සැමීගේ ඇත්තම කතාව

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සැමීගේ ඇත්තම කතාව

    අවනඩුව
    සැමී මට කොකා පෙන්නුවා


    හේමන්ත ගමගේ කලකිරීමෙන් කියන කතාව

    MEE-P-13-05-11-MC.jpg
    සැමීගේ කතාව මෑතකදී වැඩිම ප්‍රේක්‍ෂක අවධානයට ලක්‌ වූ සිංහල චිත්‍රපටය මෙන්ම ලෝකයේ ඉහළම සම්මානයන් ගෙන් පිදුම් ලැබූ චිත්‍රපටයක්‌ ලෙසද සැලකිය හැකියි. බොහෝ දෙනෙකුගේ මතය වුණේ මෙහිදී එහි වේශනිරූපණ ශිල්පියා ද තම කාර්ය භාරය මැනැවින් ඉටු කර තිබෙන බවයි. තිරය පිටුපස සිට සැමී වෙනුවෙන් කැපුවුණු ඔහු පිළිබඳව අසන්න නොලැබුණු තරම්. පසුගිය දිනෙක හේමන්ත ගමගේ නම් එම ජ්‍යෙෂ්ඨ වේශනිරූපණ ශිල්පියා අපට මුණගැසුණා. එහිදී "සැමී" ලැබූ ජයග්‍රහණයේ සතුට මෙන්ම ලොකු කලකිරීමකුත් ඔහු තුළ තිබෙන බව හේමන්ත අපට පවසා සිටියා. මෙරටදී සිනමාවට නැඟුණු ජාත්‍යන්තර චිත්‍රපට රැසකද කටයුතු කරමින් ඉන්ද්‍ර‚ලය, වෑකන්ද වලව්ව, රාජ්‍ය සේවය පිණිසයි, සුළං කිරිල්ලී, අරගලය, ලොකුදුව වැනි සම්මානනීය සිංහල චිත්‍රපට රැසකටද තම නිර්මාණ දායකත්වය ලබා දුන් හේමන්තට " සැමී" ගෙන් සිදු වුණු අසාධාරණය පිළිබඳව අප සමග පැවසුවේ මෙවැනි කතාවක්‌.

    MEE-P-13-05-11-MCa.jpg
    සැමීගේ කතාව චිත්‍රපටය අපි කළේ 2006 අවුරුද්දෙදී ඇත්තටම මේ වනවිට මම දෙස්‌ විදෙස්‌ චිත්‍රපට රැසකම වැඩ කර තිබුණත් නිර්මාණයක චරිතයක්‌ මුලසිටම ගොඩනඟන්න කැපවුණා නම් එසේ කළේ සැමීගේ චරිතයටයි. "සැමීගේ කතාවේ" සහාය අධ්‍යක්‍ෂකවරයා තමයි දේශප්‍රිය. ඔහු තමයි, මාව ප්‍රියංකර විතානාරච්චිට හඳුන්වලා දුන්නේ. මේ හමුවේදී ප්‍රියංකර චිත්‍රපටය පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කරල ජගත් චමිල තමයි මේ චරිතය කරන්නේ කියලත් කිව්වා. ඒ වෙන කොට ජගත් චමිල " රෝද හතරේ මනමාලයා" කියලා ටිකක්‌ මීට සමාන ටෙලිනාට්‍යයක්‌ කරල තිබුණා.

    මේ වෙනකොට ජගත් චමිල ප්‍රියංකරට පොඩි වීඩියෝ එකක්‌ කරල පෙන්නල තිබුණා. සැමීගේ චරිතයට ගැලපෙනවාද බලන්න කියලා. නමුත් ඒකේ තිබුණේ ජගත් පුලුං කටේ දාගෙන රඟපාපු එකක්‌. මම කිව්වා මේක අසාර්ථකයි. පුළුං කටේදාගෙන සාර්ථක රංගනයක්‌ කරන්න බැහැ. ටික වෙලාවකිං කෙළ පිරෙනවා. අනික මේක චිත්‍රපටයක්‌. මම හිතන සැමී නෙමෙයි මේ ඉන්නේ කියලා.

    මම එහෙම කිව්වම ප්‍රියංකර විතානාරච්චි මට කිව්වා මටත් එහෙම හිතෙනවා. මේකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයා අතේ. ඔයාට කැමති විදිහේ වෙනසක්‌ කරන්න කිසි ප්‍රශ්නයක්‌ නැහැ කියලා.

    එතනදී තමයි මම යෝජනා කළේ ජගත්ට අලුතෙන් දත් සෙට්‌ එකක්‌ දාමු කියලා. එතකොට ජගත් මගෙන් ඇහුවා "අයියේ මගේ තියෙන දත් ගලවන්න වෙයිද කියලා. මම කිව්වා එහෙම කරන්න ඕන නැහැ. ඒකට සිස්‌ටම් එකක්‌ තියෙනවා. අපි කලින් ඒවගේ වැඩ කරලත් තියෙනවා. ඩොක්‌ට කෙනෙක්‌ ඉන්නව එයාව මුණ ගැහිලා කතා කරමු කියලා. ඊට පස්‌සේ ජගත් මට කිව්වා හේමන්ත අයියේ මම දත් පෙන්වන ඩොක්‌ටර් ඉන්නේ මොරටුවේ අපි එයාට කියමුද කියලා. මම කිව්වා කවුරු වුණත් කමක්‌ නැහැ වැඩේ කරනවනම් කියලා.

    මේ විඳිහට තමයි ජගත් දන්න හඳුනන මොරටුවේ වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් සැමීට අවශ්‍ය දත්කුට්‌ටම හදා ගත්තේ. එතනදී ඒ වෛද්‍යවරයා මට කිව්වා මම මීට කලින් මෙහෙම දෙයක්‌ කරල නම් නැහැ. ට්‍රයි කරලා බලමු කියලා. මම ඔහුට ඇඳල පෙන්නුවා මෙන්න මේ විඳිහට කරන්න පුළුවන්. හැබැයි මට අවශ්‍ය කරන්නේ විකෘති දත් ටිකක්‌ නෙමෙයි ඉදිරියට නෙරා ආව (බොල්ලෑව) සහිත බොහොම සාමාන්‍ය දත් කුට්‌ටමක්‌ කියලා. හැබැයි ඒ වෛද්‍යවරයා මට අවශ්‍ය විදිහටම ඒක හදලා දුන්නා.

    පස්‌සේ අපි මේක චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාට දාල පෙන්නපු වෙලේ ඔහු අතිශය සතුටු වුණා. මේ තමයි ඔහු බලාපොරොත්තු වුණ නියම සැමී කියලා. ඇත්තටම මුලදී වගේ පුළුං පුරෝගෙන හිටියනම් ඒ චරිතය අන්තිම අසාර්ථකයි.

    නමුත් මට තියෙන දුක තමයි අද වෙනකම් කවුරුවත් ඒ ගෞරවය මට ලබා දුන්නෙවත් මගේ නම කොතැනකදීවත් සඳහන් කළේවත් නැහැ. නමුත් චිත්‍රපටය බලපු සියලු දෙනාගෙම මතය තමයි, සැමීගේ ජයග්‍රහණයේ වැඩි කොටසක්‌ තිබුණේ ඒ වෙස්‌ ගැන්වීම මතයි කියන එක. මම මේක අධ්‍යක්‍ෂවරයාට කිව්වහම ඔහු කිව්වා හැමෝම දන්නවා ඒ ඔයා බව. මම ඒක ඕන තැනක කියන්නම් කියලා.

    මට තේරුණ විදිහට සමහර අයට මගේ නම මේ වැඩෙන් ඉවත් කරන්න ගොඩක්‌ කල්තියාම අවශ්‍යතාවක්‌ තිබුණා. 2006 අපි මේ චිත්‍රපටය රූගත කරන දවසක එකපාරටම ජගත් මගෙන් ඇවිත් ඇහුවා "අයියේ..... ඔයාට ඔය දත්ටික දානවිදිය කියා දුන්නේ ඩොක්‌ටර් නේද කියලා. එතනදී මම කිව්වා, නැහැ මල්ලී මගේ අවශ්‍යතාව කියල මෙන්න මේ විඳිහට කරන්න පුළුවන් කියලා ඇඳල පෙන්නල කිව්වේ මමයි කියලා.

    ෂූට්‌ එක යන අතරේ ජගත් මගෙන් ඉඳල හිටලා ඔය වගේ ප්‍රශ්න ඇහුවා. මම ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ. ෆීල්ම් එකේ ෂූටිං ඉවරවුණු දවසේa ජගත් චමිල මාළඟට ඇවිත් මට සුබපතල මේ චරිතය කරන්න ඔයා දුන්න සහයෝගය ගොඩක්‌ වටිනවා. ඒකට ගොඩක්‌ ස්‌තුතියි කියලා කියලා ඒත් එක්‌කම කිව්වා අදින් පස්‌සේ අපේ ආශ්‍රය ඉවරයි. මට ආයේ කතා කරන්නවත් කෝල් කරන්නවත් එපා කියලා.

    මම ඇහුවා " ඒ ඇයි මල්ලී" කියලා. නෑ ඒක එහෙම තමයි" කියලා එයා කිව්වාම මටත් හිතා ගන්න බැරි වුණා වුණේ මොකක්‌ද කියලා. ඊට පස්‌සේ මට කිව්වා දත්ටික මට ලැබෙන්න සලස්‌වන්න කියලා. දැන්ම දෙන්න බැහැ. ඒක ඩබින්වලට ඕන ඩබින් ඉවර වෙලා දෙන්නම් කිව්වා. නමුත් ඒක මේ වනතුරු ලැබුණේ නැහැ.

    ජගත් චමිල ඊට පස්‌සේ අපි කාටවත්ම කියන්නේ නැතිව මේ දත්ටික "ස්‌වයං ජාත" ටෙලිනාට්‍යයටත්" හතර දෙනාම සූරයෝ" චිත්‍රපටයටත් පාවිච්චි කරල තිබුණා මේක දැනගත්තහම මම ජගත්ට කතා කරල කිව්වා මේ වැඩේ වැරදියි ඔයා අපි කාටවත් කියලවත් නෙමෙයි මේක පාවිච්චි කළේ. අපි කරපු චිත්‍ර පටයක්‌ තවම ඇවිල්ලවත් නැහැ කියලා. එතකොට ජගත් මට කියනවා ඔයාගේ දත්ටික නෙමෙයි මේ වෙන එකක්‌. ඒ දත්සෙට්‌ එක මගේ ළමයි දෙන්නා සෙල්ලම් කරන්න අරන් කැඩිල ගියා කියලා. නමුත් දන්න හැමෝම හොඳට දන්නවා එයා කියන්නේ පට්‌ටපල් බොරුවක්‌ කියලා.

    මම කිව්වා මල්ලී අපි කාට බොරුකළත් මේවා උඩ ඉඳන් කෙනෙක්‌ හොඳට බලා ඉන්නවා. එයාට බොරුකරන්න බැහැ කියලා. පස්‌සේ මම මේ ගැන අර වෛද්‍යවරයාටත් දැන්නුවා. එයත් ඒක වැරදි කියලා පිළිගත්තා. ඊට පස්‌සේ ජගත් සරසවිය පුවත්පතට කියල තිබුණා ඒ දත්ටික සැමීගේ කියලා.

    අනිත් දේ තමයි සැමීගේ කතාවේදී ජගත්ට " මේක්‌ අප්" එකක්‌ දාල තියෙනවද කියලවත් හොයන්න බැරි තරමටයි. මම ඒ දේ කළේ. රැවුලත් එහෙමයි. චරිතයක්‌ ගොඩනැඟêමේදී වේශ නිරූපණය කොතරම් වටිනවද කියලා. ජගතුත් හොඳට දන්නවා. මොකද එයාත් මුලදී මගේ රස්‌සාව කරපු කෙනෙක්‌ නිසා. ඒ හිත් වේදනාව දැනෙන්නේ එම ශිල්පියාට පමණයි.

    මට කා සමගවත් වෛරයක්‌ නැහැ. අන්තිමේදී අපි හැමෝගෙම උත්සාහය ජයගත්තා. නමුත් ඒ ජයග්‍රහණයේදී මට වටිනාකමක්‌ ලබා දුන්නේ නැහැ. කොච්චර හරි මේ චිත්‍රපටයට මේ වගේ සම්මානයක්‌ ලැබෙනවා කියලවත් මේ කවුරුවත් මට කිව්වේ නැහැ. ඒකත් මම දැනගත්තේ ප්‍රවෘත්ති වලින්.

    මේක තමයි සැමීගේ කතාවේ මගේ ඇත්තම කතාව. :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම ඕක දැක්ක ගමන් මාත් කිවේ ඕක,
    ජගත් දක්ෂ නළුවෙක් , එත් මේ චරිතයේදී ඌ ලෝකේ සම්මානයට ලක් උනේ මේ හැඩගැන්වීම නිසා
     
    ජගත් මෙහෙම කෙනෙක් කියලා නම් මම හිතුවේ නැ :(


    මේ චරිතය කරන්න ඔයා දුන්න සහයෝගය ගොඩක්‌ වටිනවා. ඒකට ගොඩක්‌ ස්‌තුතියි කියලා කියලා ඒත් එක්‌කම කිව්වා අදින් පස්‌සේ අපේ ආශ්‍රය ඉවරයි. මට ආයේ කතා කරන්නවත් කෝල් කරන්නවත් එපා කියලා.

    මම ඇහුවා " ඒ ඇයි මල්ලී" කියලා. නෑ ඒක එහෙම තමයි" කියලා එයා කිව්වාම මටත් හිතා ගන්න බැරි වුණා වුණේ මොකක්‌ද කියලා.


    මේ කතාවටනම් දෙපැත්තක් ඇති,එකේ අනික් පැත්ත ජගත් ගෙන් අහන්න වෙනවා.මනුස්සයෙක් නිකන් මෙහෙම කියන්නෙ නැ.

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජගත් මෙහෙම කෙනෙක් කියලා නම් මම හිතුවේ නැ :(





    මේ කතාවටනම් දෙපැත්තක් ඇති,එකේ අනික් පැත්ත ජගත් ගෙන් අහන්න වෙනවා.මනුස්සයෙක් නිකන් මෙහෙම කියන්නෙ නැ.


    :yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ජගත් මෙහෙම කෙනෙක් කියලා නම් මම හිතුවේ නැ :(





    මේ කතාවටනම් දෙපැත්තක් ඇති,එකේ අනික් පැත්ත ජගත් ගෙන් අහන්න වෙනවා.මනුස්සයෙක් නිකන් මෙහෙම කියන්නෙ නැ.

    :yes::yes::yes:
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol:
    oita wada oscar sammana dinapu filmwala kochchara kapavimen wadakarana minissu innawada.e hamoma gana kiya kiya inna giyoth wena wadak nathiwei
    bissu ballo.
    kuhaka kama kiyannee okata thamai
    thamanta ayithi job eka karanam,ekata ganath labunanam thawath monawada
    puka denne nathuwa inna kiyapan ban okata
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:
    oita wada oscar sammana dinapu filmwala kochchara kapavimen wadakarana minissu innawada.e hamoma gana kiya kiya inna giyoth wena wadak nathiwei
    bissu ballo.
    kuhaka kama kiyannee okata thamai
    thamanta ayithi job eka karanam,ekata ganath labunanam thawath monawada
    puka denne nathuwa inna kiyapan ban okata

    ඔව් එකත් ඇත්ත. අර Iron Man එකේ ඔක්කොම වැඩ දාන්නේ visual effects වලින්. නළුවා කරන මගුලක් නෑ. එහෙනම් ඒකෙ visual effects director ඇවිත් කෑ ගහන්න ඕනේ නළුවට වඩා වැඩකරු මමයි කියලා
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔව් එකත් ඇත්ත. අර Iron Man එකේ ඔක්කොම වැඩ දාන්නේ visual effects වලින්. නළුවා කරන මගුලක් නෑ. එහෙනම් ඒකෙ visual effects director ඇවිත් කෑ ගහන්න ඕනේ නළුවට වඩා වැඩකරු මමයි කියලා
    :)
    ape wage deke panthiye ratawal wala thamai ban oya boru poiiyawal okkoma thiyenne.
    danna kiyana ekekuta monawa hari deyak labunoth irisiyawe palilaa marenna hadanawa
    mama kiyanne naha jagath methana 100% hari kiyala
    eth ban meeka wanija sinamawa
    thaman karapu wadeta thamanta gana labuna nam echcharai
    anna u satha pahakwath ganne nathuwa mee film ekata wada karala thiyanawa nam
    nama sadahan nokenuwoth waradak
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ෂූට්‌ එක යන අතරේ ජගත් මගෙන් ඉඳල හිටලා ඔය වගේ ප්‍රශ්න ඇහුවා. මම ඒක ඒතරම් ගණන් ගත්තේ නැහැ. ෆීල්ම් එකේ ෂූටිං ඉවරවුණු දවසේa ජගත් චමිල මාළඟට ඇවිත් මට සුබපතල මේ චරිතය කරන්න ඔයා දුන්න සහයෝගය ගොඩක්‌ වටිනවා. ඒකට ගොඩක්‌ ස්‌තුතියි කියලා කියලා ඒත් එක්‌කම කිව්වා අදින් පස්‌සේ අපේ ආශ්‍රය ඉවරයි. මට ආයේ කතා කරන්නවත් කෝල් කරන්නවත් එපා කියලා.

    ගෙදර සාලේ ලොකුවටම මහින්දයගෙයි විමලගෙයි රූප එල්ලන් ඉන්න එකෙක්ට ඔහොම කතවක් කියන්න බැරි කමකුත් නෑ.... :rofl: