සැපට සැපේ සිරබත් කමු!!

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    සැපට සැපේ සිරබත් කමු!!

    alcatraz-desk1.jpg

    කාලයෙන් කාලයට බොහෝ දේ වෙනස්‌ වෙනවා. ඒක තමයි ලෝකේ හැටි. හැබැයි මේ වෙනස්‌වීම හොඳ විදිහට වෙනවනම් තමයි ගොඩක්‌ම හොඳ. සාමාන්‍යයෙන් මේ කාලයේ සංචාරක ව්‍යාපාරයන්හි වර්ධනයත් එක්‌කම විශාල හෝටල් ඉදිකරනවා. අලුතින් ඉදිකරනවා සේම පැරැණි ගොඩනැඟිලි පවා හෝටල් ලෙස පරිවර්තනය වෙනවා. ශ්‍රී ලංකාවේම ගතහොත් ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක සහ අගමැතිවරයකු වූ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක දෙපලගේ රොස්‌මිඩ් පෙදෙසේ නිවස අද අවන්හලක්‌ බවට පත්වී අවසන්. මේ ආකාරයෙන් පරිවර්තනයට ලක්‌වූ ගොඩනැඟිලි ලෝකයේ ඕනෑ තරම්. නමුත් තරමක වෙනස්‌ පරිවර්තනයක්‌ ගැන තමයි මේ වාර්තාව. විශාල හිරගෙයක්‌ එනම් සිරකඳවුරක්‌ දැන් අංගසම්පූර්ණ හෝටලයක්‌ බවට පත්වී තිබෙනවා. මේ පුවත වාර්තා වන්නේ ජර්මනියෙන්

    alcatraz-cells1-1.jpg

    සාමාන්‍යයෙන් සිරකඳවුරක්‌ සඳහා විශාල ඉඩ ප්‍රමාණයක්‌ අවශ්‍ය වෙනවා. එසේම ඉදිකරන ගොඩනැඟිලිත් විශාල ප්‍රමාණයේ මිස කුඩා වන්නේ නැහැ. පළමු, දෙවැනි ලෝක යුද්ධ සමයන්හි සිරකරුවන් රඳවා තැබීමට ජර්මනිය සිර ගෙවල් රාශියක්‌ යොදා ගත්තා. මෙවැනි කඳවුරු නූතනයේදී වැඩකට නැති ගොඩනැඟිලි බවටයි, පත්වුණේ. නමුත් මේ සිරකඳවුර අද හඳුන්වන්නේ ඇල්කට්‍රාස්‌ හෝටලය (The Alcatraz Hotel) යනුවෙන්. මේ සිපිරිගෙය වසර සිය ගණනක්‌ පැරැණියි. එසේම සිරකරුවන් රඳවන ස්‌ථාන ඔවුනට ආහාර පාන ලබාදුන් විශාල අවකාශ ආදී දේ මෙහි ඇතුළත්. මෙය හෝටලයක්‌ බවට පරිවර්තනය වුණේ 2007 වර්ෂයේදී. දැනට මෙහි ඇතුළත් කාමර ගණන 56 ක්‌. මෙහි කාමරවල විශේෂත්වයක්‌ පෙනෙනවා.

    alcatrazguard1.jpg


    alcatraz-night1.jpg

    පැරැණි සිරකුටි තමයි, මෙහි කාමර ලෙස නවීකරණයට ලක්‌ කරලා තිබෙන්නේ. කොටින්ම කියතොත් ඇල්කට්‍රාස්‌ හෝටලයට පැමිණ නවාතැන් ගන්නා කෙනෙකුට සිරගෙදරක අත්දැකීම නොඅඩුව අත්විඳින්නට පුළුවන්. යකඩ දොරෙහි ඇති කවුළුවකින් සිරකරුවකුට සේ තමයි මෙහිදී ඔබට ආහාර ලැබෙන්නේ. ඔබ කැමැති නම් සිරගෙදර අඳින ඇඳුම්ද ඔබට ලැබෙනවා. සාමාන්‍යයෙන් සිර කුටියක්‌ ඇති ආකාරයට කාමරය තුළම තමයි මෙහි වැසිකිළි පහසුකම්ද සපයා තිබෙන්නේ. එනම් කාමරයේ මුල්ලක. ඒ නිසා තමයි ඇල්කට්‍රාස්‌ හෝටලයේ කාර්ය මණ්‌ඩලය සඳහන් කරන්නේ මෙය සිරගෙදර අත්දැකීම් ඔබට නොඅඩුව ලබාදෙන බව. සාමාන්‍යයෙන් හෝටලයක නිදා ගැනීමට ඇති ඇඳ ඉතාමත් සුව පහසුව සුපිරි ඇඳක්‌. නමුත් මෙම කාමරයේ ඇති ඇඳද සිරකරුවන්ට දෙන ඇඳක්‌ ආකාරයටයි, නිර්මාණය කර තිබෙන්නේ.

    alcatraz_hotel_01.jpg


    alcatraz_hotel_02.jpg


    alcatraz_hotel_03.jpg


    alcatraz_hotel_04.jpg


    alcatraz_hotel_05.jpg


    alcatraz_hotel_06.jpg


    alcatraz_hotel_07.jpg


    alcatraz_hotel_08.jpg


    alcatraz_hotel_09.jpg


    alcatraz_hotel_10.jpg


    alcatraz_hotel_11.jpg


    alcatraz_hotel_12.jpg


    alcatraz_hotel_13.jpg


    alcatraz_hotel_14.jpg


    alcatraz_hotel_15.jpg


    alcatraz_hotel_16.jpg


    alcatraz_hotel_17.jpg


    alcatraz_hotel_18.jpg


    alcatraz_hotel_19.jpg


    alcatraz_hotel_20.jpg


    alcatraz_hotel_21.jpg


    alcatraz_hotel_22.jpg


    alcatraz_hotel_23.jpg

    මේ හෝටලයේ නවතින ඕනෑම කෙනෙක්‌ ඉතා කැමැත්තෙන් මේ අත්දැකීම විඳින බවයි, වාර්තා වන්නේ. සිරගෙදර හෝටලය බවට පරිවර්තනය කිරීමේදී එහි මූලික ආකෘතිය ඒ ආකරයෙන්ම රැකගෙන තමයි, සියලු දේ අලුතින් නිර්මාණය කර තිබෙන්නේ. ලෝක යුද සමයන්හිදී නම් මෙම ස්‌ථානය ඉතා අමානුෂික ස්‌ථානයක්‌ වන්නට ඇති. නමුත් අද මෙය මිනිසුන්ට විනෝදය සපයන, වෙනස්‌ අත්දැකීමක්‌ ලබාදෙන තැනක්‌ වී අවසන්.

    Code:
    [SIZE="3"][COLOR="Red"]දිවයින[/COLOR] පුවත්පතේ ලිපියක් ඇසුරිනි.[/SIZE]
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ලොකේ තියන හැම නරක දෙයක්ම , මෙ විදියට හොද දෙයක් උනොත්?
    ++++:)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියම අදහස..........
    ස්තූතියි අපිත් එක්ක තොරතුරු බෙදා ගත්තට...........