇඳක්” බවට හදුනාගැනීමට හැකි වනවා.

ඉතිං මේ ලිපියෙන් අපි පැහැදිලි කලේ Hidden Symbolism, Hidden Meanings, Negative Space නිසා ලෝකප්‍රසිද්ධ වුන ලෝගෝ 12ක් ගැන. ලෝගෝ එකක වැදගත් කම, ලෝගෝ එක කොහොමද අායතනයක් Represent කරන්නෙ කියලා යම්තාක් දුරකට හෝ තේරෙන්න අැති කියලා අපි හිතනවා. අපේ ලංකාවෙත් ලෝගෝ ඩිසයින් තවත් දියුණු වෙන්නනම් අායතන වල අයිතිකරුවන් update විය යුතුයි (මොකෝ ඩිසයිනර් මොනව කරත් Final Approval එක දෙන්නෙ client නිසා) සහ දැනට තියනවට වඩා හොද Taste එකක් ඔවුන්ට අැතිවේවා කියන ප්‍රාර්ථනයත් සමග අදට සමුගන්නවා, තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන්.

(උපුටා ගැනීම – refresh.lk)
 

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මටනම් හිතෙන්නෙ කතාවට අනුව ලෝගෝ එක හැදුවට වඩා..ලෝගෝ එකට අනුව කතාව හැදුවා කියලා... :rolleyes:
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මටනම් හිතෙන්නෙ කතාවට අනුව ලෝගෝ එක හැදුවට වඩා..ලෝගෝ එකට අනුව කතාව හැදුවා කියලා