සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක තමා මචන් මම කලිනුත් කිවේ මොකා ආවත් මෙච්චරයි කියලා.
    ජොබ් එක ගැන තමා හිතන්නේ බන් මොනවා උනත්
    දැන් ඒවත් දේශපාලනීකර වෙලා නිසා තමා බය :(

    :lol:තොපිට ඔහොම වෙලා මදි.ස කෙලිය නේද.:lol:.මේ පාරවත් JVP ඵකට ජන්දෙ දීපිය..පුළුවන්නනම් අායෙත් UNP හරි ටෙලිපෝනයට හරි දීපං.තොපි ඉතින් දෙපැත්ත මාරු කර කර ඉන්න උන්නෙ..:lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    බන්දුලගෙ මොඩ සාධාරණීකරණ
    පිට්ටනිය ගැන කිව්ව
    නැවෙ ආපු ලිපි ගැන කිව්ව
    තව හොද හොද කතා කියල තියෙනව දැන් මතකත් නැ සති දෙක නෙ

    :(:(:(

    nikan boru katha kiyanna epa ban me thiyenne. ubalata ona kohen hari boruwak gothala nikan ubalage wade karagannane. UNP eke unge hati eka. ewa wenas karanna ba, UNP eke inna amathilath ehemai. Unt chande dena minissuth ehemai. amathila karana wade waradi unath unta wadak na. unta ona unge wade.

    අපි හිතලා කියන ඒවා නෙමේ බන් ඔය. ඊයේ බන්ධුලයාගේ කැබිනෙට් තීරණ දැනුම්දීමේ මාද්‍ය සාකච්චාව බලහන්.
    ඌ තමා කියන්නේ ඔය නවත්වන කතාව
    උබ ඔය කියන එක දාල තිබ්බේ බන්ධුලය ඔය කතාව කියන්න කලින්
    කොහොමත් එක දෙයක් තියනවා
    දැනට JICA එක්ක agreement sign කරලා නිසා ඔය කියන තරම් ලේසියෙන් නවත්වන්න නම් බෑ



    E kiyanne anduwen nawatala but japan balen karanawa?

    ඔන්න ඕක තමා අවුල
    මේ වැඩේ දැන් පටන් අරන් තියන නිසා ලැබෙන කුට්ටිය මදි කට්ටියට බෙදාගන්න
    අනික දැන් මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පාටලී පටන් ගත්ත project එකක් විදිහට
    එකත් ආණ්ඩුවට චන්දෙදි අවාසි
    අනික ජපන් එක්ක agreement අත්සන් කරලා නිසා හිතන තරම් ලේසියෙන් නවත්වන්නත් බෑ
    කොහොම හරි මොන මගුලක් හරි කරලා නවත්තලා දැම්මොත් ජපානෙන් එක්ක රාජ තාන්ත්‍රික ගැටළුවක් එනවා
    ආණ්ඩුව එකටත් බයයි
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අපි හිතලා කියන ඒවා නෙමේ බන් ඔය. ඊයේ බන්ධුලයාගේ කැබිනෙට් තීරණ දැනුම්දීමේ මාද්‍ය සාකච්චාව බලහන්.
    ඌ තමා කියන්නේ ඔය නවත්වන කතාව
    උබ ඔය කියන එක දාල තිබ්බේ බන්ධුලය ඔය කතාව කියන්න කලින්
    කොහොමත් එක දෙයක් තියනවා
    දැනට JICA එක්ක agreement sign කරලා නිසා ඔය කියන තරම් ලේසියෙන් නවත්වන්න නම් බෑ
    මම නම් කියන්නෙ ඕක කරාවී. හැබැයි ටික කාලයක් ගනීවී. යහපාලනයෙන් පෝර්ට්සිටියට කරේ මොකක්ද? සින්නක්කර ඉඩම් 99 අවුරුදු බද්දට දුන්නා කියලා මහින්දට බැනලා උන් කරන්න දේශප්‍රේමී කරලා ගත්තා. ඒත් අපි හැමෝම දන්නවනෙ බන්, වැඩ කරන මිනිස්සුන්ගෙ පඩිය ගෙවාගන්න බැරි රටේ ඔය පෝර්ට් සිටිය ඕකුන්ට දීලා දාන්න වෙනවා ලඟදිම. ඒකයි ඇත්ත.

    ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකෙත් මොකක් හරි අඩුපාඩුවක් කියලා කෝච්චි යන උස වැඩි ඒක උඩට කොටියෙක් ගිහින් මුළු රටටම ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ඒ නිසා ජාතික ආරක්ශාවට අනතුරක් කියලා කෝච්චි යන උස අඩු කරලා වෙන්න ගිය අනතුරෙන් රට ජාතිය බේරගත්ත කියලා ඕක කරන් යාවි බන්. 0.01%ට දෙනවා කියන්නෙ නිකන් දෙනව වගේනෙ බන්. ඕක එපා කියන එකක් නෑ.
     
    • Love
    Reactions: ilanganthilaka

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Kaduwela, Malabe, Thalawathugoda, Rajagiriya and Athurugiriya areas should get a better transport systems because majority of the people living in theses areas are working in colombo and they travel daily in their personal vehicles. A low end transport system won't be a solution as they will never swap their method of tranport. Light railway is a good solution for this and it should be built after we recover from this pandemic :)
     
    • Love
    Reactions: ilanganthilaka

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දැන් වැඩ කරන්නේ ඔය LRT Project එකේ බන්
    මුන් කරන්න යන වැඩේ කලොත් අපි ගෙදර බන් project එක වැහෙනවනේ
    මේ දවස් වල අලුත් එකක් හොයාගන්නත් අමාරුයි
    වෙන අලුත් ඒවා ඇත්තෙත් නෑ

    අපි ගිය ආණ්ඩුවට බැන්නට උන්ට වඩා අන්තයි මුන් , මේ ආණ්ඩුව හැම එකාටම හොඳම එකෙන් ඇරලා තියෙන්නේ
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    JICA ආයේ සල්ලි දෙන්නෑ ලංකාවට. පාර්ලිමේන්තුව රැස් වෙනකම්. ඒ අවසරයෙන් මුන් කොමිස් වලට ප්‍රොජෙක්ට් එක වීනෙට දුන්න‍ෙ. 69 ලක්සේ බලාපොරෙත්තු ඉටුවෙන ලස්සන.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පසුගිය රජය සමයේ දී ජපානයේ JICA ආයතනයේ ආධාර මත මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

    ජපානයේ JICA ආයතනය මෙරටට ලබා දෙන ආධාර නවත්වා ඇති බවට පසුගිය දිනවල විවිධ මාධ්‍ය වාර්තා පළ වී ඇති බවත් ඒවායේ සත්‍ය අසත්‍ය භාවය කුමක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේ පැවසීය.

    “JICA සහ ශ්‍රී ලංකා රජය සමඟ ඉතා හොඳ සම්බන්ධතාවයක් පවතින බව මේ ආධාර ගිවිසුම්වලට අත්සන් කරන්න කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් ඔබට මොනවාට පැහැදිලි වෙනවා. කැබිනට් පත්‍රිකාවක් පරීක්ෂා කර බැලුවාම ඒ පිළිබඳ ඉන්ද්‍රීයගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අර උඩින් එන මාළඹේ සිට පැමිණෙන දුම්රිය ව්‍යාපෘතිය JICA ආයතනය විසින් නවත්වපු එකක් නෙමෙයි. එය පිරිවැය අධික, ඵලදායක නොවන, රජයට දරන්න බැරි බරක් ලෙස සැලකීම නිසා ලංකා ආණ්ඩුව විසින් දැනුම් දීලා තියෙනවා, මේ ව්‍යාපෘතිය අපි කරන්නේ නැහැ කියලා.“

    මාධ්‍යවේදියා - ඒ කියන්නේ ජපානේ විරුද්ධත්වයක් නැහැ. අපේ ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ මේක එපාය කියලා?

    ඇමති බන්දුල - පැහැදිලිවම

    මාධ්‍යවේදියා - මෙතන තව කතාබහත් තියෙනවා. සියයට 3ට ජපානයෙන් සල්ලි ගන්නේ නැතුව චීනයෙන් සියයට 6ක මුදලකට ණය අරගෙන මේක ඉදිකරනවා කියලා. ඒ කතාව අසත්‍යයක් ද?

    ඇමති බන්දුල - ඒ කතාව කරපු අය තමයි මම හිතන්නේ අර ප්‍රවෘත්තිය හදලා දෙන්න ඇත්තේ. පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය කෙරුණා නම්, විවිධ ප්‍රතිලාභ ලබන අයට සෑහෙන්න රිදීමක් සිද්ධ වෙලා ඇති. ඒ නිසා මේ ව්‍යාපෘතිය කරන්නේ නැහැ කියන එක තමයි රජය තීරණය කරලා තියෙන්නේ. මොකද එය ඵලදායී නොවන, පිරිවැය අධික, දැනට උපදේශාත්මක මට්ටමේ පමණයි තියෙන්නේ. ඒක ආරම්භ කරලා නැහැ. ඒ නිසා උපදේශාත්මක මට්ටමේ විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා ඒකේ වාර්තාව හදලා ඒ මුදල ගන්න. ඒක රජය තමයි එපා කියලා තියෙන්නේ.

    “අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා මේ පිළිබඳව. එතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටිය දී ජපානයට ගොස් JICA සමඟ සාකච්ඡා කළා මේ දුම්රියක් උඩින් දුවන්න නෙමෙයි. ඊට වඩා වෙනස් ඵලදායී ව්‍යාපෘතියක්. ඒක නෙමෙයි පස්සේ ඇතිකරලා තියෙන්නේ, ගිය රජය යටතේ, ඒ නිසා මෙය සුදුසු නැහැ කියලා තමයි රජය නතර කරලා තියෙන්නේ.“

    මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.

    “කුළුණු මත දිවෙන මේ දුම්රිය මාර්ගය ඉදිකළහොත් අදාළ ව්‍යාපෘතියේ ඵලදායීතාවයක් නොමැති වගේම තමයි, මාළඹේ සිට රාජගිරිය දක්වා විශාල හානියක් සිදුවෙනවා, ගොඩනැගිලි ඇතුළු දැනට ඉදිකිරීම් කරලා තිබෙන අංශවලට. ඒ නිසා විශාල දේපළ හානියක් සිදුවෙනවා. ඒ නිසා ඒවා සඳහා ත් විශාල ගෙවීම් කරන්න සිදුවෙනවා. ඒ නිසා ඒක ඵලදායී නොවන බව තමයි බොහොම පැහැදිලිව ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී තෝර ගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ව්‍යාපෘතිය නවත්වලා තියෙන්නේ.“

    Ada derana
    bump
     
    • Haha
    Reactions: dxx