සැබෑ මිතුරා ..

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්නට කළ්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. සිහිය, වීර්යය, නුවණ පින තිබුණොත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනාට මේ නිවන් මඟ විවෘත යි. කල්‍යාණ මිත්‍රයා කියන්නේ, සත්පුරුෂයකුට. ඒ සත් පුරුෂයා හඳුනාගැනීම තමයි දුෂ්කර. සත්පුරුෂයකුට පමණයි සත්පුරුෂයකුව හඳුනා ගන්න පුළුවන් වන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ චූල පුණ්ණල සූත්‍රයේ දී වදාළා. ඒ නිසා අවශ්‍ය දේ තමයි තමන් සත්පුරුෂයකු වීම. එදාට කලණ මිතුරන්ගේ ඇසුර අපට ලැබෙනවා. අපි අන්න එදාට, සුන්දර නිවන් මඟේ පියමං කරන, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන්, සැබෑම ශ්‍රාවක දියණියන් බවට පත්වෙනවා.