සැඟවුනු වීර පුතෙක්........................

ගී ද මෝපසාන්ට නූල් කැබැල්ලක් ලෝක පූජිත කෙටි කථාවකට වස්‌තු බීජය වූයේ කෙසේද, ඔහුට බීච් වොලිබෝලයද එසේ විය. ශ්‍රී ලංකාවේ කිසිවෙක්‌ට බීච් වොලිබෝල් යනු ඒ හැටි දෙයක් නොවන යුගයක ඔහු එය සිය තේමාව කරගත්තේය. බීච් වොලිබෝල් යනු මෙරට කිසිවෙක් ගණන් නොගන්නා යුගයක ඔහු එයට උපරිම වටිනාකමක් දුන්නේය. ඒ සමගින්ම රැඳී සිටියේය. එය මොහොතකට හෝ අත්නොහැරියේය. ඒත් කිසිවෙකු නොසිතන මොහොතක ඔහු අප සියලුදෙනා අත්හැර යන්නට ගියේය. මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගත් දා හෙවත් 2003 සිට ජාතික බීච් වොලිබෝල් පුහුණුකරු ලෙසින් කටයුතු කළ, ජාත්‍යන්තර පදක්‌කම් 11කින් මව්බිමට සංග්‍රහ කිරීම පිනිස කැපවූ ප්‍රසන්න උදයකුමාර ඉකුත්දා දුම්රිය හරස්‌මගකදී සිය රථයේ නැගී අප හැරදා ගියේය.
ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාවට ඇති ඉතිහාසය කොපමණක්‌ද ඔහු හා මෙය ලියන මා අතර ඇති දැනහැඳුනුම්කමට එතරම්ම ඉතිහාසයක් ඇත. බීච් වොලිබෝල් යනු ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ජාත්‍යන්තර මට්‌ටමේ පදක්‌කම් දිනාගතහැකි ඔලිම්පික් ක්‍රීඩාවක් බව පළමුවෙන් හඳුනාගත් 'කල්ලියේ ' ඔහුද මා ද වීමු. ඔහු බීච් වොලිබෝල් ජාත්‍යන්තර තරගාවලි 29කට පුහුණුකරු වශයෙන් සහභාගීවද්දී මමද ඒ බොහෝ සංචාර වාර්තා කිරීම සඳහා එක්‌විය. එබැවින් මම ඔහුව හොඳින් හඳුනමි. අපේ දුප්පත්, එහෙත් ජයග්‍රාහී අතීතයේ සමරු බොහෝය.
මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාව ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම දුරක් ඉදිරියට ගිය කණ්‌ඩායම් ක්‍රීඩාව වුවද, එයට ලැබුණු අනුග්‍රහයක් නම් නැති තරම්ය. එබැවින් මේ හැම සංචාරයක පාහේ අප යෙදුනේ බැරි අමාරුකම් රැසක් මධ්‍යයේය. විටෙක හෝටල් කාමර දෙකකට මුදල් ගෙවීමට තරම් අප දෙදෙනාටම ආර්ථිකය ප්‍රමාණවත් නොවූ විට අප එකම කාමරයේ නවාතැන්ගත්තෙමු. වචන ඉවරවෙන තුරු කියවමින්. දෙපා ගෙවෙන තුරු රට රාජ්‍යවල පයින් ඇවිදගොස් ඇත්තෙමු. විහිළු තහළුවෙන් ගත කර ඇත්තෙමු. එසේ සිටියදීම ශ්‍රී ලංකා පිලේ දක්‍ෂතා විවේචනය කර මා ලියූ අවස්‌ථාවල වචනවලින් 'මරාගන්නා' තරමට අපි වාද විවාදවල පැටලී ඇත්තෙමු. නමුත් මතවාදය කිසිවිටෙකත් මතභේදයක් නොවූ බැවින් අපි හැමවිටම සුපුරුදු සහෝදරත්වයෙන් ආශ්‍රය කර ඇත්තෙමු.
ඔලිම්පික් මට්‌ටමේ ක්‍රීඩාවක දී ජාත්‍යන්තරය හොල්ලා ශ්‍රී ලංකාව 'හීන් සැරය' පෙන්වූ ක්‍රීඩාවක පුහුණුකරු වුවද කණ්‌ඩායමට ඔහුගේ දායකත්වය කිසිවිටෙකත් පුහුණුකරු තනතුරට පමණක් සීමා කරමින් ඔහු එහි වැජඹුනේ නැත. තම රථයේ නංවාගෙන බීච් වොලිබොල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව පුහුණුව සඳහා වෙරළට රැගන යන ඔහු කණ්‌ඩායමේ ප්‍රවාහන සැපයුම්කරු මෙන්ම රියදුරාද විය. කණ්‌ඩායම විදේශ තරගාවලියකට සූදානම්වෙද්දී අදාළ ලියකියවිලි එහා මෙයා ගෙන යමින්, වීසා ලබාගැනීම සඳහා දුව පැන ඇවිදිමින් කණ්‌ඩායමේ 'කාර්යාල කාර්ය සහයක' ද, සහය කළමනාකරුද විටෙක කළමනාකරුද ඔහුම විය. ඒ සියලු ගමන් බිමන් ඔහු ගියේ ඔහුගේම රථයෙනි. බොහෝවිට මේ සියල්ල කළේ අතේ වියදමෙනි. විදේශ තරගාවලි සම්බන්ධීකරණය කිරීමටද ඔහු උනන්දු විය. වරක් ශ්‍රී ලංකා කණ්‌ඩායමක් (බීච් වොලිබෝල් කණ්‌ඩායමක් ක්‍රීඩකයන් දෙදෙනෙකුගෙන් පමණක් සමන්විත වේ) චීනයේ පැවැත්වෙන තරගාවලියක් වෙත රැගෙන යැම සඳහා මදිපාඩු වියදම ඔහු විසින් දරනු ලැබුවේ තමන්ගේ රත්තරන් බඩු උගස් කරමිනි. ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගියේ කෙසේද ඒ සඳහා ප්‍රසන්න සතුවූ උනන්දිවථ ධෛර්යය විසින් ලබාදුන් දායකත්වය සුළුපටු නැත. බීච් වොලිබෝල් ක්‍රීඩාවට හිමිවන අනුග්‍රහය අල්පවද්දී වුව ඒ හා බැඳුණු අපගේ ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩකයන් තමන් වටා බඳවාගනිමින්, ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාව බිඳී විසිරී නොයන්නට ඔහුගෙන් ලද සේවය අතිමහත්ය.
ඔහුගේ ගම ගලේවෙල බැවින් අපි ඔහුව හැමවිටම ඇමතුවේ 'ගලා' නමිනි. 'ගලා' හැමවිටම සරල මිනිසෙක් විය. ඔහුගේ උත්තුංග දේහය තුළ පොඩි දරුවකු හැමවිටකම පාහේ ජීවත්වූ බව මම දනිමි. වරක් එක් ආසියානු රටක අවන්හලක අප දෙදෙනා ආහාර ගනිමින් සිටියදී, හම හොඳින් සුද්ද කර චිකන් අඬුවක කුඩා ආකෘතියක් ලෙසින් ගොඩගසා තිබූ ගෙඹි මස් දැක ඔහුට ඔක්‌කාර වූ අයුරු මට දැනුදු මැවී පෙනෙයි. සමහරක් විදෙස් සංචාරවලදී අභ්‍යන්තර ගුවන් ගමන්වලට වියදම් කිරීම පිණිස මුදල් නොවූ විට අපි දෙදෙනා කිලෝමීටර හත් අට සියය රෑ එළිවනතුරු යාබද අසුනේ ගමන් කර ඇත්තෙමු. එeවනි ගමන් ඔහු නිසාම සිනා සාගරයක් විය. ගමන් වෙහෙස දුරු විය.
පුහුණුකරුවෙක් ලෙස ඔහු දැනුම ලබාගත්තේ වොලිබෝල් සම්මේලනයෙන් හෝ මෙරට රජයෙන් ලද විශේෂ ජාත්‍යන්තර පාඨමාලා හදාරා නොවේ. ඔහු ඒ දැනුම තනිකරම ලබාගත්තේ ජාත්‍යන්තර තරග නැරඹීමෙනි. අධ්‍යයනය කිරීමෙනි. ජාත්‍යන්තර මට්‌ටමේ ඉහළ සිටින ක්‍රීඩකයන්ගේ සියුම් උපක්‍රම ඔහු හොඳින් නිරීක්‍ෂණය කරයි. තමන්ගේම මුදලින් මේ වෙනුවෙන්ම ගත් වීඩියෝ කැමරාව අටවා ජාත්‍යන්තර තරග එහි සටහන්කරගෙන ඒවා පුනරූපණය කරමින් සිය කණ්‌ඩායම් මුවහත් කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට මෙම ක්‍රීඩාවෙහි ඇති සහජ දක්‍ෂතාව සහ ප්‍රසන්නගේ උනන්දුව එක්‌තැන් වූQ තැන කසකස්‌තානය, ඔස්‌ටේ්‍රලියාව ආදී රටවල් පවා ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වූ අවස්‌ථා තිබුණි. චන්දික හතුරුසිංහ යටතේ බංගලිදේශයට ජාත්‍යන්තර තරගවල ලැබුණු ප්‍රතිරූපය, ප්‍රසන්නගේ දායකත්වය හමුවේ ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩාවට ලැබුණි. ඕනෑම වේලාවක ඕනෑම කණ්‌ඩායමකට පහරදිය හැකි පෙරළිකාර කණ්‌ඩායමක් ලෙසින් ශ්‍රී ලංකාවට බීච් වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රතිරූපයක් ගොඩනැගී තිබුණි. දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට අභියෝග කිරීමට ප්‍රබල ඉන්දියාවටවත් කිසිවිටෙක නොහැකිවන ලෙසින් අප කණ්‌ඩායම් මුවහත් කිරීමට ඔහු කළ මෙහෙය අතිමහත්ය.
'මචං අද උදේ ගලාගේ කාර් එක කෝචිචියක හැප්පිලා' යෑයි ඉකත්දා ක්‍ෂේත්‍රයේ මිතුරකු මා අමතමින් ලබාදුන් ඒ පණිවුඩය අදහා ගැනීමට මම තවම උත්සහ කරමි. 'ගලා' යන්නට ගිය ඒ පුවත අසා ක්‍රීඩාවට ආදරය කළ බොහෝ දෙනෙකුගේ නෙතින් කඳුළු ගලා යන්නට ඇත. ඔහු පොඩි මිනිසකු වුවද, රටකට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ඒම පසුපස අදිසි දැවැන්ත ප්‍රතිරූපයක් විය.
ආදරණීය ප්‍රසන්න, ඔබේ පයට එබී වෙරළේ තැනුණු පිය සටහන් වියෑකී යනු ඇත. එහෙත් ඒ සොඳුරු, නිහතමානී, ධෛර්යසම්පන්න චරිතය විසින් අප හදෙහි තැබූ සටහන් එසේ වියෑකී නොයනු ඇත.
ඉන්ද්‍රජිත් සුබසිංහ