සැපතත්_සතුටත්_ඇත්තේ වෛරය නැති තැනයි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    සැපතත්_සතුටත්_ඇත්තේ වෛරය නැති තැනයි

    සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි




    මේ ලෝකයෙහි විවිධ සත්ව තල තිබේ. බුදුරදුන් වදාළේ සත්තාවාස හෙවත් විවිධ ස්වභාවයෙන් යුතු සත්ව තල නවයක් තිබෙන බවයි. සමහර සත්ව ලෝක අයත් වන්නේ ‘ඒකත්ත කායා’ ‘ඒකත්ත සඤ්ඤී’ යන වර්ගයටයි. එතකොට ඔවුන් සිරුරු වශයෙන් ඒකාකාරී වන අතර, මානසික වශයෙනුත් එක ම ස්වභාවයෙන් යුක්ත යි. ඒ ලෝක අයිති වන්නේ ආභස්සර බඹ ලොවට යි. ඔවුහු අප්‍රමාණ සතුටක් භුක්ති විඳිති. ඊට හේතුව ගැටීම්කාරී පරිසරයට ඉඩ තබන විවිධත්වය එහි නො තිබීමයි.
    මිනිස් ලොව ඊට හාත්පසින් වෙනස් ය. මිනිසුන් අයිති වන්නේ, දුක – සැප මිශ්‍රව විඳින ‘නානාත්ත කායා’ ‘නානත්ත සඤ්ඤී’ වර්ගයටයි. මිනිසුන්ගේ සිරුරු ස්වභාවයෙන්ම වෙනස් වන අතර, ඔවුන්ගේ මානසික ස්වභාව ද විවිධත්වයෙන් යුක්ත යි. මේ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉතා සුළු කරුණකදී පවා කණ්ඩායම් වලට බෙදෙමින් අරගල කරන්නට පෙළඹෙති.
    තම අදහස් ඉටු නොවන විට, මතවාද වලට අනුන් එරෙහිවන විට ප්‍රතිවාදී චරිත ස්වභාව ඇති කර ගනිමින් ඔවුහු තම මතය ඉස්මතු කිරීම පිණිස අදහස් ඉටු කර ගැනීම පිණිස එකිනෙකාට හානි කර ගනිති. තම සිත්වල වෛරය සනිටුහන් කර ගනිති. ඉන්පසු එකිනෙකාට අභූත චෝදනා කිරීම්, නින්දා කිරීම්, අණවින, කොඩිවින කිරීම් ආදියෙන් ඔවුහු එකිනෙකා මැඬලීමට උත්සාහ කරති. බොහෝ කල් පවතින්නට හේතු වන වෛර හටගන්නේ, මෙවැනි පසුබිම් තුළිනි.
    සේරිවාණිජ ජාතකයෙහි එකට සිටි මිතුරන් දෙදෙනකු වෙනස් වූ අයුරු මැනැවින් පෙනී යයි. ඒ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් දැහැමි මනසින් යුක්ත යි. අනෙකා පාපී ආශාවන්ගෙන් යුක්තයි. මේ මානසික විවිධත්වය නිසා ඔවුහු දෙපැත්තකට වෙන් වූහ. අර පාපී මිතුරාගේ වෙළෙඳාම අධාර්මික විය. අසරණ මිත්තණියක් රවටා, ඇයගේ මිණිබිරියට රන් බඳුනකට වළල්ලක් දීමට පොරොන්දු විය.
    තමා පසුව එන බව පවසා ගිය අතර, මේ කිසිවක් නොදන්නා දැහැමි මිතුරා ද එතැනට පැමිණියේ ය. එම රන් තැටිය ඔහුට පෙන් වූ විට ඔහු අවංකවම එම තැටියේ වටිනාකම පවසා තමා සතු සියලු දේ මිත්තණියට දී රන් තැටිය රැගෙන ගියේය.
    පාපී මිතුරා නැවත වංචාවෙන් රන් තැටිය ගැනීමට පැමිණිමුත් එහි රන් තැටිය නොතිබිණි. රන් තැටියට ආශාව නිසා හටගත් ද්වේශයෙන් යුතුව ඔහු මිතුරා සොයා දිව ගියේය. එහෙත් ප්‍රමාද වැඩිය. මිතුරා ගං ඉවුරෙන් එගොඩට යමින් සිටියි. මේ පවිටු පුද්ගලයා දෑතට වැලි ගෙන ගං ඉවුරෙහි දණගසා තම සිතෙහි වෛරී සංස්කාරයක් පිහිටුවා ගත්තේ ය.
    මේ තුළින් සසර ගමනට අලුත් වෛරයක් ආරම්භ වී, තමන් මහත් විනාශයක් කරා රැගෙන යන බව ඔහු දැන නොසිටියේ ය. අර පවිටු මිතුරා මිය ගියේ ගඟෙන් එතෙර වන තමාගේ මිතුරාගේ ඡායාව දෙස බලමිනි. “හොඳයි! නුඹ පලයන්….. හැබැයි මේ අතෙහි මිට මොළවා ගත් වැලි කැට ගණනින් මා නුඹ පසුපස පැමිණෙනවා.
    මගේ රන් තැටිය පැහැරගත් වාඩුව පිරිමසා ගන්නවා” යැයි වෛරයෙන් පැවසීය. සැබැවින්ම එය සත්‍යයක් ම විය. අනෙක් මිතුරා වූයේ වෙන කිසිවෙකු නොව අපගේ බෝසතාණෝ ය. ඉතින් ඒ බෝසතුන් ගුත්තිල නම් සංගීත ආචාර්යවරයාව ඉපද සිටි විට අර පවිටු මිතුරා මූසිල නමින් ශිෂ්‍යයකුගේ වේශයෙන් පැමිණියේ ය. තම ගුරුවරයාට දියහැකි සියලු වධ හිංසා දුන්නේ, ගුරුවරයාගේ වරදක් නිසා නොව, සසරේදී වැඩුණු ඔහුගේ වෛරය නිසාය. බෝසතාණෝ සියල්ල ඉවසාගෙන සිටියහ.
    මෙලෙස බොහෝ කලක් පසුපසින් පැමිණි මෙම වෛරය බෝසතාණන් වහන්සේ බුදුවන ආත්මයෙහි පවා මුණ ගැසුණේය. දේවත්ත වෙසින් පැමිණි මොහු හානිකර ගත්තේ තමාට පමණක් නොවේ. දේවදත්ත බොහෝ දෙනෙකුට නිවන් මඟ අහිමි කළේය. ශ්‍රද්ධාවට හානි පැමිණ වූයේ ය. මෙයින් සිදුවූයේ වෛරය පිරිමසා ගැනීමකි. මෙය කෙළවර වූයේ ආනන්තර්ය පාප කර්ම රැස් කර ගැනීමෙනි.
    කෙනෙක් පාරමී පුරමින් ඉවසන ගුණ පුහුණු කරමින් පැමිණෙද්දී, ඔහු පසුපසින් පැමිණ වධ දෙන්නට තරම් තවෙකෙක් පෙළඹුණේ සිතෙහි හටගත් වෛරයෙන් සැකසුණු අවාසනාවන්ත සංස්කාරයක් නිසා නොවේද? ඕනෑම කෙනකුට ප්‍රතිවාදීන් බිහිවීම ස්වභාවිකය.
    අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි. විශේෂයෙන් කකචූපම සූත්‍රය වැනි දෙසුම් කියවීම වැදගත් ය. මහායානය නමින් අමුතු ශාසන ප්‍රභේදයක් බිහිවූයේ ද වෛර පිරිමසා ගන්නට යෑම නිසා ය. එක්තරා භික්ෂූන් පිරිසක් විනය ශික්ෂාපද සැහැල්ලුවට ගෙන සම්මත කරගත් කරුණු දහයක් මුල් කර ගැනීම නිසා දෙවන ධර්ම සංගායනාව සිදුවිය. එහිදී රහතන් වහන්සේ පිරිසක් ධර්ම විනය නොවෙනස්ව පවත්වා ගැනීමේ චේතනාවෙන් සංගායනාවක් කළහ.
    නමුත් මෙය තේරුම් නොගෙන විනය සැහැල්ලුවට ගත් ඒ සඟ පිරිස, වෛර බැඳ ගත්තේ සංගායනා කළ භික්ෂූන් වහන්සේ කෙරෙහි ය. එවිට ඔවුන් කරන ලද්දේ ඒ භික්ෂූන්ගේ අවබෝධය හෙළා දැකීම පිණිස ධර්මයේ සැක උපදවන ප්‍රශ්න නගා මාර්ගඵල පිරිහෙන බවට පුළුල් මතයක් ප්‍රචාරය කිරීම යි.
    ඔවුන්ගේ අදහස වූයේ තම මතයට එරෙහි වූ නිර්මල සංඝයාට එරෙහි වීම මිස, නිර්මල බුදු සසුනට ගෞරව කිරීම නොවේ. මේ තත්ත්වය කොතරම් බරපතල විදිහට වර්ධනය වූයේද යත්, තුන්වන ධර්ම සංගායනාව වනවිට භික්ෂූන් විසින් ගොඩ නගන ලද අභූත මතිමතාන්තර ඉස්මතු වී පෙනෙන්නේ ‘කථාවත්ථුපකරණය’ කියවන විට ය.
    තුන්වන ධර්ම සංගායනාවෙන්ද ඔවුන්ගේ මතවලට යළි පහර වැදිණි. එවිට ඔවුන් කරන ලද්දේ ගෞතම ශාසනයේ පිළිවෙත් පුරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන දහම් රටාව බැහැර කොට, පාරමී බෝසත් සංකල්පයක් ඉස්මතු කොට මහායානය බිහි කිරීම යි. සැබෑ දෙවි දේවතාවන් බැහැර කොට, බෝසත් සංකල්ප බිහි කිරීම යි. මේ නිසා බොහෝ පිරිසකට ගෞතම ශාසනය අහිමි විය. මෙය ද වෛරයේ ප්‍රතිඵලයක් විනා වෙන කුමක්ද?
    ඉතින් ඔබ තේරුම් ගන්න ධර්මය යනු මෙය යි. ඉවසීම ධර්මය යි. කරුණාව ධර්මය යි. වෛර නොකිරීම ධර්මය යි. ද්වේෂ නොකිරීම ධර්මය යි. පලි නොගැනීම ධර්මය යි. එකට එක නො කිරීම, ධර්මය යි.
    මෙත්සිත පැතිරවීම ධර්මය යි. මේවා නැති තැන උදේ සිට සවස් වනතුරු කොතරම් බණ දේශනා කළද, එතැන ඇත්තේ ප්‍රයෝජනයට නොගන්නා වචන සමූහයක් පමණකි. එනිසා වෛර සිතට ඉඩ නොදී, ඒ නිමිත්ත අමතක කොට, මෙත් සිත වඩන්නට හැකිනම් එය මහත් ලාභයකි. සතුට ලැබෙන්නේ, මෙත් සිතෙන් මිස, වෛරයෙන් නොවේ. එනිසා ධර්මය සිහි කරන තැනැත්තා, ජය පරාජය පසෙකලා මෙත් සිත වඩයි. වෛර නොකිරීම සැපතකි!


    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි




    source: From: http://www.mahamevnawa.amadangangula.lk
     
    Last edited:
    • Like
    Reactions: khewagee

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි




    මේ ලෝකයෙහි විවිධ සත්ව තල තිබේ. බුදුරදුන් වදාළේ සත්තාවාස හෙවත් විවිධ ස්වභාවයෙන් යුතු සත්ව තල නවයක් තිබෙන බවයි. සමහර සත්ව ලෝක අයත් වන්නේ ‘ඒකත්ත කායා’ ‘ඒකත්ත සඤ්ඤී’ යන වර්ගයටයි. එතකොට ඔවුන් සිරුරු වශයෙන් ඒකාකාරී වන අතර, මානසික වශයෙනුත් එක ම ස්වභාවයෙන් යුක්ත යි. ඒ ලෝක අයිති වන්නේ ආභස්සර බඹ ලොවට යි. ඔවුහු අප්‍රමාණ සතුටක් භුක්ති විඳිති. ඊට හේතුව ගැටීම්කාරී පරිසරයට ඉඩ තබන විවිධත්වය එහි නො තිබීමයි.
    ME KIYANA THENA APRAMANA SATHUTA KESE WETHATH MARAA KAMMELI THENAK WENNA ATHI :lol::lol: SORRY WIHILUWAK KARE NETHNAM METHANATH KAMMLI NE MACHAN