මා මෙහි අදහසක් ඵල කරනු ලබන්නේ කාරණා දෙකක් නිසාය...
පලමු වැන්න මෙම ත්‍රෙඩ් එක දැමු පුද්ගලයා මාගේ හිතවතෙකු නිසාවෙනි... දෙවැන්න මා සන්ධානයට අඛණ්ඩව ඡන්දය දැමූ කෙනෙක් නිසාවෙනි....
මාගේ පවුල් පසුබිමත්, මා හැදුණු වැඩුණු පරිසරයත් මා සන්ධානයේ ගමන් මගට ආවඩා ආයිබෝ කිමටම යොමු කරන ලදී.. නමුත් මේ දේ නොකියාම බැරිය.. දැන් අපට රෙවී ඇත.... ඇත්තය මහාරජා නැතිනම් යුද්ධය දිනන්නට බැරිය, ගෝඨාභය නැතිනම් යුද්ධය සංවිධානය කරන්නට බැරිය, ඒ වගේම හැම සන්ධාන පාක්ෂිකයෙකුම නිහඩව සිටියාට මෙසේ පවසනා බව මා දනිමි... එනම් ජෙනරාල් නැතිනම් යුද්ධය කරන්නට වෙන එකෙකුට බැරිය යන්නයි...
යුද්ධයක් දිනීමට නොව සාර්ථකව කිරීමට පවා ප්‍රධාන වශයෙන් මේ තිදෙනාද, විශේෂයෙන් වෙඩි උණ්ඩයට පපුව දෙන වීර සෙබලාද අත්‍යාවශ්‍යයය.... මේ හැමෝම සිය කාර්යය සාර්ථකව කරනු ලැබුහ... ඉතින් ඉන් අනතුරුව ඔවුන් දේශපාලනයට බැස්සහම ඒ ඉතිහාසය අමතක කර ඔවුන්ට ගැසීම ඉතාමත් නින්දිතය... ගසනවා නොව.. ජෙනරාල්ට ගැසුවේ එළව එළව පන්න පන්නාය... දැන් එකකින් නිදහස් කරන්න තැනුවත් ... තවත් නඩුවක් ඉන් ප්රෝග්රස්ය...
දෙවියනේ ඡන්දය ඉල්ලීම මෙතරම් වරදක්ද... රට බේරාගන්න උරදුන් කෙනා ගස් වැද්දෙකි, පල් හොරෙකි... රට වෙනුවෙන් වරක් දෙවරක් නොව කිහිපවරක් ලේ හැළු කෙනා දේශද්‍රෝහියෙකි... රට බේරාගනිද්දී ඔවුට බෝම්බ ගැසූ, රටටම විපත් කල උන් දැන් ඇමතිලාය, දේශප්‍රේමීන්ය... ඡන්දය ඉල්ලුවේ ඔහු පමණක් නොව , පහුගිය ඉතිහාසය පුරාවටම කීදෙනෙක් ඡන්ද සටනේ නියළිණිද... ඉතින් මොහුට විතරක් මෙසේ එළව එළවා ගැසීම කොතරම් අසාධාරණයක්ද...?
මම සන්ධානයේ සාමාජිකයෙකි.. එහෙත් වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය... මෙය වැරදිය වැරදි නොව පට්ට වැරදිය.. දැන් සමාව දෙනවා යැයි කියති... මා සිතනා ලෙස දැන් ඇති සමාවෙන් වැඩක් නැත... අපි සන්ධානයෙන් අපේක්ෂා කලේ මෙය නොවේ.. මීට වඩා සුන්දර ලෝකයක්... ඇත්තටම කෝ කරනවා කියපු සිංගප්පූරුව... කෝ....
එක පුතෙක් ලංකාවේ හොදම නීතිඥ මොලකාරයෙක්ලු, තව එකෙක් ගගනගාමී ඉංජිනේරුවෙක් වෙන්න මොලේ හැදිල, අනිකට තරම් රගර් එකෙක්ටවත් බෑ... උන් ගැන නොදන්න උන්ටනම් මේව හෙන වීර වැඩ වෙන්න ඇති... ඒත් අපි නොදන්න ළමයි තුන්දෙනා කියල තමා කියන්න වෙන්නෙ.... ක්‍රීඩාවට මොවුන් කැමතිය.. හැබැයි මෙහෙම අධ්‍යාපන හැකියාවක් මොවුන්ට ඇත්නම්, ඔබත් මමත් දැන් හදත් අල්ලා හමාරය... ඒකත් කමක් නැත සල්ලි ඇත්නම් ඕන දෙයක් කරගනිව්... ඒත් රට, මොවුන් සල්ලි වලින් ලංකාවේ හෝ වෙනත් රටක අනාගතයේදී ජීවත් වෙයි... ඒත් අපි... අපේ තියෙන රටට ආදරේකම වෙන්දේසියේ දානව රටට ආදරේ නැති උන් ඇවිත්... රටට ආදරේ එකා හිරේ.. රට කාපු එක ඇමති, ආණ්ඩුකාරවරු...
මට ඉරිසියාවක්ද, ආසාවක්ද නැත... මම මේ අදහස පල කලේ පක්ස බේධ නොව යුක්තිය සාධාරණයෙන් පිරි රටක් අවශ්‍ය නිසාය... යුක්තිය සාධාරණය ස්ථාපිථ කරන්න සතියෙන් මේ රට සිංගප්පූරුව පරද්දාවි... එච්චර මහන්සිවෙන්න එපා අපිට බොරු කිය කිය... ඔය වංචා දූෂණ නවත්වන්න... සුදුස්සාට සුදුසු තැන දෙන්න... විභාග ලියල රිසට් එක පාස් එකා ජොබ් ලිස්ට් එකේ නැතිවෙන දේශපාලන අත ගැහීම් නවත්වන්න... වැරදිනම් කාට උනත් දඩුවම් දෙන්න.. අපි ඇමෙරිකාවටත් එහාගියය රටක් වෙයි අවුරුද්දෙන්.....
මා යූඇන්පී හෝ වෙන පක්ෂකයට ඡන්දය දෙන්නේ නැත... නමුත් සන්ධානයට ඡන්දය දීමෙන් දැන් සතුටක් ලබන්නේද නැත... එය හරියට නිකන් තියෙන *කේ ටිංකිරි ගාගත්තා වැනිය... දැන්වත් සන්ධානයට ඡන්ද දුන් මිනිස්සු මේ හිතයටින් විදින වේදනාව නිවන්න... හරි දේ හරියට කරල අපිට පෙන්වන්න අපි ඡන්දය දුන්නේ හරි පක්ෂයට කියලා...
ප.ලි. - දැන් ඉතින් පොලිමට කපපියව් රෙප්... හැමදාම ඇත්ත කීවම ඕකනේ වෙන්නෙ..