සැමියා රට ගොස්‌,බිරිඳ 16 ඥති පුතා සමග පැන ගිහ&

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සැමියා රට ගොස්‌,බිරිඳ 16 ඥති පුතා සමග පැන ගිහ&

    මාස 2 1/2 ක්‌ මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ්

    මීගමුව සමූහ - විමල් කීර්ති

    තම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක්‌ ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක්‌ මත බිරිඳ සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා සමග පලාගොස්‌ මහනුවර ප්‍රදේශයේ සැඟවී මාස 2 1/2 කාලයක්‌ පවුල් ජීවිතයක්‌ ගතකරද්දී පොලිස්‌ අත්අඩංගුවට පත්ව පසුව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කාන්තාව සැප්තැම්බර් මස 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධියක්‌ 27 දා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී දැකගත හැකි විය.

    මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් එම කතට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව ඇය මීගමුව අක්‌කර 50 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කතකි. ඇය රූමත් තිදරු මවකි. බාල වයසේදී පති කුලයට පිවිසි ඇය මේ වන විට වසර 5 වසර 10 සහ වසර 15 වයස්‌වල දරුවන් තිදෙනකුගේ මවකි. මෙයින් වසර 5 සහ 15 වයස්‌වල දරුවන් දෙදෙනා පිරිමින් වන අතර 10 හැවිරිදි දරුවා ගැහැනු ළමයෙකි.

    මෙම කතගේ සැමියා රැකියාවක්‌ සඳහා විදේශගත වීමට පෙර බිරිඳ සහ දරුවන්ගේ වැඩි ආරක්‍ෂාව සඳහා සැමියාගේ දෙමාපියන්ගේ නිවසට ඇරලවා තිබේ. සැමියාගේ අක්‌කාගේ නිවස ද සැමියාගේ මහ ගෙදර අසල පිහිටා තිබෙන අතර සැමියාගේ අක්‌කාට අවුරුදු 16 වියෑති තරුණ පුතෙක්‌ සිටී. ටික කලක්‌ යත්ම නොදැමුණු ආශාවෙන් පෙළුනු තරුණ නැන්දා ඥති පුතාව කම් සැපවලට පොළඹවා එම තරුණ පුතු තම අනියම් පුරුෂයා කරගෙන ඇත. කල්යත්ම පුංචි නැන්දාට තම ඥති පුතාවත්, ඥති පුතාට තරුණ නැන්දාවත් නොදැක සිටිය නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇත.

    ඒ අනුව තම දෙදෙනාට සුවපහසුව හුදකලාවේ කම්සැප විඳීමට තීරණය කර ඔවුන් දෙදෙනා මහනුවර ප්‍රදේශයට පලාගොස්‌ නැන්දාගේ යෙහෙළියකගේ නිවසක ලැගුම්ගෙන ඔවුන් අඹු සැමියන් වශයෙන් මාස 2 1/2 ක්‌ කල්ගත කොට ඇත.

    තම පියා විදේශගතවීමත්, තම මව වෙනත් ප්‍රදේශයකට පළායැම නිසා නිසි රැකවරණයක්‌ නොමැති බාලවයස්‌ දරු තිදෙනා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පිහිට පතා පැමිණිලි කොට ඇත. පසුව පොලිස්‌ විමර්ශන වලින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ සැඟවී සිටි අලුතින් පවුල් ජීවිතය ඇරඹූ එම යුවළ පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත.

    බාලවයස්‌ කුඩා දරු තිදෙනාට නිසි රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත 32 හැවිරිදි මව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එම ළමුන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක්‌ කැඳවීමට මීගමුව පොලිසියට නියෝග කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය එම තිදරු මව සැප්තැම්බර් මස 9 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. විත්තිය වෙනුවෙන් නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 9 වැනි දින පැවැත් වේ.


    http://www.divaina.com/2014/08/30/provin09.html

    දැන් කාලේ ඉස්සර වගේ වැල පත්තර කතා අලුතෙන් හොයන්න දෙයක් නෑ .ප්‍රධාන පත්තරවලම බඩු තියෙනවා.බලපල්ලා ජීවිත කීයක් විනාසද ? ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ,තමුන්ගේ පුතාගේ වයසේම කොල්ලෙක් එක්ක ඉඳලා තියෙන්නේ.අවුරුදු 10 ගැහැණු ළමයාගේ ජීවිතෙත් විනාසයි. සෑහෙන ලොකු පවක් කරගෙන තියෙන්නේ .
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හතර හන්දියක ලයිට් කණුවක කඹයක් දාලා එල්ලලා මරන්න තිබ්බේ!