සැබෑ බෞද්ධයා කවරෙක්‌ද ?

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    සැබෑ බෞද්ධයා කවරෙක්‌ද ?

    [SIZE=+2]සැබෑ බෞද්ධයා කවරෙක්‌ද ?[/SIZE]


    කෙ
    buddhism_img.jpg
    නකු හොඳ දේවල් ලැයිස්‌තුවක්‌ ආගමික ග්‍රන්ථ මගින් ලැබීමට උත්සාහ කිරීම නිරර්ථකය. එක්‌ ආගමක්‌ තවත් ආගමකට වඩා උසස්‌, පහත් සේ සැලකීමට සමහරු උත්සුක වේ. මැනීම මානයේ ලක්‌ෂණයයි. උසස්‌ යෑයි මැනීම අධිමානය ලෙසද, පහත් යෑයි මැනීම හීන මානය ලෙසද, සමාන යෑයි මැනීම සෙයH මානය ලෙසද සැලකේ. මිනිස්‌ සිත්වල ඇති මෙබඳු පුහුදුන් ලක්‌ෂණ ආගමික මුහුණුවරින් යුතුව මතුපිටට ප්‍රදර්ශනය වන එක්‌තරා අවස්‌ථාවක්‌ නම් තමාගේ ආගම සෙසු ආගම්වලට වඩා උසස්‌ ලෙස මැන බැලීමට යැමයි. ආගම ඉදිරියට දමා ඇතිකර ගන්නා සියලු කලකෝලාහලවලට හේතුව මේ පුහුදුන් මානව හැඟීම්ය.


    ඕනෑම ආගමක්‌ ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් නම්‍යශීලී සිතක්‌ ඇතිකර ගත හැක. තුළනාත්මක ආගම්, දර්ශනය, මනෝවිද්‍යාව වැනි විෂය ක්‍ෂේත්‍රවල ඇති කරගන්නා පරිචයද, කෙනකු තුළ ආගමික සහනශීලීතාව ඇති කරවීමට හේතු වේ. බුදුදහමේ විවිධ සම්ප්‍රදායන් ඇත. ලක්‌දිව පුරාණයේ සිටම සම්මතව පවතිනුයේ ථේරීය සම්ප්‍රදායයි. එය පාලි බුදුදහම යන නමින්ද හැඳින්වේ. පාලි භාෂාව කේන්ද්‍රකරගත් ආගමික සාහිත්‍ය ග්‍රන්ථ ඇසුරේ මේ ථේරීය සම්ප්‍රදාය වර්ධනය වී ඇත. එසේ වුවද ථේරීය සම්ප්‍රදායට වෙනස්‌ සෙසු බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳව අධ්‍යයනය කිරීම අපායගාමී ක්‍රියාවක්‌ ද නොවේ. මේ භවය තුළ කිසියම් දවසක සත්‍යාවබෝධය පිණිස ඒ හැම කරුණක්‌ම අදාළ වනු ඇත. බාහිර සමාජයට මේවා ආගන්තුක වුවද, උසස්‌ අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල සම්ප්‍රදාය තුළ මේවා අමුතු දේවල් හෝ පුදුමයට කරුණක්‌ නොවේ. එමගින් දැනුම ලබන හා දැනුම බෙදාහදා දෙන ගිහි පැවිදි සිසු ආචාර්යවරු වෙසෙන්නේද මේ සමාජය තුළමය. බොහෝ විට බාහිර සමාජයට ථේරීය සම්ප්‍රදාය බුදුදහම තුළින් ධර්ම දේශනාකරන පැවිදි ආචාර්ය, මහාචාර්ය හිමිවරු විශ්වවිද්‍යාල අභ්‍යන්තර විද්වත් සමාජයේදී බුදු දහමේ සෙසු සම්ප්‍රදාය පිළිබඳ ශාස්‌ත්‍රීය අධ්‍යයන පර්යේෂණවල නියෑළෙති. නමුදු බාහිර සමාජයට ඒවා සියල්ල කළුකුහර බඳු වැසුණු දොරටු පමණක්‌ම වී තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. සත්‍ය තත්ත්වය නම් බාහිර දැනුම ගලා නොයැමයි. බාහිර සමාජය මෙලෙස සම්ප්‍රදාය තුළම කොටුවී සිටීම හෝ විවිධ පෞද්ගලික වාසි තකා බාහිර සමාජය එසේ තැබීමට වෙර ගැනීම හෝ මහත් අවාසනාවන්ත තත්ත්වයකි. විශ්වවිද්‍යාල ආශ්‍රිත සුළුතර පිරිස අතරේදී පමණක්‌ මේ විශ්ව දැනුම කොටුවී පැවතීම, මහජන බදු මුදලින් යෑපෙන මෙබඳු ආයතන නඩත්තු කරන සාමාන්‍ය ජනතාවට කරනු ලබන දැඩි අසාධාරණයක්‌ද වේ. විද්වත් පිරිසකට පමණක්‌ සීමා නොවී රටේ සාමාන්‍ය මහජනතාව දක්‌වා ඒ දැනුම ගලා යා යුතුය.


    රටක සංස්‌කෘතියේ විශාල පරාසයක්‌ ආගම මගින් සකස්‌ වේ. මේ නිසා ආගම පිළිබඳ රටක සාමාන්‍ය මහජනතාව දක්‌වන ආකල්ප එරටේ සංස්‌කෘතික නිර්මාණ කාර්යයේදී වැදගත් ප්‍රතිමාණයක්‌ සේ සැලකිය හැක. කලාශිල්ප. රසඥතාව, නිර්මාණශීලීත්වය, ආර්ථිකය, සමාජ සබඳතා, පාලන ක්‍රම ආදී සංස්‌කෘතියට අයත් සියලු දේ තුළ ආගමේ සම්පර්කය දක්‌නට තිබේ. බදුදහම මෙරටේ බහුතර පිරිසකගේ ආගමයි. මේ නිසා මෙරට සංස්‌කෘතිය සකස්‌ කිරීමේලා වැදගත් කාර්ය භාරයක්‌ බුදුදහම විසින් අතීතයේ පටන් ඉටුකර තිබේ. අතීතයේ පටන් මෙරට පැවති බුදුදහම බෙහෙවින් ආරාමික සම්ප්‍රදායට සීමා වූ තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. එය මෙරට ක්‍රියාත්මක ථේරීය සම්ප්‍රදායේ අධික බලපෑම නිසා සිදුවූ දෙයක්‌ සේ සැලකිය හැක. ථේරීය සම්ප්‍රදාය බුදුදහමේ මුල්කාලීන ඓතිහාසික මුහුණුවර ගැබ්ව දැනට ලෝකයේ සජීවී පවතින එකම සම්ප්‍රදාය සේ සැලකිය හැක. වරින්වර විදේශ ජාත්‍යන්තර කුමන්ත්‍රණ එකී ඓතිහාසික බුදුදහම විනාශ කිරිම පිණිස රහසේ දියත් වූ බවද නොරහසකි. දැනුදු විදේශීය කළුසල්ලි මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානවල විවිධ අනුග්‍රහ එබඳු කුමන්ත්‍රණවලට මුල් වී හොර රහසේ යටින් ක්‍රියාත්මක වන බව වරින් වර මතුවන විවිධ සාධක අනුව පෙනෙන්නට තිබේ. මිනිසුන්ට බුදුදහම පිළිබඳ


    නිවැරැදි ආකල්ප ඇතිකර තිබෙන්නේ නම් මෙබඳු දේ කොපමණ සිදුවුවද ඉන් බුදුදහමට වන අබ ඇටයක හානියක්‌ නොමැත. බුදුදහමේ දාර්ශනික හරය නිසිසේ අවබෝධ කරගත් අයකුට කෙතරම් මුදල් දී වුවද වෙනත් ආගමකට හරවා ගත නොහැක. මේ හැම සිදුවීමක්‌ම සමාලෝචනය කර බැලීමේදී අප අතින් වියයුතු යුතුකම නිසිසේ ඉටුනොවීමේ හානියද මේ සඳහා බලපා ඇති බව පැහැදිලිව පෙනීයයි. බුදුදහමේ සැබෑ සතුරා පාපය මිස නිකායාන්තර බෞද්ධ සම්ප්‍රදාය නොවේ.



    සැබෑ බෞද්ධ දර්ශනය කුමක්‌ද?


    මහායානය ගෝනි බිල්ලකු සේ සැලකුවද, දැනට ලෝකයේ පිරිසිදු මහායාන දර්ශනයක්‌ ක්‍රියාත්මක නොවේ. දැනට මහායානය සේ සැලකෙන්නේ විවිධ රටවලට බුදුදහම පැමිණි පසුව ඒ රටවල බුදුදහම පැමිණීමට ප්‍රථම පැවති විවිධ ඇදිහිලි, අභිචාර විධි, විශ්වාස බුදුදහම තුළට රිංගා එහි මූලික බාහිර හැඩතල වෙනස්‌ වූ ස්‌වරූපයයි. ඒ මිස අතීතයේ මහායාන මූල ග්‍රන්ථවල විග්‍රහ වූ දාර්ශනික ආකල්පවල හැඩතලවලට අනුකූලවූ බුදුදහමක්‌ දැනට විද්‍යමාන නොවේ. එබඳු ග්‍රන්ථවල දැක්‌වෙන මහායාන දර්ශනය ගැඹුරුය. නොගැඹුරු, සරළ, ආගමික ඇදහිලි, වත්පිළිවෙත්, අභිවාර විධි සමග කලවම් වී දැනට ලෝකයේ විවිධ රටවල විද්‍යමාන බුදුදහම හා පිරිසිදු මහායාන බෞද්ධ දර්ශනය අතර විශාල පරතරයක්‌ තිබේ. වැඩිදුරට කරුණු සොයා විමසා බැලීමකින් තොරව සෑම නාස්‌තික දෙයක්‌ම මහායාන ගිණුමට බැරකිරීමට සෑම දෙනක්‌ම උත්සුක වීම නිසා සාමාන්‍ය මිනිසුන් අතර මේ පිළිබඳ වැරැදි වැටහීම් යළි නිවැරැදි කිරීමට අසීරුවන තරමටම ඉතා බහුලවී තිබේ. නමුදු මිනිසුන්ගේ අවධානය යොමුවී ඇත්තේ සැබවින්ම එය යොමුවිය යුතු දිසාවට නොවේ. සමහරවිට මෙසේ වීම හිතාමතා ඇතිකළ තත්ත්වයක්‌ වීමටද ඉඩ තිබේ. මන්ද සාමාන්‍ය මිනිසුන් ආගමික දැනුමින් හැකිතාක්‌ ඈත්කර තබාගැනීම යමෙකුට වාසි හා සිය පැවැත්ම සලසා ගැනීමට කදිම මඟක්‌ නිර්මාණය කරවන්නක්‌ සේ පෙනෙන හෙයිනි. කිසියම් දෙයක්‌ ගැන කිසිවක්‌ම නොදන්නන්ට තමන්ට වාසිවන පරිදි මොනවා හෝ පවසා සිය පැවැත්ම සුරක්‌ෂිත කරගැනීමට හැකි බැවිනි. වැරැදි වැටහීම් ඇති මිනිසුන්ට සැබෑ දේවල් වටහාදීම ඉතා අසීරුය. මන්ද දිගුකලක්‌ වැරැදි ආකල්පවලට හුරුවී සිටි බැවිනි. මේ තත්ත්වය යටතේ ඇත්ත පැවසීමට යන්නා මෝඩයකු හා බොරුකාරයකු බවට හංවඩු ගැසීමට පවා පෙළඹිය හැක.


    මිනිසුන් ගිලී සිටින මානසික නිද්‍රාවේ ස්‌වරූපය දුටුවිට, ඔවුන්ට සැබෑව පහදාදීමට ගොස්‌ මෝඩයකු වීම අසත්‍ය තහවුරු කිරීමට වෑයම් කර විද්වතකු වීමට වඩා හෘදසාක්‌ෂියට එකඟ බව පෙනේ. විද්වතුන් දස දහසක්‌ සමග විවාද කිරීමට වඩා එක්‌ මෝඩයකුට සත්‍ය පහදා දීම අසීරු වියහැක. නොදන්නා බව දන්නා අයට, වඩා නොදන්නා බව නොදන්නා අයට යමක්‌ කියාදීමට වෑයම් ගැනීම බියකරුය. මන්ද නොදන්නා බව දන්නා අය ඉගෙනීමට ප්‍රියකරතත්, නොදන්නා බව නොදන්නා අය ඉගෙනීමට නොව තමා හරිහැටි නොදත් දේවල් ඉගැන්වීමට වෑයම් කිරීම නිසා කිසිවක්‌ ඉගෙනීමට සමත් නොවෙති. ආගමේ සැබෑ වටිනාකම ඇත්තේ එහි මතුපිට ස්‌ථරයේ නොව ඇතුළත හරය තුළය. මේ නිසා ආගම් වශයෙන් බෙදී භේද වී ලබාගත හැකි මානව වටිනාකමක්‌ නැත. ඕනෑම ආගමකින් මානව වටිනාකම් සුළු ප්‍රමාණයක්‌ හෝ ඉගෙන ගත හැක. එම නිසා වඩා වැදගත් විය. යුත්තේ ආගමික ලේබලය නොව ආගමික ප්‍රතිපත්තිය. ආගමික ඉගැන්වීම් පිළිබඳව වාදාමුඛ වීමට වඩා එක්‌ දිනක්‌ හෝ ප්‍රතිපත්තිගරුකව ජීවත්වීම උතුම්ය. සියලු ආගමික ශාස්‌තෘවරුන්ගේ අභිප්‍රාය වී තිබූයේ සියලු මානව වර්ගයාගේ සුබසෙත උදා කරවීම පිණිස ඉගැන්වීමයි. එබැවින් සියලු ආගම් කතෘවරුම සියලු මානව වර්ගයාටම අයත්ය. බුදුදහම අනුව සියලු සත්වයාට මෛත්‍රිය වැඩිය යුතුබව දක්‌වා තිබීම තුළ අන්තර්ගත වනුයේ ඒ සදාතනික දහමේ හරයයි.