සැබෑ වීරත්වයේ කථා කිහිපයක්...
වීරත්වයේ පදනම මානව දයාවයි
ආදරයට, කරුණාවට, දයාවට අනුකම්පාවට ජාති ආගම් බේද නැත. මිනිසකු අනතුරට පත්වූ විටෙක ඔහු බේරා ගැනීමට මේ කිසිවක් බලනොපාන්නේය. ජීවිතයත් මරණයත් අතර පොර බදන්නා ඉන් ගලවා ගැනීමට ඉදිරිපත් වන්නේ මනුෂ්‍යත්වයේ අගය දන්නා උතුම් මිනිසුන් පමණි. එවැනි උතුම් මිනිසුන් ඇගැයීමේ මහඟු උපහාර උළෙලක දී හඳුනාගන්නට ලැබුණු මිනිසුන්ගේ කතාවයි මේ.
පාසල් නිවාඩුවට මාතලේ ඉන්න නංගිලා අපේ ගෙදර ආවා. නංගිගේ පුතාට වයස අවුරුදු දහයයි. දවසක් පුතා සාලයේ රූපවාහිනිය බලමින් හිටියා. මම නාන්න සූදානම් වෙමින් හිටියේ. නමුත් මට එකවරම ඇහුණා තහඩුවක් වැටෙන හඬ. ඒ හඬ ඇහුණේ ළිඳ පැත්තෙන්.
අපේ ළිඳට කොන්ක්‍රීට් කෑලි දාලා වහලා තියෙන්නේ. පායන කාලෙට වතුර ගන්න ඕන නිසා කොන්ක්‍රීට් කෑල්ල අයින් කරලා තහඩුවක් දාලා තිබුණෙ. මම දුවලා ගියා ළිඳ ළඟට. පුතා ළිඳට වැටිලා. මම ගමේ අයට කෑගහලා කිව්වා. ගමේ අය දුවගෙන ආවා. ළිඳ අඩි 45ක් විතර ගැඹුරුයි. ළිඳ ඇතුළේ ඉන්න පුතා ගොඩ ගන්න ඒ අය කඹ සොයාගෙන එන්න ගියා. ඒත් මට ඉවසගෙන ඉන්න බැරි වුණා.
නංගි බිම වැටිලා අඬනවා.
ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න රියර් අද්මිරාල් වීරකෝන් යන මහත්වරු මොරදවාන අමිලසිරි හිමියන්ට සම්මාන ප්රදානය කළ මොහොත
මට එකපාරටම මතක් වුණේ ළිඳට දාලා තියෙන වතුර බටේ. මම ඒක දිගේ ළිඳ ඇතුළට බහින්න උත්සාහ කළා.
ඒත් අතරමඟදි වතුර බටේ අත ඇරිලා මාව ඇතුළට ම වැටුණා. කලුගලක වැදුණා. මට තදබල වේදනාවක් ආවා.
ඒත් ඒ වේදනාව පසෙක තියල මම පුතා වතුරෙන් උඩට අරගෙන ඔසවාගෙන හිටියා. අපි පැය භාගයකට ආසන්න කාලයක් ළිඳ ඇතුළේ ඉන්න ඇති.
ගමේ අය ඇවිත් කඹයක පුටුවක් ගැටගහලා අපි ගොඩට ගත්තා. මාත් පුතාත් රෝහල් ගත කළා. මගේ දත් ඇන්දම ගැලවුණා. මට වරින් වර සැත්කම් දහයක් පමණ සිදුකළා. මාස තුනක් එක්තැන් වෙලා හිටියා. කටටත් තුන්වතාවක් සැත්කම් කළා. මේ වෙනකොට බොහෝ දුරට හොඳ වුණත් කකුල කෙළින් තියලා ඇවිදින්න අමාරුයි. පඩිපෙළ නඟින්න අමාරුයි.
තම ජීවිතයට තිබූ ආසාව පසෙකලා තම සොයුරියගේ දස හැවිරිදි පුතුගේ ජීවිතය බේරාගැනීමට අඩි හතළිස් පහක් ගැඹුරැති ළිඳට බට ඉන්ද්‍රානි දැඩි අනතුරකට ලක්වූවාය.
බරපතළ තුවාල ලැබූව ද ඇය පුතුගේ ජීවිතය බේරාගැනීමට තරම් වාසනාවන්ත වූවාය. තම කුසින් උපන් දරුවන් ගඟට විසිකරන, දුම්රියට බිලිදෙන, මහමඟ දමා යන අම්මාවරුන් සිටින රටක මෙවන් ලොකු අම්මා කෙනකු සැබැවින්ම පූජනීයය.
ඉකුත් දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති දහඅටවන විරුජන සම්මාන උළෙලේ දී දෙල්ගොඩ මහවත්තේ ගුණතුංග සිරිවර්ධන දේවගේ ඉන්ද්‍රා අත්තනායක නම් වූ දිරිය ගැහැනිය විරුජන රජත සම්මානයෙන් පිදුම් ලැබුවාය.
පුරා වසර දහඅටක් අන් ජීවිත රැකගැනීමට ජීවිත පුජාවෙන් ඉදිරිපත් වූ වීර දරුවන්, වීර උත්තම උත්තමාවියන් පිදීමේ මහඟු මෙහෙවරේ පුරෝගාමියා වන්නේ වීර පොදුජන පදනමේ නිර්මාතෘ නීතිඥ කසුන් පී.චන්ද්‍රරත්න මහතා ය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා පවසා සිටියේ “තම ජීවිත පරදුවට තබා අන්‍යයන්ගේ දිවි බේරාගැනීමට ඉදිරිපත් වූ උතුම් මිනිසුන් ඇගැයීම රටටම ආදර්ශයක් බවත් ඉන් රටේ සෙසු ජනතාව ද මෙවැනි වීර ක්‍රියා කිරීමට පෙලැඹෙන බවත්ය.
අගමැති දි.මු. ජයරත්න මහතා බුදල්නා ස්වර්ණ සම්මානය සම්පත් ජානකට ප්රදානය කළ අවස්ථාව
මේ අවස්ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී.දයාරත්න යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ උසස් නිලධාරීහු ද සහභාගිවූහ.
Link