සැම්බියාව සහ ලංකාව..

shenat

Well-known member
  • May 13, 2007
    58,486
    86,766
    113
    ආශ්චර්යමත් රටක
    පින්තුරයේ කථාව.
    ඔබ ලාංකිකයෙකු නම් දැනගන්න🙏

    ඊයේ (මැයි 24) සැම්බියාව බලා යන්න flight එක එනකම් හීත්රෝ ගුවන්තොටුපලේ පැයගණනක් රැඳී හිටපු මේ නෝනා කියපු විස්තරය අහලා හිතේ ඇතිවෙච්ච කම්පනයත් එක්කයි මා රාත්‍රී ගෙදර ගියේ. ගොඩක් රෑවෙලා නිසා මේ සටහන තැබීම පසුවට කල්තැබුවා.නිදාන්න ගියත් ඇය කියපු කතාව මනසේ දෝංකාර දුන්නා.ඒ නිසා කඩින් කඩ ඇහැරුණා. වෙලාව බැලුවා.දැන් පාන්දර 3.00යි.පරිසරය නිසලයි.වැඩට යන්න කළින් සහ මගේ හිතේ පවතින පීඩණය තුනීවෙන්න කළින් මේ ගැන ලියන්න තීරණය කළා.මා ලාංකිකයෙකු බවක් වත් ලංකාවට තිබෙන චීන අතපෙවීම් ගැන වත් මා ඇයට කීවේ නෑ.මා ඇහුවේ එකම ප්‍රශ්නයයි. මොනවද සැම්බියාවේ විස්තර? ඇය කියාගෙන කියාගෙන ගියා.

    ඒ කියපු දේවල් අහන් හිටපු මට හැඟී ගියේ මෙවැනි අදහසක්. යකෝ! මේ ලේඩි කියන්නේ සැම්බියාව ගැනද? නැතිනම් ලංකාව ගැනද? සැම්බියාවට වෙච්ච දෙයයි, ලංකාවට වෙමින් තියෙන දෙයයි බැලුවම එක සමානයි.ගොඩක් විස්තර අයින්කරලා අත්‍යවශ්‍ය ටික විතරක් මම කියන්නම්. මගේ වැදූ මෑණියන් පල්ල මේ කියන ඔක්කොම ඇත්ත! ඒ ඇත්ත බව සනාථකරන්නයි මේ ෆොටෝඑක දමන්නේ.බොරු අතිශයෝක්ති නෑ.ඇය මෙසේද පැවසුවා.

    "මම දැන් බ්‍රිතාන්යේ පදිංචිවෙලා හිටියට අවුරුදු 38ක්‌ සැම්බියාවේ සීනියර් පොලිස් ඔෆිසර් කෙනෙක් හැටියට සේවය කළා.එහෙ ඉන්න මගේ දුව බලන්නයි මේ යන්නේ. එයා දරුණුවට අසනීප වෙලා.......සැම්බියාවට දිගට හරහට චීනය ණය දුන්නා.එපා කියද්දීත් දුන්නා. මේවා අපිට ගෙවාගන්න බැරිවෙයිනේ,කිව්වාම, ආ... ඒ ගැන වොරි වෙන්න එපා..අපි යාලුවෝ නේ! ඒක මොකක්හරි කරගන්න බැරියැ කියලා තව තවත් ණය දුන්නා. ඒ රටේ දුෂිත පාලකයෝ දෙන තරමක් ණය ගත්තා. රට දවසෙන් දවස බංකොලොත්උනා. ණය කඳු ගොඩගැහුනා.දේශපාලකයෝ බිලියනපතියෝ උනා. අන්තිමට....

    රටේ ආර්ථිකය බෙල්ලටම හිරවුණා.අනේ මේ අවුරුද්දේ අපට ණය ගෙවාගන්න බෑනේ කිව්වා.අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? ඔය විදුලිබලාගාර ටික අපට දෙන්නකෝ ඉවරයි නේ!ඔය විධිහට ඊළඟ අවුරුද්දේ ගෑස් වෙළදාම ගත්තා.ඊළඟට බලශක්ති,ඊළඟට වරායවල්, ගුවන්තොටුපලවල්, විශාල කර්මාන්තශාලා, ගුවන්තොටුපල, ඉස්පිරිතාල ආදී වශයෙන් රටේ ආර්ථික මර්මස්ථාන ඔක්කොම චීන්නු අයිතිකරගත්තා.කොටින්ම ඒ රට චීනයේ ණය වලට සින්නවුණා.චීන ශ්‍රමිකයෝ විශාල වශයෙන් ඒ රටේ ඉන්නවා. ඉදිකිරීම් ඔක්කොම කරන්නේ චීන්නු.දොස්තරලා හෙදියෝ චීන්නු. සැම්බියාවේ ජනතාවට කිසිම දෙයක් අයිතිනෑ. ලිංගික වෙළඳපොළ පවා අයිති චීන්නුන්ට. දවස පුරාම චීන වැඩපළක පණයනකම් කඹුරලා ලබාගන්නා සොච්චම් පඩිය චීන ගණිකාවකට පූජා කරලා තරුණයින් හිස් අතින් ගෙදර යනවා. අනික චීන්නු පඩි කියලා ගෙවන්නේ තුට්ටු දෙකයි. හැබැයි මරවලා වැඩගන්නවා. ආදරණීය ලාංකිකයිනි! අපටත් වෙන්නේ මේ ටිකම නේද? හදවතට තට්ටු කරලා අහන්න🙏 චීන ජාතියයි ලාංකීය ජාතියයි කලවම් වීම ගැන මගේ විරෝධයක්‌ නෑ.ශ්‍රීලාංකීය සංස්කෘතියයි චීන සංස්කෘතියයි ස්වීකරණය වීම ගැන මගේ විරෝධයක් නෑ. නමුත් අපි චීන ආර්ථික අධිරාජවාදයේ යටත් විජිතයක් බවට පත්වෙමින් ඉන්නවානේද?චීන ප්‍රාග්ධනයේ වහල්ලු බවට පත්වෙමින් ඉන්නවානේද?උන් ජනාධිපති පුටුවටයි,පාර්ලිමේන්තුවටයි අත තියෙන්නේ නෑ. ඒවායේ දේශීය දූෂිත දේශපාලකයින් වාඩිකරවලා, ඇති තරම් ඒ අයට සැපදෙනවා.අනිත් පැත්තෙන් ඉතිරි සේරම අතගාලා ගන්නවා. ආදරණීය ජනතාවනි! අඩු තරමින් මේ තත්වය තේරුම් ගන්න.අවුරුදු 73ක්‌ තිස්සේ මේ රට තල්ලුකරගෙන ගිහින් අන්තිමට හිරකෙළේ කොතනද කියලා බලන්න.🙏🙏🙏

    දිසා 25/මැයි 2021

    උපුටාගැනීම: Disa Konara
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ජෙප්පො රට අවුලවල කරපු විනාසෙන් රට අවුරුදු 50ක් පස්සට ගියා..
    අනිවාර්යෙන්.

    ජෙප්පො හින්දා අවු . 50ක් ගියා
    කොටි හින්දා අවු. 50ක් ගියා
    අරක්කු රේනද කාර දේසපාලුවො හින්දා අවුරුදු 73ක් පස්සට ගියා

    දැන් හරියට පාවිච්චි කලා නම් අවුරුදු 200ක් ඉස්සරහට යන්න තිබුනු චීනාව Manage කරන්නැතුව කොමිස් විතරක් කාලා පොන්නයො වගේ පුක දීපු හින්දා රට අවුරුදු 50 විතර රට ඉස්සරහට ගිහින් ජාතිය නැතිම වෙලා යනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    Screenshot_20210526-090748.jpg
     
    • Like
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    පින්තුරයේ කථාව.
    ඔබ ලාංකිකයෙකු නම් දැනගන්න🙏

    ඊයේ (මැයි 24) සැම්බියාව බලා යන්න flight එක එනකම් හීත්රෝ ගුවන්තොටුපලේ පැයගණනක් රැඳී හිටපු මේ නෝනා කියපු විස්තරය අහලා හිතේ ඇතිවෙච්ච කම්පනයත් එක්කයි මා රාත්‍රී ගෙදර ගියේ. ගොඩක් රෑවෙලා නිසා මේ සටහන තැබීම පසුවට කල්තැබුවා.නිදාන්න ගියත් ඇය කියපු කතාව මනසේ දෝංකාර දුන්නා.ඒ නිසා කඩින් කඩ ඇහැරුණා. වෙලාව බැලුවා.දැන් පාන්දර 3.00යි.පරිසරය නිසලයි.වැඩට යන්න කළින් සහ මගේ හිතේ පවතින පීඩණය තුනීවෙන්න කළින් මේ ගැන ලියන්න තීරණය කළා.මා ලාංකිකයෙකු බවක් වත් ලංකාවට තිබෙන චීන අතපෙවීම් ගැන වත් මා ඇයට කීවේ නෑ.මා ඇහුවේ එකම ප්‍රශ්නයයි. මොනවද සැම්බියාවේ විස්තර? ඇය කියාගෙන කියාගෙන ගියා.

    ඒ කියපු දේවල් අහන් හිටපු මට හැඟී ගියේ මෙවැනි අදහසක්. යකෝ! මේ ලේඩි කියන්නේ සැම්බියාව ගැනද? නැතිනම් ලංකාව ගැනද? සැම්බියාවට වෙච්ච දෙයයි, ලංකාවට වෙමින් තියෙන දෙයයි බැලුවම එක සමානයි.ගොඩක් විස්තර අයින්කරලා අත්‍යවශ්‍ය ටික විතරක් මම කියන්නම්. මගේ වැදූ මෑණියන් පල්ල මේ කියන ඔක්කොම ඇත්ත! ඒ ඇත්ත බව සනාථකරන්නයි මේ ෆොටෝඑක දමන්නේ.බොරු අතිශයෝක්ති නෑ.ඇය මෙසේද පැවසුවා.

    "මම දැන් බ්‍රිතාන්යේ පදිංචිවෙලා හිටියට අවුරුදු 38ක්‌ සැම්බියාවේ සීනියර් පොලිස් ඔෆිසර් කෙනෙක් හැටියට සේවය කළා.එහෙ ඉන්න මගේ දුව බලන්නයි මේ යන්නේ. එයා දරුණුවට අසනීප වෙලා.......සැම්බියාවට දිගට හරහට චීනය ණය දුන්නා.එපා කියද්දීත් දුන්නා. මේවා අපිට ගෙවාගන්න බැරිවෙයිනේ,කිව්වාම, ආ... ඒ ගැන වොරි වෙන්න එපා..අපි යාලුවෝ නේ! ඒක මොකක්හරි කරගන්න බැරියැ කියලා තව තවත් ණය දුන්නා. ඒ රටේ දුෂිත පාලකයෝ දෙන තරමක් ණය ගත්තා. රට දවසෙන් දවස බංකොලොත්උනා. ණය කඳු ගොඩගැහුනා.දේශපාලකයෝ බිලියනපතියෝ උනා. අන්තිමට....

    රටේ ආර්ථිකය බෙල්ලටම හිරවුණා.අනේ මේ අවුරුද්දේ අපට ණය ගෙවාගන්න බෑනේ කිව්වා.අයියෝ ඕකත් ප්‍රශ්නයක්ද? ඔය විදුලිබලාගාර ටික අපට දෙන්නකෝ ඉවරයි නේ!ඔය විධිහට ඊළඟ අවුරුද්දේ ගෑස් වෙළදාම ගත්තා.ඊළඟට බලශක්ති,ඊළඟට වරායවල්, ගුවන්තොටුපලවල්, විශාල කර්මාන්තශාලා, ගුවන්තොටුපල, ඉස්පිරිතාල ආදී වශයෙන් රටේ ආර්ථික මර්මස්ථාන ඔක්කොම චීන්නු අයිතිකරගත්තා.කොටින්ම ඒ රට චීනයේ ණය වලට සින්නවුණා.චීන ශ්‍රමිකයෝ විශාල වශයෙන් ඒ රටේ ඉන්නවා. ඉදිකිරීම් ඔක්කොම කරන්නේ චීන්නු.දොස්තරලා හෙදියෝ චීන්නු. සැම්බියාවේ ජනතාවට කිසිම දෙයක් අයිතිනෑ. ලිංගික වෙළඳපොළ පවා අයිති චීන්නුන්ට. දවස පුරාම චීන වැඩපළක පණයනකම් කඹුරලා ලබාගන්නා සොච්චම් පඩිය චීන ගණිකාවකට පූජා කරලා තරුණයින් හිස් අතින් ගෙදර යනවා. අනික චීන්නු පඩි කියලා ගෙවන්නේ තුට්ටු දෙකයි. හැබැයි මරවලා වැඩගන්නවා. ආදරණීය ලාංකිකයිනි! අපටත් වෙන්නේ මේ ටිකම නේද? හදවතට තට්ටු කරලා අහන්න🙏 චීන ජාතියයි ලාංකීය ජාතියයි කලවම් වීම ගැන මගේ විරෝධයක්‌ නෑ.ශ්‍රීලාංකීය සංස්කෘතියයි චීන සංස්කෘතියයි ස්වීකරණය වීම ගැන මගේ විරෝධයක් නෑ. නමුත් අපි චීන ආර්ථික අධිරාජවාදයේ යටත් විජිතයක් බවට පත්වෙමින් ඉන්නවානේද?චීන ප්‍රාග්ධනයේ වහල්ලු බවට පත්වෙමින් ඉන්නවානේද?උන් ජනාධිපති පුටුවටයි,පාර්ලිමේන්තුවටයි අත තියෙන්නේ නෑ. ඒවායේ දේශීය දූෂිත දේශපාලකයින් වාඩිකරවලා, ඇති තරම් ඒ අයට සැපදෙනවා.අනිත් පැත්තෙන් ඉතිරි සේරම අතගාලා ගන්නවා. ආදරණීය ජනතාවනි! අඩු තරමින් මේ තත්වය තේරුම් ගන්න.අවුරුදු 73ක්‌ තිස්සේ මේ රට තල්ලුකරගෙන ගිහින් අන්තිමට හිරකෙළේ කොතනද කියලා බලන්න.🙏🙏🙏

    දිසා 25/මැයි 2021

    උපුටාගැනීම: Disa Konara
    There is no point in trying to explain the plight .
    MR got short term loans for long term infrastucture projects which which other agencies refused to fund eg Ports at Hambantota, Mattala Airport, Pohottuwa
    China Exim bank (if you do not understand What is Exim bank do google search) gave loans and the conditions were heavily favoured them eg only they could get the contract at highly inflated price, all raw material and even labour from them. These loans have a condition that they can be recalled at any time .
    So they were loans that made to balance their balance of payment.
    So now there were no or less return from the investment, we cant repay they got all -loan to repay, got their companies engaged, substanderd materials were used , their labour was used . Everything to gain them and we got only the projects which do not gather sufficient or no returns.
    Now it is repayment time . We do not have money to repay. Not only that projects are white elephants. Now we are selling our lands in strategic points (99 year leases are not outright sales but they bind three generations! of Sri Lankans). Slowly other profitable ventures will also be sold (if Ranil was there it would have been faster, like what he did to harbour) The coal power was given back to them as they gave us an unsitable used plant.
    China his heavily corrupt country, they know that politicians are corrupt so money talks!
    We can guess why Port City Act was so favourable to them and Supreme Court had to deal with no less than 20 sections in the bill . But majority could pass with 2/3 and voters had given 2/3 to government.
     
    Explained well, perfectly said.

    You see any way out from the trap?
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    රටක් තමන්ගෙ අතට ගන්න ක්‍රම දෙකක් තියෙනව .
    එකෙක් යුද්ධ කරලා අනික ණය දීලා .
    චීනා කරන්නෙ ණය දීලා කන්ට්‍රොල් කරන එක.
    ඇමරිකාවෙ ට්‍රම්ප් නැගී සිටියෙ ඔය වෙනුවෙන්.
    ඒත් අපෙ පක්කු මොකද කරෙ ට්‍රම්ප්ගෙ ජාතිකවාදි ටොපික් එක අරගෙන මෙහෙ හිටිය ඇමරිකාවෙ පෙට්‍රල් ශෙඩ් එකෙ තෙල් ගහපු එකෙක්ව ජනාධිපති කෙරෙව්වා පුටිං ,ලංකාවෙ ලී කුවාන් යූ ගගා.
    දෙයියනෙ කියලා මාත් ඉතිං පොඩ්ඩක් රැවටුනා .ආයෙ මොටද බොරු කියන්නෙ.
    ත්‍රේඩ්ස් දාලා මූට ඡන්දෙ දුන්නෙ.
    රාජපක්ෂලා චීන්නුන්ට රට විකුණලා ඉවරයි .

    ආයෙ ගොඩ ගන්න දෙයක් නැහැ මෙකෙ .
    දුප්පත් කමින් මිරිකෙන් රටවල් වල උන්ගෙ හිතෙ ෆැන්ටසි හරහා තමා චිනා රට කන්ට්‍රොල් කරන්නෙ.

    උදා : දැන් ඔතනම කියනවා චීන ගණිකාවන්ට සැම්බියාවෙ කොල්ලො සල්ලි පුදලා එනවා කියලා.
    උනුත් අපෙ උන් වගෙම සුදු හමට කැමති නේ ?
    ඉතිං කුණු ගොඩකට උනත් වස්තුව පුදාවි .
    මෙහෙ උන්ටත් චීන බඩු පොට් එකක් දැම්මොත් පඩියම හරි ගෙවලා ගහලා ඒවි .

    ඒ වගෙම අපෙ උන්ට අර යුරොපෙ ඇමරිකාවෙ වගෙ පාරවල් .බස් හොල්ට්ස් ,අධිවේගි මාර්ග ,පාලම් කාඅලයක් සිහිනයක් වෙලා තිබ්බෙ.
    රටවල් වල ගිය අය ඇරෙන්න අනික් මිනිස්සු ඒ වගෙ පහස විඳලා තිබ්බෙ නැහැ.
    ඕඅක චීනා දන්නවා .චීනාට පු* දෙන රාජපක්ෂ හැති කරෙත් දන්නවා.
    ඔන්න දෙනවා කප්පරක් ණය.
    දීලා ඔය කිව්ව දේවල් හදලා මිනිස්සුන්ට පොඩි සූරාන්තයක් දෙනවා.
    ඒත් තමන් නොදැනීම තමන්ගෙ රට විකුණලා ඉවරයි කියන එක දන්නෙ නැහැ .

    ඕක තේරුම්ගන්න බැරි තරං මැටි මෝල් හරක් ඉන්නව කියල හිතාගන්නත් බෑ. 😔😔😔😔
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඕක තේරුම්ගන්න බැරි තරං මැටි මෝල් හරක් ඉන්නව කියල හිතාගන්නත් බෑ. 😔😔😔😔
    තෙරෙන්නෙ නැතිකම නෙමෙ බන් වහල් කම .
    ගොඩක් උන් ඔය රාජපක්ෂලාගෙ පස්ස ලොවලා ජීවිතෙ පොඩ්ඩක් ආර්ථික මට්ටම් උඩට දාගත්ත උන් .
    සමහරක් විට සමාජෙ ඇතුලෙ පොඩි හරි තැනක් හදාගත්තෙත් රාජපක්ෂලාට කඩෙ ගිහින් .
    ඉතිං උන් වහල්ලු වගෙ රාජපක්ෂලා කියන ඔනි දේකට ඔළුව වනනවා.

    වැඩෙ කියන්නෙ රාජපක්ෂලා ඇරෙන්න වෙනත් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ බලවේගයක් නැති කම.
    ගොඨා හොඳ නැහැ කියලා සජිත්ව පත් කරන්න පුලුවන්ද ?
    තේරුමක් වෙවිද ?
    අනික් කාරණෙ රාජපක්ෂලා තොලොන්චි වෙලා ගියත් උන් ගත්ත ණය කන්දරාව ,රටට කරාපු හානිය රිකවර් කරගන්න බැහැ ඊලඟට පත්වෙන වෙනත් පක්ෂෙක කාටවත්.

    රනිල්ට උනෙ හම්බන්තොට වරාය විකුණලා දාන්න .
    අන්න ඒ වගෙ දේවල් තමා කරන්න වෙන්නෙ ඊලඟට එන ආණ්ඩුවට .

    අපිට බැහැ චීනෙත් එක්ක හැප්පෙන්න.
    අපිට කිසි රටක් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ .
    පෙනවානෙ බංගලින්ගෙන් ණය ගන්න තැනට අපි වැටුණා .
    චීනෙ වගෙන අනික් පැත්තෙන් ඉන්දියාවත් ලස්සනට ගේම ගහනවා.
    ලෝක බලවතුන් කියන්නෙ ඔහොම තමා කවදත්.
    බලය තියාගන්න පොඩි රටවල් බයිට් එකට ගන්නවා.
    එක්කො ඒ රටවල් නතු කරගන්නවා.

    රුසියාව -ඇමරිකාව සීතල යුද්ධ කාලෙ මතකනෙ අපෙ සමහරක් රදළ පොලිටික්කො රුසියාවට උක දුන්නා .
    යූරී ගගාරීන් පවා ලංකාවට ඇවිත් තිබුණා.
    රුසියාවෙන් හෙලිකොප්ටර්ස් දීලා තිබ්බා, වානෙ සංස්ථාඅව ,ටයර් කර්මාන්තය සේරොම රුසියාවෙන් දීපුවා.
    ඒ අපිට ආදරේටද ?
    නැහැ උන්ගෙ කොමියුනිස්ට් මතය හරහ අපෙ රටවල් අල්ල ගන්න .
    කේ ජී බී එකෙන් හොඳට කාලා තියෙනවා අපෙ රටෙ එකල හිටිය ඉහල ඇවරියෙ උත්තමයො ,උත්තමාවියො ටික.

    ජේ ආර් ඉන්දියාවට පු* පෙන්නලා ඇමරිකාව පස්සෙන් ගියා.
    ඉන්දියාව කරෙ රුසියාවෙ සපොර්ට් එකත් ඇතිව කොටින්ට ට්‍රෙනිං එක දුන්නා .
    එකෙ වන්දිය අපි ගෙව්වා මතකනෙ අවුරුදු 30ක් .
    අන්තිමට ඇමරිකාවට අපිට වඩා ඉන්දියාව වැදගත් උනා .

    මට හිතෙන්නෙ අපෙ රටෙ යුද්ධෙ ඉවර කරලා දාන එකත් චීනෙ අපෙ රට නතු කරගැනීමෙ සැලැස්මෙම කොටසක් කියලා.
    මොකද ආරක්ෂක මණ්ඩලෙ කොච්චර කේස් දැම්මත් චීනා අපි එක්කම හිටියා.
    චීනාගෙ අයුධ වලින් තමා අපි ගේම ගැහැව්වෙ.

    ඇමරිකාව උනත් ඔය ටිකම තමා කරන්නෙ.
    ඒත් ඇමරිකාවෙ අඩුම ගානෙ මිනිස්සුන්ට නිදහසක් තියෙනවා තමන්ගෙ මතයක් ප්‍රකාශ කරන්නවත් .