සැබෑ ආදරය තියෙනේ කොහේද?
යාළුවනේ, ඔයගොල්ලෝ හිතන්නේ මේ ලෝකේ ඇත්තම, තමන් ගැන නොසිතා අනුන් ගැනම සිතන, වටිනාම ආදරය මොකක් කියලාද?
පෙම්වතුන් අතර තියෙන ආදරයද?
දෙමවුපියන් දරුවන්ට දක්වන ආදරයද?
මගේ අත්දකීම අනුව නම් පෙම්වතුන් අතර තියෙන ආදරය හරිම ආත්මාර්ථකමීයි. අනෙක් පුද්ගලයාගෙන් තමන්ට අවශ්‍ය දේවල් ලැබෙනකල් විතරයි ඒක පවතින්නේ. ඒ දේවල් ලැබීම නැවතුනොත්, ඒ ආදරයත් හෙමින් සැරේ නවතිනවා.
ඒත් දෙමවුපියෝ තමන්ගෙ දරුවන්ට කොන්දේසි විරහිතව ආදරෙයි. දරුවා මොන වැරද්දක් කළත්, ඒ දරුවා එල්ලුම් ගහට නියම වුනත්, මේ දරුව මට එපා කියලා අත ඇරලා දාන්නේ නෑ, අම්මෙක් තාත්තෙක්. ඒකනේ අපි අතර කියමනක් තියෙන්නේ "හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ" කියලා. තමන්ව මරන්න හදන දරුවන්ටත් ආදරයෙන් සලකපු අම්මල තාත්තල ගැන අපි ඕනෙ තරම් අහලා තියෙනව.
රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මයා ලියපු මේ ලස්සන කවියෙන් ඔය සම්පූර්ණ කතාවම කියවෙනවා:
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණු දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝද ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
මට මේ දේ තේරුම් ගන්න ගොඩක් කල් ගියා. ඔයගොල්ලෝ මේ ගැන හිතන දේවලුත් කියන්න.